Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එදිනෙදා භාවිතයට සාම්ප්‍රදායික ලාංකික අත්බෙහෙත් කිහිපයක්

එදිනෙදා ජිවිතයේ දි අප භාවිතයට ගන්නා දේ මෙන්ම අපතේ යන කෙහෙල් ලෙල්ලක් පවා  ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන අයුරු ගැන YouTube වීඩියෝ වලින් හා Buzzfeed පුවත් වාර්තා වලින් ඕනෑ තරම් අද කාලයේ අසන්නට ලැබේ. මේ අයුරින්ම, ලාංකීය අපේ මුතුන්මිත්තන්ගෙන් මේ දක්වාම පැවැත එන සාම්ප්‍රදායික  හෙළ අත්බෙහෙත් ක්‍රම සහ කෙම් ක්‍රම ද බොහෝමයකි. එවන් කිහිපයක් අද අපි ඔබ හමුවට ගෙනෙන්නෙමු. ඔබත් මේවායින් කීයක් භාවිතා කර තිබෙනවාද?

සෙම්ගෙඩි වලට කහ

කහ වල තිබෙන විෂබිජ නාශක ගුණය අප කා අතරත් ප්‍රසිද්ධය. මස් වර්ග ඇතුළු බොහෝ ව්‍යංජන වලට කහ ස්වල්පයක් ඉසීම සාමාන්‍ය සිරිතයි. මස් සේදීමේ දි සහ පිරිසිදු කිරීමේදී කහ භාවිතා වේ. මෙසේ ආහාර වේලට එකතු කරගැනීමට අමතරව කහ වල තිබෙන විෂබිජනාෂක ගුණය හේතුවෙන් එය සෙම්ගෙඩි රෝගයට සහ විදුරුමස් වල හට ගන්නා ගෙඩි වලට ප්‍රතිකර්මයක් ලෙස පුරාණයේ සිටම භාවිතා වී ඇති බව ඔබ දන්නවා ද? මෙහිදී කහ, ජලය සමඟ ආලේපයක් මෙන් සකසා ගෙන තුවාලය තිබෙන ස්ථානයේ ගැල්විය යුතුය.

ඉවුම් පිහුම් වලට පමණක්ම සීමා නොවුණු කහ සහ කරාබුනැටි

ඉවුම් පිහුම් වලට පමණක්ම සීමා නොවුණු කහ සහ කරාබුනැටි

දත් කැක්කුම් වලට කරාබුනැටි

කහ මෙන්ම කරාබුනැටිද හොඳ විෂබිජනාෂකයකි. එසේම එහි අන්තර්ගත ඉයුජිනොල් නිසා කරාබුනැටි වලට නිර්වින්දක ගුණයක් ද ඇත. ක්ලෝගාඩ් දන්තාලේපය සොයා ගන්නටත් පෙර සිටම අපේ මුතුන්මිත්තන් මේ කරුණ දැනගෙන සිටින්නට ඇති අතර දත් කැක්කුම් ආදිය පලවා හැරීමට ආදියේ භාවිතා කර ඇති ක්‍රමය වන්නේ කරාබුනැටි කිහිපයක් සැපීම ය (මෙහිදී දිවට දැනෙන රස නම් එතරම් සුමිහිරි නොවූනත් කියැවෙන පරිදිනම් කරාබුනැටි කෑ විට ‘දත් කැක්කුම කොහෙන් ගියාද නෑ’)

ආසාදන වලට කොහොඹ කොළ

සහල් ගුල්ලන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමට පමණක් නොව ආසාදන වලට ප්‍රතිකර්මයක් ලෙසත් හෙළයන් කොහොඹ කොළ භාවිතා කර ඇත. (food.ndtv.com)

සහල් ගුල්ලන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමට පමණක් නොව ආසාදන වලට ප්‍රතිකර්මයක් ලෙසත් හෙළයන් කොහොඹ කොළ භාවිතා කර ඇත. (food.ndtv.com)

පහත පෙන්වා දි ඇති අයුරින් කොහොඹ කොළ වල ප්‍රයෝජන බොහෝමයකි.

සහල් සඳහා

සහල්, වී ගබඩා කර ඇති බහාලුම් වල වියලි කොහොඹ කොළ ඇතිරීමෙන් සහල් වැඩි කලක් නැවුම්ව තබා ගත හැකි අතර ගුල්ලන්ගෙන් සහ කුඹින් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගත හැකිය.

