Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන්ට ලිංගික සුව ලබාදීමට යෙදවුණු අසරණ ඔරන්ගුටන් – පෝනි

දියුණු රටවල දී පවා ගණිකා වෘත්තියට කාන්තාවන් සොයාගැනීමට විවිධ අකටයුතුකම් සිදු වෙනවා. ඒත් ඉන්දුනීසියාවේ බෝර්නියෝවේ දී ගණිකාවක ලෙස ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වෙලා තියෙන්නේ ඔරන්ගුටන් සතෙක්. පෝනි නැමැති ගැහැනු සතෙකු මිනිසුන් ලිංගික සේවාවේ නිරත කරලා තියෙනවා. ඔරන්ගුටන් කියන්නේ ස්වභාවයෙන් මිනිසාට සමාන වුණත් ප්‍රමාණයෙන් මිනිසාගෙන් බාගයක් විතර සතෙක්. මෙයට විරෝධය පලකරන්නට කිසිම අවස්ථාවක් නොවුණු ඒ අසරණ සතා වසර 6ක් තිස්සේ  බෝර්නියෝවෛ් ගමක පාම් ඔයිල් සේවකයින්ට සුන්දරියක වී තිබුනා.

කොහෙද මේ බෝර්නියෝව? කවුද ඒ මිනිස්සු?

එදා පෝනි https://www.thesun.co.uk

බෝර්නියෝව කියන්නේ ඉන්දුනීසියාවට සහ මැලේසියාවට අයිති විශාල දූපතක්. මැලේසියාවට අයිති බෝර්නියෝව දියුණු යි. එහෙත් ඉන්දුනීසියානු බෝර්නියෝවේ ගහකොළ, සතා සීපාවට අත්වෙලා තියෙන ඉරණම ශෝචනීය යි. ඉන්දුනීසියාව පුරාම කැලේ කපලා, ඒ කැලෑ ඉඩම්වල පාම් ගස් වවනවා. මේ පාම් ගස් කියන්නේ ඉන්දුනීසියානු වැසි වනාන්තරවලට පාත්වුණු ලොකුම විනාශයක්. බෝර්නියෝවෙත් ඒ විදියට ඔරන්ගුටන් ආදී සතුන් රැසක් ඉන්න වනාන්තර එළි වුනා. ඒ එක පාම් ගස් වගාකරන ගමක තමයි මේ කණගාටුදායක පුවත වාර්තා වෙලා තියෙන්නේ මේ සිදුවීම වාර්තාව එන්නේ 2018 වර්ෂයේ නොවැම්බර්වල. ඒත් ඇය ගණිකා වෘත්තියෙ යොදවලා තිබුනේ 2003 වර්ෂයේ දී යි. මේ අසරණ සතා කාලයක් තිස්සේ මිනිසුන්ගෙන් ලිංගික හිංසාවන්ට ලක් වෙලා තිබුනා.

සතාට කළ අකටයුතුකම්

මිනිසා කියන්නේ නිරුවත් වානරයෙක් කියලා ඇතැම් විද්‍යාඥයින් හඳුන්වනවා. ප්‍රයිමේටා සතුන්ගෙන් ඇගේ මයිල් ආදිය අඩුම සතා තමයි මිනිහා. ඔරන්ගුටන් සතාගේ ස්වභාවිකවම ඇග පුරා ඝන මයිල් තියෙනවා. ලිංගික සේවාවන් සපයන්න යෙදවුණු මේ පෝනි කියන ගැහැනු ඔරන්ගුටන් සතාගේ මුලු ශරීරයේම රෝම නිතර නිතර ඉවත් කරලා තිබුනා. ඇතැම්විට සතියට කිහිප වතාවක් පවා මේ ඔරන්ගුටන් සතාගේ රෝම ඉවත්කරනු ලැබ තියෙනවා. ඒ වගේම වළලු, මාල, සහ වෙනත් හැඩ වැඩ දමා ඇය කාන්තාවකැ යි ඇඟවෙන පරිදි ඇගේ බාහිර පෙනුම පවත්වාගන්නත් මේ සතා සේවයේ යොදවපු අය ක්‍රියා කරලා තියෙනවා.

කොහෙන්ද මේ සතා ඇවිල්ල තියෙන්නේ?

අද පෝනි. (orangutan.or.id)

