
මිනිස් සිරුර යනු ඉතා අපූර්ව නිර්මාණයකි. මිනිස් සිරුර සැකසී ඇත්තේ ක්‍රියාවලි රාශියක එකතුවෙනි. සිරුර තුළ සිදුවන මෙම ජීව ක්‍රියාවලට විශේෂ වූ ඊට අදාල අවයව හා පද්ධති පවතී. වර්තමානයේ මිනිසාගේ ජීවන රටා, අාහාර රටා, අයහපත් සෞඛ්‍ය පුරුදු ආදිය හේතුවෙන් මිනිස් සිරුරේ පද්ධති වල ක්‍රියාකාරිත්වය අඩාල වී විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් පවතී. එවන් ලෙඩ රෝග කීපයක් පිළිබඳ අප විමසා බලමු.
රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝග

westfloridaveincenter.com
හදවතේ සිදුරු පිහිටීම
හදවතේ සිදුරු ස්ථාන දෙකක පිහිටිය හැක.
- කර්ණිකා වෙන් කරන බිත්තියේ
- කෝෂිකා වෙන් කරන බිත්තියේ
මෙම සිදුරු නිසා ඔක්සිජන් සහිත රුධිරය හා ඔක්සිජන් රහිත රුධිරය එකිනෙක මිශ්‍ර වී ශරීරය පුරා ගමන් කරයි. සිරුරේ පද්ධති වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම මෙහිදී සිදුවේ. ඇතැම් සිදුරු ඉබේ සුව වන අතර ඇතැම් ඒවා හෘද සැත්කම් මගින් සුවකළ හැක.
රක්තහීනතාවය
රතු සෛල ගණන අඩු වීම නිසා රුධිරයේ හිමොග්ලොබින් ප්‍රතිශතය අඩුවීම මෙහිදී සිදුවේ. මෙම රෝගය ඇතිවීමට හේතු ලෙස යකඩ උෟණතාවය, රතු ඇට මිදුලු අකර්මන්‍ය වීම, අධික ලෙස ලේ ගැලීම, මැලේරියාව ආදිය දැක්විය හැක. මෙහිදී රෝගියාගේ ඇඟ සුදුමැලි වීම හා වෙහෙසකර ස්වභාවයක් රෝගියා තුලින් දිස්වේ.
ලියුකේමියාව
ලියුකේමියා රෝගය ආකාර දෙකකින් දැකිය හැක.
- තීව්ර ලියුකේමියාව
- නිධන්ගත ලියුකේමියාව
මෙහිදී සිරුරේ සුදු රුධිර සෛල විශාල මට්ටමින් ඉහළ යන අතර රතු රුධිර සෛල ප්‍රමාණය අඩුවේ. ලියුකේමියාව ඇතිවීමට පැහැදිලි ලෙස හේතු හඳුනාගෙන නැති වුවත් වර්තමානයේ මෙම රෝගයට හේතු කාරක ලෙස දක්වන්නේ විකිරණ, රසායන, ඖෂධ ආදියයි.
ආහාර මාර්ගය ආශ්රිත රෝග

clipartfest.com
අර්ශස්
මෙය වර්තමානයේ බහුලව දැකිය හැකි රෝගයකි. මෙහිදී ගුද මාර්ගයේ පිහිටි ශිරා ඉදිමී මොලොක් ගෙඩි මතුවේ. මලපහ කිරීමේදී ගුද මාර්ගය අාශ්‍රිතව දැඩි වේදනාවක් මෙම ගෙඩි නිසා හටගනී. මස් මාංශ වැඩියෙන් ආහාරයට ගන්නා පුද්ගලයින් අතර මෙය බහුලව දැකිය හැක. මෙයට පිළියම් ලෙස තන්තු බහුල වැටකොළු, කොහිල ආදිය ආහාරයට ගත හැක. අර්ශස් සුව කළ හැක්කේ එම ගෙඩි කපා ඉවත් කර හෝ ගෙඩිය තුලට බෙහෙත් විදීම මගිනි.
මල බද්ධය
මහ බඩවැල තුළ වැඩි කාලයක් මළපහ රැඳී තිබීම නිසා ඒවායේ ජලය සිරුරට අවශෝෂණය වී මළපහ ඝන වේ. මෙසේ ඝන වීම නිසා මළ බද්දය ඇතිවේ. මළබද්ධය සඳහා හොඳම ප්‍රතිකර්ම වන්නේ වැඩිපුර ජලය පානය කිරීම හා තන්තු අඩංගු වැටකොළු, කොහිල ආදිය ආහාරයට ගැනීමයි.
දත් දිරායාම
දත් දිරා යාම සිදුවන්නේ බැක්ටීරියා නිසා ඇතිවන අම්ල මගිනි. මෙම බැක්ටීරියා සෑදීමට ප්‍රධාන හේතු වන්නේ දත් අතර රැඳී ඇති ආහාර කොටස් වේ. දත් දිරායාමේදී මුලින් විනාශ වන්නේ දතේ එනමලය යි. අවසානයේ කල්කය ද විනාශ වූ පසු දත ගලවා දැමීමට සිදු විය හැක.
ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග

