Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපගේ බුද්ධියේ මහගෙදර

“වෘක්ෂය වනාහි ස්වභාවධර්මයේ එක් ප්‍රබල සංකේතයකි. වෘක්ෂය තුලින් ආරක්ෂාව, හිරුට ආවරණක් වීම, පෝෂණයේ මුලාශ්‍රයක් වීම සහ නිසලත්වය  නිරුපණය වේ. කොළඹ 07. නිදහස් මාවතේ අංක 14 ස්ථානයේ පිහිටුවා ඇති අපගේ බුද්ධියේ මහා ගෙදර බඳු ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය දැවැන්ත වෘක්ෂයක් සංකේතවත් කරමින් විරාජමානව සිටින අතර දැනුම ගැනුමට එන අවැසියෝ දැවැන්ත වෘක්ෂයේ පල අනුභව කරනු දක්නට ලැබෙයි.”

ජාතික පුස්තකාලය දැවැන්ත වෘක්ෂයක් සංකේතවත් කරමින්... Photo Credit : ජාතික පුස්තකාලය

ජාතික පුස්තකාලය දැවැන්ත වෘක්ෂයක් සංකේතවත් කරමින්…
Photo Credit : ජාතික පුස්තකාලය

දැනුවත් සමාජයක් බිහිකිරීම උදෙසා ජාතියේ බුද්ධිමය උරුමයන් සුරැකීම, ජාතික පුස්තකාල හා විඥාපන (තොරතුරු) සේවා පද්ධතිය සංවර්ධනය, පුස්තකාල සේවා කාර්යක්ෂමතාව පිණිස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයට දිරිදීම, ග්‍රන්ථ විඥාපන (තොරතුරු) පහසුකම් සැපයීම සහ ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා අනුග්‍රහ දැක්වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය ක්‍රියාත්මක වෙමින් පවතී.

සම්ප්‍රදායික පුස්තකාලයෙන්  ඔබ්බට ..... Photo Credit : ජාතික පුස්තකාලය

සම්ප්‍රදායික පුස්තකාලයෙන් ඔබ්බට …..
Photo Credit : ජාතික පුස්තකාලය

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ කාර්යයන් මොනවාද?

1. සියළුම ජන කොටස් වල භාවිතය සඳහා ඔවුන්ගේ අවශ්‍යතා වලට උචිත පුස්තකාල හා ප්‍රලේඛණ (Documentation)  සම්පත් පිළිබඳ ජාතික සංචිතයක් ගොඩනැගීම.

2. ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ ද්‍රව්‍ය සංචිතයක් පිහිටුවීම වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකාවේ ජාතික හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම.

3. මුද්‍රණකරුවන්ගේ හා ප්‍රකාශකයින්ගේ ආඥාපනත යටතේ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තුමේන්තුවේ තැන්පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රකාශන වල පිටපත් ලබා ගැනීම.

4. ශ්‍රී ලංකාව තුළ හෝ ඊට අදාලව ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශන වල හෝ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වලට අදාල විදේශීය ප්‍රකාශන වල පිටපත් මිලට ගැනීම හෝ අන්‍යාකාරයකින් ලබා ගැනීම.

5. ජාතික ග්‍රන්ථ විඥාපන සේවාවක් සහ ශ්‍රී ලංකාවේ පුස්තකාල වල තැන්පත් වී ඇති පුස්තකාල ද්‍රව්‍ය පිලිබඳ ඒකාබද්ධ සුචීන් (Union Catalogue) සම්පාදනය ඇතුළු ග්‍රන්ථ විඥාපන සේවා සැපයීම.

6. ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද ලේඛන හා ප්‍රකාශන වල ජාතික ග්‍රන්ථ විද්‍යා දත්ත සැකසුම පිහිටුවීම.

7. ශ්‍රී ලංකාවේ ජාතික ග්‍රන්ථ නාමාවලිය ප්‍රකාශයට පත් කිරීම.

8. ශ්‍රී ලංකාවේ සියළු ජන කොටස් වලට තොරතුරු යොමු කිරීම් සේවා හා පර්යේෂණ සේවා සැපයීම.

9. ප්‍රජාවේ සියළු සාමාජිකයන්හට ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී ලබාගත හැකි හෝ අනාගතයේදී ලබාගත හැකි පුස්තකාල හා ප්‍රලේඛන (Documentation) සම්පත් වලට ප්‍රවේශ පහසුකම් සැලසීම.