ඔරන්ගුටන් කියන්නේ තර්ජනයට ලක් වූ සත්ත්ව කොට්ඨාශයක්. ඔවුන් ඇල්ලීම ඇති දැඩි කිරීම වරදක්. ඒත් හොර රහසේ පවුන් ඩොලර් දහස් ගණන්වලට මේ ඔරන්ගුටන් සතුන් අලෙවි වෙනවා. ඒ ආකාරයට මේ පෝනි කියන ගැහැනු ඔරන්ගුටන් සත්ත්වයාට කුඩා කාලයේ දීම සිය මව අහිමි කරලා තියෙනවා. ඔරන්ගුටන් ගැහැනු දරුවන් සිය මව් සමග අවුරුදු 7 සිට 11දක්වා දීර්ඝ කාලයක් ඇති දැඩි වෙනවා. ඒත් මේ පෝනි ඔරන්ගුටන් සතා ඉතා කුඩා කාලයේ දීම මවගෙන් වෙන් කොට ගෙන ඇතිදැඩි කොට තියෙනවා. කුඩා කාලයේ දී අල්ලාගෙන වසර 6ක් පමණ සිය දෙමාපියන්ගෙන් වනයෙන් වෙන් කොට තබාගෙන තිරශ්චීන සේවාවක නිරත කර ඇති මේ සතා නැවත වනාන්තරයට හුරු කිරීමට අමාරු වේවි. ඇය දැනට බෝර්නියෝවේ ඔරන්ගුටන් සංරක්ශන මධ්‍යස්ථානයක කල් ගෙවනවා.

ලිංගික හිංසනයෙන් ඔරන්ගුටන් ගලවාගැනිම

ගණිකාවක් වශයෙන් වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවුණු පෝනි ගලවාගැනීම අදාල බලධාරින්ට ලේසි වැඩක් වුණේ නැහැ. මේ සතා ගලවාගැනීමට ගිය ආරක්ශක අංශවලට ගම්වැසියන්ගේ විරෝධතාවලට මුහුණදෙන්න සිදුවෙලා තිබුනා. ඒ නිසා 35ක සන්නද්ධ භට කන්ඩායමක් ගිහිල්ලා තමයි පෝනි ඔරන්ගුටන් ඒ ගමෙන් එලියට අරන් ඇවිත් තියෙන්නේ. මේ අවස්ථාවේ දී පිහිවලින් සහ අවිවලින් පවා ගම්වැසියන් පහර දෙන්න හැදුවා කියලා මාධ්‍යයන් වෙත වාර්තා වී තිබුනා.

ඇගේ අළුත් ජීවිතය

වනයට හුරු වෙමින්. (orangutan.or.id)

සමාජ ආශ්‍රයට කැමති මෙම ඔරන්ගුටන් සතුන් වැරදි දේට පවා ලේසියෙන් හුරු කරන්නට හැකියාව තියෙනවා. ඔරන්ගුටන් සතාගේ අනාගතය ගැන සලකා බලලා, ඇයට තරහ එන නිසා පිරිමින්ගෙන් සහ පිරිමි ඔරන්ගුටන් සතුන්ගෙන් ඈත්කර මේ අනතුරට පත්වෙච්චි සතා තියාගන්න කටයුතු යොදලා තියෙනවා. දීර්ඝ කාලයක් මිනිසුන් ළඟ, කෑම බීම ළඟට ගෙනත් දෙන පසුබිමක, මිනිසුන් විසින් නඩත්තු කරන ලද සතෙකු නිසා නැවත ඇයට වනාන්තරයට ගොස් ජීවත් වීමට හුරු කිරීම අපහසු ඉලක්කයක් බව ඇය රැක බලාගන්නා මධ්‍යස්ථාන පාලිකාව පවසා තිබුණා. කොහොම වුණත් අවසානයේ ඇයට තිරිසනුන් වැනි මිනිසත් කමට නිගාදෙන මිනිසුන් ගේ වැඩ නිසා හොඳ මිනිස් ආශ්‍රයක් ලැබුනේ නැහැ. ඒ වගේම ඇගේ ලෝකය වූ වනාන්තරය නැවත ලැබෙන්නෙත් නැහැ. එහෙත් ඇය සිටින ඔරන්ගුටන් සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටින අනෙකුත් ඔරන්ගුටන් සතුන් සමග කල් ගතකරන්නට හෝ ඇයට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා.

සෝශල් මීඩියා සහ ඔරන්ගුටන්

orangutan.or.id

මේ සිදුවීම පරණයි. ඒත් තවමත් සමාජ ජාලා ඔස්සේ ඔරන්ගුටන් සතුන් විකිනෙන බව වාර්තා වෙනවා. එවැනි අවස්ථාවල එක් සතෙකු ස්ටර්ලින් පවුන් දස දහසක් තරම් වැඩි මිලට අලෙවි වූ අවස්ථාවන් ද වාර්තා වෙනවා. මේ ඔරන්ගුටන් සතුන්ට තියෙන වනාන්තර මිනිසුන් ඇවිල්ලා කපලා ඒවායේ වගාවන් කළා. ඉන් පස්සේ ඒ සතුන්ගේ ජීවිත අකාලයේ බිලිගත්තා. මේ වාර්තාවේ විදියට ඒ සතුන් ඉතාම කුරිරු විදියට ලිංගික අකටයුතුකම්වලත් යොදවලා තියෙනවා. සැබැවින්ම මෙය තවත් එක නිවුස් එකක්ම නෙමෙයි. මිනිසුන්ට තමුන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් කොයිතරම් කෲර වෙන්න පුළුවන් ද කියන එකට මේ සිද්ධිය හොඳ උදාහරණයක්.

කවර් පොටෝව: earthbuddies.net

Related Articles