ගෝලිය වසංගතයක් වන කොරෝනා වෛරසය සදහා ලෝකයේ විවිධ රටවල් විවිධ පරීක්ෂණ අත්හදා බලමින් සිටිනවා. කොරෝනා වෛරසය ආසාදනය හඳුනා ගැනීම සදහා දැනට භාවිත වන පරීක්ෂණය PCR ලෙස හඳුන්වනවා. කොරෝනා වසංගතයත් සමඟ PCR පරීක්ෂණ පිළිබඳ අද අප කතාබහ කරනවා. PCR යන්න එක් විශේෂ රසායනාගාර පරීක්ෂණයක් හඳුන්වන කෙටි යෙදුමක්. Polymerase Chain Reaction යන්න එහි දිගු නම යි. මේ ලිපියේ අවධානය PCR පරීක්ෂණයේ ස්වභාවය පිළිබඳව යි.
මොකක්ද මේ PCR?
Polymerase Chain Reaction හෙවත් පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව ලෙස හඳුන්වන එය ආසාදනය හදුනාගැනීම හා තහවුරු කිරීම සඳහා භාවිත වනවා. මිනිසාගේ DNA කුඩා ප්‍රමාණයකින් පිටපත් මිලියන ගණනක් සෑදීම මෙහි දී සිදුකරනනවා.
DNA යනු මොනවා ද?
DNA යනු ඩිඔක්සිරයිබො නියුක්ලෙයික් අම්ල (Deoxyribo Nucleic Acid) යි. DNA පොදුවේ ශාක හා සත්ත්ව සෛලවල න්‍යෂ්ටියේ ඇති ද්විපටලමය ප්‍රවේණික සංඝටකය යි. DNA පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එනම් පුද්ගලයන්ට ආවේණික යි. (එනම් DNA මගින් පුද්ගලයන් හඳුනාගැනීම ද සිදු කළ හැකි යි.) එබැවින් රෝග කාරක ජීවින් හඳුනාගැනීමට ද මෙම පරීක්ෂණය යොදා ගත හැකි යි.
PCR පරීක්ෂණය සිදුකිරීමට DNA අත්‍යවශ්‍යම ද?
PCR සිදුකළ හැක්කේ DNA සහිත ජාන ඇති ජීවින් සදහා පමණි.වෛරස වල ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස DNA මෙන්ම RNA ද පවතිනවා. RNA තනි දාම න්‍යෂ්ටික සංඝටක වන නමුත් Covid19, SARS වෛරසවල ඇත්තේ RNA පමණ යි. PCR පරීක්ෂණ සිදු කළ හැක්කේ DNA සහිත ජාන ඇති ජීවින් සදහා පමණක් වන නිසා RNA මුලින් ම DNA බවට පරිවර්තනය කළ යුතු යි.
PCR සිදු කරන්නේ කොරෝනා වෛරසය සඳහා පමණ ද?
PCR සිදු කරන්නේ කොරෝනා වෛරසය සඳහා පමණක් ම නෙවෙයි. 1980 වර්ෂයේ සිට PCR පරීක්ෂණ විවිධ රෝග සඳහා සිදු කරනවා. උදාහරණ ලෙස HIV, හෙපටයිටිස් ආදිය දැක්විය හැකි යි.
කොරෝනා වෛරසය හඳුනා ගැනීම සදහා භාවිත කරන්නේ PCR පරීක්ෂණයේ වැඩි දියුණු කරන ලද අවස්ථාවක්. එය හදුන්වන්නේ
PCR – Reverse Transcriptase (ප්‍රතිලෝම පරිවර්තන – පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව) ලෙසින්. Reverse Transcriptase යනු මෙම පරීක්ෂණ සදහා යොදා ගන්නා විශේෂ එන්සයිමයක්.
PCR පරීක්ෂණ සිදුකරන අන්දම
1) PCR පරීක්ෂණය සිදු කිරීම සදහා සාම්පල නියැදියක් මුලින් ම අවශ්‍ය යි. ආසාදිතයකු හෝ අසාදිත යැයි සැක සහිත රෝගියකුගේ නාසය තුළින් හෝ උගුර තුළින් හෝ (නාස ග්‍රසනිකාව ,ස්වරාල ග්‍රසනිකාව තුළින්) දිගු Cotton bud භාවිතයෙන් Swab (මස්තු) ලෙස මෙය ලබා ගන්නවා.
2) ඉන් පසු ඒවා විශ්ලේෂණය සදහා විශේෂ රසායනාගාරයකට යවනවා. මෙහිදී සාම්පල පැය 48ක් තුළ රසායනාගාරය වෙතට යැවිය යුතු අතර සාම්පල ප්‍රවාහනයේ දී සහ ගබඩා කර තැබීමේ දී නිර්දේශ කර ඇති උෂ්ණත්ව පරාසවල රඳවා තැබිය යුතු යි.
