Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශෝකාන්තයක් වුණු නවකතා

බොහෝ දෙනෙක් කැමති සුඛාන්තයක් සහිත නිර්මාණ වලට වුණත් ශෝකාන්තයක් ලෙස අවසන් වන නිර්මාණ වලට කැමති රසික පිරිසකුත් සිටින බව අමතක කළ නොහැක්කක්. ශෝකී රසයම උත්කර්ෂයට නැගෙන එවැනි නිර්මාණ ලොව වටා විවිධ කලා මාධ්‍ය වලින් ප්‍රකාශයට පත් කෙරී තිබෙනවා. මේ එවන් ශෝකාන්ත නවකතා දහයක් ගැන තොරතුරුයි.

ව්ලැඩ්මීර්  නබකොව් ගේ LOLITA

i.ebayimg.com

1955 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු මේ නවකතාවේ විශේෂත්වය වුණේ එහි ආඛ්‍යාන ශෛලියයි. හම්බර්ට් නම් මැදිවියේ මහාචාර්ය වරයා සහ 12 හැවිරිදි යෞවනියක වන ඩොලොරස් හේස් හෙවත් ‘ලොලිටා’ අතර ඇති වන අසම්මත ප්‍රේම සම්බන්ධයක් ඊට පදනම් වනවා. එම ආදරය සියලු දෙනාගේම විනාශයට හේතු වන අතර හම්බර්ට් අවසානයේ දී මිනී මැරුමක් ද සිදු කරන්නේ ආදරයේ අන්ධ බව මනාව ප්‍රකට කරමිනුයි.

ලොලිටා නවකතාව පසුව වේදිකා නාට්‍ය කිහිපයකට මෙන්ම සිනමාවට ද නැගුණු අතර, ස්ටැන්ලි කුබ්රික් (1962) සහ එඩ්රියන් ලීන් (1997 ) කළ නිර්මාණ ඒ අතුරෙන් කැපී පෙනුණා. ලිංගිකත්වයට නැඹුරු වූ ළාබාල යෞවනියන් හැඳින්වීමට පසුකලෙක ලොලිටා යන පදය යොදා ගැනීමත් විශේෂත්වයක්.

කසුඕ ඉෂිගුරෝ ගේ Never Let Me Go

patricktreardon.com

නොබෙල් සම්මාන ලාභී ඉෂිගුරෝ මෙම නවකතාව රචනා කළේ 2005 වසරේදී යි. ආතර් සී ක්ලාර්ක් සම්මානය දිනූ එය 2005 වසරේ ප්‍රකාශයට පත්වුණු හොඳම නවකතාවයි. ලොව හොඳම නවකතා 100 අතරට ද Time සඟරාව විසින් තෝරා ගනු ලැබූ එය එක හුස්මට කියවිය හැකි නවකතාවක් ලෙස සැලකෙනවා.

කැති, රූත් සහ ටොමි යන අමුතුම පාසලක ඉගෙන ගන්නා ළාබාල මිතුරන් තිදෙනෙකු අතර පවතින වෙනස්ම ආකාරයේ ආදර සම්බන්ධතා ගැන කියවෙන එය අවසානයේ ගමන් කරන්නේ ඉතා වේදනාබර අවසානයක් වෙතට යි. මේ නවකතාවේ සාර්ථකත්වය නිසා එය සිනමාවට මෙන්ම රූපවාහිනී මාධ්‍යයට ද නැගී තිබෙනවා.

ජේමිස් බෝල්ඩ්වින් ගේ Giovanni’s Room

media1.popsugar-assets.com

1956 වසරේදී නිර්මාණය කෙරුණු මෙම නවකතාවට පාදක වන්නේ පැරීසියේ ජීවත් වන ඇමරිකානු ජාතික ඩේවිඩ් නම් තැනැත්තා සහ ඔහුගේ මිතුරන් අතර ඇති වන සම්බන්ධතා සහ ඒ මතින් පැන නැගෙන සිදුවීම් දාමයක්. ඩේවිඩ් ගේ දෘෂ්ථියෙන් ගලා යන එම කතාවේ වැඩි ඉඩක් වෙන් වන්නේ ගියෝවන්නි නම් ඔහුගේ මිතුරා වෙතටයි.

සෑම ලිංගික සහ විෂම ලිංගික සම්බන්ධතා ගැන විග්‍රහ කෙරෙන Giovanni’s Room මනුෂ්‍යත්වය සහ ආදරය සම්බන්ධව සියුම් සහ භාවාත්මක විවරණයක් අඩංගු නිර්මාණයක් බව විචාරක මතයයි.

එඩිත් වර්ටන් ගේ The House of Mirth

n4.sdlcdn.com

වියැකෙන තාරුණ්‍යයත් සමග සමාජ පැවැත්ම උදෙසා අරගලයක යෙදෙන ලිලි බාර්ට් නම් නිව්යෝර්ක් නගරයේ ජීවත් වන තරුණියක් වටා ගෙතී ඇති මෙම නවකතාව මිනිස් ජීවිතයේ විවිධ සංවේදී භාවයන් මනාව ස්පර්ශ කරන්නක් බව විචාරක මතයයි.

