Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා හමුවන අපූරු නව අවුරුදු චාරිත්‍ර

නව වසරක උදානය ලොව පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙනවා. විවිධ සංස්කෘතීන්ට සබැඳි විශ්වාසයන්ට අනුව, වසරේ විවිධ කාලයන් හී දී ඒ ඒ රටවල ප්‍රදේශයන් හි නව වසර සැමරෙනවා.
නව වසරක උදාව සමරන්නට ලොව විවිධ ජාතීන් විසින් විවිධාකාරයේ චාරිත්‍ර විධික්‍රම අනුගමනය කරනු ලබනවා. මේවායින් සමහරක් අපූර්ව වන අතර, ලොව තවත් පෙදෙසක අයවලුන්ට ඒවා අතිශයින් ම ආගන්තුක වනවා. ඒවායින් කිහිපයක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

ඉක්වදෝරයේ පඹයන් පිළිස්සීමේ චාරිත්‍රය

scoopvibe.com

නව වසරේ උදානයත් සමග ලතින් ඇමෙරිකානු රටක් වන ඉක්වදෝරයේ වැසියන් අනිවාර්යයෙන් ම ඉටුකරන අපූරු චාරිත්‍රයක් තිබෙනවා. ඒ නව වසරේ උදාව සනිටුහන් කෙරෙන කණිසම නාද වූ සැණින්, කඩදාසි පුරවන ලද පඹයෙකු පිළිස්සීම යි. මේ චාරිත්‍රය ඉටුකිරීමෙන්, පසුගිය වසරේ තමන් මුහුණදුන් අශුභවාදී හා අවාසනාවන්ත අත්දැකීම් නව වසරේත් සිදුවීම වැළකෙන බැව් ඔවුන් විශ්වාස කරනවා. සමහරක් ඉක්වදෝර් ජාතිකයින් පසුගිය වසරෙහි මතකයන් රැගත් ඡායාරූප ද මේ පඹයින් තුළට දමා පිළිස්සීම සිදුකරනවා.

පිලිපීනයේ වටකුරු චාරිත්‍රය

viralplots.com

නව වසරේ උදානයත් සමග පිලිපීනයේ ජනයා එක්තරා හැඩයකට අනුකූල ව තමන්ගේ එදිනෙදා භාණ්ඩ භාවිතා කිරීමට උත්සුක වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ඇඳුම් පැළඳුම්, ආහාර වැනි දෑ හැකිතාක් ‘වටකුරු’ ලෙස භාවිතා කිරීමට යි. මෙයට හේතුව වන්නේ එමඟින් ඔවුනට වසර පුරාවට ම මිල මුදල් ඇතුළු සෞභාග්‍යය ළඟා වන බවට පිලිපීන ජනයා තුළ ඇති විශ්වාසය යි. මෙම වටකුරුභාවය ‘කාසි’ හඟවන අතර, වසරේ වැඩි කාලයක් තමන් වෙත ‘කාසි වැසි වසිනු’ අත්දැකීම ඔවුන්ගේ එක ම අභිප්‍රාය යි.

ඩෙන්මාර්කයේ පිඟන් බිඳීමේ චාරිත්‍රය

smartertravel.com

නව වසර උදාවන විට ඔබ ඩෙන්මාර්කයේ නිවසක් තුළ නින්දට ගොස් සිටියහොත් අනිවාර්යයෙන් ම තිගැස්සී අවදි වන්නට සිදුවන්නේ, එහි සියලු නිවාසවල දොරකඩ අසල මහ හඬින් පිඟන් බිඳීම සිදුවන නිසා යි. ඩෙන්මාර්ක වැසියන් වසර පුරාවට ම පිඟන් කිහිපයක් භාවිතා කිරීමකින් තොරව ආරක්ෂා කර තබාගන්නා අතර, දෙසැම්බර් මස 31 වන දා මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට, ඒවා ගෙන සිය හිතවතුන් හා නෑසියන්ගේ නිවෙස්වල දොරකඩ අසල මහ හඬින් පොළොවේ ගසා බිඳ දැමීම සිදුකරනවා. මෙය අතීතයේ පටන් සිදුවන්නක් වන අතර, ඒ ඒ පුද්ගලයින් කෙරෙහි තමන්ට ඇති ලෙන්ගතුභාවය මින් ප්‍රකට කෙරෙනවා.

මිදි ගෙඩි 12ක් අනුභව කිරීම- ස්පාඤ්ඤය

Chris Oakley

ලොව පුරා ජනයා ජනවාරි මස පළමු වන දා හෙවත්, නව වසර එළැඹීමේ කණිසම නාදවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ තම නෑ හිතමිතුරන් සමග සුභපැතුම් බෙදාගන්නට යි. කෙසේ නමුත්, ස්පාඤ්ඤයේ ජනතාව රාත්‍රී 12 එළැඹි බවට වන පළමු ඝණ්ටා නාදය ඇසෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මිදි ගෙඩි දොළසක් දෙස යි. රාත්‍රී 12 එළැඹුණු සැණින් නාද වන එක් ඝණ්ටා නාදයකට එක ගණනේ මිදි ගෙඩි 12ක් ඔවුන් විසින් ආහාරයට ගන්නා අතර, එමඟින් එළැඹෙන වසරේ සියලු සෞභාග්‍යය උදා වේයැ යි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙවැනි ම චාරිත්‍රයක් පේරු රාජ්‍යයේ ද ක්‍රියාත්මක වෙන අතර, එහි වැසියන් මිදි ගෙඩි 13ක් ම අනුභව කරන්නේ වාසනාව උදාවීම තවත් තහවුරු කරගැනීම සඳහා යි.

