Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාව 2030 දී ඉටුකර ගතයුතු තිරසර සංවර්ධන අභිමතාර්ථ

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් එහි සාමාජික රටවලට සාක්ෂාත් කරගැනීම සඳහා “තිරසර සංවර්ධන අභිමතාර්ථ” නමින්, තිරසර සංවර්ධනය උදෙසා ක්ෂේත්‍රයන් 17ක් ආවරණය කරමින් අභිමතාර්ථ 17ක් ලබා දී තිබෙනවා. ඒවා “තිරසර සංවර්ධන අභිමතාර්ථ 17” නමින් හඳුන්වනවා. 2015 දී හඳුන්වා දුන් මෙම අභිමතාර්ථ 17 ළඟා කරගැනීමේ කාල සීමාව ලෙස සඳහන් වී තිබෙන්නේ 2015 සිට 2030 දක්වා යි. ශ්‍රී ලංකාව ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු බැවින් 2030 වන විට ශ්‍රී ලංකාව ද මෙම අභිමතාර්ථ සපුරා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

තිරසර සංවර්ධන අභිමතාර්ථවලට කලින් පැමිණි සහශ්‍ර සංවර්ධන ඉලක්ක 

සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ (globalpartnership)

තිරසර සංවර්ධන අභිමතාර්ථ හඳුන්වා දීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් විසින් 2000 වසරේ දී සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ නමින් ඉලක්ක 8ක් ඉදිරිපත් කරන්නේ ඒවා 2015 දී සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන්. නමුත් ලෝකයක් ලෙස එම ඉලක්ක අට සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන්න නෑ. එම ඉලක්කයන් අට පහත දැක්වෙනවා.

  1. කුසගින්න හා දැඩි දුප්පත්කම ලොවින් තුරන් කිරීම
  2. ලොව සියලුම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සහතික කිරීම
  3. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම
  4. ළදරු මරණ අනුපාතයන් පහත හෙලීම
  5. HIV, මැලේරියා වැනි රෝග තුරන් කිරීම
  6. පාරිසරික තිරසර පැවැත්ම තහවුරු කිරීම
  7. මාතෘ සෞඛ්‍යය දියුණු කිරීම
  8. සංවර්ධනය සඳහා සහයෝගීතාවය වර්ධනය කර ගැනීම

2015 වන විට ලෝකයක් ලෙස මේ සියලු ඉලක්ක සම්පුරණ කර ගැනීමට නොහැකි වුවත්, ශ්‍රී ලංකාව ඉහත දක්වා තිබෙන ඉලක්කවලින් කිහිපයක් 2015 වන විට සාර්ථක කර ගැනීමට සමත් වී තිබෙනවා. ඒවා වන්නේ කුසගින්න හා දැඩි දුප්පත්කම පාලනය කරමින් දරිද්‍රතාවය අවම කිරීමට කටයුතු කිරීම, ළදරු මරණ පහත හෙළීම, මාතෘ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම හා මැලේරියා තුරන් කිරීම යි.

තිරසර සංවර්ධන අභිමතාර්ථ 

තිරසර සංවර්ධන අභිමතාර්ථ (Aiesec.org)

2015 වසරේ දී හඳුන්වා දුන් තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමේ පහසුව සඳහා එය ඉලක්ක 169කට බෙදා දක්වා තිබෙනවා. එය තවදුරටත් සරල කර ගැනීමේ අරමුණෙන් දර්ශක 244ක් දක්වා (මෙහි දර්ශක 244ක් ඇතත් නැවත නැවත යෙදෙන දර්ශක ඉවත් කළ පසුව ඇති දර්ශක ගණන වන්නේ 232ක්) බෙදා දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ක්‍රියා කර තිබෙනවා. 2030 වන විට ලෝකයක් ලෙස ළඟා කරගත යුතු අභිමතාර්ථ 17 පහත ආකාරයට දක්වන්න පුළුවන්. 

