Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බහුලව ඇසෙන සම්බාහන ආකාර කිහිපයක්

සම්බාහනය කියන්නේ බොහෝම දීර්ඝ ඉතිහාසයක් තියෙන විෂයකි. එදා රජ දවස රජ සිටු මැතිවරුන් සිය විඩාව සංසිඳුවා ගන්න යොදා ගත්ත සම්බාහන ක්‍රම අද වෙද්දි වඩාත් දියුණු විද්‍යාත්මක මුහුණුවරකින් අප වෙත ළඟා වී ඇත. සම්බාහනය තුලින් විඩාවට පත් ඉන්ද්‍රිය අවයව මෙන්ම මනසද සුවපත් කෙරේ. සම්බාහන මධ්‍යස්ථාන වලින් නිතර ඇසෙන, ඒවායේ දැන්වීම් වල තිබෙන සම්බාහන ක්‍රමවේද ආදිය මොනවාද කියා අපි දැන ගමු.

ෆුල් බොඩි මසාජ් Full Body Massage

සම්බාහන ක්‍රියාවලියේදී පාදාන්තයේ සිට කේශාන්තය දක්වා සියලුම ඉන්ද්‍රියයන් ට සම්බාහනය සැපයීම ෆුල් බොඩි මසාජ් හිදී සිදු වේ. ස්වෙඩිශ් මසාජ්,ආයුර්වේදික්‌ මසාජ්, උණු  වූ ගල් මසාජ් (Hot Stone Massage) , තායි මසාජ් ආදී වූ මසාජ් ක්‍රමවේදය කුමක් වුවද මුළු සිරුරම සඳහා එකවර සම්බාහනය දියත් කිරීම ෆුල් බොඩි මසාජ් ලෙස හැඳින්වේ. සාමාන්‍යෙයන් කවර නම් වූ මසාජ් ක්‍රමවේදයකට වුවද මෙම ආකාරයේ සම්පූර්ණ සිරුරම මසාජ් කරන අවස්ථාවකට පැයකට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් වැය වේ. හෙඩ් මසාජ්, ශෝල්ඩර් මසාජ්, ෆුට් මසාජ් ආදී ඉන්ද්‍රියන්ට සුවිශේෂී වූ මසාජ් අසුනකදී වුවද කළ හැකි නමුත් ෆුල් බොඩි මසාජ් සදහා බොහෝ විට තෙරපිවරයාගේ දෑත් පහසුවෙන් හැසිරවිය හැකි මට්ටමේ උසැති ඇඳක් භාවිතා වේ.

කේරළ සහ තායි මසාජ් ක්‍රමවේද සිරුරේ අතපය ආදී ඉන්ද්‍රිය මත නැගීම, ඒවා තෙරපීම ආදිය සිදුවන බැවින් එම අවස්ථාවලදී මසාජ් ප්‍රතිකාර ලබන අය  මෙට්ටයක් මත බිම තබා මසාජ් කරන අවස්ථාද වේ.

https://www.tripsavvy.com/what-is-full-body-massage-3090298

Steam Bath (හුමාල නැහැවීම )

හුමාලයෙන් ඇඟ උණුසුම් කරගැනීම ෆින්ලන්තය වැනි රටවල දී බහුල ලෙස පැතිර ගොස් තිබේ. ඒ රටවලදී ඒවා සෝනා(sauna)  යනුවෙන් හඳුන්වන අතර එම කාමර වලට හුමාලය එන්නට සැලැස්වීමෙන් මුලු සිරුරම උණුසුම් කරගනී. ඇතැම් කුඩා සම්බාහනායතන තුළ මේ සඳහා කුඩා ආගාරයක් භාවිතා කරන අතර එය තුළට සිරුර බහා ඉන් පසු එහි ඇතුලතින් හුමාලය ඇඟට විදීමට සලස්වනු ලැබේ. මේ ස්ටිම් බාත් ක්‍රමයෙන් සිරුර මනාව පිරිසිදු වේ.

