Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

The shallows සිනමා පටය

උදෑසනම වෙරළක සෙල්ලම් කරමින් ඉන්න කුඩා ළමයෙකුට කැමරාවක් සවි කළ හිස් වැස්මක් හම්බෙනවා. එය තුල සටහන් වී තිබෙන්නේ තරුණයෙකු මෝරෙකුගේ පහර කෑමට ලක්වෙන අවස්ථාවක්.එසේ ආරම්භ වන්නේ ඩොලර් මිලියන 17 කින් නිපදවනු ලැබූ හා අාදායම ඩොලර් මිලියන් 119ක් උපයනු ලැබූ The Shallow සිනමා නිර්මාණයයි.

කතාව කෙටියෙන්

The shallows චිත්‍රපටය විනාඩි 87 පුරාවට දිව යන, මෝරෙකු සමග මහා මුහුදේ නොව වෙරළාසන්නයේ තනිවෙන කෙළිලොල් වයසේ තරුණියක් ගෙන ත්‍රාසජනක සිදුවීම් මාලාවක් කතන්දරයක් ඇසුරෙන් නිර්මාණය වූ කතාවක් රැගෙන යන්නක්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ බ්ලේක් ලිවිලි වන අතර ඇය මෙහි දී නැන්සි නම්  චරිතයට පණ පොවනු ලබනවා. නැන්සි කියන්නේ තරුණ වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය සර්ෆින් ක්‍රීඩාවේ නිරත වන තරමක් විනෝදකාමී තරුණියක වනවා. ඇය හුදකලා බවින් යුතු මුහුදු වෙරළක් මේ සදහා තෝරාගනු ලබනවා. ඇය විසින් එම ස්ථානයට ඒමට භාවිතා කරන වාහනය , එහි රියදුරාට ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවිය නොහැකිවීම හා යම් යම් වචන වලට දක්වන ආධුනික බව වැනි කරුණු කාරණා මත මෙන්ම එම ස්ථානයට නමක් නොමැති වීම යන කරුණ හරහා ද  මෙම ස්ථානයේ ග්‍රාමීය හා හුදකලා බව තවත් ඉහළ ගොස් තිබෙනවා.

The shallows චිත්‍රපටයෙන් – www.tampabay.com

ඉන්පසු ඇය වෙරළේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන්නට පටන් ගන්නවා. එහීදී එම ස්ථානයේ එම ක්‍රීඩාවේ නිරතවන තවත් තරුණයන් දෙදෙනෙකුද ඇයට හමුවෙනවා. ඔවුන් සියල්ලන් එම ස්ථානයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිනවා. නැවත වරක් ඇය වෙරළට එන අතර ඉන්පසු ඇය තම සොහොයුරිය හා පියා සමග කෙටි දුරකථන සංවාදයකින් පසු නැවත ක්‍රීඩා කිරීමට යනවා. මෙහිදී ප්‍රේක්ෂකයන් නොමඟ යැවීමට දෝ අධ්‍යක්ෂවරයා මුලින්ම ඇයගේ සර්ෆින් ලෑල්ලට ඉහළින් පනින ඩොල්පින් මත්ස්‍යයෙක්ගේ දර්ශනයක් ඇතුලත් කර තිබෙනවා. ඉන්පසු ඇයට වෙරළේ පාවෙමින් සිටින මියගිය තල්මසෙකු හමු වෙනවා.

ඇය එතනින් ඉවත්ව යන මොහොතේ අැයගේ සර්ෆින් ලෑල්ලේ මෝරා ගැටී ඇය ලෑල්ලෙන් ඉවත් වෙනවා. ඉන් මොහොතකට පසු ඇය මෝරාගේ ප්‍රහාරයට ලක්වෙනවා. මෙහිදී එම මුළු සිද්ධි දාමයම ඉතා කුඩා කාලයක් තුළ මනාවට රූප රාමු කිහිපයක් අතරේ පමණක් බෙදී යන ආකාරයට නිර්මාණය සිදු වී තිබෙනවා. ඉන් මොහොතකට පසු මොරාගෙන් බේරීමට මියගිය තල්මසාගේ ශරීරය මතට ගොඩ වන්නේ දරුණු තුවාලද සහිතවයි. ඇය තම ශරීරයෙන් ලේ වහනය වීම නතර කර ගැනීම වෙනුවෙන් මෙහිදී මහත් පරිශ්‍රමයක යෙදෙනවා.

