Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් මොළයෙන් උපරිම වැඩ ගන්නට නම්…

ලෝකයේ දැනට බිහි වී ඇති අද්විතීය ම පරිගණකය විදියට මිනිස් මොළය හැඳින්විය හැකි යි. අනෙකුත් පරිගණක වගේ ම මිනිස් මොළයෙන් උපරිම වැඩ ගන්නත් එය නිසි ලෙස නඩත්තු කිරීම අත්‍යවශ්‍ය යි. උපරිම කාර්යක්ෂමතාවයකින් මොළය ක්‍රියා කිරීම සඳහා එය නිසි ලෙස පුහුණු කිරීමට සහ නඩත්තු කිරීමට ඒ පිළිබඳ ව මනා ව දැන සිටිය යුතු වෙනවා.

(howtolivehealthy.org)

මොළයෙන් එසේ වැඩ ගන්න අපි සියලු දෙනා ම අනිවාර්යයෙන් ම දැන සිටිය යුතු කරුණු 10 ක් ගැන ඔබ ව දැනුවත් කිරීමට යි අපේ මේ සූදානම.

1. යථාර්ථය සහ පරිකල්පනය අතර වෙනස

මිනිස් මොළයට යථාර්ථය සහ පරිකල්පනය අතර ඇති වෙනස හඳුනා ගැනීම කළ නොහැකි නිසා එය සෑම සිතුවිල්ලකට ම ප්‍රතිචාරයක් දක්වනවා. ආදරය කරන පුද්ගලයෙකු ළඟ නොමැති විට පවා ඔහු/ඇය ගැන සිතන විට සිතට දැඩි සතුටක් දැනෙන්නේ මේ හේතුව නිසා යි.

සුව නින්දක් නොලැබූ අවස්ථාවක දී එය නොසලකා අවදි වීමෙන් පසු මිනිත්තු කිහිපයක් සුව නින්දක් ලැබූවෙකු මෙන් කටයුතු කළහොත් මොළය එය සලකන්නේ සුව නින්දකින් පසු ව අවදි වූ අවස්ථාවක් ලෙස යි. බොහෝමයක් මානසික රෝග සඳහා පදනම සපයන්නේ ද මෙය යි.

(trickeye.blogspot.com)

2. මනස වෙහෙසීම

ගණිත ගැටලු විසඳීමේ දී, විභාගයකට මුහුණ දෙන විට හෝ ඇතැම් එදිනෙදා කටයුතුවල යෙදීමේ දී මනස වෙහෙසා කටයුතු කිරීමට අපට සිදු වෙනවා. එවැනි කටයුත්තකින් පසු ව හිසට බර ගතියක් දැනීම සාමාන්‍ය දෙයක්. බොහෝ දෙනෙක් සිතන්නේ මෙයට හේතුව මොළය වෙහෙසීම බව යි.

නමුත් සත්‍ය වශයෙන් ම එසේ හිසට බර ගතියක් දැනීමට හේතුව වන්නේ මොළය වෙහෙසීම නොව එම ක්‍රියාවන් හි යෙදෙන විට අපට අත් විඳීමට ලැබුණු සිතුවිලි යි. අදාළ ක්‍රියාව සිදු කරන ලද්දේ සතුටින් නම් දැනෙන වෙහෙස සාපේක්ෂ ව අඩු යි. එසේ ම විද්‍යාඥයින් පවසන්නේ මොළය වෙහෙසා වැඩ කිරීම නිසා මොළය කිසිම විටෙක වෙහෙසට පත් නොවන බව යි.

(ipghoster.wordpress.com)

3. ස්වයංක්‍රීය ව වැඩ කරන මොළය

දිනයෙන් වැඩි කොටසක් මොළය ක්‍රියා කරන්නේ ස්වයංක්‍රීය ව යි. ඒ සඳහා මොළය බොහෝ විට පෙර දිනයේ මතකයන් පදනම් කර ගන්නවා. නිරන්තරයෙන් ම ඍණාත්මක ලෙස සිතන තැනැත්තෙකුට ඒ තත්ත්වයෙන් මිදීමට අපහසු වන්නේ මොළයේ මේ ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය නිසා යි. මේ නිසා නිතර ම මොළය ඍණාත්මක සිතුවිලිවලින් තොර ව “පිරිසිදු ව” තබා ගැනීමට වග බලා ගත යුතු වෙනවා.

4. සිතන දේ දකින්නා

(tlc.com)

බොහෝ වෙලාවට අපේ සිතේ මවා ගන්නා දේ ඇසින් දකින්නට මොළය පුරුදු වී සිටිනවා. උදාහරණයක් ලෙස ඔබ පැරීසියට යාම ගැන සිහින මවනවා යැයි සිතන්න. එවැනි අවස්ථාවක වැඩියෙන් ම ඔබේ ඇස ගැටෙන්නේ පැරීසිය හා සම්බන්ධ දේවලු යි. ඒ අනුව ඔබ අවට ලෝකයේ සිදු වන දේ වෙනස් කිරීමට ඔබට අවැසි නම් කළ යුත්තේ සිතන පතන ආකාරය වෙනස් කර ගැනීම යි.

