යුරෝපයේ පිහිටා ඇති හංගේරියාව විවිධ වූ විශේෂතා සහිත රටක් ලෙස හැඳින්විය හැක. මෙයට සාරවත් සංස්කෘතියක් හා ඉතිහාසයක් හිමිව ඇත. හංගේරියාව ගොඩබිම් වලින් වට වූ භූමියක් වුවත් මෙයට “ජලයේ භුමිය (land of waters)” යන නාමය ලැබී ඇත. මීට හේතුව වන්නේ මධ්‍යම යුරෝපයේ ඇති විශාලතම විල වන Balaton විල පිහිටා ඇත්තේ මෙහි වීමයි. මෙහි අග නගරය වන budapest පවා ඩැනියුබ් ගංගාව මඟින් කොටස් වලට වෙන් කර ඇත. මෙහි තාප ජල උල්පත් දහසකට වඩා පිහිටා ඇති අතර ලෝකයේ ස්නානය සඳහා ඇති දෙවනුවට විශාලම තාප ජලය ඇති විල වන Haviz විල පිහිටා ඇත්තේද හංගේරියාව තුළයි. මෙවැනි අපූර්ව ස්වභාව සෞන්දර්යකට හිමිකම් කියන රටක් වන හංගේරියාව පිළිබඳව සාකච්ඡා කිරීමටයි මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නෙ.
භූමියෙන් වට වූ රටක් වන හංගේරියාව සඳහා රටවල් 7ක් දේශ සීමා සැකසීම සිදු කරයි. එම රටවල් වන්නේ ඔස්ට්‍රියාව, ස්ලෝවැකියාව, යුක්රේනය, රොමේනියාව, සර්බියාව, croatia සහ slovenia වයි. හංගේරියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 93,030ක් වේ. මෙහි උතුරේ සිට දකුණට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 268ක් වන අතර නැගෙනහිර සිට බටහිරට ඇති දුර ප්‍රමාණය වන්නේ කිලෝමීටර් 528කි. සංසන්දනාත්මකව බැලු විට හංගේරියාවේ භුමි ප්‍රමාණය indiana නමැති රටේ භූමි ප්‍රමාණයට වඩා අඩු අගයක් ගනී.
ඉතිහාසය
හන්ගේරියානුවන් තම රට තුළ පදිංචි වීම ආරම්භ කර ඇත්තේ වර්ෂ 895 සිටයි. ඒ Arpad නමැති පාලකයාගේ නායකත්වය යටතේය. වර්ෂ 1000දි පළමු stephen රජු හංගේරියාව නමැති රාජ්‍ය පිහිටුවන ලද අතර රාජ්‍යයේ ආගම ලෙස කතෝලික ආගම පිළිගන්නා ලදී. මේ හේතුවෙන් මොහු පාප් වහන්සේගේ ආශිර්වාදයට පවා ලක් වී ඇත. වර්ෂ 1241 හා 1242 කාලයන් ඇතුළත සිදු වූ මොන්ගොල් ආක්‍රමණ හේතුවන් හන්ගේරියාව විශාල වශයෙන් විනාශ විය. මෙයින් පසු හංගේරියානු වැසියන්ගෙන් භාගයකට වඩා මරා දැමීම හා වහලුන් ලෙස රටින් නෙරපීම සිදු විය. මෙම ආක්‍රමණයෙන් පසු Bela රජු විශාල ගල් මාලිගා කරවීමට කටයුතු කරන ලද්දේ නැවත මෙවැනි ආක්‍රමණ වලින් රට බේරා ගැනීමටයි.
වර්ෂ 1541 කාලය තුළදී හංගේරියාව කොටස් තුනකට බෙදුනි. ඒවා නම් හංගේරියානු රාජ්‍ය, habsburg රාජ්‍ය හා turkish රාජ්‍ය ලෙසයි. මෙම බෙදීම නැති වීමට වසර 150ක පමණ කාලයක් ගත විය. කෙසේ හෝ වර්ෂ 1989 දී හංගේරියාව ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් විය.
කාලගුණය, ශාක හා සතුන්
හංගේරියාව සඳහා ඇත්තේ තරමක වියළි කාලගුණයකි. මෙහි වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 50ක් පමණ වේ. ජනවාරි මාසයේ උෂ්ණත්වය ෆැරන්හයිට් 25 සිට 32 දක්වා වෙනස් වන අතර ජූලි මාසයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 64 සිට 73 දක්වා වෙනස් වේ. ග්‍රීෂ්ම කාලයේ මෙහි වාර්තාගත වැඩිම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 109 කි. ශීත කාලයේදී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 29ක් පමණ වේ. හංගේරියාවේ පහත් භූමි සඳහා වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 500 ත් 600 ත් අතර වේ. වාර්ෂික වර්ෂාපතනයෙන් 2/3 ක් පමණ ඇද හැලෙන්නේ වගා කටයුතු කරන කාලය තුළයි.