මේ සියල්ල සිදු වෙන්නේ වෙරළ පේන මානයේ වන අතර ඇය හා සර්ෆින් කළ මිතුරන් දෙදෙනා වෙරළෙන් ඉවත්ව යනු ඇයට බලා සිටින්නට සිදු වෙනවා.ඉන්පසු තල්මහා සුරක්ෂිත නොවන බව තේරුම් ගත් ඇය වෙරළාසන්නේ වූ ගලක් මතට ගොඩ වෙනවා. ඇය ඉන් පසු ලේ වහනය නවත්වා ගැනීම වෙනුවෙන් තම කරාබු දෙක උපයෝගී කරගනිමින් ප්‍රේක්ෂක ඇඟ කිලිපොලා යන ආකාරයේ සැත්කමක් කර ගන්නවා. ඉන්පසු කාත් කවුරුවත් නැති සයුරක ඇය රාත්‍රිය ගත කරනවා. මුහුදු ලිහිණියකු ඇයට හමු වෙනවා. ඇය එම ලිහිනියාව ස්ටීවන් යනුවෙන් නම් කරනවා. ඇය රාත්‍රියේ දී තම බඩ ගින්න නිවා ගන්නේ කොහොමද? එය අපි චිත්‍රපටය නරඹපු නැති අය වෙනුවෙන් කුතුහලයක් ලෙස ඉතුරු කරමු.

චිත්‍රපටය රූ ගත කිරීම් අතර තුර – yimg.com

ඉන්පසු වෙරළේ තිබූ ඇයගේ ජංගම දුරකථනයට හා ගමන් මල්ලට සිදු වෙන්නේ කුමක්ද? එය මෙවැනි කරදරයක වැටුණු කිසිවෙකු බලාපොරොත්තු නොවන සිදුවීමක් වනවා. ඒ එය යම් බීමත් පුද්ගලයෙකු විසින් සොරා ගැනීමයි. නමුත් ඔහු විසින් ඇයගේ සර්ෆින් ලෑල්ලත් සොරකම් කරන්නට ද උත්සහා දරනවා. ඔහුත් මිනීමරු මෝරාගේ ගොදුරක් වන්නේ නැන්සිගේ දෙඇස ඉදිරිපිටමයි.

උදෑසනම නැවතත් පෙරදින සර්ෆින් කළ මිතුරන් දෙදෙනා වෙරළට පැමිණෙනවා. ඒ වන විටත් ඇය සිටි තැනට නැවතත් මුහුදු ජලය කෙමෙන් කෙමෙන් පැමිණෙමින් තිබෙනවා. ඇය ඉදිරිපිටම ඔවුන් දෙදෙනාම මෝරාට ගොදුරු වෙනවා. ඉන් දෙවැනි මිතුරා එයට ගොදුරු වෙන්නේ ඇයගේ දෙඅත මතදිමයි. කෙමෙන් කෙමෙන් ජලය ඇය සිටි තැන වසා ගන්න පැමිණෙනවා. වඩදිය විසින් එම ස්ථානය වසා ගැනීමට විනාඩි 25කට පමණ පෙර ඇය මියගිය මිතුරාගේ  කැමරාව තමන් සතු කර ගන්නවා. මෙහි දී ඇය මෝරා විසින් යන ගමන් පථය හා වෙලාව ගණනය කොට එම කැමරාව වෙත පිහිනනු ලබනවා. ඉන්පසු සිය මිතුරාගේ කතාව එහි නරඹන ඇය මෝරාගේ මුව අසල විශේෂිත යමක් දකිනවා. එය කුමක්ද? ඔබ එය නැරඹිය යුතුමයි. ඉන්පසු තම කතාව එම කැමරාවේ පටිගත කරන ඇය එය මුහුදට විසි කරණු ලබනවා. ඉන්පසු මුහුදේ පාවෙන බෝයාවක් වැනි විශාල උපකරණයක් වෙනුවෙන් ඇය මේ තුවාල හා දරුණු ගණයේ ජෙලි ෆිෂ් මත්ස්‍යයන් මැදින් ගමන අරඹනවා. ඉන්පසු සිදුවන්නේ කුමක්ද ? එය නොසිතන අවසානයක් සහිතයි. ඒ   The shallows ගැන අපි ඔබට නොකියන කොටසයි.

the shallows චිත්‍රපටයෙන් – girlswithguns.org

භාවිතා කර ඇති දෘශ්‍ය ප්‍රයෝග කිහිපයක්

මෙම නිර්මාණය බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණියේ නොසිතූ ලෙසයි. එයට අධ්‍යක්ෂවරයා විසින් චිත්‍රපටය තුල කුතුහලය හා ත්‍රාසය රඳවා ගත් අයුරු විශාල ලෙස බලපෑමක් කර තිබෙනවා. ජෞමේ කොලේට්-සෙරා නම් අධ්‍යක්ෂවරයා විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබෙනවා. මෙම නිර්මාණය පිටුපස විශාල දෘශ්‍ය ප්‍රයෝග අපේ භාෂාවෙන් කියනවා නම් Visual Effects අන්තර්ගත වෙනවා. මෙම නිර්මාණයේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණ බාරව කටයුතු කර තිබෙන්නේ ස්කොට් ඊ. ඇන්ඩර්සන් විසිනුයි.