Reflexology ( නිල සන්තර්පනය )

නිල වෙදකම යනු අප රටේ ද එකල පැවති පාරම්පරික වෛද්‍ය ක්‍රමයකි. මෙම මසාජ් වලදි සිදු වන්නේ පාදයේ පතුලේ හෝ වෙන්ත ස්ථාන වල ඇති සිරුරට සනීපය සැනසිල්ල ලබා දෙන නිල ආදිය තෙරපීමයි. මෙම නිල හඳුනාගෙන ඒවා නිසි පරිදි තෙරපීම යම් පළපුරුද්දක් ඇති අය විසින් කල යුතුය. වැරදි නිල තෙරපීම වැරදි ප්‍රථිපල මතුකාලයේ උදා වීමට හේතු වේ.

(යටි පතුලේ නිල තෙරපෙන අවස්ථාවක්) -https://wellbeingclinic.com/therapies/reflexology/

ආයුර්වේද මසාජ්

ආයුර්වේදයේ මසාජ් යනුවෙන් ස්ථිරසාර වූ ප්‍රතිකාර ක්‍රමවේදයක් හඳුනාගත නොහැකි අතර වෙනත් ආයුර්වේද ප්‍රතිකාර වලදී යොදා ගන්නා යම් යම් ක්‍රමවේද ආයුර්වේද මසාජ් ලෙස දියුණු වී කරළියට පැමිණ තිබේ. ආයුර්වේද මසාජ් වලදී විවිධාකාරයේ ඖෂධීය තෙල් වර්ගද සිරුරේ ආලේප කර ඒවා මත මසාජ්  කටයුතු සිදු කරනු ලැබේ. ආයුර්වේද මසාජ් සිදුකිරීමේ දී ආයුර්වේදය ගැනත් ඉන්ද්‍රිය ගැනත් යම් දැනුමැති අය ගේ අධීක්ෂණය යටතේ ඒවා සිදු කරැගැනීම මනාය. නැතහොත් එය සාමාන්‍ය සම්බාහනයකින් වෙනස් වන්නේ තෙල් සිරුරේ ගල්වා සිදුකරන මසාජ් එකක් ලෙස පමණි.

ඇරෝමාතෙරපි

ඇරෝමා තෙරපි මගින් ස්වාභාවික ශාකසාර මුසු ආලේපන සිරුරේ ගල්වා සම්බාහනය කිරීම සිදු කරනු ලැබේ. එහිදී යොදාගනු ලබන ශාකසාර රැසකි. මේ ශාකසාර මුසු ඇරෝමාතෙරපි සම්බාහන ක්‍රමවේදය සම පිරිසිදු කරැගැනීම, සිරුරේ ඡවි වර්ණය වර්ධනය කර ගැනීම වැනි කටයුතු වලට රූපලාවන්‍ය කටයුතු සදහාද බහුල වශයෙන් යොදා ගනී.

ශිරෝධාරා

ශිරෝධාරා යනු ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදයකි. නොකඩවා ගලන තෙල් ධාරාවක් නලලත සහ හිස මත පතිත කර ඉන් පසු සම්බාහන කටයුතු සිදු කරනු ලැබේ. ඒ හරහා හිස මූලික කොටගත් රෝගාබාධ සදහා වඩාත් හොඳ ප්‍රථිපල ලැබෙන බවද දැක්වේ.

ක්‍රීඩා සම්බාහනය (Sports Massage)

ක්‍රිකට් ක්‍රීඩාවේදී ක්‍රීඩකයින් ආබාධයට ලක් වූ කල දිවගෙන එන භෞත චිකිත්සකවරයා විසින් ලහි ලහියේ ක්‍රීඩකයා බිම දමාගෙන යම් යම් සම්බාහන ක්‍රමවේද භෞත චිකිත්සක ක්‍රමවේද හරහා සහනයක් ලබා දීමට වෙර දරනු ඔබ දැක ඇති. එවැනි ක්‍රීඩා කටයුතු උදෙසා කරනු ලබන සම්බාහන ක්‍රමවේද තුලින් මාංශපේෂීන් සහ සිරුරේ අවයව මනාව හැසිරවීමට අවශ්‍ය සාධක වඩාත් ඔපමට්ටම් කරනු ලැබේ. අත, පය, ඇඟිලි, මාංශ පේශීන්, සහ සිරුරේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට ඒවා චලනය කල යුතු සම්බාහනය කල යුතු විද්‍යාත්මක ආකාර තිබේ. ඒ ආකාරයට ක්‍රීඩා සම්බාහන කටයුතු  සිරුරේ චලනය වන ඉන්ද්‍රියන්හි යහපැවැත්ම වර්ධනය කොට ක්‍රීඩාශිලි සිරුරක් ඇති කර ගැනීමට උදව් වේ.