ටකනකුයි උත්සවය- පේරු

americasquarterly.org

සෑම වසරක ම දෙසැම්බර් මස පේරු රාජ්‍යයේ ටකනකුයි නම් උත්සවය පැවැත්වෙනවා. මෙය අසාමාන්‍ය ඝණයේ උත්සවයක් වන අතර, මෙය නිසියාකාර ව පිළිපැදීමට යාමෙන් අනතුරු ද සිදුවනවා.

ටකනකුයි යන වදනෙහි අර්ථය වන්නේ, ‘රුධිරය නටන විට’ යන්න යි. මේ උත්සවය පැවැත්වෙන විට සරලව ම සිදුවන්නේ සියලුම දෙනා සිය අසල්වාසීන් සමග ‘ගුටි ඇණ ගැනීම යි’. මෙහි අභිප්‍රායය වන්නේ, නව වසර උදා වීමට පෙර එකිනෙකා කෙරෙහි ඇති සියලු තරහ-මරහ අවසන් කර ගැනීම යි. බොක්සිං වළල්ලක් වැනි යමක් තුළ ද්වන්ධ සටන් ලෙස සිදුකෙරෙන මේ චාරිත්‍රය, එහි පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවෙනවා.

ජපානයේ සීනු නාද 108 චාරිත්‍රය

lifepages.jp

සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රී 12 කණිසම නාද වන විට බට්ටා ඔරලෝසුවක් 12 වතාවක් නාද වනවා. එමෙන්ම ඊට මද වේලාවක් ද ගත වෙනවා. මේ හේතුව නිසා සමහර රටවල අවුරුදු උදානය සැමරෙන්නට පටන් ගැනෙන්නේ තත්පර කිහිපයක ප්‍රමාදයෙන් හෙවත්, සීනු නාද 12න් පසුව යි. සමහර ප්‍රාදේශීය විශ්වාස ඊට හේතු වෙනවා.

ජපානය අතීතයේ පටන් ම මහායාන බුදුදහම මුල්බැසගත් රටක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. නව අවුරුදු උදාවත් සමග කෙරෙන මහායාන බුදුදහම හා සබැඳි අපූර්ව චාරිත්‍රයක් ඔවුන් සතු ව ද තිබෙනවා. නව අවුරුදු උදාවත් සමග ඔවුන් සීනු නාද කිරීම අරඹන අතර, එය අවසන් කරන්නේ එකසිය අට වතාවක් ඒවා නාද කිරීමෙන් අනතුරුව යි.

මෙම චාරිත්‍රය ඉටුකිරීම තුළින් යමෙකු සිදුකරන ලද සියලු පාපයන් වියැකී යන බව ජපාන ජාතිකයින් විශ්වාස කරන අතර, එමඟින් තමන්ට හා රටට යහපත හා සමෘද්ධිය උදාවන බවට ද විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත්, 108 වාරයක් තීව්‍ර සීනු නාදවලට සවන් දීම සමහරුන්ගේ සෞඛ්‍යයට නම් යහපත් නැහැ.

විචිත්‍රවත් හා වෛවර්ණ යට ඇඳුම- ලතින් ඇමෙරිකාව

viralplots.com

නව වසරේ උදානයත් සමග සමහර ලතින් ඇමෙරිකානු රටවල ඉටුකෙරෙන අපූර්ව චාරිත්‍රයක් තිබෙනවා. විශේෂයෙන් මෙක්සිකෝව, බොලිවියාව, හා බ්‍රසීලය යන රටවල පිළිපදින මෙම චාරිත්‍රය අතීතයේ සිට පැවතුණු එකක්.
උක්ත රටවල විශ්වාසය අනුව ඉදිරි වසරේ වාසනාව ළඟා වන්නේ නව වසර උදාවන විට හැඳ සිටින යට ඇඳුම අනුව යි. උදාහරණ ලෙස නව වසරේ ආදරය බලාපොරොත්තු වන අයවලුන් රතු පැහැ යට ඇඳුමක් අඳින අතර, මිල මුදල් අපේක්ෂා කරන අය කහ පැහැ යට ඇඳුමක් අඳිනවා. සාමය සමාදානය බලාපොරොත්තු වන පුද්ගලයින් සුදු පැහැ යට ඇඳුමක් හැඳ සිටින්නට පෙළැඹෙනවා.

කවරයේ පින්තූරය: pinterest.com

Related Articles