Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆොටෝ එකට ගැම්මට පෙනී ඉන්න විදි අටක්

වසර 20කට පෙර කාලේ හොඳ ෆොටෝවක් ගන්න නම් ස්ටුඩියෝ එකකට ගිහින් ලස්සන ඇදුමකින් සැරසෙන්නට ඕනි. නමුත් දැන් තත්වය වෙනස්. කැමරාව කියන‍දේ අතේ තියන මොබයිල් ෆොන් එකටත් ඇවිත්.

නිතර සහභාගි වන්නට තිබෙන සෑම උත්සව අවස්ථාවක්ම දැන් ෆේස්බුක් වැටෙන නිසා අපිට දැන් ඉස්සර වගේ තනි ඇදුම, තනි කොන්ඩා මෝස්තරය හැම අවස්ථෘවකටම යොදාගන්න අමාරුයි. ඒත් එක්කම ෆොටෝවලට මුහුන දෙන විදියත් වෙනස් කරගන්න පුලුවනි නම්  ඔබට විවිධත්වයෙන් යුත් අලංකාර ඡායාරූප ටිකක් ඔබේ ඔන්ලයින් එකවුන්ට් වලට එකතු කරගන්නට හැකියාව ලැබේවි.

කොන්ඩා හැඩගැසීම

photography.tutsplus.com

කාන්තාවන්ගේ පංච කල්‍යාණයෙන් එකක් ලෙස සැලකෙන කොන්ඩය ගැලපෙන පරිදි සකසාගැනීම ඡායාරූප ගැනීමේදි වැදගත් කරුණක් වෙනවා.

  1. කොන්ඩය පිටුපසට දැමීම.
  2. කොන්ඩය එක් පසෙක උරහිස දෙසට දැමීම.
  3. ඉහලට කොට බැඳීම.
  4. උරහිස් මතට දෙපසින් විසිරෙන ආකාරයට දැමීම.
  5. කොන්ඩයක් නොමැති ලෙස ෆොටෝවෙන් කොන්ඩය සැගවීම.

ආදී විලාශයෙන් ඡායාරූපයට කොන්ඩය ඇතුලත් කිරීමේ හැකියාව තිබෙනවා. විටින් විට කොන්ඩය තිබෙන ආකාරය වෙනස් කරමින් මුහුනට වඩාත් ගැලපෙන කොන්ඩා සැකසීමේ ඉරියව්ව කලින් බලාගන්න පුලුවන් නම් ඒ ඒ අවස්ථාවට අනුව ඡායාරූප සකසාගන්නට අවස්ථාව ලැබෙනවා.

අලංකාර ලෙස කටු ගසා මෝස්තර යොදන උත්සව අවස්ථාවකදී නම් අපිට කොන්ඩය සමග සෙල්ලම් කරන්න තරමක් අමාරුයි. එහෙත් සාමාන්‍ය චාරිකාවක්, වීකෙන්ඩ් ගමනක් වගේ දේකදි නම් ඡායාරූප ගන්නට පෙර කොන්ඩය ඡායාරූපයේ තියෙන්න ඕනි කොහාමද කියලා තීරණයක් ගන්න පහසුව අපිට ලැබෙනවා.

නිකට වෙනස් කිරීම

මෙම සිතුවම්වල යුවතියන් නිකට මදක් ඉදිරියට යොමුකොට මුහුන මනාව රූපයට හසුවන ආකාරයට පෙනී සිට ඇත. (governorsgangula.com)

කුඩා කල ෆොටෝවක් ගන්නට ඉන්න යැයි කියූ විට අපි බොහෝවිට සරඹ ක්‍රීඩාවන් වලදී  සීරුවන් සිටිනවා මෙන් නිකට වඩාත් බෙල්ල දෙසට වන්නට තබාගන්නට උත්සාහ ගන්නවා. නමුත් ඡායාරූපයට පෙනීසිටීමේදී කැමරාවට බියෙන් මෙන් හිස සහ නිකට පසුපසට ගන්නවාට වඩා නිකට මදක් ඉදිරියට පහලට ගෙනයෑමෙන් හොද ප්‍රථිපල ලැබෙනවා. මෙතැනදී නිකට බොහෝ ඉදිරියට ගෙනගොස් උඩබලාසිටීම නොව නිකට මදක් ඉදිරියට ගොස් දෑස් වඩාත් සමාන්තර තලයක තබාගැනීම වඩාත් සුදුසු ක්‍රියාවක්.