5. මොළයට ව්‍යායාම

සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියයන්ට මෙන් ම මොළයට ද නිසි ලෙස ක්‍රියාත්මක වීම සඳහා ව්‍යායාම අවශ්‍ය වෙනවා. මොළය වෙහෙසා සිදු කළ යුතු ගණිත ගැටලු සහ ක්‍රීඩා මගින් එසේ මොළයට අවැසි ව්‍යායාම ලබා දිය හැකි යි. මීට අමතර ව නොදන්නා දෑ ඉගෙනීම, සෞඛ්‍යමත් ආහාර රටා, නිසි නින්දක් ලැබීම, අලුත් ස්ථාන වෙත සංචාරය කිරීම, විවිධ අලුත් ක්‍රියාකාරකම් සිදු කිරීම සහ සංගීතයට සවන් දීම ද මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා.

(usnews.com)

6. විවේකයක් අනවශ්‍ය මොළය

මිනිස් සිරුර මෙන් නොව මිනිස් මොළයට නිසි ලෙස ක්‍රියාත්මක වීම සඳහා විවේකයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ අනුව උපන් මොහොතේ සිට මිය යන තෙක් ම ක්‍රියාත්මක වන ඉන්ද්‍රියයක් ලෙස මොළය හැඳින්විය හැකි යි. අප නිදා සිටිය දී පවා මොළය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වෙනවා. සත්‍ය කතාව නම් නිදා සිටිය දී අවදි වී සිටින අවස්ථාවකටත් වඩා වැඩියෙන් මොළය ක්‍රියාත්මක වීම යි.

7. කලින් කලට වේගය බාල කිරීම අත්‍යවශ්‍ය මොළය

(campushippo.com)

මොළයේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා විවේකයක් අනවශ්‍ය වුව ද කලින් කලට වේගය බාල කිරීම නම් මොළයේ නිසි ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය යි. මෙයින් අදහස් වන්නේ කිසිම වැඩක නොයෙදී සිටීම නොවෙයි. මෙහි අදහස එක් සිතුවිලි දාමයකින් මිදී වෙනත් ක්‍රියාවක නිරත විය යුතු බව යි. එසේ ම හැකිතාක් ඍණාත්මක සිතුවිලිවලින් බැහැර වීමත් මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. එය මොළයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරනවා සේ ම මොළයට සැහැල්ලුවෙන් කටයුතු කරගෙන යාමටත් මග පාදනවා.

8. අමතක කිරීමත් වැදගත්

අලුත් මතකයන් ගබඩා කර ගැනීමට නම් පවතින මතකයන්ගෙන් මිදීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අපිට අවශ්‍ය පරිදි කරුණු ගබඩා කර ගැනීම හෝ මකා දැනීම සිදු කරන්නට බැහැ. එසේ වුවත් මතක තබා ගැනීමට අවශ්‍ය කරුණු නිතර නිතර මතක් කිරීම තුළින් එම කරුණු දීර්ඝ කාලීන මතකය කරා යොමු කිරීමටත් අනෙකුත් කරුණු අමතක කර දැමීමටත් මොළය පෙළඹෙනවා.

(youtube.com)

9. වේදනාවන්ට අසංවේදී මොළය

මොළය තුළ අවශ්‍ය තරමට වේදනා ප්‍රතිග්‍රාහක නොපවතින නිසා මොළයට වේදනාවන් දැනෙන්නේ නැහැ. මොළය සිදු කරන්නේ අනෙකුත් ඉන්ද්‍රියයන්ට දැනෙන වේදනාවන් සඳහා ප්‍රතිචාර දැක්වීම පමණ යි. මෙහි යම් තරමක භයානක බවකුත් තිබෙනවා. යම් හෙයකින් මොළය තුළ පිහිටි පටකයකට හානියක් සිදු වුවහොත් වේදනාවක් නොදැනීම හේතුවෙන් මග හැරී මරණය පවා ගෙන දිය හැකි යි.

නමුත් මොළය වඩා පිහිටා ඇති අනෙකුත් රුධිර වාහිනී, පටක සහ ස්නායු වේදනාවන්ට සංවේදී නිසා මෙහි ඇති භයානක බව යම් තාක් දුරකට මග හැරී යනවා.

10. වෙනසට කැමති මොළය

(the-faith.com)

මිනිස් සිරුර මෙන් නොව මිනිස් මොළය වෙනස් වීම්වලට ඉතාමත් කැමති යි. එයට හේතුව වෙනස් ක්‍රියාකාරකම්වල නිතර වීමේ දී මොළයට අලුත් ස්නායු සම්බන්ධතා ගොඩ නැගීමට හැකි වීම යි. විද්‍යාඥයින් පවසන්නේ තම අරමුණු කරා ළඟා වීම සඳහා මොළයේ මෙම ලක්ෂණය උපකාරී කර ගත හැකි බව යි.

ඒ අනුව දිගින් දිගට ම යම් කිසි ක්‍රියාකාරකමක් කිරීම මගින් එය වඩා සාර්ථක වන බව මොළයට ඒත්තු ගන්වන අයුරින් කටයුතු කළහොත් එවැනි ක්‍රියාකාරකමක් සාර්ථක කර ගැනීමට ඇති අවස්ථාවත් ඉහළ යි. මෙවැනි අවස්ථාවක දී අන් සෑම දේකට ම වඩා අවශ්‍ය වන්නේ විශ්වාස කිරීම යි.

මූලාශ්‍ර :

  1. brightside.me
  2. livescience.com
  3. brainfacts.org

කවරයේ පින්තූරය (biohacklabs.co)

Related Articles