Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

5G සමඟ ශක්තිමත් ආර්ථික වර්ධනයක්, සහ තිරසාර ලොවක්

5G යනු 5 වන පරම්පරාවේ ජංගම දුරකථන ජාලය යි. එය 1G, 2G, 3G, සහ 4G ජාලවලින් පසු ආ නව ගෝලීය wireless ප්‍රමිතියක්. මිනිස් සමාජය පමණක් නොව, 5G යන්ත්‍ර, සහ උපාංගවලින් යුත් IoT සමාජය පවා වැඩි වේගයකින්, අඩු පොරොත්තු කාලයකින් (latency) එකට සම්බන්ධ කිරීමට ඊට හැකියාව තිබෙනවා. 5G ජීවයට ගෙන ඒමට ලොව පුරා සමාගම් කිහිපයක් u දායක වී තිබෙන අතර, කිසිම සමාගමකට හෝ තනි පුද්ගලයකුට 5G තාක්ෂණය පිළිබඳ තනි අයිතියක් නැහැ.

4G සතුව තිබුණේ මෙගාබයිට් 8-10 පමණ වේගයක් වුවත්, 5G තාක්‍ෂණය තත්පරයට ගිගාබයිට් (Gbps) ගණනකින් යුත් උපරිම දත්ත වේගයක් සමඟ ඉහළ අත්දැකීමක් ලබා දීමට අදහස් කරනවා. ඉහළ කාර්ය සාධනය සහ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාව නව පරිශීලක අත්දැකීම් සවිබල ගැන්වීම මෙන් ම, නව කර්මාන්ත සඳහා ද පහසුකම් සපයනවා.

කොවිඩ් සමඟ බිඳ වැටුණු ආර්ථිකය නැවත නඟා සිටුවීමට අඛණ්ඩ ව සිදු කෙරෙන තාක්‍ෂණික නවෝත්පාදන දායක වන අතර ආර්ථික විශ්ලේෂණ පෙන්වා දෙන්නේ පශ්චාත් වසංගත යුගයේ සමෘද්ධිය සඳහා 5G තාක්ෂණය ද ඉතා වැදගත් වන බව යි. ඒ 5G සේවාව මිනිසා, තොරතුරු, සහ උපාංග අතර ශක්තිමත් සබඳතාවක් ලොව පුරා ගොඩනඟමින් සන්නිවේදනයෙන් ඔබ්බට යමින් සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසකට සෙත සලසන නිසා යි.

5G ඇන්ටෙනා පද්ධතියක් – ericsson.com

රටවල් 50ක විසිරුණු Accenture ආයතනය සිදු කළ 2021-2025 ආර්ථික විශ්ලේෂණයකට අනුව පූර්ණ කාලීන, අර්ධ කාලීන සහ තාවකාලික රැකියා ඇතුළු ආර්ථිකයේ සියලු ම අංශ හරහා අමෙරිකාව තුළ රැකියා මිලියන 16ක් දක්වාත්, යුරෝපයේ මිලියන 20ක් දක්වාත් නිර්මාණය කිරීමට හෝ නවුමු ආරකට පරිවර්තනය කිරීමට 5Gවලට හැකියාව ඇති බව පෙන්වා දී තිබෙනවා.

නිෂ්පාදන කටයුතු සඳහා ඉහළ bandwidth එකක්, අඩු ප්‍රමාදයක් සහ ඉහළ විශ්වසනීයත්වයක් අවශ්‍ය වන අතර, 5G තාක්ෂණය එම අවශ්‍යතා සියල්ල ම පාහේ සපුරනවා. ලොව නිෂ්පාදන ආයතනවලට 5G තාක්‍ෂණය මඟින් අඩු පිරිවැයකින් සහ අඩු කාලයකින් නිෂ්පාදන සිදු කිරීමට හැකියාව ලැබෙනවා. එපමණක් ද නොව, ඔවුන්ට තවදුරටත් ආයතනය තුළ ම දත්ත ගබඩා සහ සර්වර් පරිගණක පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙන නිසා ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති කරගත යුතු වන්නේත් නැහැ. නිෂ්පාදන රොබෝවරුන් හැසිරවීමේ දී ක්ලවුඩ් (Cloud) සේවා භාවිත කිරීමටත්, ආරක්ෂක උපාංග අතර සන්නිවේදනය කාර්යක්ෂමවත් කරගත හැකි නිසා දත්ත, සහ පරිශ්‍ර ආරක්ෂාව ඉතා හොඳින් සලසා ගත හැකි වෙනවා.

Ericsson ආයතනය කළ පර්යේෂණයක් දක්වන්නේ, කර්මාන්තශාලා තුළ රොබෝවරුන් හා නිෂ්පාදන යන්ත්‍ර හැසිරවීමටත්, ස්මාර්ට් ප්‍රවාහන කටයුතු සඳහාත්, පද්ධති සැලසුම් කිරීමට සහ Simulate කිරීමටත්, දත්ත රැස් කරන උපාංග සඳහාත් 5G මඟින් ඉහළ පිටුබලයක් ලැබෙන බව යි.

