Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වමත්කරුවන් ගැන ඔබ දන්නේ මොනවාද?

අපි අපේ අත් භාවිතා කරන ආකාරය අනුව දකුණත් සහ වමත් කියලා ඒ ඒ අයව වෙන් කරගන්න බව රහසක් නෙවේ. සමාන්‍යයෙන් වමත් පුද්ගලයන්ට සාපේක්‍ෂව දකුණත් පුද්ගලයන් වැඩි බවත් අපි දන්න කරුණක්. නමුත් මීට අමතරව වමත්කරුවන් ගැන ඔබ දන්නේ මොනවා ද?

(independent.co.uk)

(independent.co.uk)

සාමාන්‍යයෙන් මිනිසුන්ගෙන් 60%ක් වැඩිපුර සවන් දෙන්නේ තමන්ගේ වම් කනින්. 30%ක් වැඩිපුර බලන්නේ වම් ඇහින්. 20%ක් වැඩිපුර භාවිතා කරන්නේ වම් කකුල. නමුත් වම් අත භාවිතා කරන්නේ 10%ක් විතරයි.

ඉතිහාසය

‘Left’ කියන ඉංගී‍්‍රසි වචන හැදිලා තියෙන්නේ ‘Lyft’ කියන ලතින් වචනෙන්. එහි තේරුම ‘දුර්වල’ කියන එකයි. මේ දකුණත් – වමත් බේදය අපේ ආදි මානවයා දක්වාම දිව යනවා. පරිණාමවාදයට හොද සාක්‍ෂියක් විදිහටත් මෙය පෙන්වා දෙන්න පුළුවන්. චිම්පන්සියන් ආශ‍්‍රයෙන් සිදු කරන ලද පරීක්‍ෂණ මගින් හොයා ගන්න හැකිවෙලා තියෙන්නේ උන්ටත් මෙහෙම විශේෂයෙන් ‘පුරුදු වුණු අතක්’ තිබෙන බව. නමුත් මෙතනදී අලුත් පැනයක් මතුවෙනවා. එහෙම විශේෂ අතක් තිබුණත් එය ‘දකුණත’ හෝ ’වමත’ විදිහට වෙන් කරන්න බැහැ. හේතුව අත් දෙකම 50% – 50% භාවිතා කිරීම. එහෙම නම්  ‘දකුණත’ට වැඩි බරක් දෙන මානවයන් ඇතිවීම ආරම්භ වෙන්නේ ඊට පසු අවධියක බව විද්‍යාඥයන් අවබෝධ කරගන්නවා.

දීර්ඝ කාලීන පර්යේෂණවලින් මේවනවිට ඔවුන් හොයා ගන්න සමත්වෙලා තියෙනවා මෙම වමත් දකුණත් බේදය ‘නියෙන්ඩතාල්’ ආදී මානවයා සමග ගැළපෙන බව. නියෙන්ඩතාල්වරුන් මස් ආහාරයට ගන්නකොට එක් අතකින් මස් කුට්ටිය අල්ලාගෙන අනෙක් අතින් ආයුධය ගෙන එම මස් ඉරා ගන්න කටයුතු කරලා තියෙනවා. නියෙන්ඩතාල් ශේෂයන් පරීක්‍ෂා කරන විට පෙනීයන වැදගත්ම කරුණ තමයි ආයුධය වැඩි වශයෙන් භාවිතා කරලා තියෙන්නේ හුරු අතින්. ඒ කිව්වේ දකුණින් කියන එක. නියෙන්ඩතාල්වරුන්ගේ දකූණත් වමත් භාවිතය සලකා බලනකොට එය හරියට ම අද පවතින 1:10 අනුපාතයට ගැළපෙනවා. ඒ අනුව දකූත් භාවිතය මිනිසාගේ ජානමය ගති ලක්‍ෂණයක් බව තහවුරු වෙනවා.

(discovertheodds.com)

(discovertheodds.com)

විද්‍යා මතවාද

වමත්කරුවන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් විද්‍යාඥයන් අතර දීර්ඝ කාලීන විවාදයක් පවතිනවා. කොහොම නමුත් ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මනෝවිද්‍යාඥ කි‍්‍රස් මැක්මැනුස් Right Hand, Left Hand කෘතියෙන් දක්වන විදිහට වමත්කරුවන්ගේ මොළය අනෙකාට වඩා සංවිධිත වන අතර ම ඔවුන් වඩාත් දක්ෂයි. නමුත් ඔවුන්ගේ සංඛ්‍යාත්මක ප‍්‍රමාණය ඉතා අඩු යි.

(amazon.com)

(amazon.com)

නමුත් ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සංවර්ධන ස්නායු මනෝවිද්‍යා මහාචාර්ය ඩොරිති බිෂෝප් මේ මතය තදබල ලෙස විවේචනය කරන කෙනෙක්. ඇය තමන් ද වමත්කාරියක් බවත් නමුත් තමන් කිසිවිටෙක අනෙක් අයට වඩා විශේෂ දකක්‍ෂතාවකින් යුතු කෙනෙක් ලෙස ඇයට නොවැටහෙන බව පවසනවා. ඒ වගේ වමත්කරුවන්ට වචන අන්ධතාවට පත්වීමට සහ ඔටිසම් රෝගය වැළදීමටත් වැඩි ඉඩක් පවතින බවත් ඇගේ අදහසයි.