පැපොල සහ සරම්ප රෝග වලට ප්‍රතිකර්මයක් ලෙස

කොහොඹ කොළ, අමු කහ සහ ගා ගන්නා ලද පොල් අඩංගු මිශ්‍රණයක් එකට අඹරා සමේ ආලේපනය කිරීම පැපොල සහ සරම්ප වැනි ආසාදන වලට හොඳ ප්‍රතිකර්මයක් ලෙස සැලකේ.

වෙනත් ආසාදන වලට ප්‍රතිකර්මයක් ලෙස

ආසාදනයකට ගොදුරු වූ රෝගියෙකුගේ ඇඳන් කොට්ට මෙට්ට වල කොහොඹ කොළ ඇතිරීමෙන් රෝගය සුව වීම ඉක්මන් කරගත හැක.

මැරුණු සම ඉවත් කිරීමට වැටකොළු

වැටකොළු ස්වාභාවික විෂ නාශකයක් වන අතර ආහාරයක් ලෙස මෙන්ම සමට ද ඉතා වටිනා පෝෂ්‍ය ගුණයක් එක් කිරීමට සමත්ය. ආදියේදී වැටකොළු සිවිය වියලා මැරුණු සම ඉවත් කිරීමට භාවිතා කර ඇත.  

ආහාර අජීර්ණ වලට උක්පැණි

ආහාර ජීර්ණයට උක්පැණි අගනා ප්‍රතිකර්මයකි – (thenaturesfarmacy.com)

ආහාර ජීර්ණයට උක්පැණි අගනා ප්‍රතිකර්මයකි – (thenaturesfarmacy.com)

ආයුර්වේදයේ දැක්වෙන පරිදි උක් ගස් අතිශය ගුණදායී වේ. එසේම ඒවා විශේෂයෙන්ම ආහාර ජීර්ණයට ද උපකාරී වේ. අජීර්ණය උග්‍ර තත්වයකට පත් වූ විට නැවුම් උක්පැණි ඉඟුරු ස්වල්පයක්, අඹරා ගන්නා ලද සාදික්කා සහ මී පැණි ස්වල්පයක මිශ්‍රණයක් හොඳ ප්‍රතිකර්මයකි.

පොල්

ප්ලාස්ටික් කොසු වලට විකල්පයක් (dir.indiamart.com)

ප්ලාස්ටික් කොසු වලට විකල්පයක් (dir.indiamart.com)

මෙය ලංකාවේ අතිශය ප්‍රසිද්ධ නිෂ්පාදනයකි. පොල් ගස් වලින් අපේ රටට කිසි අඩුවක් පාඩුවක් නොමැති අතර එය කප්රුක ලෙස හඳුන්වනේ පොල් ගසක සෑම කොටසකින්ම කිසියම් හෝ ප්‍රයෝජනයක් ගැනීමට අප අතීතයේ සිටම හුරු වී ඇති බැවිණි. අපි එදිනෙදා ආහාරයට එක් කරගන්නා පොල් වලට අමතරව පොල් ගසකින් ගත හැකි තවත් ප්‍රයෝජන කිහිපයක් පහත දැක්වේ.

පොල් ගෙඩියේ ලෙල්ල

පොල් ඔයන විට ගෙඩියේ පිටත ලෙල්ල ඉවත් කර දමන අපි එතැනින් එහා ඉන් ප්‍රයෝජනයක් නොගත්තද ප්ලාස්ටික් බුරුසු භාවිතයට පැමිණීමට පෙර ගෙමිදුල් පිරිසිදු කිරීමටද, පෙඳ පාසි බැඳුනු මතුපිටවල් ශුද්ධ කිරීමටද, අතීතයේ පොල් ලෙලි හා පොල් මුඩු භාවිතා කර තිබේ.