ජාතික පුස්තකාලයේ ග්‍රන්ථ එකතුවට යතුරක්. Photo Credit : ජාතික පුස්තකාලය

ජාතික පුස්තකාලයේ ග්‍රන්ථ එකතුවට යතුරක්. Photo Credit : ජාතික පුස්තකාලය

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතුව මේ වන විට ග්‍රන්ථ ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් ඇත. ජාතික පුස්තකාලය සතු තවත් වැදගත් කමක් වන්නේ 1976 සිට මේ දක්වා පළ වූ සියලුම ජාතික හා විකල්ප පුවත්පත් වල එකතුවක් පවත්වාගෙන යාමයි.

මෙහි ඇති ප්‍රවීණ ලේඛකයින්ගේ පෞද්ගලික ග්‍රන්ථ එකතූන් සමූහය විශේෂ වැදගත්කමක් ගනී.

ලේඛන කලාවට මුල්ම ප්‍රවේශයක්. Photo Credit : ජාතික පුස්තකාලය

ලේඛන කලාවට මුල්ම ප්‍රවේශයක්. Photo Credit : ජාතික පුස්තකාලය

මේ යටතේ,

  • හෙලයේ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ පුද්ගලික ග්‍රන්ථ එකතුව.
  • මහාචාර්ය ඒ. වී. සුරවීරයන්ගේ ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය බ්‍රැන්ඩන් ගුණරත්න ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය කාල් ගුණවර්ධන ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය මිණිවන්  පී. තිලකරත්න ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය ගුණපාල සේනාධීර ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය රැල්ෆ් පීරිස් ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය රසල් බෝර්ඩන් ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය ටිකිරි අබේසිංහ ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය විමලා විජයසූරිය ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය ඊ. එම්. විජේරාම ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය එච්. ඒ. පී. අබේවර්ධන ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය කේ. ජයතිලක ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය එම්. එච්. පීටර් සිල්වා ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය නන්දන කරුණානායක ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය පී. බී. සන්නස්ගල ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය එස්. ජී. සමරසිංහ ග්‍රන්ථ එකතුව
  • මහාචාර්ය සුසුනග වීරප්පෙරුම ග්‍රන්ථ එකතුව
  • ඒ. පී. එස්. ගලපාත ග්‍රන්ථ එකතුව
  • සිරිල් සී. පෙරේරා ග්‍රන්ථ එකතුව
  • ඩී. සී. ඩී. අල්විස් ග්‍රන්ථ එකතුව
  • එඩ්මන් සමරක්කොඩි ග්‍රන්ථ එකතුව
  • ජී. ඩී. රණසිංහ ග්‍රන්ථ එකතුව
  • කේ. බී. ජිනදාස ග්‍රන්ථ එකතුව
  • ලයනල් ප්‍රනාන්දු ග්‍රන්ථ එකතුව
  • එම්. ජේ. පෙරේරා ග්‍රන්ථ එකතුව
  • මඩවල එස්. රත්නායක ග්‍රන්ථ එකතුව
  • මර්වින් කාසිචෙට්ටි ග්‍රන්ථ එකතුව
  • ඔලිවර් ද සොයිසා ග්‍රන්ථ එකතුව
  • පී. වත්තේගම ග්‍රන්ථ එකතුව
  • පීටර් ජයසූරිය ග්‍රන්ථ එකතුව
  • පීටර් විජේසිංහ ග්‍රන්ථ එකතුව
  • එස්. එච්. වනසිංහ ග්‍රන්ථ එකතුව
  • සුනිල් ශාන්ත ග්‍රන්ථ එකතුව
  • යූ. ඩී. අයි. සිරිසේන ග්‍රන්ථ එකතුව
  • ඩබ්ලිව්. එම්. ඒ. වර්ණසූරිය ග්‍රන්ථ එකතුව
  • තේජා ගුණවර්ධන ග්‍රන්ථ එකතුව
  • ඩී. ඩී. ජයසෝම ග්‍රන්ථ එකතුව
  • ඩී. ජී. ජයවර්ධන ග්‍රන්ථ එකතුව
  • එස්. ආර්. එම්. උපාලි බණ්ඩාර ග්‍රන්ථ එකතු
  • චන්ද්‍රා ජයසේකර ග්‍රන්ථ එකතුව
  • කුමාරිහාමි ග්‍රන්ථ එකතුව
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ අත් අකුරු. (martinwickramasinghe.info)