“තවදුරටත් නව ව්‍යාපාර ආකෘති අත්හදා බලමින් කල් ගත කළ යුතු වන්නේ නැහැ. IoT වැනි නව [වෙළෙඳපොළ] අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් නව ආදායම් මාර්ග සලසා ගන්නට දැන්ම කටයුතු කරන්න. දැනටමත් LTE (4G) මත පාදක වූ විශාල IoT ජාල තිබෙනවා. කළ යුත්තේ කුමක්දැයි කියා [දැන ගැනීමට] අත්හදා බැලීම් කළහොත් 5Gවල වාසි [ඔබේ ව්‍යාපාරයටත්] ලබා ගත හැකි යි,” යනුවෙන් එය දක්වනවා. 

රොබෝවරුන් සමග සන්නිවේදනයට කම්හල් තුළ 5G යොදා ගත හැකියි – pinimg.com

5Gවලට වර්ග කිලෝමීටරයක් තුළ උපාංග මිලියනයකට සහාය වීමට, Download සහ Upload එකවර කිරීමට, සහ විශ්වාසදායක ලෙස මිලි තත්පර ගණනකින් ප්‍රතිචාර ලබා දීමට හැකියාව තිබෙනවා. මෙම හැකියා විවිධ භාවිත අවස්ථා ඇති කරවනවා. කර්මාන්ත එම ප්‍රතිලාභ සාක්ෂාත් කර ගනිමින් ආර්ථිකයට සවිබලයක් සපයන බැවින් 5G නිසා වක්‍රාකාර ව ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික බලයක් ලොවට දායාද කරවනවා. 

Accenture කළ විශ්ලේෂණයක් අනුව, එක්සත් ජනපද ආර්ථිකයේ අතිරේක දළ විකුණුම් (gross output) ඩොලර් ට්‍රිලියන 2.7 දක්වාත් යුරෝපයේ එය යූරෝ ට්‍රිලියන 2කිනුත් ඉහළ යනු ඇතැයි පෙන්වා දෙනවා. දළ දේශීය නිෂ්පාදිතය අතින් ගත් කල, 5G සමඟ එක්සත් ජනපදයට ඩොලර් ට්‍රිලියන 1.5ක් දක්වාත්, යුරෝපයේ යූරෝ ට්‍රිලියන 1ක් දක්වාත් වර්ධනයක් ලැබිය හැකි බවට එය පුරෝකථනය කරනවා.

එසේම, එය පෙන්වා දෙන්නේ ස්මාර්ට් සංවේදක සහ ඩ්‍රෝන භාවිත කිරීමෙන් අවදානම අඩු කරගෙන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව යි. සෞඛ්‍යය ක්ෂේත්‍රයට දුරස්ථ ක්‍රමවේද යොදා ගනිමින් රෝගීන් ගැන ක්ෂණික ව සොයා බැලීමට හැකි වීමෙන් සේවා පලදායීතාව ඉහළ නංවා ගන්නටත්, රෝහල තුළ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම වළක්වා ගන්නටත් හැකි වන බවත් පෙන්වා දෙනවා.

5Gවල අඩු ප්‍රතිචාර කාලය පිළිබඳ නිරූපණයක් – pgs-soft.com

“5G තවමත් මෙලොව බිහි ව නොමැති කර්මාන්ත නිර්මාණය කිරීමට තුඩු දෙනු ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ප්‍රතිලාභ උපරිම කිරීමට හැකි ප්‍රත්‍යක්ෂ සහ ප්‍රායෝගික හැකියාවන් එය සතු වේ,” Accenture සටහන් කරනවා.

ශ්‍රී ලංකාව තුළ ද මේ වන විටත් 5G අත්හදා බැලී‍මේ ස්ථාන රැසක් පවතිනවා. ඉන් ඇඟවෙන්නේ අපේ රටේ ව්‍යාපාරිකයන්ට මෙන් ම නව ව්‍යවසායකයන්ටත් දේශයේ ආර්ථික පුනර්ජීවයට නවුමු ආකාරයකින් දායක වීමට හැකි යටිතල පහසුකම් ඔවුන්ට පිරිනැමෙන බවට අරුණලු උදා වී ඇති බව යි. තමන්ගේ නිෂ්පාදන කටයුතු ස්මාර්ට් ආකාරයෙන් කරගෙන යන්නට අවස්ථාව උදාවන බැවින් ඔවුන්ට දැනට පවතින ක්‍රමවේද අනාගතයට සරිලන ලෙස, තිරසාර ව සන්නද්ධ කර ගන්නට දැන් කාලය එළඹ පවතිනවා.

Dialog 5G අත්හදා බැලී‍මේ ස්ථාන ලෙස ලිබර්ටි ප්ලාසා, ගලධාරි හෝටලය අවට, තර්ස්ටන් අවට, මොරටුව සරසවිය සහ කටුබැද්ද නගරාශ්‍රිත ව, මරදාන, නාරාහේන්පිට, කෝට්ටේ, නාවල, හෝකන්දර, රත්මලාන මෙන් ම කොළඹින් එපිට මහනුවර දළදා මාලිගාව අවට, ගාල්ල ඩයලොග් ආකේඩ් එක, කරාපිටිය, කටුනායක ගුවන් තොටුපොළ වැනි ජනාකිර්ණ ස්ථාන රැසක් පවතිනවා. මේවායේදී ඔබේ Dialog 5G දුරකථනයෙන් අධිවේගී 5G සේවාව නොමිලේ ම අත්හදා බැලිය හැකි යි. ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා dialog.lk/5g වෙත පිවිසෙන්න.

Foot Notes:

කවරයේ ඡායාරූපය: iiot-world.com

Related Articles