3) එහිදී පරීක්ෂණයට බාධා විය හැකි මිනිස් සෛල ඉවත් කිරීම සිදු කරනවා. (පිරිසුදු කිරීම)
4) පිරිසුදු කරන ලද කොරෝනා වෛරස RNA, විශේෂිත එන්සයිමයක් සමඟ මිශ්‍ර කරනවා.එය Reverse Transcriptase ලෙසයි හඳුන්වන්නේ. PCR පරීක්ෂණ සදහා භාවිත කළ හැකි පරිදි RNA, DNA බවට පරිවර්තනය කිරීමයි ඉන් සිදු කරන්නේ.
5) ඉන්පසු DNA විශේෂිත පරීක්ෂණ නළයකට ඇතුළු කරයි.එම පරීක්ෂණ නළයේ පතත සදහන් ද්‍රව්‍ය අන්තර්ගත යි.
ප්‍රයිමර්
dNTPs
සහ සාධක
ස්වාරක්ෂක
DNA පොලිමරේස්
ප්‍රයිමර්:
ප්‍රයිමර් යනු කොරෝනා වෛරසයේ ලාක්ෂණික
සමඟ බැදීමට නිර්මාණය කර ඇති DNA තනි දාම වේ.
DNTPS:
මෙය ඩිඔක්සිරයිබො නියුක්ලියොටයිඩ ට්‍රයි පොස්ෆේට්. මේවා අමුද්‍රව්‍ය ලෙස ක්‍රියා කරනවා.
සහ සාධක:
මැග්නීසියම් අයන මේ සදහා භාවිතා වනවා.
DNA පොලිමරේස්:
DNA ප්‍රතිවලිත වීම හා නව දාම දිගින් වැඩි කිරීම සඳහා දායක වන්නක්.
6) ඉන්පසු මෙම මිශ්‍රණය PCR යන්ත්‍රය තුළ රත් කර සිසිල් වන්නට ඉඩ හරිනවා. එම පියවරේ දී ප්‍රයිමර්ස් (Primers) හෙවත් පිටපත් කිරීමට අවශ්‍ය DNA කොටස් හඳුනා ගන්නවා. ඉන් පසුව Reverse Transcriptase එන්සයිමය භාවිත කරමින් කොරෝනා වෛරස DNAවලට අනුරූප DNA නිර්මාණය කර ගත හැකියි.
7) එම නිර්මාණය කරගත් වෛරස DNA පිටපත් දෙකෙහි ගුණාකාර ලෙස පිටපත් මිලියන ගණනක් පිටපත් වන තෙක් මෙය සිදු කරනවා. මෙමගින් පුද්ගලයකු කොරෝනා වෛරසය ආසාදිතයකු දැයි හඳුනාගත හැකි යි.
සාම්පල් ලබාගැනීමට නාසය හෝ උගුර තුළින් පමණක් සිදු කරන්නේ ඇයි?
කොරෝනා වෛරසය ස්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදිත රෝගයක් වන නිසා කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් තැන්පත් වන්නේ එම ස්ථාන වලයි. එබැවින් සාම්පල ලබා ගන්නේ නාසය හා උගුරේ එම ස්ථානවලින්.
PCR පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීම ගතවන කාලය
මේ සදහා අවම පැය 18ක් පමණ කාලයක් ගතවනවා. නමුත් අඩු කාලයකින් ප්‍රතිඵල ලබාදෙන ජාන පරීක්ෂණයක් ද පවතියි. එය Real Time – PCR නමි. එහි දී DNA අණු පිටපත් වන අවස්ථාවේදී ම හඳුනාගැනීම සිදු කරනවා.මේ නිසා මෙම පරීක්ෂණය Reverse Trans-criptase Real Time PCR ලෙස හෝ Real Time RT-PCR ලෙසයි හැඳින්වනුයේ.
PCR පරීක්ෂණයේ සංවේදීතාවට බලපාන සාධක
PCR පරීක්ෂණය ඉතාමත් සංවේදී පරීක්ෂණයක්.මෙම පරීක්ෂණයේ සංවේදීතාව පහත සාධක බලපානවා.
1. පරීක්ෂණය මඟින් හඳුනාගැනීමට අවශ්‍ය අවම වෛරස ප්‍රමාණය (Viral Liad)
2. පරීක්ෂණයේ සංවේදීතාව සහ අදාළ රෝගකාරකය සඳහා වන විශේෂිත බව
3. නිදර්ශක එකතු කිරීමට වැය කරන කාල පරාසය (Time of Collection)
4. ලබාගන්නා නිදර්ශකයේ ගුණාත්මක බව (Quality of the sample)
මෙම සාධක වඩාත් ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමෙන් පරීක්ෂණය වඩාත් සාර්ථක වන්නේ.
මෙම පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව රෝගය වැලඳී නොමැති බව සනාථ කර ගැනීමෙන් පසුව ද යම් ප්‍රතිශතයකට රෝගය තිබිමේ හැකියාවක් පවතිනවා. මුල් PCR පරීක්ෂණයෙන් පසුව රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වුණු රෝගියකුගෙන් පසුව ද රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ තිබෙන නිසා ම නිරෝධායනය වන පුද්ගලයන්ට දින 14ක් තුළ දෙවරක් මෙම පරීක්ෂණය සිදු කරනවා.