දත් මුල් රැක දෙන විස්කම් ඔසුවකි ලුණු

ආහාර සැපීම පමණක් නොව, මුහුණේ හැඩය පවත්වා ගන්නටත්, වචන හසුරුවන්නටත්, සුන්දර සිනහවකටත් දත් දෙපෙළ රැක ගැනීම වැදගත් වුව ද 2015-16 ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව විදුරුමස් රෝග මෙරට බහුලව දකින්නට ලැබෙන බවත්, අවු.15 දරුවන්ගෙන් 47%ක් විදුරුමස් රෝග වලින් පීඩා විඳින බවත් පෙන්වා දෙනවා.

වාණිජ්‍යමය රසායනික ද්‍රව්‍යවලින් පිරුණු වත්මන් වෙළඳපොළ තුළ අපි නිරන්තරයෙන් අහිතකර නිශ්පාදනවලට මුහුණ දෙනවා. සීනි අධික ආහාර නිසා දත් දිරායාම වගේම, ස්වභාවිකත්වයෙන් දුරස්වීම තුළින් ද දත් හා මුඛ රෝග ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට අපි අත වනනවා. බොහෝ දෙනෙක් දිනකට දෙවරක් දත් මදිමින් දත් කුහර ගැන වධ වුවත්, විදුරු මස්වල සෞඛ්‍යය ගැන හිතන්නේ නැහැ. එනිසා, කුහර නොතිබීමෙන් පමණක් “ශක්තිමත් දත්” ඇතැයි කියන්නට ‍නොහැකියි.

වම්පස විදුරුමස් දියවීම සහ දකුණුපස නිරෝගී දත් (shantidentals.com)

ශාකයකට අතු පතර විහිදා දැවැන්තයෙක් වන්නට සවිබලය දෙන්නේ එහි මූල පද්ධතිය යි. අපේ දත්වලටත් ආහාර සපන්නට උපකාර කරමින්, මුතු ඇට සේ බැබලෙන්නට නම් විදුරුමස්වල සවිබලය අවශ්‍ය වෙනවා. විදුරුමස් දියවීම වැනි දත්මුල් රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ ඒවායේ සිදුවන අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය යි. ආහාර රැඳීමෙන් දත්වල ඇතිවන මැලියම් යනු මේ බැක්ටීරියාවන්ට ඉතාම හිතකර පරිසරයක්. මේ බැක්ටීරියා‍වන්ගෙන් ආරක්ෂා වන්නට ස්වභාවික ලුණු උපකාර වෙනවා.

කරදිය වළල්ල වටේ නොයා, නිවසේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයාගත හැකි ලුණු මිශ්‍ර ජලයෙන් උගුර සහ මුඛය සේදීම මඟින් ආසාදන තත්ත්වයන් පහ කරගන්නට හැකි බව අපේ මුතුන් මිත්තන් දැන සිටියා. එසේම, අධික ලෙස ලුණු භාවිතයෙන් එහි ප්‍රතිවිරුද්ධ දේ සිදුවන නිසා නියමිත ප්‍රමාණයට සකසාගත් ලුණු ද්‍රාවණයක් හරහා සාර්ථක ප්‍රතිඵල ලද හැකියි.

ස්වභාවික ලුණු (medium.com)

ලුණු සතු මේ සුවකිරීමේ මැජික් බලයට මූලිකව හේතු වන්නේ, පෙර පැහැදිලි කළ ආකාරයට බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වළකමින් ආසාදන තත්ත්වයන් අවම කිරීමට ඊට ඇති හැකියාව යි. එය මුඛයේ pH අගය සමතුලිත කරමින් බැක්ටීරියා වර්ධනය වීම අවම කරනවා. මේ විෂබීජහරණ ගතිගුණ නිසා ලුණු ද්‍රාවණයකින් මුඛය පිරිසිදු කිරීමෙන් විදුරුමස්වල ඇතිවන ආසාදන වැනි මුඛාශ්‍රිත රෝගවලට සුවය සලසා ගන්නටත් හැකියාව ලැබෙනවා.

උණුසුම් ජල වීදුරුවකට ලුණු තේ හැඳි 1/2ක් මිශ්‍රකර තත්පර 30ක් පමණ මුඛය සේදීමෙන් බැක්ටීරියා වර්ධනය අවම කරගනිමින් විදුරුමස් සහ දත්මුල් නිරෝගීව පවත්වා ගන්නට හැකි වෙනවා. එසේම ඉන් අතුරු ආබාධ නොමැතිවම විදුරුමස් රෝග නිවාරණය කරගන්නට අවස්ථාව ලැබීමත් විශේෂත්වයක්.

ලුණු ද්‍රාවණයකින් මුඛය සෝදා හරින්න (indiatvnews.com)

තවත් පහසු ක්‍රමයක් වන්නේ ස්වභාවික ලුණු මිශ්‍ර කරන ලද දන්තාලේපයක් භාවිතා කිරීම යි. මුඛ සෞඛ්‍යයට උචිත සේ, නිවැරදි ප්‍රමාණයන්ගෙන් ඒවායේ ලුණු අඩංගු කර ඇති නිසා භාවිතය වඩාත් පහසුයි. අඟුරු මෙන්ම ලුණු කුඩුවලින් දත් මැදීමෙන් දතේ පිටත ආවරණය වන එනැමලයට හානි වෙනවා. එහෙත් ද්‍රාවණයක් ලෙස සකසාගත් ස්වභාවික ලුණු, මින්ට් රසයත් සමග මුසු කළ නව ක්ලෝගාඩ් Natural Salt දන්තාලේපය දිනපතා භාවිතයෙන් සුවබර විදුරුමස් සමග ශක්තිමත් දත් දෙ‍පෙළක් ලබා ගන්නට ඔබටත් හැකියාව ලැබේවි.

Related Articles

Exit mobile version