Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ භාෂා අයිතිවාසිකම්

ඕනෑම සමාජයක අදහස් හුවමාරු කරගැනීමේ මාධ්‍ය ලෙස භාෂාව හඳුනාගත හැකියි. එනම් අන් අය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතා සහ අන්තර් ක්‍රියාකාරකම් පවත්වා ගැනීමේදී භාවිතා කරන සන්නිවේදන මාධ්‍යයයි. මානව අයිතිවාසිකමක් ලෙසින් ගත් විට, මිනිසෙකුගේ ජාතික, ජනවාර්ගික, හා සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු කරන මූලාශ්‍රය භාෂාවයි.

ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය

ලංකාවේ නිදහසට පෙර තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, 1833 වර්ෂයේදී කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හරහා ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙසින් හඳුන්වා දී ඇත. මේ කාලයේදී ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙසින් පිළිගැනීමට අකමැති වූ සිංහලයන් එයට එරෙහිව ස්වභාෂා ව්‍යාපාරය දියත් කර ඇති අතර 1926 දී ස්වභාෂා මඟින් අධ්‍යාපන කටයුතු කළ යුතු යැයි යන යෝජනාව ඒ. කනකරත්නම් මන්ත්‍රීවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කරන ලදි. 1932 දී පි. කේ. ඩබ්. පෙරේරා මන්ත්‍රීවරයා විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ස්වභාෂාවන්ගෙන් කටයුතු කළ යුතුයි යන යෝජනාව කර ඇත. 1943 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළ යුතුයි යන යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් යෝජනා කර ඇති අතර එහිදී වී. නල්ලයියා මන්ත්‍රීවරයා විසින් යෝජනා කර ඇත්තේ එහි සිංහල ලෙසින් යෙදී තිබුණු සියලු තැන්හි දෙමළ වශයෙන් වෙනස් විය යුතු බවයි. නමුත් මෙම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැත.

නිදහසින් පසු යුගය දෙස බැලීමේදී, 1948 වර්ෂය වන විට ශ්‍රී ලංකාව නිදහස ලැබුවත්, 1948-1956 දක්වාම රාජ්‍ය භාෂාව වුයේ ඉංග්‍රීසි භාෂාවයි. මේ කාලයේදී ඉංග්‍රීසි භාෂාවට එරෙහිව සිංහල ජනතාව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ යුතුයි යන ඉල්ලීමත්, ද්‍රවිඩයන් සිංහල භාෂාව සමඟ දෙමළ භාෂාවට සම තැන ලබා දිය යුතුයි යන ඉල්ලීමත් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා පිළිබඳ නෛතික විධිවිධාන

srilankatraveldiary.blogspot.com

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා පිළිබඳ නීතිමය තත්ත්වය පහත විධිවිධාන යටතේ හඳුනාගත හැකියි.

  • 1956 අංක 18 දරණ රාජ්‍ය භාෂා පනත
  • 1958 අංක 28 දරණ දෙමළ භාෂා (විශේෂ) විධිවිධාන පනත
  • 1972 ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ භාෂා පිළිබඳ විධිවිධාන
  • 1978 ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදයේ භාෂා පිළිබඳ විධිවිධාන
  • 1978 ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ (1987) 2 වන වගන්තිය
  • 1978 ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනය (1988)

1978 ව්‍යවස්ථාව හා භාෂා අයිතිවාසිකම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වගන්තිය දක්වන ආකාරයට සිංහල හා දෙමළ භාෂා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වන්නේය. ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වේ. එහි 19 වන වගන්තිය මඟින් සිංහල හා දෙමළ භාෂා ජාතික භාෂා බවට පත් කර තිබේ. 20 වන වගන්තිය දක්වන ආකාරයට පාර්ලිමේන්තුවෙහි සහ පළාත් පාලන ආයතන වල ජාතික භාෂාවන්ගෙන් කවර හෝ භාෂාවක් භාවිතා කළ හැකි වේ. කවර හෝ ජාතික භාෂාවකින් අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව 21 වන වගන්තිය දක්වයි. 12(2) වගන්තිය සහ 14(1)(ඊ) වගන්තිය මඟින් මූලික අයිතිවාසිකමක් ලෙස භාෂාව භාවිතා කිරීමේ අයිතිය පිළිබඳ දක්වා ඇත.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

congress-humanrights.efpa.eu

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන වගන්තිය අනුව භාෂාවන් භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සපයා දිය යුතුයි. 1991 අංක 18 දරණ පනත යටතේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ ඒ නිසයි.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සංයුතිය 6 කි. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබයි. ඉන් එක් සාමාජිකයෙක් සභාපතිවරයා ලෙස පත් කරන අතර ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරියා ද වේ. මසකට වරක් රැස් වන මෙම කොමිසමේ ලේකම් ධූරය දරන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ය.