(ෂිරෝධාරා ක්‍රමය) https://deals.webindia123.com/deal/7791/all-ayurvedic-services/

සම්බාහන වල ලිංගික සුව

බටහිර රටවලද මුල් කාලයේදී ෆුල් බොඩි සත්කාරය අවසානයේ ලිංගිකමය ආශ්වාදයක් ලබා දීමේ ක්‍රමවේද තිබුණි. එහෙත් බොහෝ දියුණු රටවල්හි අද වන විට සිරුරට සැහැල්ලුවක් ලැබෙන විකල්ප ප්‍රතිකාර ක්‍රමවේදයක් ලෙස සම්බාහන ක්‍රියාවලි දක්වා තිබේ. සම්බාහන ආයතන සදහා මෙන්ම තෙරපිනියන්, තෙරපිවරුන් සහ ඒ අදාල කාර්යමණ්ඩල සදහා නිසියාකාර සුදුසුකම් තිබිය යුතු යැයි ඒ රටවලදී දක්වා තිබේ. එසේ සුදුසුකම් නොමැති ස්ථාන සහ අය සම්බාහන ආයතන ක්‍රියාත්මක කරන්නේ නම් එවැනි තැන් වලට එරෙහි දැඩි නීති ක්‍රියාමාර්ගද එංගලන්ත ඇමරිකා ආදී දියුණු රටවලදි ක්‍රියාත්මක වේ.

සම්බාහන මධ්‍යස්ථාන හරහා  ලිංගික සම්බන්ධතාවලට දියුණු රටවලදී ඉඩ අඩුය. තායිලන්තය, ඉන්දුනිසියාව, කාම්බෝජය, ඉන්දියාව වැනි රටවල සම්බාහන ආයතන හරහා ලිංගික සුව ලබාදෙන ක්‍රමවේදයන්ද ක්‍රියාත්මක වේ. එය එක් අතකින් ගණිකා වෘත්තියට යම් නීති ඇති සමාජයක ලිංගික සුව හුවමාරු වන කළු කඩ ක්‍රමවේදය වේ. සම්බාහන ක්‍රියාවලිය ලිංගික සුව හා වඩාත් බද්ධවීම තුල සම්බාහනයක් සොයා සම්බාහන ආයතනය සොයා ඇදෙන පිරිස් වලට අත්ව ඇත්තේ පීඩාවකි.

https://www.champakathaimassage.com/

මසාජ් සහ වාසි

සම්බාහන ක්‍රම වලින් ලැබනවා යැයි දක්වා ඇති ප්‍රතිලාභ ගැන ලොව පුරා වෛද්‍ය විද්‍යා සහ සම්බාහන කාර්යයේ නියුතු අය අතර ඇත්තේ යම් මත ගැටුමකි. විකල්ප වෛද්‍ය ක්‍රම අතරට ගැනෙන සම්බාහන ක්‍රමවේද ආදියෙන් ලැබෙන ප්‍රථිපල බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නිසි පරිදි ඔප්පු කරගත නොහැකි යයිද ප්‍රබල මතවාදයක් පවතී. කෙසේ වෙතත් අපගේ කාර්බහුල ජීවන රටාව තුල සම්බාහනය යනු ඉක්මන් සැහැල්ලුවක් සිතට මෙන්ම ගතටද ලබාගත හැකි මාහැඟි ක්‍රමවේදයකි.

Cover Image https://mythaiwellness.com/

Related Articles