Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොත් කියවීමේ නවීන ක්‍රම

පොත් කියවන අයගේ මහා සල්පිල පසුගිය සැප්තැම්බර් අගදී බණ්ඩාරණායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුනා. වර්ග අඩි 250,000 ක වගේ සුවිසල් ඉඩකඩක පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට ඇතැම් දිනවල 300,000 ක ජනකායක් පැමිණියා කියල වාර්ථා වල දැක්වුනා. ඒ අනුව පොත් ප්‍රදර්ශනයේ ඇතැම් අවස්වාලදී පොත් තබන්නට සහ ගොඩනැගිලි ගස් වැල් ආදියට ගිය ඉඩ අඩුකොට එක් අවස්ථාවක ප්‍රදර්ශන භූමියේ මිනිසුන් ලක්ෂයක් හිටියත් එන මනුස්සයෙකුට පොත් ප්‍රදර්ශනයේ වෙන් වෙලා තියෙන්නේ වර්ග අඩියකටත් අඩු ඉඩක් පමණයි.

BMICH පොත් ප්‍රදර්ශන භූමි භාගය

BMICH පොත් ප්‍රදර්ශන භූමි භාගය

ජනකාය සහ පැවැත්වෙන අවස්ථාව අනුව ඉඩකඩ වෙන් කල යුතු රීතින් තිබෙනවා. සිනමා පටයක් නැරඹීම, නාටක බැලීම වැනි දේවල් වලට තමයි සාමාන්‍යයෙන් වර්ග අඩියක බිමක් සුදුසු වන්නේ, ඇවිදිමින් එක් එක් තැනට ගොඩවෙමින් කරන පොත් ප්‍රදර්ශනයකදී එක් පුද්ගලයකුට වර්ග අඩියක් හොදටම මදි.

ඉඩ මදිවුනාම මොකද වෙන්නේ? මිනිස්සු තෙරපෙනවා, මානසික වශයෙන් අසහනයක් ඇතිවෙනවා විතරක් නෙමෙයි ඕවා ඔක්කොම එකතු වෙලා  කලකිරීම් වුනත් ඇතිවෙනවා. ඒ ආකාරයට ‍පොත් ගන්න ඇවිත් තෙරපීම නිසා අනෙක් අයට දොස් කියන අය බොහෝ දෙනෙක් අපිට පොත් ප්‍රදර්ශනය දවස්වලදි සමාජ ජාල වලදි දැකගන්න පුළුවන් කම ලැබෙනවා.

ලාංකික මුහුදු වෙරළක පොතක් බලන විදේශිකයෙක්

ලාංකික මුහුදු වෙරළක පොතක් බලන විදේශිකයෙක්

පොත් කියවන නවීන ක්‍රම

පොත් කියන්නේ කඩදාසි වල මුද්‍රනය කරන දෙයක්. කියවන පොත්වල විශාලත්වය වැඩිවීමත් එක්ක එය මගින් කියවන අයගේ උගත් කම නිරෑපනය වනවා කියලා අදහසක් අපි අතර තිබුනා. රාජසිංහ රජ දවස විසූ දක්ශ උපදේශකයකු වූ අන්දරේට වරක් ඉන්දියාවෙන් පැමිණි බමුණෙක් සමඟ වාද කරන්නට සිදු වෙනවා. බමුණාට පේන්නට අන්දරේ “මහීශ චර්ම බන්ධන ඉරෂ්ථ පුස්ථකය” කියන මහා පොතක් අරගෙන එහෙ මෙහෙ ගියාලු. කලිං අසා නොතිබූ ඒ සුවිසල් පොතට බයවුනු බමුණා, අන්දරේ වැනි මෙවැනි සුවිසල් පොත් කියවන පණ්ඩිතයෙක් සමග කරන වාදයෙන් පරාජය නියත බව  දැනී වහාම රජතුමාටත් නොදන්වා ඉන්දියාවටම ගියා කියලා අපේ අන්දරේ සම්බන්ද කතාන්දර වල දැක්වෙනවා. දැන් කාලේ උනත් පොත පත කියවන අය විශාල දැනුම සහිත පුද්ගලයින් බව විශාල පිලිගැනීමක් අප තුල තිබෙනවා. 20 වැනි සියවසේ  ලංකාවේ මහා ගත් කරුවා වූ මාර්ටින් වික්‍රමසිංහ සතුව ඔහුගේ ම ‍පුස්ථකාලයක් තිබුන බව ඉතිහාසයේ සඳහන්.

ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ සහ සන්නිවේදන විද්‍යාවේ දියුණුවත් එක්ක බුද්ධිමතා හෝ උගතා යනු පොත් හා ලේඛන විශාල ප්‍රමාණයක් අතර සැරිසරන්නා කියන පැරණි අදහසට සංශෝධන එකතු වෙමින් පවතිනවා. අද වනවිට දැනුම ලබාගත හැකි මාර්ග ගනණ වැඩියි. එයින් ලෙහෙසියෙන්ම දැනුම තොරතුරු ලබාගත හැකි මාර්ගයක් ලෙස අන්තර්ජාලය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා.

අද කාලේ නම් දැන් දියුනු රටවල වගේම ඉන්දියාව චීනය වැනි රටවලත් කොල පොත් වලට වඩා ඉලෙක්ට්‍රොනික් පොත් ජනප්‍රිය වෙමින් යනවා. ඇමසන් සමාගම හදුන්වා දුන්නා පොත් කියවන්න අලුත්ම ගැජට් එකක්. කින්ඩ්ල් කියල හඳුන්වා දුන්න මේ උපාංගය වඩාත් මෘදු , කියවීමට පහසු තිරයකින් සමන්විත වෙනවා. ෆෝන් එකකින් ටැබ්ලට් එකකින් පොත් කියවද්දි එයින් නිකුත් වන ආලෝකය ඇසට බාධාවක් වෙනවා. නමුත් ඇමසන් කින්ඩ්ල් උපකරණයේ ඇත්තේ තීන්ත විශේෂයෙක් පිලියෙල වීමෙන් අකුරු පෙන්නුම් කරන තිරයක්. . මෙය හරියට කලකට පෙර ඩිජිටල් ඔරලෝසු වල වෙලාව පෙන්වන්න තිබුන තිර තාක්ෂණයට මඳක් සමානයි.

ඒ වගේම දැන් ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් වලත් කියවන්නට සුදුසු ආකාරයට ආලෝකය සහ පසුබිම සකසාදෙන ඇප්ලිකේෂන් පැමිණ තිබෙනවා. ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ඇප්ස් වශයෙන්ද පොත් කියවන ස්ටෝරු දැන් කරලියට පැමිණ තිබෙනවා.

මේ ඉලෙක්ට්‍රොනික කියවන උපකරණ වෙත හෝ කියවන ඇප්ස් වෙත පොත් ගන්නේ අන්තර්ජාලය හරහා..ඒ සඳහා අමසන් අය ළඟ නම් එයාලගේම පොත් සහිත ඉස්ටෝරුවක් තිබෙනවා. ඉන්දියාවට මෑතකදී මේ ඇමසන් කින්ඩ්ල් හඳුන්වා දුන්නත් දැනටම ඔවුන් සතුව ඇමසන් ඔන්ලයින් ස්ටෝරුවේ ඉන්දියානු පොත් පමණක් මිලියන තුනකට වඩා තිබෙනවා.

ඕනෑම තැනක ඕනෑම විදියකට ඉඳන් පොත් කියවන්න නම් මේක නියමයි. (buycoms.com)

ඕනෑම තැනක ඕනෑම විදියකට ඉඳන් පොත් කියවන්න නම් මේක නියමයි. (buycoms.com)

පොත් සිය ගණනක් වුනත් කිසිම අපහසුතාවයකින් තොරව ගබඩාකරගන්න මේ කින්ඩල් එකට පුලුවනි.  එවෙලේම එහි ඇති ඩික්ෂනරිය මගින් වචන වල තේරුම බැලීම, අපට අවශ්‍ය පරිච්ඡේදය ලේසියෙන්ම සොයාගත හැකිවීම, අලුත් පොත්පත් සහ සොයාගන්නට අපහසු පොත පත අන්තර්ජාලය හරහා ලේසියෙන්ම මිලදී ගත හැකිවීම, ඕනෑම අවස්ථාවකට ලේසියෙන්ම රැගෙන යා හැකි වීම ඉලෙක්ට්‍රොනික කියවන උපාංග වල තිබෙන පහසුවක්.

