Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ත්‍රික්කයේ ගමන් මග

මානවයාගේ පරිණාමය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇඳුම් භාවිතය සඳහා පෙළඹුන අතර එය පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. රෙදි භාවිතයට යොමු වූ මිනිසා එතනින් නොනැවතී තමාගේ ඇඳුම් වඩාත් පිළිවෙළකට අලංකාරව තබා ගැනීමට ගත් උත්සාහයන්ගේ ප්‍රතිපලයක් ලෙස ස්ත්‍රික්කය එසේත් නැතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් Iron නමැති උපකරණයක් නිපදවනු ලැබුවා. එලෙස භාවිතයට පැමිණි ඉස්තිරික්කය අද වන විට අපට නැතිවම බැරි මෙවලමක් බවට පත් වී හමාරයි. එනිසා අප දිනපතා භාවිතයට ගන්නා මෙවලමක් ලෙස වැදගත්කමක් උසුලන ඉස්තිරික්කය පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ගෙන එනවා.

ඒ අනුව රෙදිපිළි මැදීම සදහා යොදාගනු ලබන උපාංගය ස්තිරික්කය ලෙස හැඳින්විය හැකියි. මෙය ලෝහ භාවිතයෙන් බොහෝ විට නිමවා තිබීම නිසා මෙයට අයන් යන ලැබී තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන විට ලෝකයේ පළමුවෙන්ම රෙදි මැදීම සිදු කළේ කුමන ජාතියක්ද යන්න පැහැදිලි නැහැ.

මුල් කාලීනව රෙදි මැදීමට යොදාගත් උපක්‍රම

ස්ත්‍රික්කය යනු එක්වරම මිනිසා අතර භාවිතයට පැමිණි උපකරණයක් නොවෙයි. එය ක්‍රමක්‍රමයෙන් මිනිසාගේ සොයා ගැනීම් සමග බිහිවූ උපකරණයක්. රෙදි මැදීම හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන විට ක්‍රි. ව. 400 දී පමණ ග්‍රීක වැසියන් විසින් රෙදිවල පැවති රැළි ආදිය ඉවත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කර තිබෙනවා. එසේම ක්‍රි.ව. 800 දී පමණ යුරෝපයේ විසූ වයිකින්වරුන් විසින් රෙදි මැදීම සදහා යොමු වී ඇති බවට තොරතුරු අනාවරණය වනවා. එහිදී ඔවුන් ගෙතූ රෙදි පරිහරණය කර ඇති අතර ඒවා මැදීම සදහා ඉතාමත් සුමට පාෂාණ කැබලි භාවිතා කර තිබෙනවා. එහිදී ඔවුන් ලැල්ලක් මත තබාගෙන රෙදි මැදගැනීම සිදු කර තිබෙනවා.

එමෙන්ම යුරෝපීය ජාතිකයන් විසින් රෙදි මැදීම සදහා මිටක් සහිත වන ලෙස සකස් කර ගත් සුමට පාෂාණ භාවිතා කර ඇති බවටද සඳහන් වනවා. එම උපකරණය ඇතැම් අවස්ථාවන්වලදී කිරිගරුඬ පාෂාණය භාවිතයෙන්ද තනාගෙන තිබෙනවා. එසේම මධ්‍යකාලීන යුරෝපිය වැසියන් රෙදි මැදීම සදහා ජලය භාවිතා කර ඇති බවද සදහන් වනවා.

උණුසුම් ගල් අඟුරු පිරවූ තැටියක් භාවිතයෙන් චීන වැසියන් ඇඳුම් මැද ඇති ආකාරය (en.wikipedia.org)

ස්ත්‍රික්කය නිපදවීම

එසේම ක්‍රි. ව. 1720 දී අතීත චීන වැසියන් විසින් ඇඳුම් මැද ගැනීම සදහා උණුසුම් ගල් අඟුරු පිරවූ තැටියක් භාවිතා කර තිබෙනවා. එය අයිස්ක්‍රීම් ගැනීමට භාවිතා කරන හැන්දෙහි හැඩයට සමාන හැඩයකින් යුතු වී තිබෙනවා. මෙය ස්ත්‍රික්කය නිපදවීම සදහා යොමු වූ මුල්ම අදහස ලෙස හඳුන්වන්නට හැකි වෙනවා. එම තැටිය අලංකාර මිටක් සහිතවද නිර්මාණය කර තිබෙනවා.

