Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැවැත්මට අනවශ්‍ය මිනිස් සිරුරේ කොටස්

මිනිස් සිරුර ඉතාම අසිරිමත් එකක්. සෛලයෙන් සෛල එක් වී පටක ගොඩනැගී ඒවා මඟින් අවයව, ඉන් අන්තුරුව පද්ධති සෑදී නිර්මාණය වන මිනිස් ශරීරය ඉතාම සංකීර්ණ එකක්. නූතන මිනිසාගේ සම්භවයත් සිදුවූ අළුතම පාහේ බිහිවුණු දර්ශීය මිනිස් ශරීරයකට 21 වන සියවසේ බිහිවන මිනිසෙකුගේ සිරුරක් සර්වසම වෙන්නේ නැහැ. අතීතයේ පටන් වර්තමානයට පැමිණෙන විට ක්‍රමිකව මිනිසා විසින් සිදුකරන කාර්යයන්, අනුභව කරන ආහාර හා පරිසර තත්ත්ව වෙනස් වීම නිසා හා ඒවා සඳහා යොදාගන්නා අවයවයන් වෙනස්වීම නිසා පරිණාමයත් සමඟ එසේ යොදා නොගන්නා අවයව ක්‍රමයෙන් ක්ෂීණ වී ගොස් තිබෙනවා. ඒ කෙසේ වෙතත් වර්තමාන මිනිස් සිරුරක නූතන මිනිසා සම්භවය වූ අලුත පිහිටන ලද සමහර ශරීර කොටස් පමණක් නොව ඊටත් පෙර අවධි වල පිහිටන ලද සමහර අවයව වල කොටසුත් තවමත් ශේෂ වී පවතිනවා. වර්තමානය වන විට මේවායින් ඒ තරම් මෙහෙයක් කෙරෙන්නේ නැහැ. මේ ලිපියෙන් දැක්වෙන්නේ එවැනි ඒවා කිහිපයක් ගැන තොරතුරුයි.

අවශේෂ වල්ගය (Tailbone)

www.ehealthstar.com/tailbone-coccyx-pain.php

නූතන මිනිසාගේ ශරීරය හා සැකිල්ල සැකසී ඇති ආකාරයට වල්ගයක අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. නමුත් පරිණාමයේ මුල් අවධියෙහි තිබූ වල්ගය නූතන මිනිසා ගේ සැකිල්ල තුල සම්පූර්ණයෙන්ම ක්ෂීණ වී නැහැ. මිනිස් ත්‍රිකාස්ථියෙහි පහළම කොටසට වන්නට මේ අවශේෂ ‘වලිගය’ අදටත් දකින්නට පුළුවන්. බහුතරයක් ක්ෂීරපායී සතෙකුගේම ජීවන චක්‍රය තුළ යම් අවධියක වල්ගයක් දකින්නට පිළිවන්. මිනිස් කළලයකත් සංසේචනයෙන් සති 5 ත් 8 ත් අතරතුර නැට්ටක් වැනි යමක් මෝදු වීමට පටන්ගන්නා අතර කළලයේ හා භ්‍රෑණයේ ඉදිරි විකසනය වන් විට එය කොඳු ඇට පෙළට එක් වී ක්ෂීණ වී යනවා. (1)

උණ්ඩුක පුච්ඡය (Appendix)

ඇපැන්ටිසයිටිස් හෙවත් උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඇති වන අයුරු-Stocktrek Images/Getty Images

මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ හමුවන උණ්ඩුක පුච්ඡය පිහිටා ඇත්තේ කුඩා අන්ත්‍රය අවසන් වී මහාන්ත්‍රය ආරම්භ වන තැනයි. වර්තමානය වන එමඟින් ආහාර ජීර්ණය සඳහා කිසිදු කාර්යයක් සිද්ධ වන්නේ නැහැ. විශේෂඥයින් පවසන අන්දමට අතීතයේ මානවයා ආහාරයට ගත් දේ අතර වැඩි ශාකමය කොටස් තිබෙන්නට ඇති අතර ඒවා ජීර්ණය කිරීම සඳහා උණ්ඩුක පුච්ඡය දායක වී ඇති බව විශ්වාස කෙරෙනවා. වර්තමානය වන විටනම් මේ ශරීර කොටස කරදරකාරී දෙයක් හැටියට සැළකෙනවා. උණ්ඩුක පුච්ඡයේ ඇතිවන ප්‍රදාහ හා පැසවීම් තත්ත්ව උත්සන්න වීමෙන් සෑදෙන ‘ඇපැන්ටිසයිටිස්’ රෝගී තත්ත්වය විටෙක මාරාන්තිකද විය හැකියි. (2)

කන් සෙලවීමට හැකි මාංශ පේශි (Auricular Muscles)

Getty Images

කන යන්තම් සෙලවීමට අප අතරින් සමහරෙකුට හැකියාව තිබෙනවා. එසේ වුණත් කන් සෙලවීමට නොහැකි වුණා කියා ඉන් නූතන යුගයේ මිනිසාට අවාසියක් සිදුවන්නේ නැහැ. මිනිසාගේ පරිණාමයේ පූර්ව අවධි වල සතුන්ට මේ හැකියාව තිබී තිබෙන්නේ යම් ශබ්දයක් ඇසෙන දිශාවකට සිය කන් පෙති හැරවීම සඳහායි. මේ සඳහා බාහිර කනට සම්බන්ධ වුණු මාංශපේෂීන් දායක වෙනවා.  වර්තමානය වන විට ප්‍රයෝජනවත් නොවුණත් නූතන මානවයා බිහි වූ මුල් අවධියෙහි දඩයමේ යන විට සතුන්ගේ ශබ්ද වලට හොඳින් සවන් යොමු කිරීමට මේ හැකියාව උපකාරී වී තිබෙනවා. (3)