ඉන්දියාවේ පොත් ප්‍රකාශකයින් වන Rupa, Arihant, Westland, Orient, Grapevine, Jaico  සහ Srishti Publishers යන පොත් ප්‍රකාශකයින් සිය පොත් ඇමසන් මගින් බෙදාහරින්නට ඉඩ දී තිබෙනවා.ලංකාවේ නම් තවමත් සිංහල භාෂාව මෙම ‍ඉලෙක්ට්‍රොනික කියවන වලට හරිහැටි සහයෝගය දක්වන්නේ නෑ.. ඒ වගේම සිංහලෙන් ලියන අය සහ පොත් ප්‍රකාශකයින් තවමත් කින්ඩ්ල් සහ ඊ බුක් වලට යොමුවෙලා තිබෙන පාටක් පේන්නට නැහැ. ලංකාවේදී උනත් රුපියල් 15000 ක් වැනි මුදලකට මූලික මට්ටමේ ඇමසන් කින්ඩ්ල් උපකරණයක් මිලදී ගන්න පුලුවනි. සිංහල‍ පොතපත නම් අඩුවුනත් ඉංග්‍රීසියෙන් ලියවුනු පොත් මිලියන ගානක් ඇමසන් කින්ඩල් වල තිබෙනවා. ඉතා පැරණි ජනප්‍රිය පොත් බොහොමයක් නොමිලේම ලබාදෙන්නත් මේ ඔන්ලයින් පොත් ස්ටෝරු රැසක් කටයුතු කරල තිබෙනවා.

ඒ අනුව රොබින්සන් කෲසෝ, රොබට්‍නොක්ස්ගේ ලංකාව ගැන පොත, මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, පැරණි ජනප්‍රිය රුසියානු කෘති වල ඉංග්‍රීසි පරිවර්තන ආදී පැරණි පොත් ඉංග්‍රීසි භාෂාවෙන් ලෙහෙසියෙන් කියවන්න ‍ඉලෙක්ට්‍රොනික් රීඩරයක් මිලදී ගත් අයෙකුට අවස්ථාව ලැබෙනවා.

පොත් අහන ක්‍රම

පොත් කියන්නේ කියවන්නම ඕන දෙයක් කිව්වේ කවුද? (cdn.thefederalist.com)

පොත් කියන්නේ කියවන්නම ඕන දෙයක් කිව්වේ කවුද? (cdn.thefederalist.com)

අපේ රටේ සාහිත්‍යය බිහිවන්නේ ආගමික පසුබිමක් යටතේ. පැරණි කාලයේ සාහිත්‍යයට භාවිත වුනු සංස්කෘත සහ පාලි යනු ගායනා කිරීමේද හැකියාවක් සහිත භාෂාවන්. ඒ අනුව සිංහල බසින් ලියවුනත් සද්ධර්මාලංකාරය, බුත්සරණ, පන්සිය පනස් ජාතක පොත, සද්ධර්මරත්නාවලිය වැනි ගද්‍ය පවා කියවන විට තවත් පිරිසකට අසා සිට ඒවා අවබෝධ කරගැන්මේ හැකියාවකින් යුක්ත වෙනවා.

පංසල ආශ්‍රිතව තිබූ අපේ රටේ රජ දවස අධ්‍යාපනයේදී පද්‍ය වගේම ගද්‍ය පොතපතත් පාඩම් කිරීමට, සඳහා ශබ්ධ නගා කියවීමට , කියවනවිට අසා සිටීමට සිසුනට නියම වන්නට ඇති. බටහිර ලෝකයේ අතීතයේ පටන්ම නවකතා සහ පොත් එලිදැක්වීම් වලදී‍ පොත පිරිසක් ඉදිරියේ කියවීමේ සිරිතක් තිබෙනවා. ඒ වගේම පාඨකයින් එකතු වී එවන් පොත් අසා රසවිදීමටද කුඩා සමාජ බටහිර රටවල ඇතිවී තිබෙනවා.

මේ ආකාරයට ශ්‍රවනය කිරීමෙන් අපිට අවබෝධ කරගත හැකි පොත පත ඕඩියෝ බුක් ලෙස හැඳින්වෙනවා. එතැනදී වන්නේ දක්ෂ කථිකයෙකු හෝ රචකයාම සිත් ඇදගන්නාලෙස ලියා ඇති නවකතාව, කෙටිකතාව හෝ කෘතිය කියවනවා. ඉන් පසු අසා සිටින අය ඇස්වලින් කියවනවා හා සමානවම කතාව හෝ ඒ කෘතිය අවබෝධ කරගන්නවා.