ක්‍රි.ව. 1760 දී ලෝහ භාවිතයට යොමු වීමත් සමග අතින් කරකවා රෙදි තද කිරීමට හැකි ආකාරයේ යන්ත්‍ර නිපදවා තිබෙනවා. එහිදී ඇඳ රෙදි හා පොරෝන වැනි තරමක් විශාල ප්‍රමාණයේ රෙදි නිසි ලෙස නවා ගැනීමට මේවා භාවිතයට ගෙන තිබෙනවා. එසේම රෙදි සේදීම, වේලීම සහ මැදීම කර්මාන්තයක් බවට පත් වීමත් සමගම ක්‍රි.ව. 1800 දී පමණ මහාපරිමානව රෙදි මැදීම සදහා යොදාගත හැකි යන්ත්‍ර නිපදවා තිබෙනවා.

එසේම එකල නිවාස අශ්‍රිතව මෙවැනි යන්ත්‍ර නොතිබීම නිසා නිවෙස් තුළ දී රෙදි මැදීම සදහා භාවිතයට ගෙන තිබෙන්නේ මිටක් සහිත ලෑල්ලකුයි. මේවා තලන ලෑලි යනුවෙන් හදුන්වා ඇති අතර විවිධ කැටයම් වලින්ද අලංකාර කර තිබෙනවා. එසේම එකල බ්‍රිතාන්‍ය තුළ වාසය කළ කාන්තාවෝ සිය ඇදුම් මැද ගැනීම සදහා කුඩා පන්දු පිත්තක් වැනි උපකරණයක්ද භාවිතා කර තිබෙනවා.

තවද ක්‍රි.ව. 1800 පමණ කාලයේදී ගෑස් බලයෙන් උණුසුම් කරගන්නා ස්තිරික්ක නිපදවා තිබෙනවා. එහිදී ඒ සඳහා ගැසලින් හා පැරපින් වැනි විවිධ ඉන්ධන භාවිතා කර තිබෙනවා.

ලෝහ භාවිතයෙන් නිපදවන ලද පැතලි මාදිලියේ ස්ත්‍රික්කයක් (retonthenet.co.uk)

ප්‍රථම ස්තිරික්කය

මෙලෙස ක්‍රි.ව. 1860 පමණ යුරෝපයේ විසූ ලෝහ කරුවන් විසින් ලෝහ භාවිතයෙන් පැතලි මාදිලියේ ස්ත්‍රික්ක නිපදවීම ආරම්භ කර තිබෙනවා. ඒවා අල්ලා ගැනීම සදහා මිටක්ද නිර්මාණය කර ඇති අතර එම මිටද බොහෝ අවස්ථාවල දී ලෝහ වලින්ම නිපදවා තිබෙනවා. මෙම ස්ත්‍රික්ක වල ලෝහ බර නිසාවෙන්ම රෙදි හොඳින් මැදීම සිදු වුණා. එසේම මෙම ස්ත්‍රික්ක රත් කරගැනීම සදහා ගින්දර හෝ ගිනි උඳුන් භාවිතා කළා. මේවා ලෝහ වලින් නිපදවීම නිසා එයට අයන් යන නමද භාවිත වුණා.

ක්‍රි.ව. 1860 දී ඉතාලියෙදී ද මැදපෙරදිග ද විවිධ පාෂාණයෙන් එවැනි ස්ත්‍රික්ක නිෂ්පාදනය කළ බව සඳහන් වෙනවා.

එසේම ස්ත්‍රික්කයේ වර්ධනීය අවස්ථාවක් ලෙස ක්‍රි.ව. 1870 දී ගල් අඟුරු තැම්පත් කළ හැකි කොටසක් සහ අතින් ඇල්ලීමට හැකි ලී මිටක් සහිත ස්ත්‍රික්ක නිපදවීම හැදින්වීමට හැකියි.