  • දිළිඳුකම තුරන් කිරීම, සෑම අතින්ම පවතින කුසගින්න තුරන් කීරිම.
  • ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, පෝෂණය වර්ධනය කිරීම හා තිරසර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.
  • සෞඛ්‍ය සම්පන්න ජීවීත සුරක්ෂිත කිරීම, සහ සෑම වයස් කණ්ඩයක් සඳහාම ශරීර සුවතාව ප්‍රවර්ධනය  කිරීම.
  • පරිපූර්ණ සහ සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම, සහ සැමට ජිවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
  • ස්ත්‍රි පුරුෂ සමානත්මතාව ළඟා කර ගැනීම හා සියළු කාන්තාවන් හා දැරියන් සවිබල ගැන්වීම.
  • සියළු දෙනාටම ජලය සහ සනීපාරක්ෂාව ලැබීමේ අයිතිය හා තිරසර ජල හා සනීපාරක්ෂාව කළමනාකරණය සුරක්ෂිත කිරීම.
  • දැරිය හැකී විශ්වාසනීය, තිරසර හා නුතන බලශක්තිය සියළු දෙනාටම ලැබීම සුරක්ෂිත කිරීම.
  • තිරසර පරිපූර්ණ අර්ථික වර්ධනය සුරක්ෂිත කිරීම, පූර්ණ හා ඵලදායිත්වයෙන් යුත් සේවා නියුක්තිය සුරක්ෂිත කිරීම, සියළු දෙනාටම වැදගත් රැකියාවක් කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරිම.
  • නම්‍යශීලි යටිතල පහසුකම් සංවර්ධනය, තිරසර හා පරිපූර්ණ කාර්මිකරණය හා නවෝත්පාදනය දිරිමත් කිරිම.
  • රටවල් අතර අසමානාත්මතාව අවම කිරිම.
  • නගර හා මානව සම්පත, පදිංචිකිරීම්‍, පරිපූර්ණ, තිරසර, නම්‍යශීලි හා ආරක්ෂිත කිරිම.
  • තිරසර පරිභෝජන හා නිෂ්පාදන රටා සුරක්ෂිත කිරිම.
  • කාලගුණ විශමතාවලට එරෙහිව කටයුතු කිරීම හා, එහි බලපෑම්වලට එරෙහිව කඩිනම් පියවර ගැනිම.
  • සාගර, මුහුදු හා සාගර මූලාශ්‍ර හා සම්පත් තිරසර සංවර්ධනය උදෙසා සංරක්ෂණය කරමින් තිරසරව භාවිතා කිරිම.
  • භෞමික පරිසර පද්ධති ආරක්ෂා කිරිම, ප්‍රතිසංස්කරණ තිරසර භාවිතය උදෙසා ප්‍රවර්ධනය ,වනාන්තර තිරසර ලෙස කළමනාකරණය, කාන්තාරකරණයට එරෙහිව සටන් කිරිම, ජෛව විවිධත්වයට සිදුවන හානිය නැවැත්විම.
  • තිරසර සංවර්ධනය උදෙසා පරිපූර්ණ සාමකාමී සමාජ කණ්ඩායම් ප්‍රවර්ධනය, සියළු දෙනාට සාධාරණත්වය හා නීතියේ රැකවරණයත් ස්ථාපිත කිරිම, සියළු මට්ටම්වලින් වගවීමේ පරිපූර්ණත්වයත් ස්ථාපිත කිරිම.
  • තිරසර සංවර්ධනය, ගෝලිය සහයෝගිත්වය ක්‍රියාත්මක කිරිම, ශක්තිමත් කිරීම හා නැවත නැවත ප්‍රාණවත් කිරිම.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ ක්‍රියාත්මක වීම 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ සඳහා අත්වැල් බැඳගෙන සිටියි (ytimg)

ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධන අභිමතාර්ථ ක්‍රියාවට නැංවීම සඳහා තිරසර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් ද පත් කරන්නේ මීට වසර කිහිපයකට ප්‍රථමව යි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ වෙබ් අඩවිය ද එළි දක්වනු ලබනවා.

සංවර්ධන ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවීමේ දී, තිරසර සංවර්ධන අභිමතාර්ථ හා ඉලක්ක කළමනාකරණ ක්‍රම ශිල්පයක් බවට පත්කිරීමට සහ ඒ අනුව සම්පත් වෙන් කිරීම සඳහාත්, තිරසර සංවර්ධනය උදෙසා වැඩසටහන් සකස් කිරීම සඳහා මෙන්ම, තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ වගකීම තහවුරු කර ගැනීම සඳහා මාර්ගයක් සකස් කර ගැනීම වෙනුවෙනුත් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියා කරන රාජ්‍ය ආයතනය වන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යි. මේ සම්බන්ධව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට ඔබට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන http://www.statistics.gov.lk හරහා හැකියාව තිබෙනවා.

 

කවරයේ පින්තූරය -kathmandupost.

මූලාශ්‍රයයන් -

News.lk

Statistics.gov.lk

Undp.org

 

Related Articles