අරමුණු

  • රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම
  • ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදයේ භාෂා භාවිතය පිළිබඳ විධිවිධාන වලට අනුව ක්‍රියා කරනවාදැයි විමසිලිමත් වීම සහ අධීක්ෂණය කිරීම
  • ව්‍යවස්ථාවේ භාෂා පිළිබඳ විධිවිධාන වල චේතනා වලට අනුව භාෂා භාවිතයට අවශ්‍ය පියවර ගැනීම හා ක්‍රියාත්මක කිරීම
  • රාජ්‍ය භාෂා ඇගයීම, දිරි ගැන්වීම, හා ඒවායේ සමානාත්මතාව හා භාවිතා කිරීමේ අයිතිය පිළිගැනීම, පවත්වාගෙන යාම සහ ඉදිරියට ගෙන යාම
  • සිය මෙහෙයවීමෙන් සහ පැමිණිලි වලට ප්‍රතිචාර දැක්වීමෙන් විමර්ශන පවත්වා ඒවාට ප්‍රතිකර්ම සැලසීම.

කොමිෂන් සභාවට පැමිණිලි කිරීම

යම් පොදු ආයතනයක කටයුතු කරගෙන යාමේදී කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවකින් උද්ගත වන්නා වූ ද, යම් භාෂාවක තරාතිරම හෝ භාවිතය පිළිබඳ වූ ගැටලු කොමිසම වෙත පැමිණිලි කළ හැකියි. කිසියම් අවස්ථාවක පැමිණිල්ලේ විෂය කාරණය නොවැදගත් යැයි සලකන විට, පැමිණිල්ල සද්භාවයෙන් කරන ලද්දක් නොවන බව හැඟී යන විට, පැමිණිල්ලේ විෂය කාරණය ස්වකීය බලතල වලට හසු නොවන බව සලකන විට හෝ විභාගයක් පැවැත්වීම අනවශ්‍ය යැයි හැඟී යන විට පැමිණිල්ල විභාග කිරීම ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් මෙම තීරණය දින 14 ක් ඇතුළත පැමිණිලිකරු වෙත දැන්විය යුතු වේ.

විමර්ශන

edu.dailymirror.lk

විමර්ශන පැවැත්වීමට අදාළව කොමිසම වෙත පහත බලතල හිමි වේ.

  • සාක්ෂිකරුවන් කැඳවීම
  • අවශ්‍ය සියලු ලේඛන ඉදිරිපත් කිරීමට බල කිරීම
  • දිව්රුම් දෙවීම හා දිව්රුම් පිට වාචික හෝ ලිඛිත සාක්ෂි දෙන ලෙස සාක්ෂිකරුවන්ට බල කිරීම
  • සුදුසු යැයි තමන් සිතන තොරතුරු හා සාක්ෂි භාරගැනීම, පිළිගැනීම හා සලකා බැලීම
  • සුදුසු යැයි තමන් සිතන යම් පොදු ආයතනයක පරිශ්‍රයේදී විමර්ශන පැවැත්වීම

විමර්ශන වාර්තා හේතු සහිතව ආයතන ප්‍රධානියා වෙත වාර්තා කළ යුතු අතර පැමිණිල්ල ඔප්පු නොවුවහොත්, ඒ පිළිබඳ හේතු සහිතව පැමිණිලිකරුට වාර්තා කළ යුතු වේ. ඉහත සඳහන් වාර්තා දෙකම දින 60 ක් තුළ ඉදිරිපත් කළ යුතු අතර එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඒ පිළිබඳ හේතු සහිතව දින 60 ක් තුළ දී අතුරු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ. අවසන් වාර්තාව දින 120 ක් තුළ  දී ඉදිරිපත් කළ යුතුයි.

විමර්ශනයේ ප්‍රතිඵල දින 120 ක් තුළ තමන් වෙත දැනුම් දී නොමැති විට හෝ, විමර්ශනය කිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ නතර කිරීමට කොමිසම තීරණය කර ඇති බව තමන් වෙත දැනුම් දී ඇති විට හෝ, පැමිණිල්ල ඔප්පු වී නොමැති බව තමන් වෙත දැනුම් දී ඇති විටෙක ඉන් අනතුරුව එළඹෙන දින 30 ක් ඇතුළත දී එම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලුම් කිරීමේ අවස්ථාව පැමිණිලිකරුට තිබේ.

කවරයේ කතාව- fos.cmb.ac.lk 

මූලාශ්‍ර

http://citizenslanka.org/language-rights/

http://srilankabrief.org/tag/language-rights/

http://www.dailymirror.lk/66219/implementing-the-language-policy-in-sri-lanka-s-administrative-service-an-option-for-winning-reconciliation

http://www.thesundayleader.lk/2016/03/27/importance-of-preserving-language-rights-in-sri-lanka/

Related Articles