1905 වසරේ රචනා කෙරුණු The House of Mirth කාන්තාවකගේ අභ්‍යන්තර මනෝ භාවයන් සියුම්ව විදහා දක්වන ශෝකාන්ත නවකතාවක්.

ජුනොට් ඩයස් ගේ This is How You Lose Her

cdn.sheknows.com

2012 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු This is How You Lose Her නවකතාව යුනියර් නම් තරුණයාගේ ආදර ජීවිතය තේමා කර ගනිමින් ගලා යන්නක්. මීට පෙර ජුනොට් නිර්මාණය කළ අනෙක් නවකතා දෙක යුනියර්ගේ ජීවිතයේ ළමා සහ තරුණ විය නියෝජනය කළ අතර This is How You Lose Her එහි දිගුවක් ලෙස නිර්මාණය කෙරුණා. මෙම කතාව එකිනෙක සමග සම්බන්ධ වූ කෙටි කතා 9 කින් යුතු වීම විශේෂත්වයයි.

නිකොලස් ස්පාර්ක්ස් ගේ The Notebook

1.bp.blogspot.com

ඔබ සුප්‍රකට  The Notebook සිනමාපටය නරඹල තියෙනවනම් ඒ අපූරු ආදර කතාව ගැන හොඳින් දන්නවා ඇති. ඒ වගේම  The Notebook කතාව ඇසුරෙන් Zindagi Tere Naam යනුවෙන් බොලිවුඩ් සිනමාපටයක් ද නිර්මාණය කෙරුණා.

1996 දි නිර්මාණය කෙරුණු මේ ආදරණිය නවකතාව නිකොලස් ගේ පළමු ප්‍රකාශිත නවකතාව වීමත් විශේෂත්වයක්. ඔහු විසින් මාස හයකට වැඩි කාලයක් රචනා කළ මෙම නවකතාව වෙනුවෙන් ප්‍රකාශකයන් විසින් නිකොලස්ට ඩොලර් මිලියනයක මුලික ගෙවීමක් කළ බවත් සඳහන්.

ක්ලෙයාර් මෙසුඩ් ගේ The Woman Upstairs

media.npr.org/

ඇමරිකානු සාහිත්‍යවේදිනී ක්ලරි විසින් රචනා කළ මෙම ග්‍රන්ථයද වෙනස් ආදර කතා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගන්නක්. වර්තමාන ඇමරිකානු ජන ජීවිතය සහ ආදරය ගැන කියවෙන එයට  තේමා වන්නේ නෝරා නම් 37 හැවිරිදි පාසල් ගුරුවරියකගේ චරිතයක්.

සිය අතීත මතකයේ වේදනාවට  සහ අවිනිශ්චිත අනාගතයේ බියකරු බවට මැදිව ජීවත් වන නෝරා මිනිස් මනසේ ගුප්ත ස්වභාවය සහ ආදරය ලැදි බව පිළිබඳ අපූරු නිර්මාණයක් බව විචාරක අදහසයි.

හෙන්රි ජේම්ස් ගේ The Wings of the Dove

cdn.penguin.com.au

1902 වසරේදී රචනා කෙරුණු  The Wings of the Dove ගෙතී ඇත්තේ මිලී නම් තරුණියකගේ චරිතය වටායි. දරුණු රෝගයකින් පීඩා විඳින ඇය මරණය දකිමින් වුවද පරාර්ථකාමී මිනිසත්කම ඉහළට ඔසවා තබන්නේ වේදනා බර හැඟුමක් පාඨකයා වෙත ඉතිරි කරමින්. මෙම කතාව සඳහා ජේම්ස් පාදක කරගෙන ඇත්තේ සිය ඥාති සොයුරියකගේ ජීවිත කතාවක්.

සිල්වියා පලත් ගේ The Bell Jar

3.bp.blogspot.com

සිල්වියා විසින් රචනා කළ එකම නවකතාව වන එය අර්ධ චරිතප්‍රදානයක් ලෙසටද සැලකෙනවා. මානසික පීඩනයකින් සිටින කාන්තාවකගේ ශෝකී කතන්දරයක් අඩංගු එම නවකතාව ප්‍රකාශයට පත් කෙරුණේ 1963 වසරේදී යි.

එහි පළමු බ්‍රිතාන්‍ය පිටපත නිකුත් වීමෙන් මසකට පසු සිල්වියා සිය දිවි නසා ගැනීමත් විශේෂත්වයක් වුණා.

ඇලිසන් මැක්වීන් ගේ  Under the Jeweled Sky

i.gr-assets.com

වේදනාබර අතීතයක් අමතක කිරීමට යෝජිත විවාහයකට යොමු වන සොෆියා නම් තරුණිය එම විවාහයෙන් අනතුරුව මුහුණ දෙන ඛේදනීය සිදුවීම් දාමයක් මෙම නවකතාවට පදනම් වනවා. ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛිකාවක් වන ඇලිසන් සිය අත්දැකීම් තම නිර්මාණ වලට අන්තර්ගත කරන නිර්මාණ කාරිනියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නියක්.

Cover- tse3.mm.bing.net

මූලාශ්‍ර

thoughtcatalog.com

penguin.com.au

Related Articles