Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිම භාෂා ප්‍රමාණයක් භාවිතා කරන පැපුවා නිව් ගිනියා

සමකයට දකුණින්, ඔස්ට්‍රේලියාවට කිලෝ මීටර 160 ක් පමණ උතුරින් පිහිටි පැපුවා නිව් ගිනියාව දූපත් 600 කින් පමණ සමන්විත රටකි. ස්වදේශීය භාෂාවන් 800 කට වඩා අධික ප්‍රමාණයක් මේ රටෙහි භාවිතා වේ. මේ ආකාරයට වැඩිම භාෂා ප්‍රමාණයක් භාවිතා කරන රටක් ලෙස පැපුවා නිව් ගිනියා ලොව තුළ ප්‍රසිද්ධියක් උසුලනවා.

ස්වභාවික සම්පත් හා ආර්ථික තතු

operationworld.org(භූ ගෝලීය පිහිටීම)

මෙරට භූමි ප්‍රදේශයෙන් 2.6% පමණ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගෙන තිබෙනවා. එමෙන්ම වනාන්තර සඳහා 63.1% ක් ද අනෙකුත් දෑ සඳහා 34.3% පමණ භූමි ප්‍රදේශයක් භාවිතා කරනු ලබනවා.

පැපුවා නිව් ගිනියා සතු ස්වභාවික සම්පත් අතර රත්තරන්, තඹ, රිදී, ස්වාභාවික ගෑස්, දැව, තෙල් හා ධීවර කටයුතු හිමි වනවා.

මෙරට දළ දේශීය නිෂ්පාදිතය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී කෘෂිකාර්මික අංශයෙන් 22.1% කුත්, කර්මාන්ත අංශයෙන් 42.9% කුත්, සේවා අංශයෙන් 35% පමණ දායකතවයකුත් ලබා දෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස කෝපි, කොකෝවා, තේ, සීනි, රබර්, බතල, පළතුරු, වැනිලා, ආදිය දැක්විය හැකියි.

mantlegroup.com ( කොකෝවා වගාවක්)

කර්මාන්ත වශයෙන් සිදු කරනු ලබන්නේ පාම් තෙල් සැකසුම, කොප්පරා ඇඹරීම, පතල් කටයුතු වන රත්තරන්, රිදී, තඹ ආදියත්, ඉදිකිරීම්, සංචාරක කර්මාන්තය, ඛනිජ තෙල් හා බොරතෙල් නිෂ්පාදනයි.

භාෂා, ආගම් හා ජාතීන්

2017 වසරේ ඇස්තමේන්තු වලට අනුව මෙරට ජනගහණය 6,909,701 කි. මෙරට සිටින ජාතීන් අතර මෙලනීසියානු, පැපුවා, නෙග්‍රිටෝ, මයික්‍රොනීසියානු සහ පොලිනීසියානු ජනවර්ග ප්‍රධාන වනවා.

පැපුවා නිව් ගිනියා යනු වැඩිම භාෂා ප්‍රමාණයක් කතා කරනු ලබන රටක් වනවා. ඒ අනුව මෙරට නිළ භාෂාවන් වන්නේ Tok Pisin, Hiri Motu හා ඉංග්‍රීසි යි. ස්වදේශීය භාෂාවන් 839 පමණ කතා කරනු ලබනවා.

රෝමානු කතෝලික 27% කුත්, ප්‍රොතෙස්තන්ත්‍ර 69.4% කුත්, Baha’i 0.3% කුත්, ස්වදේශීය ඇදහිලි හා අනෙකුත් ආගම් 3.3% ලෙසත් මෙරට ජනයා ආගම් අදහනු ලබනවා.

වෙනත් විස්තර​

en.wikipedia.org (ජාතික ධජය)

මෙරට ජාතික පක්ෂියා වන්නේ Raggiana Bird of Paradise ය.  මෙරට ජාතික ධජය නිළ වශයෙන් භාවිතයට ගෙන තිබෙන්නේ වර්ෂ 1971 ජූනි මස 24 වන දිනයි.

Papua New Guinean Kina (PGK) යනු මෙරට භාවිතයට ගන්නා මුදල් ඒකකය වන අතර අග නගරය වන්නේ පෝර්ට් මොරෙස්බි ය. මෙම අගනගරයේ 307,643 පමණ ජනහනයක් වාසය කරනු ලබනවා. ජනගහනය අතින් විශාලත්වයෙන් යුත් නගර වන්නේ අග නගරයත්, Lae, Arawa, Mount Hagen, Popondetta, Madang යන නගරත්ය.

පැපුවා නිව් ගිනියාවේ භූමියෙන් කොටසක් නිව් ගිනියා දූපතේ නැගෙනහිර කොටස වන අතර අනෙක් කොටස ලොකු කුඩා දූපත් 600 කින් පමණ සැදී තිබෙනවා.