මෙම ක්‍රමය අද පමණක් නොවෙයි ක්‍රි. ව 5 වන සිය‍වසේ සීගිරි ලලනාවන්ගේ චිත්‍ර ඇඳීමේදීද භාවිත කොට තිබෙනවා. සාමාන්‍යයෙන් සිටිනවාට ‍වඩා එම චිත්‍රවල‍ පෙනී සිටින යුවතියන්ගේ නිකට මදක් ඉදිරියට යොමුකරමින් චිත්‍ර ඇඳ ඇති බවක් චිත්‍ර දෙස බැලීමේදී ඔබට පෙනීයනවා ඇති.

දෑත් සකසාගැනීම

දෑත් නිරූපනය කල හැකි ක්‍රමයක්. (cdn.tutsplus.com)

වඩාත් පිරුනු මස්ගොබ සහිත දෑත් නිරූපනය කිරීම මල්ලව පොර ශිල්පීන් අයෝමය පුරුෂයින් නිරූපනයේදී යොදාගන්නවා. ස්ත්‍රී ලාලිත්‍යය නිරූපනය කරන ඡායාරූප වල නම් අත්වල මාංශ පේශීන් වඩාත් ඉස්මතු වන ආකාරයට දෑත් හි සේයාරූ ගැනීම එතරම් උචිත වන්නේ නෑ.

එම නිසා පැ‍ත්තෙන් සිට ගන්නා ලබන ඡායාරූපවලදී අත කෙලින්ම පහලට එල්ලා වැටෙන ලෙස නිරූපනය කරනවාට වඩා අත ඉනට තබා හෝ අත වෙනත් හැඩයකට සකසා ගැනීමෙන් ආකර්ශනීය ඡායාරූපයක් ලබාගන්නට හැකියාවක් උදාවෙනවා.

කාන්තා හැඩය නිරූපනය කිරීම

කාන්තා හැඩය මනාව හසුකරගත හැකි පරිදි අත් සකසාගන්නා අයුරු. (petapixel.com)

කාන්තාවක් නිරූපනයේදී වක්‍ර ගැන අවධානය යොමු කිරීම වඩාත් වැදගත් කොට සැලකෙනවා. කාන්තාවන්ගේ වක්‍රමය නාරිදේහය වැඩිමනක් නිරූපනය කිරීම, ඇදුම් විලාසිතා නිර්මාණය සේම ඡායාරූප ගැනීමද ජනප්‍රිය කලා අංගයක් වෙනවා. පුරාතනයේ පවා කාන්තාවන් පිළිම සිතුවම් වලට නැගීමේදී ඔවුන්ගේ ස්ත්‍රී ලාලිත්‍යය මනාව උකහාගන්නට ඒ ඉපැරණි කලාකරුවන් උත්සාහ කොට තිබෙනවා.

දෑත් දෙක ඉනදිගේ පහලට වැටෙන සේ තබා ඇති ස්වල්ප ඉගසුග පවා කැපීයන පරිද්දෙන් ගන්නා හදිසි ඡායාරූපද අප විටෙක මනුපොතේහිදි දකිනවා. එහෙත් යම් කුඩා වෙහෙස වීමකින් දෑත් මදක් ඉනෙන් ඈත්කර ඉනෙහි වක්‍රමය ගතිය මනාව සේයාරුවට එකතුකරගන්නට පුලුවන් කම ලැබේවි.

උරහිස් කුඩා කර නිරූපනය

මදක් ඇල කිරීමේ වාසි. (static.boredpanda.com)

පුරුෂ දේහ ලක්ෂණයන්හිදී උරහිස් වඩාත් පුළුල්ව ඉනට වඩා විශාලව තිබෙන ආකාරයට නිරූපනය කිරීම පෞරුෂය වඩවන සාධකයක් වෙනවා. එමනිසා උරහිස් වඩාත් ඉස්මතු වන ආකාරයට උඩරට මුල් ඇදුම සහ බටහිර කෝට් ඇදුම් සැකසී තිබෙනවා.

කාන්තාවන්ට නම් තරමක් කුඩා උරහිස් තිබීම වාසනාවන්ත පිහිටීමක් වෙනවා. උරහිස් කුඩා වන ආකාරයට උරහිස් මදක් ඇල කර ඡායාරූපයට පෙනී සිටීම දැන් දැන් ඉන්ස්ටග්‍රැම් හි යුවතියන් නිතර අනුගමනය කරන ක්‍රමයක් වී අවසන්.