කොහොම නමුත් මේ ගැන පවතින වාදවිවාද, මතවාදවල කෙළවරක් නම් නැහැ. ඉස්සර පොඩි ළමයා තරමක් දුරට වැඩිලා අතින් පාට කූරු අල්ලන කොට, පෑන් පැන්සල් අල්ලනකොට, අතින් කෑම කන්න හදනකොට තමයි හොයන්න පුළුවන් එයා වමත් ද දකුණත් ද කියලා. නමුත් දැන් තාක්‍ෂණයේ දියුණුවත් එක්ක මව් කුසේ ඉන්නකොට ම ඒ බව දැනගන්න පුළුවන්. බෙල්ෆස්ට් ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ පීටර් හෙපර් විසින් සිදු මව් කුස තුළ සිටින දරුවන් ශබ්ද තරංග සදහා ප‍්‍රතිචාර දක්වන අකාරය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණ මගින් ඒ බව තහවුරු කරගන්න හැකිවෙලා තිබෙනවා.

මේ විතරක් නෙවෙයි තවත් විවාදාත්මක විද්‍යා මතවාද රාශියක් වමත්කරුවන් ගැන සටහන් වෙනවා. සාමාන්‍යයෙන් දකුණත්කරුවන්ට වඩා අවුරුදු 9කින් වමත්කරුවන්ගේ ආයු කාලය අඩු බව ඉන් එක් මතයක්. ඒ වගේම නිවුන් දරුවන් අතර වමත්කරුවන් වීමේ සම්භාවිතාව සමාන්‍ය අගයට වඩා දෙගුණයක් වැඩියි. වමත්කරුවන් මායාකරුවන්, සමලිංගිකයන්, සාප ලද්දන්, කැරලිකාරීන්, විප්ලවවාදීන් විදිහට සලකපු අවස්ථා වුණත් අපට ලෝක ඉතිහාසය තුළ දකින්න පුළුවන්.

1976 වසරේ අගෝස්තු 13 වැනිදා මුලින් ම ‘අන්තර්ජාතික වමත්කරුගේ දිනය’ වශයෙන් නම් කොට ඇති අතර එදා සිට අද දක්වා ම මෙය ලෝකය පුරාවට ම සමරන විශේෂ දවසක් බවට පත්වෙලා හමාරයි.

(fpvlab.com)

(fpvlab.com)

වම සහ කි‍්‍රකට්

කි‍්‍රකට්වලත් වමත් පිතිකරුවනුයි වමත් පන්දු යවන්නන් ගැනයි නිතරම කතා වෙනවා. නමුත් මෙහිදී විශේෂම කරුණ වෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේදී බොහෝ විට වමත් පිතිකරුවන් වෙන්නේ දකුණත්කරුවන්. ඇතැම් කි‍්‍රකට් විස්තර විචාරකයන් කියන විදිහට ‘කවර් ඩ‍්‍රයිව් පහර’ වඩාත් අලංකාරව පෙනෙන්නේ වමත් පිතිකරුවන් පහර දෙන විටලු.

(espncricinfo.com)

(espncricinfo.com)

ආගමික සම්බන්ධය

කි‍්‍රස්තියානු සාහිත්‍යය තුළ දැක්වෙන විදිහට දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි මයිකල් දේව දූතයා (The Archangel Michael) දෙවියන් වහන්සේට දකුණු පසින් සිටි බවත්, දෙවියන්ට වහන්සේට විරුද්ධ වූ සාතාන්ගේ ප‍්‍රධාන දූතයා වූ සැමුවෙල්  (Chief of Satans/Prince of Demons – Samael) වම් පසින් සිටි බවත් දැක්වෙන අතර ඒ නිසා ම ආගමික සාහිත්‍යය තුළ වම් පස පාපකාරී ස්වභාවයක් නිරූපණය කරන බවත් සදහන් වෙනවා.

හීබෲ භාෂෘවෙන් වමට කියන්නේත් ‘se’mol’ නිසා මේ කතාවට තියෙන පදනම තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසාම කි‍්‍රස්තු ආගම තුළ පූජකවරුන් සිදු කරන ආශිර්වාද පුජාවන් සෑම අවස්ථාවකදීම යොදා ගන්නෙත් දකුණු අතමයි. ස්කොට්ලන්තය තුළ අවාසනාවන්ත හෝ දුක්ඛදායක තත්ත්වයකට කෙනෙක් එක දිගට ම පත් වුණොත් ‘ඔහු බෞම්තීස්ම කරන්න ඇත්තේ වම් අතින්’  (“He must have been baptized by a left-handed priest) කියලා කියන්නෙත් ඒ නිසායි.ඉස්ලාම් ආගම අදහන බොහෝ රටවල වම් අතින් ආහාර ගැනීම තහනම් කරලා තියෙන්නෙත් වම් අත අපිරිසිදු ස්වභාවයක් ගන්නා බව නිසාලු.

ලංකාවෙත් දාගැබ් වන්දනාව, බෝධි වන්දනාව වගේ දේවල් වලදී වම් අත බෝධිය හෝ දාගැබ දෙසට සිටන විදිහට පැදකුණු කරන්න එපා කියන්නේ ඔන්න ඔය පදනම මතම තමයි.

ඉහත චිත‍්‍රයෙහි දෙවියන් වහන්සේට වම් පසින් යටින් සිටින්නේ සාතන්ය (appliedunificationism.com)

ඉහත චිත‍්‍රයෙහි දෙවියන් වහන්සේට වම් පසින් යටින් සිටින්නේ සාතන්ය (appliedunificationism.com)

අපි හිතනවාට වඩා හුඟක් ගැඹුරු දේවල් අප අවට තියෙන පුංචි දේවල් තුළින් පවා අපට දැනගන්න පුළුවන්. ඒත් අපි ඒ දේවල් ගැන හොයාගෙන ගියොත් විතරයි. වමත්කරුවන්ගේ කතාවත් අන්න ඒ විදිහේ පුංචි දෙයක්.

කවරයේ පින්තුරය: babble 

Related Articles