කාලාන්තරයක් තිස්සේ හංගේරියාව තුළ සිදු වන වගා කටයුතු නිසා මෙහි ගස්වැල් වලින් විශාල ප්‍රමාණයක් විනාශ විනාශ වී ඇත. මෙහි භූමියෙන් භාගයක පමණ ප්‍රමාණයක වගා කටයුතු සිදු කරන අතර 1/6 පමණ කොටසක් කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා යොදා ගනී. මේ හේතුවෙන් වනාන්තර දැකිය හැක්කේ ඉතාම සුළු වශයෙනි. හංගේරියාවේ උස් ප්‍රදේශ වල ඕක් ශාක හා පඳුරු සහිත තෘණ භූමි දැකිය හැක. මෙහි දැකගත හැකි සත්ව කොට්ඨාස ලෙස මුවා, කැලෑ ඌරා, rodent, හාවන් වැනි සතුන් දැකිය හැක.
භාෂා ජනවර්ග හා ආගම්
හංගේරියාවේ නිල භාෂාව වන්නේ හංගේරියානු භාෂාව පමණි. නමුත් නිල භාෂාවට අමතරව බොහෝ හංගේරියානුවන් විසින් ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, හා රුසියානු භාෂා කතා කිරීම දක්නට ලැබේ. මෙහි ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් (98.5%) ක් හන්ගේරියානුවන් වේ. අනෙකුත් ප්‍රධාන සුළු ජන කණ්ඩායම ලෙස ජර්මානුවන්, ස්ලෝවැකියානුවන්, සර්බියානුවන්, croatians, romanians දැක්විය හැක.
2001 වසරේ වාර්තා වලට අනුව හංගේරියාවේ වැසියන්ගෙන් 55%ක් පමණ රෝමානු කතෝලිකයන් වේ. ජනගහයෙන් 3%ක් පමණ lutheran වන අතර 1% කට වඩා අඩු ප්‍රතිශතයක් jewish ආගමිකයන් වේ. 1990 වසරේ සම්මත වූ නීතියක් මඟින් රාජ්‍ය හා පල්ලිය එකිනෙකින් වෙන් කිරීම සිදු වූ අතර ජනතාවට තමා කැමති ආගමක් ඇදහීමේ නිදහසද ලබා දෙන ලදි.
ආර්ථිකය
හංගේරියාවේ ආර්ථිකය මධ්‍යම සැලසුම් කළ ක්‍රමයක සිට වෙළඳපළ ක්‍රමයක් දක්වා වෙනස් වී ඇත. නමුත් මෑත කාලයේ සිට ආර්ථිකයේ විවිධ අංශ කළමනාකරණය සඳහා රජයේ මැදිහත්වීම දක්නට ලැබේ. හංගේරියාවේ ආර්ථිකය බොහෝ විට දිව යන්නේ එරට අපනයනයන් හේතුවෙනි. මේ හේතුවෙන් අනෙකුත් රටවල වෙළඳපළ තත්වයන් වෙනස් වීමත් සමඟ හංගේරියාවේ වෙළඳපළ තත්වයන් වෙනස් වීම සිදු වේ. වෙළඳපළ ආර්ථිකයක් කරා යොමු වීමේදී රජය විසින් විවිධ සමාජ සේවා කප්පාදු කිරීම, රාජ්‍ය ආයතන පෞද්ලීකරණය සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලදි. මෙම වෙනස්කම් හේතුවෙන් නව යෝජනා ගලා ඒම වැඩි වූ අතර හංගේරියාවේ ණය බර අඩු විය. 2017 ඇස්තමේන්තු ගත වාර්තා වලට අනුව රටේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා ආර්ථිකයේ විවිධ අංශවල දායකත්වය පහත දැක්වේ.
- කෘෂිකාර්මික – 4.4%
- කර්මාන්ත – 30.9%
- සේවා – 64.7%
මෙරට ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස තිරිඟු, ඉරිඟු, අර්තාපල්, ඌරන්, එළ හරක් හා කිරි ආශ්‍රිත නිෂ්පාදන දැක්විය හැක. හංගේරියාවේ ප්‍රධාන කර්මාන්ත වන්නේ පතල්, නිෂ්පාදන අමුද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය, රෙදිපිළි කර්මාන්තය, රථ වාහන නිෂ්පාදනයයි.
පරිපාලනය
හංගේරියාවේ ප්‍රධානියා ජනාධිපති වන අතර ඔහුගේ ධූර කාලය වසර 5කි. අගමැති තෝරා පත් කරගන්නේ ආසන වැඩිම ප්‍රමාණයක් දිනා ගන්නා දේශපාලන පක්ෂය තුළිනි. 1948 වසරේ සිට 1989 වසර දක්වා රජයේ සියලුම අංශ පැවතියේ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේය. 20 වන සියවස අවසාන වන විට හංගේරියාව තුළ ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 182ක් විය. මෙරට අවසාන අධිකරණ බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යි.
කවරයේ පින්තුරය – erasmusu.com