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ අත් අකුරු. (martinwickramasinghe.info)

ජාතික පුස්තකාලය සහ දේශීය ග්‍රන්ථ එකතුව

  • Braille Press
  • විදේශ සම්පත් දෙපාර්තමේන්තු වාර්තා එකතුව
  • රජයේ ප්‍රකාශන කාර්යාංශ එකතුව (මෙහි 1888 සිට 1976 වසර දක්වා සමන්විත  වූ සම්පූර්ණ ගැසට් පත්‍ර අඩංගු වේ).
  • ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමයේ එකතුව
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ චක්‍රලේඛ එකතුව
  • ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ නාට්‍ය අත්පිටපත් එකතුව
  • ශ්‍රී ලංකා අන්ධ මණ්ඩලයේ  එකතුව
  • ශ්‍රී ලංකා දෘශ්‍යාබාදිත සංගමයේ එකතුව
අතීතයෙන් බිඳක්. Photo Credit : ජාතික පුස්තකාලය

අතීතයෙන් බිඳක්. Photo Credit : ජාතික පුස්තකාලය

ජාතික පුස්තකාලය සතු අන්තර්ජාතික එකතූන්

  • ආසියානු සංවර්ධන බැංකුවේ එකතුව
  • යුරෝපා ආර්ථික හවුලේ එකතුව
  • ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ එකතුව
  • එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ එකතුව
  • ලෝක ළමා අරමුදලේ එකතුව

මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය

මෙය ඉතා සුවිශේෂී කෞතුකාගාරයකි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ පාසැල් ළමුන්ට මෙය අතිශයින් වැදගත් වෙ. මෙහි මාර්ටින් වික්‍රමසිංහ ශූරින් පරිහරණය කරන ලද පොත් පන්දහසක් පමණ තැන්පත් කර ඇත. එතුමන් පරිහරණය කළ ලියන මේසය, පුටු, යතුරු ලියන යන්ත්‍ර, පෑන්, ඇස් කණ්ණාඩිය, අත් ඔරලෝසුව හා වෙනත් විවිධ කෞතුක භාණ්ඩද තැන්පත් කර ඇති අතර එතුමන් විසින් රචනා කරන ලද සියයක් පමණ වූ ග්‍රන්ථ සම්භාරයද මෙහි තැන්පත් කර ඇත.

කුඩා දරුවන්ගේ කියවීමට අත හිත දෙමු. Photo Credit : ජාතික පුස්තකාලය

කුඩා දරුවන්ගේ කියවීමට අත හිත දෙමු. Photo Credit : ජාතික පුස්තකාලය

රටේ ජීවනාලිය බඳු කුඩා දරුවන්ට, පාසැල් සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, ලේඛකයින්ට ,ශ්‍රාස්ත්‍රීය කටයුතු වල නිරතවන්නන්ට සහ පර්යේෂකයින්ට තම දැනුම තව තවත් පෝෂණය කර ගැනීම සඳහා පානැගිය යුතු මහඟු තෝතැන්නකි ,ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය. ඉදිරියේදී නව තාක්ෂණය හා නවීන ශිල්පීය ක්‍රමොපායන් භාවිතා කරමින් ජාතික පුස්තකාලය තව දුරටත් පාඨක ප්‍රජාව සමග තවත් සමීප  වීමට කටයුතු කරමින් සිටී.  ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය නව තාක්ෂණය හා සම්බන්ධ වෙමින්, නුතන සමාජයට (ඩිජිටල් සමාජයට) කියැවීම හුරුකිරීම හා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාතික වගකීමක් ඉටු කිරීම උදෙසා ජාතික ඩිජිටල් පුස්තකාලය විවෘත කිරීමද පසුගියදා  සිදු විය.

ජාතික පුස්තකාලය හුදෙක් පර්යේෂකයින්ට සහ අධ්‍යයන කාර්යයන් සඳහා පමණක් නොව සාමාන්‍ය ජනතාවටද සිය දැනුම සහ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමට භාවිතා කල හැකි දැනුම මධ්‍යස්ථානයකි.

මුලාශ්‍ර – ජාතික පුස්‌තකාල / ජී . ඩී. අමරසිරි, National Library of sri Lanka./National Library Publication, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය 26 වන වසර සමරයි / සජන්ති බෝපිටිය

Related Articles