සුන්දරත්වයෙන් යුත් ස්ථාන

theculturetrip.com (Wilhelm කන්ද)

වර්ග කිලෝමීටර් 452,860 ක​ භූමි ප්‍රදේශයකට හිමි කම් කියන මෙරට සතුව වෙනස් වූ චමත්කාර ජනක භූ දර්ශන වලින් යුත් ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අනුව ඉස්තරම් වූ ගල්පර හා සුදු වැලි වලින් යුත් Lusancay නමැති දූපත සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයකි.  අඩි 14,793 කින් යුත් ඉතාමත් විශිෂ්ට කඳු මුදුනකින් යුත් Wilhelm නමැති කන්ද නැගීම සඳහා නිර්දේශ කරනු ලබන්නේ අත්දැකීම් තිබෙන කඳු නගින්නන්ට පමණි. එමෙන්ම සුදු පැහැති වැලි, නිල් පැහැති ජලය හා කොළ පති ගස් වලින් යුත් අනර්ඝ සංයෝජනයක් සහිත panasia නමැති දූපතත්, මුහුදු පැළෑටි විනිවිදව දැක ගත හැකි sivoli නමැති ගංගාවත්, උස් බිම්හි පිහිටි kubor Range ද, සුන්දරත්වයෙන් යුත් මිචෙල් කන්දත්, පැපුවා නිව් ගිනියා හි පිහිටි වඩාත් සක්‍රීය ගිනි කන්දක් වන Tavurur ත් මෙරට සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් ස්ථාන වනවා.

කාලගුණය

පැපුවා නිව් ගිනියා අවුරුද්ද පුරාවට උණුසුම් කාළගුණයක සිට උෂ්ණ කාලගුණයකට මෙන්ම තෙතමනය සහිත කාලගුණයකටද හිමිකම් කියනු ලබනවා. සෑම පළාතක්ම වැසි සහිත සමයකට අත්දැකීම් ලබන අතර ග්‍රීෂ්ම සෘතුව පළාතෙන් පළාතට වෙනස් වනවා. මැයි මස සිට දෙසැම්බර් මස දක්වා කාලය මෙරට වියළිම වකවානුව වනවා.

පරිපාලනය, රාජ්‍ය ව්‍යුහය හා නීති පද්ධතිය

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාදා තිබෙන්නේ 1975 අගෝස්තු මස 15 වන දිනයි. මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ වර්ෂ 1975 සැප්තැම්බර් මස 16 වන දින සිටයි. අනතුරුව සංශෝධන කිහිපයක්ම සිදු කර තිබෙනවා.

නීති පද්ධතිය ගැන අවධානය යොමු කරන්නේ නම් එය ඉංග්‍රීසි පොදු නීතිය හා චාරිත්‍රානුකුල නීතියෙන් යුත් මිශ්‍ර නීති ක්‍රමයකි.

National Alliance Party, Papua and Niugini Union Party, Papua New Guinea Party, People’s National Congress Party, People’s Party, People’s Progress Party ආදිය මෙරට ක්‍රියාත්මක දේශපාලන පක්ෂ වලින් කිහිපයකි.

ආහාර රටා

youtube.com (mumu නමැති සාම්ප්‍රදායික ආහාරය)

පැපුවා නිව් ගිනියාවේ සාම්ප්‍රදායික ආහාර එළවලු මත රඳා පවතිනවා. ඌරු මස් හා කුකුල් මස් විශේෂ අවස්ථාවන් සඳහා භාවිතා කරනවා. කෙසේ නමුත් ගංගා ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් මාළු, කකුළුවන් හා පොකිරිස්සන් ආදිය දෛනිකව ආහාරයට එකතු කර ගන්නවා. කිරි අල ඇතුලු අල වර්ග ද සව් ද​ මෙරට ප්‍රධාන ආහාර වර්ග ය​.

ස්වදේශීයව වැවෙන පළතුරු අතර අන්නාසි, පැපොල්, අඹ, කෙසෙල් හා පැෂන් ආදිය දැක්විය හැකියි. mumu යනුවෙන් හඳුන්වන්නේ මොවුන්ගේ සාම්ප්‍රදායික ආහාරයක් වන අතරම මේ සඳහා බඳින ලද ඌරු මස්, බතල, බත් මෙන්ම කොළ පැහැති එළවලු දැක්විය හැකියි. තේ පානයද සෑම අවස්ථාවකම සිදු කරනු ලබනවා.

මිනිසුන්

තවමත් කුඩා ගම් වල ගෙවතු, දඩයම් හෝ කෘෂිකාර්මික කටයුතු සිදු කරමින් මිනිසුන් ජීවත් වනවා. කාන්තාවන් ගෙදර වැඩ කටයුතු සිදු කරන අතරම පිරිමි පුද්ගලයන් දඩයම්, කර්මාන්ත ආදිය සිදු කරනවා. මොවුන්ගේ සංස්කෘතික හා ජීවන රටා හඳුනා ගැනීමට ගම මහඟු පිටුවහලක් වනවා. කෘෂිකාර්මික කටයුතු මෙරට ස්වාධීනව මෙරට උස්බිම් වල වර්ධනය වී තිබෙන්නේ ක්‍රි. පූ 7000 දී පමණය.

කවරයේ පින්තූරය: skerah.com

Related Articles