oynat.info
ක්ෂය රෝගය
මයික්රෝබැක්ටිරියම් ටියුබකියුලොසිස් මගින් මෙම රෝගය ඇති වේ. බොහෝවිට මෙම රෝගයට පෙනහළු ගොදුරු වේ. මයික්රෝබැක්ටිරියම් ටියුබකියුලොසිස් බැක්ටීරියාව නිසා පෙනහළු දිරා ගොස් ඒවාගේ කුහර ඇතිවේ. බොහෝවිට මෙම රෝගයත් සමඟ අඛණ්ඩ කැස්ස ඇතිවේ. රෝගය උත්සන්න වූ විට කැස්ස සමඟ පෙනහළු කැබලි, ලේ සහ සැරව පිටවේ.
ඇදුම
ඇදුම ඇති වෙන්නේ අසාත්මික කාරක වන දුවිල්ල, සත්ත්ව ලෝම, සුළඟ නිසා ශ්වාසනාලිකා හැකිලීම මගිනි. මෙහිදී පෙනහළු තුල ඇති කුඩා ස්වාසනාලිකා තාවකාලිකව අවහිර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයක් පන නගී. මෙම රෝගයේදී කැස්ස සමග පපුවෙන් රූං ශබ්දයක් පිටවේ. නිට්ටාවටම සුවකළ නොහැකි මෙම රෝග තත්වය බෙහෙත් මගින් පාලනය කළ හැක.
ඉන්ෆ්ලුවෙන්සාව
වෛරස වර්ගයක් නිසා හට ගනී. වෛරසය ස්වසන මාර්ගයේ අසාදන ඇතිකරයි. මෙහි පැහැදිලි රෝග ලක්ෂණ වන්නේ හිසේ අමාරුව, උගුරේ වේදනාව, හන්දිපත් වේදනාව, වියලි කැස්ස හා උණයි. රෝගියා කහින විට පිටවන කෙළ බිඳිති මගින් රෝගය පැතිරේ.
ස්නායු පද්ධතිය ආශ්රිත රෝග

emaze.com
අංශභාගය
අංශභාගයට හේතු වන්නේ මස්තිෂ්කයේ එක් පැත්තක පටක හානි වීමයි. මෙහිදී රුධිර වාහිනී පුපුරායාම හෝ අවහිර වීම සිදුවේ. අංශභාගය නිසා සිරුරේ එක් පැත්තක් අඩපණ වීම හා එම පැත්තේ සංවේදන නොදැනීම, පෙනීම අඩුවීම, කතා කිරීමේදී ගොත ගැසීම, කට පැත්තකට ඇද වීම සිදුවේ.
අපස්මාරය
අපස්මාරය වර්ග කිහිපයකට බෙදිය හැක. බහුලව දැකිය හැකි අපස්මාර වර්ගය වන්නේ මී මැස්මොරය යි. අපස්මාරයට බොහෝවිට හේතුව මොළයේ ගෙඩියක් හෝ එහි කැළලකි. එම ගෙඩිය හෝ කැළල පිහිටි තැන අනුව රෝග ලක්ෂණ වෙනස් වේ. මොළයේ ගෙඩියක් නිසා අපස්මාරය සෑදී ඇත්නම් ගෙඩිය ඉවත් කළ පසු රෝගය සුව වේ.
ජලභීතිකාව
පිස්සු බලු රෝගය නමින් හැදින්වෙන මෙය රුබිඩෝ වෛරසය මගින් හට ගනී. රුබිඩෝ වෛරසය මිනිස් සිරුරට ඇතුල් වූ පසු මස්පිඬු තුළ වර්ධනය වී ස්නායු ඔස්සේ මොළයට ගමන් කරයි. ජලභීතිකා රෝග ලක්ෂණ මතුවී සතියක කාලයක් තුල රෝගියා මියයයි. මෙම වෛරසය මිනිස් ශරීර තුලට ප්‍රධාන ලෙස ඇතුල් වන්නේ පිස්සු බල්ලන් සපා කෑම මගිනි. මෙම රෝගය වලක්වා ගැනීමට දඩාවතේ යන බල්ලන් වඳ කළ යුතු අතර තම නිවසේ සිටින බළලාට වසර දෙකකට වරක් ARV එන්නත ලබා දිය යුතුය.
මොළයේ ගෙඩි
මොළයේ සෛල සමුහයක් එකතු වී සාදන ගෙඩි වැනි අසාමාන්‍ය වැඩීම් මේ නමින් හැදින්වේ. මෙම රෝගය නිසා හිසේ තද බල වේදනාවක් ඇති වේ. මොළයේ ගෙඩි හට ගැනීමට හේතුව නිවැරදිව හඳුනාගෙන නොමැති අතර නොයෙකුත් අාසාදන නිසා එවැනි තත්වයක් ඇති විය හැකි බව විශ්වාස කෙරේ.
කවරයේ පින්තුරය – cjnotebook.com
මුලාශ්‍ර
- W.T.M මහින්දරත්න, මිනිස් සිරුරේ පද්ධති (වාසනා ප්‍රකාශකයෝ 2003)
- en.wikipedia.org
- www.livescience.com
- human-body-facts.com