Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ මිල අධිකතම සන්නාම

භාණ්ඩයක් මිලදී ගන්න ගියාම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල බලන එක හැමෝගෙම පුරුද්දක්. ඕනෑම බ්‍රෑන්ඩ් එකකට එහෙමත් නැත්නම් වෙළඳ නාමයකට වෙළඳපොළේදී යම් වටිනාකමක් හිමිවෙලා තියෙනවා. මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ලෝකයේ මිල අධිකම බ්‍රෑන්ඩ් හෙවත් සන්නාම පිළිබඳවයි.

සන්නාමයක් යනු කුමක්ද?

සන්නාම යන වචනය භාවිතයට පැමිණෙන්නට ඇත්තේ 1920 ත් 1925 ත් අතර කාලයේදී බවයි පැවසෙන්නේ. ඒ වෙළඳපොළ තරඟකාරිත්වය ඇති වීමත් සමඟයි. එකම නිෂ්පාදනය විවිධ නිෂ්පාදකයන් විසින් සපයන්නට වීම නිසා සන්නාම හෙවත් ‘බ්‍රෑන්ඩ්’ සංකල්පය ඇති වූ බව සැලකෙනවා.

සන්නාමයක් අවශ්‍ය වන්නේ එක් නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදනයක් එම වර්ගයේ අනිත් නිෂ්පාදන වලින් වෙන් කර හඳුනා ගැනීම සඳහායි. එම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය ගැන කතා කිරීමේදී එහි සන්නාමය අත්‍යාවශ්‍යම වෙනවා. සන්නාමයක සැබැවින්ම ඇත්තේ සංකේතාත්මක වටිනාකමක් වුණත් එම වටිනාකම ඉතාම ඉහල අගයක් වන්නත් පුළුවන්.

සන්නාමයක වටිනාකම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය, පාරිභෝගික රුචි අරුචිකම් සහ එහි කාලීන බව ආදී නොයෙක් සාධක මත රඳා පවතින නිසා සන්නාම වල වටිනාකම කාලයත් සමඟ අඩු වැඩි වෙනවා.

මේ ලිපියේ දක්වා තියෙන්නේ ෆෝබ්ස් සඟරාවේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2016 වසරේ මිල අධිකම සන්නාම 10 පිළිබඳව තොරතුරුයි.

ඇපල්

ඇපල් හි නිල ලාංජනය. (blog.nakono.com)

2016 වසරේදී ලොව වැඩිම වටිනාකමක් සහිත සන්නාමය වන්නේ ඇපල් යන සන්නාමයයි.

1976 අප්‍රේල් මස පළමු වෙනිදා ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොස්නියැක් සහ රොනල්ඩ් වේන් විසින් ඇපල්1 යන පරිගණකය හඳුන්වා දීමත් සමඟ ඇරඹි මෙම සන්නාමය අද වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 154.1 ක වටිනාකමක් උසුලනවා.

ජංගම දුරකථන, පරිගණක, ඔරලෝසු ආදී විවිධ නිශ්පාදන මෙම නාමය යටතේ ඉදිරිපත් කෙරෙනවා.

ගූගල්

Google. (webdesignerdepot.com)

ගූගල් සෙවුම් යන්ත්‍රය පිළිබඳව ඔබ සැවොම අසා ඇති බවට සැක නැහැ. පසුගිය වසරේ දෙවැනි වැඩිම වටිනාකමක් සහිත සන්නාමය වූයේ ගූගල් යන නාමයයි. එහි  වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 82.5 ක්.

ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් යන දෙදෙනා ස්ටැන්ෆෝඩ් සරසවියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී නිර්මාණය කල සෙවුම් යන්ත්‍රයක් පසු කාලීනව ගූගල් ලෙසින් ජනප්‍රියත්වයට පත් වූවා. එකක් සහ බිංදු සියයකින් සමන්විත යන අදහස සපයන googol යන වචනයේ අකුරු වෙනස් කිරීමෙන් තමයි google යන නාමය නිර්මාණය කර ඇත්තේ.

මයික්‍රොසොෆ්ට්

මයික්‍රොසොෆ්ට් හි ලාංජනය. (fullhdpictures.com)

2016 වසරේ ලොව තෙවෙනි වටිනාකම සහිත සන්නාමය වූයේ මයික්‍රොසොෆ්ට්.

බිල් ගේට්ස් සහ පෝල් ඇලන් විසින් ඇරඹි මෙම සන්නාමයේ වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 75.2ක්. මෙම නාමය තබා ඇත්තේ microcomputer යන වචනයෙහි micro යන්නත්, software යන්නෙහි soft යන්නත් එකතු කිරීමෙන් බවයි පැවසෙන්නේ.

අද වන විට මෙම නාමය යටතේ මෙහෙයුම් පද්ධති, දෘඩාංග, ජංගම දුරකථන ආදී බොහෝ නිෂ්පාදනයන් ඉදිරිපත් වෙනවා.