01. කිසිදු ආකාරකින් සත්‍ය මෝරෙකු මෙම චිත්‍රපටය තුළ අනතුරු වලට පත්වන්නේ නෑ

මෙම නිර්මාණය තුල කොතැනකවත් සත්‍ය මෝරුන් භාවිතා කර නෑ. සත්තකින්ම එහි සිටින්නේ පසුව ඇතුලත් කරන ලද ඩිජිටල් මෝරෙකුයි. නමුත් මෙම නිර්මාණ කණ්ඩායමට එම රූගත කිරීම් අතරතුර මෙම භයානක මෝරා වෙනුවට වෙනත් ආදේශක බොහොමයක් අත් උදව් කරගන්නට සිදු වුණා. මෙහිදී විශාල ප්‍රමාණයේ බෙර සහ පාවෙන උපකරණ යොදාගෙන ජලය කැලතීම හා දිය රැලි නිර්මාණය සිදුව තිබෙනවා. ඇන්ඩර්සන් පවසන පරිදි පාවෙන නිල් පැහැති අනුරූ බොහොමයක් මෙහි ජලය අවහිර කිරීම් වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. මෙම අනුරූ වලින්, දෘශ්‍ය ප්‍රයෝග කණ්ඩායම මෝරාගේ චලන ඩිජිටල් මෝරාගේ චලන වලින් වැසීමට භාවිතා කර තිබෙනවා. එමෙන්ම යම් යම් ජල කැලතීම් හා ජලය විසුරුවන අවස්ථා වල අන්තර් ගත අවස්ථා කෘත්‍රීම ඩිජිටල් ප්‍රයෝග වලින් නිර්මාණය කර තිබෙනවා.

මෝරාගේ ජලයෙන් ඉහළ පෙනෙන වරල sea-bob (ජලය  තුල පදවිය හැකි කුඩා ජෙට් යානයක්) එකක් ඇසුරෙන් ක්‍රියා කර තිබෙනවා. එහිදී එම වරල කෘත්‍රීමව නිපදවා කිමිදුම්කරුවන් මගින් චලනය කිරීමට දෘශ්‍ය ප්‍රයෝගකයන් කටයුතු කර තිබෙනවා. මෝරාගෙන් 99%ම ඩිජිටල් වුනත් ඉහත කොටස නිළියගේ ඉදිරිපත් කිරීම් හා ඇයගේ ප්‍රතිචාර නිවැරදිව ග්‍රහණය කර ගැනීම වෙනුවෙන් මහත් ලෙස උපකාරී වී තිබෙනවා.

02. ස්වීඩන ඩිජිටල් මෝරන් නිර්මාණ විශිෂ්ඨයන්ගේ අතින් නිමවූ මෝරා

ඩිජිටල් මෝරුන් නිර්මාණයේ විශිෂ්ඨයන් වීමත් එක් පසකින් විශේෂිත කරුණක්. The shallows හී මෝරුන් නිර්මාණය කර ඇත්තේ Kon-Tiki නම් දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණ ආයතනයක් විසින් වන අතර ඔවුන්ගේ නිර්මාණ කිහිපයක් මෙතැනින් ඔබට නැරඹිය හැකියි.

ඇනිමේෂන් එකක් තුල ඇන්ඩර්සන් පවසන ආකාරයට ඔවුන්ට මෝරුන්ගේ ප්‍රමාණය හා එයට සමපාත වන ලෙස චලනයන් සමබර කරන්නට සිදු වෙනවා. මෝරෙකුගේ ශරීරයේ ප්‍රමාණය අනුව එම මත්ස්‍යයාට චලනය විය හැකි වේගයක් පවතිනවා. සමහරක් විට එම විශාලත්වය මත එම මත්ස්‍යාගේ කුඩා කුඩා වූ ස්ථාන වල පවා ඇති තොරතුරු අපට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. එය එම රූපරාමු වල සංවේදනය රදවා තබා ගැනීමට උපකාරී වෙනවා යැයි ඔහු පවසනවා. කොලේට්-සෙරා අධ්‍යක්ෂකවරයාට මෙම නිර්මාණය තුලදී මෝරුන්ගේ සත්‍ය හැසිරීම හා සමානම හැසිරීම් චිත්‍රපටය තුලත් ඇතුලත් කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබී තිබෙනවා. සිනමා පටයට අදාලව අවශ්‍ය මෝරුන්ගේ රූප රාමු එක් කර පසුව එයට සත්‍ය මෝරුන්ගේ හැසිරීම එක් කිරීම මගින් මෙහි තාත්වික බව රදවාගෙන තිබෙනවා.