අද වනවිට එසේ කතා පොත් අසා සිටීමත් ලෝකයේ බොහෝ ප්‍රකට වී ඇති විශේෂාංගයක්. අන්තර්ජාල තුල මෙවැනි ඕඩියෝ බුක් ජනප්‍රියයි. බස්රියේ දුම්රියේ, මාර්ග තදබදය සහිතවිට, කනේ ඉයර්ෆෝන් ගහගෙන අපි රේඩියෝව හෝ ගීත ඇසීමට පෙළඹෙනවා. ඒ වගේම පොත පතත් ඒ විදියට රසවිඳින්න අපිට අවකාශ ලැබෙනවා ඕඩියෝබුක් හරහා.

සිංහල නවකතාකරුවන් සහ ප්‍රකාශකයින් නම් තවමත් මේ ඕඩියෝ බුක්ස් වලට පෙළඹී තිබෙනවා අඩුබවක් තමයි  දැකගන්න තියෙන්නේ.

පොත් ගන්න ක්‍රම

අපේ රට සන්නිවේදනය අතින් ගොඩක් දියුනු වුවත් තවමත් අපේ රටේ ඔන්ලයින් පොත් විකිනීම එතරම්ම ප්‍රචලිත වෙලා නෑ. ආභරණ, කුඩා ඉලෙක්ට්‍රොනික බඩු, ඇඳුම් නිර්මාණ ආදිය යම් ආකාරයක ඔන්ලයින් මාකට් එකක් අත්පත් කරගෙන සිටියත් පොත් පත් නම් ඉතාම සෙමෙන් තමයි ඔන්ලයින් විදියට විකිනීම සිදු වන්නේ.

ඇමසන් කියන සමාගම ආරම්භයේ පටන්ම ඔවුන් පොත් පත් ඔන්ලයින් යැවීම සිදු කලා. අදද ලෝකයේ පතල ඉංග්‍රීසි පොත් පත් වල සොෆ්ට් කොපි හෙවත් ඊ රීඩ‍රයෙන් කියවන කොපිය වගේම අපිට අවැසිනම් කොල සහිත හාඩ් කොපියත් ඇමසන් වලින් ගෙන්වාගන්න පුලුවනි.

පොත් අන්තර්ජාල ස්ටෝරුවල තබා තැබීමත් ඒ හරහා අලෙවි කිරීමත් ලෝක මට්ටමේ නම් අන්තර්ජාලය බිහිවූ කාලයේ පටන්ම සිදු වෙන දෙයක්. නමුත් ලංකාවේ තවමත් මෙය ප්‍රකට වී නෑ. නගරයෙන් බොහෝ දුරබැහැර සිටින ඉගෙනගන්නා දරුවන්ට වගේම පොතක් පතක් කියවන්නට කැමති අයටත් පොතක් මිලද ගන්නට නම් නගරයට එන්නට වනවා. ඒ වගේම නව පොත පත ඇවිත් තිබෙන්නේ මොනවාද? අලුතින් ජනප්‍රිය වන වැඩියෙන් වි‍කිනෙන පොත් පත් මොනවාද කියලා ඈත ගම් දනව් වල ජනයාටත් දැනගන්නට හැකියාව ලැබෙනවා පොත් ඔන්ලයින් විකිනීම ජනප්‍රිය වුනොත්.

කින්ඩ්ල්, ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ඇප්ස් හරහා කියවීමට සිංහල පොත් සුලභ කිරීම, ඕඩියෝ බුක් කෙරෙහි ලාංකික ජනතාව නැඹුරු කිරීම වගේම ලාංකික පොත් පත් පහසුවෙන් අඩුමිලට ඔන්ලයින් විකිනීම වැනි කාරණා රාශියක් පොත් ප්‍රකාශයට පත් කරන අයට සහ ජනප්‍රිය ලේඛක මහත්වරුන්ට පොතපත වෙනුවෙන් කරන්නට පුලුවනි. එවිට අවුරුද්දකට වරක් මහා සල්පිලක තෙරපෙන පාඨකයින්ට වඩා පැතිරුනු උසස් පාඨක කැලක් තනාගන්නට පොත් ප්‍රකාශකයින්ටත් පොත් ලියන පල කරන අයටත් හැකියාව ලැබේවි.

Related Articles