අනිවාර්යයෙන් follow කල යුතු ලාංකික Instagram පිටු පහක්

Smartphone එකක් තියෙනවද? Instagram භාවිතා කරන කෙනෙක්ද? යාළුවෝ set එක දවල්ට කාපු බත් එකේ පින්තූර දැකලම එපා වෙලාද? Makeup නාවපු selfies පෝලිමට වගේ දකින කොට වමනෙට එනවද? නිර්මාණශීලී මෙන්ම original ශ්‍රී ලාංකික ජායාරුප දැක ගැනීමට කැමතිද?

එහෙනම් අපි කිව්වට මෙන්න මේ Instragram ගිණුම් කිහිපය follow කරල බලන්න.

1. Colombedouin

 

30,000කට අධික රසික (followers ලා) පිරිසක් සිටින හාලික් අසීස් හෙවත් Colombedouin නැමැති මෙම තරුණ (හිටපු) මාධ්‍යවේදියා සිය දෙස් විදෙස් සංචාරයන් හිදී ලබා ගන්නා ජායාරූප නිකම්ම නිකම් travel photos නොවේ. කොම්පංඥවීදියේ තෝසෙ කඩේකට ගියත් යුරෝපයේ තරු පහේ හෝටලයකට ගියත් පොළොව් පය ගහල ඉන්න සාමාන්‍ය මිනිසුන්ගේ සාමන්‍ය ජීවිතයේ අප බොහෝ විට නාෙදකින, දැක්කත් නාෙදැක්කා වගේ ඉන්න පැතිකඩ බොහොමයක් ඔහුගේ කැමරාවට හසුවෙන හැටි පුදුමාකරයි.

2. හරින්දි ජයසූරිය (the_jayasuriya)

 

ගොඩනැගිලි, මහාමාර්ග, කුරුමිණියන්, කුරුල්ලන්, ගස් කොලන්, ගෙම්බන් යනාදී මෙකී නොකී එදිනෙදා ජීවිතයේ අපට නිතර හමුවන එහෙත් ඒ තරම් නිච්චි නොවන සරල දේවල්වල සැඟවී අැති සුන්දරත්වය හුවා දැක්වීමේ අමුතුම හැකියාවක් සතු මේ විසිඑක් හැවරිදි ජයාරූප ශිල්පිනිය follow කල යුතුම කෙනක් හැටියටයි අපටනම් හැඟෙන්නේ. අැය සිය ජංගම දුරකථන කැමරාව පමණක් භාවිත කර ලබා ගන්නා මෙම ජායරූප වල ලස්සන පමණක් නොව ඒවායේ කලාත්මක හා සෞන්දර්යාත්මක ගුණය වචනවලින් විස්තර කරන්න බැහැ.

3. මලින්ත සමරකෝන් (darth_malmal)

 

තාක්ෂණික අතින් ඉහලම ගනයේ ලා සැලකිය හැකි  Instagram ජායාරූප ශිල්පයෙක් තමයි මේ මලින්ත කියන්නේ. වර්ණ ගැලපීම, සෙවනැලි හා දෘශ්ඨි කෝණ (angles) පිළිබඳ මනා අවබෝධයක් වෘත්තියෙන් මෘදුකාංග නිපදවන්නෙකු වන 24 හැවැරදි මලින්ත සතුයි. කොටින්ම කියනව නම් හොඳ අැහැක් තියෙන කොල්ලෙක්.

4. නස්ලි අහමඩ් (nazlyahmed)

 

SSC පිට්ටනියෙ practice net වල සිට ජාත්‍යන්තර තණ නිල්ල දක්වා ලාංකික ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැදගත් අවස්ථා සිය කැමරාවට හසු කර ගන්නා නස්ලි, ක්‍රිකට් ක්‍රීඩාවට අැළුම් කරන ඔ්නෑම කෙනෙක් follow කල යුතු කෙනක්. එපමණක් නොව කොළඹ – සැබෑ කොළඹ – ජීවිතයේ අැති ඝෝෂාකාරි බව සියුම් ලෙස විදහා දැක්වීමේ හැකියාවක්ද ඔහු සතුයි.

5. උදේශි (esposito13)

 

Travel photography අගයන ඔබටම කියාපු ගිණුමක් මේ. බොක්කෙන්ම රට පුරා සංචාරය කරන උදේශිගේ ජායරූපකරණයට හසු නොවූ තැනක් ලාංකාවේ නැති තරම්. දුරකථනයෙන් හා DSLR කැමරාවෙන් පමණක් නොව සිය GoPro කැමරාවෙන් දැකුම් කළු රෑප රාමු ලබා ගන්නා අැය adventure sport ගනයේ ජායරූප වලටද කැමත්තක් දක්වයි.

ඔබට හමුවී අැති වටිනා, අගය කල යුතු Instagram ගිණුම් තිබේ නම් comment එකක් මගින් අපිව දැනුවත් කරන්න.

Related Articles

Exit mobile version