වර්ජින් පොල්තෙල් වල සෞඛ්‍ය ප්‍රතිලාභ

සාමාන්‍ය සහ නැවුම් (වර්ජින්) පොල්තෙල් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ ඒවා සාදන උෂ්ණත්ව හා නිස්සාරණය කරන ආකාරය යි. ඒවා සැකසීම ඉතා අඩු උෂ්ණත්වයක් යටතේ සිදු කරන බැවින්, සාමාන්‍ය පොල්තෙල්වලට වඩා වැඩි සෞඛ්‍යාරක්ෂිත, සහ ගුණාත්මක බවක් නැවුම් පොල්තෙල් සතු වේ.

සෞඛ්‍යයට හිතකර මේද අම්ල අඩංගු යි

පොල්තෙල්වල මධ්‍යම දාම මේද අම්ල අඩංගු යි. (nbcnews.com)

වර්ජින් පොල් තෙල්වල මධ්‍ය දාම මේද අම්ල රැසක් අන්තර්ගත බැවින් ඒවාට ශරීරයේ මේදය දහනය උත්තේජනය කළ හැකි අතර, ඒවා සිරුරට සහ මොළයට ක්ෂණික ශක්ති සැපයුමක් ලබා දෙයි. එසේම දේහයට හිතකර කොලෙස්ටරෝල් (HDL) රුධිරයේ බහුල කරවීමෙන් හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කරන්නට ද ඊට හැකියි.

පොල්තෙල්වල අඩංගු මධ්‍ය දාම සහිත ට්‍රයිග්ලිසරයිඩ (MCT) ක්ෂණිකව අක්මාව හරහා ශක්ති සැපයුමක් හෝ කීටෝන බවට පත් වේ. මේ කීටෝන අපස්මාරය, අල්සයිමර් වැනි රෝග අවම කරමින් මොළයට සුවය ලබා දෙයි.

අහිතකර උදර මේදය අවම කිරීමට උපකාර වෙයි

වර්ජින් පොල්තෙල්වල ඇති සමහර මේද අම්ල ආහාර රුචිය අඩු කිරීමට, සහ මේදය දහනය වැඩි කිරීමට හේතු වන බැවින් එය බර අඩු කිරීමට ද උපකාරී වේ. උදර මේදය හෙවත් අන්තරංග මේදය උදර කුහරයේ, සහ ඉන්ද්‍රියයන් වටා බැඳී අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල ගෙන දෙයි.

කාන්තාවන් 40 දෙනෙකුට සති දොළහක් දිනපතා නැවුම් පොල්තෙල් මේස හැඳි 2 බැගින් ලබා දෙමින් කළ පර්යේෂණයක දී ඔවුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක (BMI) අගය මෙන්ම ඉණේ වට ප්‍රමාණය අඩු වූ ආකාරය දකින්නට ලැබී තිබේ. ස්ථුලතාවයෙන් පෙළුණු පුරුෂයන්ට ද මෙය එලෙසම බලපාමින් සහනය ගෙන දුන් බවට තවත් මීට සමාන පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා.

කෙසේ නමුත්, වර්ජින් පොල්තෙල්වල කැලරි ඉතා අධික බැවින් පමණ ඉක්මවා නොගත යුතු බව සිහිපත් කළ යුතු යි.

සම, හිසකෙස් සහ දත් ආරක්ෂා කර ගත හැකියි

බාහිර ආලේපනයෙන් රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදාගත හැකියි (toiimg.com)

ආහාරයට ගැනීමට අමතරව බාහිර භාවිතයන් තුළින් ද වර්ජින් පොල්තෙල්වල ගුණ ලැබිය හැකියි. හිසේ, සහ සමේ ආලේපනයෙන් මෙන්ම මුඛ සෝදනයක් ලෙස ද පොල්තෙල් භාවිතා කළ හැකි වේ.

වියළි සමේ නැවුම් පොල්තෙල් ආලේප කිරීමෙන් දද ඇතිවීම් වළක්වා ගනිමින් සමට තෙතමනය ලබා දිය හැකි වේ. හිසකෙස් සඳහා Sunscreen එකක් ලෙස පොල්තෙල් යොදාගත හැකි අතර, UV කිරණවලින් වන හානිය 20%කින් අඩු කරන්නට ඊට හැකියාව තිබෙන බව පර්යේෂණ පෙන්වා දෙයි.

මුඛයේ බැක්ටීරියා විනාශ කරමින් දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීමට හැකියාව තිබෙන අතර, ඒ සඳහා කළ යුත්තේ නැවුම් පොල්තෙල් බිඳක් මුවට ගෙන, ගිලීමකින් තොරව විනාඩි 5-10 ක් තබාගෙන සිට විසි කිරීම යි.

හෘද රෝග අවම කරයි

වසංගත රෝග අධ්‍යයනවලින් ස්වදේශික ආහාර වේලෙහි කොටසක් ලෙස පොල් යොදා ගන්නා රටවල්වල (උදා: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, පොලිනීසියාව) හෘද රෝග අඩු අනුපාතයක් ඇතැ යි හෙළිව තිබෙන බව හාර්වර්ඩ් විශ්ව විද්‍යාල වෙබ් අඩවිය දක්වයි.

නැවුම් පොල්තෙල්, පොල් කිරි ආදියෙන් සකසන ලද තන්තු බහුල, සීනි අවම මෙම ‍ස්වදේශික ආහාර වේල් හරහා හෘද රෝග අවම කර ගැනීමේ වාසි අපේ රටවල් වෙත ලැබී ඇති බව යි එය වැඩිදුරටත් දක්වන්නේ. පමණ ඉක්මවා ගැනීමෙන් පොල්තෙල් අහිතකර විය හැකි අතර, රත් කිරීම සහ නැවත නැවත භාවිතයෙන් අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල ඇති විය හැකියි‍.

ප්‍රතික්ෂුද්‍රජීවී හැකියාවන්

දෛනික ආහාරයට පොල් එකතු කර ගන්නා රටවල හෘද රෝග අවමයි (pandhys.com)

පොල්තෙල්වල ඇති මේද අම්ලවලින් 50%ක් පමණ ලෝරික් අම්ලය වේ. ශරීරය ලෝරික් අම්ලය ජීර්ණය කිරීමෙන්, මොනොලෝරින් සෑදේ. ලෝරික් අම්ලය සහ මොනොලෝරින් යන දෙකම බැක්ටීරියා, වෛරස් සහ දිලීර වැනි හානිකර රෝග කාරක විනාශ කිරීමේ හැකියාවෙන් යුතු යි.

Candida albicans වැනි යීස්ට් ආසාදනයන් වළක්වා ගන්නටත්, ඉහත මුඛ සේදුම් ක්‍රියාවලියේ දී මෙන් බැක්ටීරියා නාශනයටත් නැවුම් පොල්තෙල් සමත් වේ.

කෝල්ඩ් ප්‍රෙස් ක්‍රමයට දේශීයව, ප්‍රමිතිගතව සැකසූ Baraka වර්ජින් පොල්තෙල් සිල්ලර සහ සුපිරි වෙළඳසැල්වලින් මිල දී ගත හැකියි.

කවරය: holistickenko.com

මූලාශ්‍ර:

  • netmeds.com
  • hsph.harvard.edu
  • pubmed.ncbi.nlm.nih.gov

Related Articles

Exit mobile version