ඇස් නිරූපනය කිරීම

ෆොටෝ කලාව මෙතරම්ම සරල නොවූ එකල අතැමුන්ට ෆොටෝ එකකට පෙනී සිටින්නට යැයි කී විට සෝමාලියානුවන් පාන් දෙස බලන ආකාරයට ඔවුන් කැමරාව දෙසම බලාගෙන සිටියා. නමුත් පසුකාලීනව කැමරාව දෙසම බලාසිටීම තරමක් ඈත් වී කැමරාවෙන් එහා වෙනත් දිහාවක ඇස් යොමුකොට ඡායාරූප ගන්නට කාන්තාවන් පෙලඹුනා. නමුත් ඇසේ කලුඉංගිරියාව බාගෙට නිරූපනය වන තරම්ම ඇස් ඉවතට ගෙනයෑම සුදුසු වන්නේ නෑ.

නාසය එලියට පැනීම

නාසය නිරූපනය කිරීම. (photography.tutsplus.com)

නාසය මුහුනෙන් එලියට යොමුවීම ෆොටෝ එකට එතරම්ම එලියක් ගෙන එන කාරණාවක් නම් නෙමෙයි. නාසය මුහුනේම කොටසක් ලෙස දැක්වෙන පරිදි නාසය මුහුනේ රාමුව තුලට ගැනීම වඩාත් යෝග්‍ය වනවා.

ඇඳුමට තැනට අනුව

එකම ස්නේහා අවස්ථා දෙකකදී. (southdreamz.com

කොටට ඇඳි සායක් හෝ ගවුමක් ඇන්ද අවස්ථාවකදී දෙකකුල් වඩාත් පුලුල්‍ ලෙස විහිදා දැක්වීම උචිත වන්නේ නෑ. ඒ වගේම සාරිය, ඩෙනිම, ගවුම වැනි විවිධ ඇදුම්වලදී එකම ෆොටෝ පෝස් එක උනත් ඇදුම නිසා ෆොටෝවට පේන විදිය වෙනස් වන්නට හැකියාව තිබෙනවා.

සෝෂල් මීඩියා වල පිංතූර දැමීමේදී තැනට ගැලපීමත් යම් වටිනාකමක් තිබෙනවා. චාරිකාවක්, මුහුදු වෙරල ගමනක් වැනි අවස්ථාවකදී වඩාත් සිරුර නිරාවරණය වන දෙකකුල් විදහා දැක්වෙන කාන්තා සේයාරූ චාරිකාවේ අනෙක් පිංතුර වලටද ආලෝකයක් එකතු කරනවා. නමුත් ආගමික ස්ථානයක් රාජකාරි වැඩකටයුත්තක් වැන්නකදී වැසුනු චාම් ඇඳුමක් සහ වැඩි කැටයම් නොමැති පෝසින් වඩාත් යෝග්‍ය වෙනවා.

අවසාන වශයෙන්

(s-media-cache-ak0.pinimg.com)

අලංකාර ලෙස අඳිමින් පළඳිමින් අනෙකාගේ ඇස යොමු කරගන්නට ආකර්ශනය යොමු කරගන්නට අපි හැමෝම ආසයි. ඒ වගේම වඩාත් මිල අධික කැමරා සහ ස්මාට්ෆෝන් වලින් පැහැදිලිව සියුම් වර්ණයන්ද පිංතූරයට නතුවන පරිදි ඡායාරූප ගැනීමත් මෙකල බොහෝ ජනප්‍රිය විනෝදාංශයක්. අලුතින් ඇදුම් ගන්නත් හොද කැමරා ෆෝන් සහ කැමරා ලබාගන්නත් අපිට සැලකිය යුතු මුදලක් වියදම් වෙනවා. ඒත් හොදට ෆොටෝ එකකට මුහුන දෙන්න සිරුර සකසාගන්න ඔබට මුදලක් වැයවන්නේ නෑ.

ඔබ සතුව තිබෙන කුඩා කැමරාවක් සහිත ජංගම දුරකථනයකින් වුවද ඔබට සෙල්ෆි හරහා හෝ මිතුරෙක් සමග එකතුව විවිධ ආකාරයේ පෙනීසිටිම් අත්හදාබලන්නට පුළුවනි. ඔබේ සිරුරේ හැඩය වඩාත් ආකර්ශනය දනවන ආකාරය සලකා බලා සිත්කලු ෆොටෝවක් වෙනුවෙන් ඉරියව්ව සකසා ගන්නට එය මනා පිටුවහලක් වේවි. ඒ හරහා හදිසියේ උත්සවයකදී චාරිකාවකදී හැඩට පිංතූරයක් ගන්නට උවමනාවිට ඔබට ලෙහෙසියෙන්ම එයට කදිමෙට පෙනෙන විදිහට සැරසී සිටින්නට හැකියාව ලැබේවි.

Related Articles