කොකා කෝලා

කොකා කෝලා. (bsquare.com)

නම ඇසූ සැනින්ම ඔබට කොකාකෝලා පානය සිහිවෙනවාට සැක නැහැ. සිව්වෙනුවට වැඩිම වටිනාකමක් සහිත සන්නාමය වන මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 58.5 ක්.

කොකාකෝලා නිශ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය දෙකක සංයෝජනයෙන් තමයි මෙම නාමය බිහිවී ඇත්තේ.

ෆේස්බුක්

ෆේස්බුක් හි ලාංජනය. (huffingtonpost.com)

ෆේස්බුක් ගැන නොදන්නා අයෙක් නැති තරම්. මේ ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ තියෙන්නේ ෆේස්බුක් කියන සන්නාමය.

2004 වසරේ ඇරඹි මෙය අද වන විට ලෝකයේ ඇති ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියක් වෙනවා. 2016 වර්ෂය වන විට මෙහි සන්නාම වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 52.6 ක් වනවා.

ටොයෝටා

ටොයෝටා හි ලාංජනය. (pinterest.com)

මෝටර් රථ සම්බන්ධව වන සන්නාමයක් වන මෙම වෙළඳ නාමය තමයි වටිනාකම අතින් හයවන ස්ථානයේ සිටින්නේ.

මෝටර් රථ නිශ්පාදනය මුලින් එහි ආරම්භකයන්ගේ පෙලපත් නාමය වන ‘ටොයෝඩා’ ලෙසින් ආරම්භ වූවත් පසුකාලිනව 1936 දී එහි නාමය ‘ටොයෝටා’ ලෙස වෙනස් කර තිබෙනවා.

2016 වසරේදී එම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 42.1 ක්.

IBM

IBM හි ලාංජනය. (europaplus.com)

International Business Machines හෙවත් IBM යන සන්නාමය තමයි මීලඟට වැඩිම වටිනාකමකින් යුත් සන්නාමය ලෙස ශ්‍රේණිගත වන්නේ.

1927 දී තමයි මෙම නාමය නිල වශයෙන් භාවිතා කිරීම ආරම්භ වී ඇත්තේ. මෙම නාමය යටතේ පරිඝණක හා ඒ ආශ්‍රිත නිශ්පාදන අලෙවි කිරීම සිදු කරනු ලබන අතර 2016 වසරේදී මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 41.4 ක්.

ඩිස්නි

1923 දී වෝල්ට් ඩිස්නි සහ රෝයි ඩිස්නි යන ඩිස්නි සහෝදරයන් විසින් තමන්ගේ පෙලපත් නාමය යොදා ගනිමින් ආරම්භ කල මෙම සන්නාමය තමයි මීළඟ වැඩිම වටිනාකම දරන්නේ.

විනෝදාස්වාදය හා බැඳුණු සේවාවන් මෙම නාමය හරහා සපයනු ලබන අතර මෙම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලීයන 39.5 ක්.

මැක්ඩොනල්ඩ්ස්

europaplus.com

රිචඩ් මැක්ඩොනල්ඩ්ස් සහ මොරිස් මැක්ඩොනල්ඩ්ස් යන මැක්ඩොනල්ඩ්ස් සහොදරයන් දෙදෙනා විසින් තමන්ගේ පෙලපත් නාමය යොදා ගනිමින් ආරම්භ කල මැක්ඩොනල්ඩ්ස් යන සන්නාමය තමයි 2016 වසරේ ලොකයේ නවවෙනි වැඩිම වටිනාකමක් සහිත සන්නාමය වන්නේ.

එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 39.1 ක්.

GE

General Electrics හි නිල ලාංජනය. (pinterest.com)

GE හෙවත් General Electrics යන සන්නාමය තමයි මෙම ලැයිස්තුවේ දහවෙනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ.

විද්‍යුතය සම්බන්ධ නිශ්පාදන වන විදුලි මෝටර, ගුවන්යානා එන්ජින්, ආයුධ, වායූන් වැනි දේ මෙම නාමය ඔස්සේ හඳුන්වා දෙනු ලබනවා. 1892 ආරම්භ කර ඇති මෙම නාමයේ වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 36.7ක් වෙනවා.

මෙම සන්නාම වලට මෙතරම් වටිනාකමක් ඇත්තේ නිකමට නෙවෙයි. මෙම සන්නාමයන්හි නම සහ ලාංජනය වෙලඳාමේදී, අලෙවිකරණයේදී වගේම ප්‍රචාරණයේදීත් ඉතාම වැදගත් වෙනවා.

කවරයේ පිංතූරය – forbes.com

මූලාශ්‍ර –  forbes.com, apple.com, google.com, brighternaming.com, toyota-global.com, d23.com, Mcdonalds.com, successstory.com

Related Articles