ඥාණ දත්

inigodentistry.com

වර්තමානයේ තරුණ පරම්පරාවේ බොහෝ දෙනාට සිය ‘ඥාණ දත් ‘නිසියාකාරව පිටතට නොපැමිණීම නිසා අකරතැබ්බ වලට මුහුණ පාන්නට සිදු වෙනවා. සමහර විට මෙය කියවන ඔබටත් එම අත්දැකීම ඇති. මෙසේ සිදුවන්නේ මානව පරිණාමයත් සමඟ මිනිස් හනුව එන්න එන්නට කුඩා වී ඇති නිසායි. මේ නිසා ඥාණ දත් හෙවත් හනුවේ අවසාන චාර්වක දත් සතරට නිසියාකාරව ඉවතට පැමිණීමට ඉඩ මදි වී තිබෙනවා.

විද්‍යාඥයින් තවත් මතයක් ගෙන එමින් පවසන්නේ අතීතයේදී මිනිසා වර්තමානයේදී මෙන් දත් ගැන සැලකිල්ලක් නොදැක්වූ නිසා මේවා මෝදු වන වයසට පැමිණෙන විට බොහෝ විට හනු වල දත් කිහිපයක් අහිමි වී තිබීම නිසා මේවාට ඉඩ හසර සෑදෙන්නට ඇති බවයි. කෙසේ නමුත් මේවා වලත් කර්තව්‍යය අනෙකුත් චාර්වක දත් 8 මෙන්ම නිසා මේවා නොතිබීම කිසිදු ගැටළුවක් ගෙන දෙන්නේ නැහැ. (1)

තෙවන ඇසිපිය

m.baklol.com

මිනිස් ඇස ආශ්‍රිතව හමුවන ‘තෙවන ඇසිපිය’ හෙවත් අක්ෂි කූපයෙහි නාසය අසලට වන්නට පිහිටා ඇති මස් වැදැල්ල, ඇසෙහි පෙනීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාකාරී කර්තව්‍යයක් සිදු කරන්නේ නැහැ. ඒ කෙසේ නමුත් මෙය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයක් නොමැති ශරීර කොටසක් ලෙස බැහැර කළ නොහැක්කේ එමඟින් ඇසට වැටෙන රොඩු ඉවත් කිරීම, කඳුළු වල සංසරණයට හා රූරා වැටීමට උපකාරී වීම වැනි කර්තව්‍යය එමඟින් සිදු වන නිසායි. (2)

හිරිගඩු

learnodo-newtonic.com

දැඩි ශීතලකට හසු වූ විට හෝ භීතියකට පත් වූ විට නූතන මිනිසාගේත් ශරීර වල හිරිගඩු පිපෙනවා. මෙසේ සිදු වන විට නිතැතින්ම සමෙහි රෝම කෙලින් වෙනවා. මිනිස් පරිණාමයේ පූර්ව අවධි වල ශරීරයේ දැඩි ලෝම ස්ථරයක් තිබුණු අතර ශීතලක් පැමිණි විට හෝ භීතියක් පැමිණි විට ඒවා කෙළින් වීම සඳහා ඊට අනුබද්ධ කුඩා මාංශපේශි තිබුණා. මේ නිසා ලෝම ආවරණය මඟින් ශීතලෙන් රැකවරණය සැළසුණු අතර සතුරා බිය ගැන්වීමද සිදු වුණා. වර්තමානය වන විටත් එම මාංශපේශි මිනිස් ශරීර වල ශේෂව පැවතුනත් රෝම ඝනත්වය ඉතා ක්ෂීණ වී යාම නිසා හිරිගඩු පිපීමෙන් හරියාකාරව ඉහත කී ප්‍රයෝජන නම් ලැබෙන්නේ නැහැ. (3)

පුරුෂ තනපුඩු

drbehar.com

පුරුෂයින්ටත් තනපුඩු පිහිටීම සමහරුන්ට ප්‍රහේලිකාවක්. ඇත්තෙන්ම මානව කළලයක් විකසනය වීමේදී පළමු දින 60 අතුලත ගැහැණු හා පිරිමි භ්‍රෑණයක් සඳහා එකම ආකාරයකින් විකසනය වෙනවා. ඉන් අනතුරුව භ්‍රෑණය පිරිමි එකක් වීමටනම් ‘Y’ ක්‍රෝමසෝමයට අදාල ටෙස්ටොස්ටෙරෝන් උත්පාදනය වී අදාල පුරුෂ ලිංගික අවයව නිෂ්පාදනය වීම සිදු වෙනවා. මේ කාලය වන විට තනපුඩු වුකසනය වී තිබීම නිසා ගැහැණු පිරිමි යන දෙකොට්ඨාසයටම තනපුඩු පිහිටනවා. මේවා පිහිටා තිබුනත් පිරිමි පාර්ශවයටනම් එහි කිසිදු ප්‍රයෝජනයක් නැහැ. (1)

කවරයේ පින්තූරය-jonvilma.com

මූලාශ්‍ර

  1. independent.co.uk
  2. medicaldaily.com
  3. metro.co.uk

Related Articles