චිත්‍රපටය රූ ගත කිරීම් අතර තුර – dailymail.co.uk

03. සමහරක් මාරාන්තික රැලි තරණයන් ඇත්තටම බ්ලේක් ගත්තු ඒවා නෙමෙයි

චිත්‍රපටයේ නැන්සිගේ ජලය මත පැදයාමේ හැකියාවන් ඉතාමත් සිත් ගන්නා අයුරින් නිර්මාණය කර තිබෙනු ඔබ මේ චිත්‍රපටය නරඹන විට දැක ගන්න පුළුවන්. ඒ ඇත්තටම ඒ සමහරක් මාරාන්තික යැයි හැගෙන පිමි වෙනුවෙන් රඟා පා තිබුනේ සාරා ෆ්‍රෙන්ඩ් නම් 23 හැවිරිදි තරුණියක් විසිනුයි.ඉන්පසුව නිෂ්පාදන කණ්ඩායම  විසින් මුහුණු ආදේශන තාක්ෂණික උපක්‍රමයක් මගින් මෙම මුහුණු වෙනස් කර තිබෙනවා. මේ ආදේශනය නම් කර තිබුණේ ක්ෂේත්‍රයේ දැවැන්තම දෘශ්‍ය ප්‍රයෝග ආයතනයක් වන Lola දෘශ්‍ය ප්‍රයෝග ආයතනය මගින් වන අතර ඔවුන් විසින් කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ “The Winter Soldier”වෙනුවෙන්  කර තිබු එවැනි ප්‍රයෝගයක් නිසා ඔවුන් ජනප්‍රියව සිටියා. ඔවුන් මෙයට ඔවුන්ටම ආවේණික වූ තාක්ෂණික උපක්‍රමයක් භාවිත කරනු ලබනවා. නමුත් මෙහි ඇති සර්ෆින් රූප රාමු ඔවුනට යම් අභියෝගයන් වලින් පිරි තිබුණැයි ඇන්ඩර්සන් ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටි අන්දමට සර්ෆින් පරිසරයේ තිබු සෑම කුඩා කොටසක්ම නැවත නිර්මාණයේදී ඔවුන් අභියෝග රැසකට මුහුණ පා තිබෙනවා. ජලයේ සිදුවන ආලෝකයේ වෙනස් වීම හා ජල පැතිරීම හා ජලයේ තෙතමනය ද එයට අදාල කර ගැනීමට යුතු වීම මෙහිදී විශේෂ වී තිබුණා..

සමහරක් දර්ශන රූගත කිරීම් කෙසේ කළා ද කියලා හිතන්නවත් පුළුවන් ද?

චිත්‍රපටය තුළ නැන්සිට බොහොමයක් නරක දේ සිදුවන්නේ ඇය විසින් මෝරාව රවටන්න යන විටයි. අවසාන දර්ශනයේ දී ඇය විසිං මෝරා හා කරන දැවැන්ත සටන ඔබට දැක ගැනීමට හැකියි. මෙවැනි දර්ශන සාමානයෙන් මනා සංයමයකින් හා උසස් මට්ටමෙන් රූගත කළ යුතු වෙනවා. එමෙන්ම ඒවා මනා පාලයනකින් යුතුව කළ යුතු වන අතර මෙවැනි දර්ශන මහා සයුර මැද කිරීම නම් කිසිසේත්ම ලෙහෙසි වන්නේ නෑ. එම නිසා නිෂ්පාදකයන් විසින් චිත්‍රපටය රූ ගත කළ ඕස්ට්‍රේලියාවේ ලෝඩ් හොවී දුපතේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී නිල් තිර (blue screen) යොදා අවශ්‍ය රූප රාමු ගැනීමට කටයුතු කර තිබුණා. එමෙන්ම මෙම නිර්මාණය පිටුපස සිටින දෘශ්‍ය ප්‍රයෝග ආයතන ගණන 14ක් වනවා.  

මෙවැනි තවත් රසවත් සිදුවීම් වලින් පිරුණු චිත්‍රපට තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: kindland.com

Related Articles