පොල් කෙඳි

සාමාන්‍යයෙන් පොල් ගෙඩිය ලෙලි ගසා ගත් පසුව ගෙඩියේ මතුපිට තිබෙන පොල් කෙඳි ද කඩා ඉවත් කර දමනු ලැබේ. මේ කෙඳි වලින්ද ගත හැකි ප්‍රයෝජන තිබේ. පිඟන් ඇතිළි මැදීමට පමණක් නොව ඇඟ ඇතිල්ලීමට පවා මේ පොල් කොහු භාවිතයට ගනු ලැබේ (ලංකාවේ මිනිසුන් ඇඟ හරි හැටි ඇතිල්ලීම පිළිබඳ සෑහෙන තරම් වද වෙයි!). මෙම පොල් කොසු වලට මතුපිට සිරීමකින් තොරව බඳුන් හා පිඟන් ආදියෙන් දැලිකුණු ඉවත් කිරීමේ හැකියාවක් පවතින නිසා අද බොහෝ මුළුතැන්ගෙවල වල භාවිතා කෙරෙන කම්බි බුරුසු ආදියට මෙය හොඳ විකල්පයකි.

…වළං පිඟන් සේදීමට හොඳ සාම්ප්‍රදායික විකල්පයක්– (usesofcoconut.com)

…වළං පිඟන් සේදීමට හොඳ සාම්ප්‍රදායික විකල්පයක්– (usesofcoconut.com)

පොළව මැදීමට පොල් කුඩු භාවිතා කිරීම

ටයිල් පොළවට මෙය නොගැළපුනද සිමෙන්ති පොළවක් තිබෙන නිවෙස් සහ බංගලා වලට මෙය භාවිතා කළ හැකිය. පොළොවට පොල් කුඩු දමා පිස දැමූ විට එය හොඳින් පිරිසිදු වී හොඳ දිස්නයක් ද ලැබේ.  

දිදුලන ගෙබිමක් ලබා දෙන පොල් කුඩු

දිදුලන ගෙබිමක් ලබා දෙන පොල් කුඩු

කොලෙස්ටරෝල් වලට ගොරකා

තම්බා ගත් ගොරකා– (exploresrilanka.lk)

තම්බා ගත් ගොරකා– (exploresrilanka.lk)

garcinia gummi-gutta හා garcinia cambogia විද්‍යාත්මක නාම වලින් හැඳින්වෙන ගොරකා ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ව්‍යංජන වලට, විශේෂයෙන්ම මාළු සහ මස් කරි වලට අදටත් නැතිවම බැරි අංගයකි. අද බොහෝ දෙනා මෙය රසයක් එක් කරන කුළුබඩු විශේෂයක් ලෙස භාවිතා කළද පැරැන්නන් විශ්වාස කළ පරිදි ගොරකා වල මාංශ වල තිබෙන අනවශ්‍ය මේද කොටස් නැති කර දැමීම වැනි ඖෂධීය ගුණද අඩංගු වේ.

කොම්පෝස්ට් පොහොර ලෙස තේ මණ්ඩි

ශ්‍රී ලාංකිකයන් වන අපි තේ පානය කිරීමට විශේෂ කැමැත්තක් දක්වන නිසා දිනකට කුණු බඳුනට එක් වෙන තේ කොළ මණ්ඩි ප්‍රමාණය අපමණය. එසේ වුවද භාවිතා කරන ලද තේ කොළ වියලා ගෙන එළවලු පාත්ති වලට හෝ ගස් වල මුලට දැමීමට පොහොරක් ලෙස භාවිතා කළ හැකිය.

තේ කොළ වලට අලුත් භාවිතයක්

තේ කොළ වලට අලුත් භාවිතයක්

ඔන්න අපි ඔබට පරම්පරාවෙන් පරම්පරාවට (WhatsApp ඒ දිනවල නොතිබුණු නිසා බොහෝ විට කට වහරෙන්)  පැවැත ගෙන ආ හෙළ සිරිත් සහ කෙම් ක්‍රම රැසක්ම හඳුන්වා දුන්නෙමු. නවීන ජිවන රටාවකට හුරු වී ඇති අපට එදිනෙදා දිවියේ මුහුණපෑමට සිදුවන දේ වලට මේ පිළියම් සියල්ලම සුදුසු නොවන බව සැබෑ නමුත් මින් සමහරක් අදටත් එකසේ වලංගුය (කෙසේ නමුත් මේවා අත්හදා බලන්නට ගොස් යම් හෙයකින් කරදරේ වැටුණ හොත් කරුණාකර අපට දොස් නැගීම පසෙක ලා ළඟම සිටින වැඩිහිටියෙකු ගෙන් උපදෙස් ලබා ගන්න. ඔවුන් බොහෝ විට ඊට කැමැත්තෙන් ම ඉදිරිපත් වනු ඇත.)

Related Articles