(http://www.oldandinteresting.com/antique-irons-smoothers-mangles.aspx) / (http://www.madehow.com/Volume-6/Clothes-Iron.html)

මුල් කාලීනව නිපදවූ විදුලි බලයෙන් ක්‍රියා කරන ස්ත්‍රික්කයක් (commons.wikimedia.org)

විදුලියෙන් ක්‍රියා කරන ස්ත්‍රික්ක

මේ දක්වා නිපදවූ සියලුම ස්ත්‍රික්ක ගල් අඟුරු හෝ ගින්දර භාවිතයෙන් රත් කරගන්නා ස්ත්‍රික්ක ලෙස හැඳින්විය හැකියි. එනිසා ස්ත්‍රික්කය හා බැඳුණු ඉතාමත් වර්ධනීයම අවස්ථාව ලෙස විදුලි බලයෙන් ක්‍රියා කරන ස්ත්‍රික්කයක් ලොවට හඳුන්වා දීම දැක්විය හැකියි. ක්‍රි.ව. 1880 දී නිවාස ආශ්‍රිතවද විදුලි බලය ප්‍රචලිත වීමත් සමග මෙම විද්‍යුත් ස්ත්‍රික්කය නිපදවීමට යොමු වී තිබෙනවා. එහිදී ප්‍රථම විදුලි බලයෙන් ක්‍රියා කරන ස්ත්‍රික්කය ලෙස හඳුන්වනු ලබන්නේ Henry W. Seeley විසින් 1882 දී නිපදවනු ලැබූ ස්ත්‍රික්කයයි. ඉන් පසුව නිවාස ආශ්‍රිතව මෙම විද්‍යුත් ස්ත්‍රික්ක ප්‍රචලිත වීම ආරම්භ වූවා. ඒත් සමග එම විදුලි ස්ත්‍රික්කද කලින් කලට වර්ධනය වනු දක්නට හැකියි.

එනම්, 1903 පමණ කාලය වන විට ස්ත්‍රික්කයය හා සෘජුව සම්බන්ධ කරන ලද විදුලි රැහැන් සහිත ස්ත්‍රික්ක වෙළදපොළට පැමිණියා. එසේම 1920 දී Joseph Myers විසින් ස්වයංක්‍රීයව ක්‍රියා කරන ස්ත්‍රික්කයක්ද හඳුන්වා දෙනු ලැබුවා. තවද 1926දි වාෂ්ප මගින් රෙදි මැදීම සිදු වන තාක්ෂණයෙන් යුතු ස්ත්‍රික්කයක් හඳුන්වා දුන් අතර එය 1940 පමණ වන තුරු එතරම් ප්‍රචලිත වූයේ නැහැ. නමුත් එය ඉතාමත් උසස් තාක්ෂණයෙන් යුතු සොයා ගැනීමක් ලෙස හැදින්වීමට හැකි වෙනවා. එසේම 1938 දී Edward Schreyer විසින් මල නොබැදෙන ආකාරයේ තාක්ෂණයක්ද ස්ත්‍රික්ක සඳහා හඳුන්වා දෙනු ලැබුවා.

වර්තමානයේදී දැකගැනීමට හැකි උසස් තාක්ෂණයෙන් යුතු ස්ත්‍රික්කයක් (bedbathandbeyond.com)

මේ ආකාරයට කාලයත් සමග විවිධ වෙනස්කම් සමග තාක්ෂණයෙන් ඉහළ තත්වයේ ස්ත්‍රික්ක වෙළඳපොළට පැමිණීම සිදු වූවා. මේ වන විට ප්ලාස්ටික් භාවිතයෙන්ද නිපදවන ලද බරින් අඩු ඉතා උසස් තත්වයේ ස්ත්‍රික්ක දැක ගැනීමට පිළිවන් වෙනවා.

කවරයේ පින්තූරය: tlc.com

මූලාශ්‍ර:

http://www.madehow.com

http://www.oldandinteresting.com

https://www.ukessays.com

https://www.webelements.com

Related Articles