Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2000 මහා මැතිවරණයේ දී වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින්

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තෙවන මහා මැතිවරණය පැවැත්වුණේ 2000 වසරේ දී යි. පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය කරට කර සිටි අවස්ථාවක පැවති එම මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුණා. 1994 මහා මැතිවරණයට සාපේක්ෂව අඩු ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් වාර්තා වුණු මෙම මහා මැතිවරණයේ දී වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයින් පිළිබඳව තොරතුරු මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරනවා.

article

1803 දී ෆෙඩ්‍රික් නෝත්ට බැට දුන් උඩරට ආක්‍රමණය

1796 වසරේ දී ඉංග්‍රීසින් ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලන කටයුතු ආරම්භ කළා. ඉන් වසර 2කට පසුව ෆෙඩ්‍රික් නෝත් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාවට පැමිණියා. එලෙස ලංකාවට පැමිණි නෝත්, මුහුදුබඩ ප්‍රදේශවල පාලනය සිදුකරමින් සිටින අතරතුර අනාගතයේ දී උඩරට රාජධානියෙන් එල්ල විය හැකි තර්ජනය පිළිබඳව කල්පනා කළා. එම අවදියේ රට මැද රාජධානියක් තිබීම ඉංග්‍රීසීන්ගේ වැඩ කටයුතුවලට මහත් කරදරයක් වුණා. එසේම, ඉංග්‍රීසීන්ගේ නාවික මධ්‍යස්ථානය වුණු ත්‍රිකුණාමලයත් පාලන මධ්‍යස්ථානය වුණු කොළඹත් අතර සන්නිවේදන කටයුතු සිදුකිරීමේ දී උඩරට රාජධානිය බාධාවක් වුණා. එම නිසාම උඩරට ආක්‍රමණය කිරීමට මාන බලමින් සිටි නෝත්, ඒ සඳහා අවස්ථාවක් ලැබෙන තුරු ඉවසීමෙන් සිටියා.

article

1994 මහා මැතිවරණයේ දී වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින්

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ දෙවන මහා මැතිවරණය පැවැත්වුණේ 1994 වසරේ දී යි. වසර 17ක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය බිඳවැටෙමින් මහා බල පෙරළියක් සිදුවුණු එම මැතිවරණය, ලංකා දේශපාලන ඉතිහාසය තුළ හමුවන සුවිශේෂී මැතිවරණයක් වනවා. 1989 වසරේ පැවති මහා මැතිවරණයට වඩා වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු මෙම මහා මැතිවරණයේ දී ඉතාමත් ඉහළ මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයන් කිහිපදෙනෙකු හමුවනවා.

article

චීන – ඇමරිකා සබඳතා උඩුයටිකුරු කළ නික්සන්ගේ සංචාරය

නිරවි යුධ සමයේ ලෝක බලවතුන් අතර තරගය වෙනස්ම මානයකට ගෙන ගිය සිද්ධීන් අතර ප්‍රමුඛම අවස්ථාවක් වූයේ ජනාධිපති නික්සන්ගේ චීන සංචාරය යි. වසර විසි ගණනකට පසු ඇමරිකාව සහ මහජන චීනය අතර සබඳතාවල පැහැදිලි වෙනසක් ඉන් පෙන්නුම් කළා.

article

දෙවන ලෝක යුද්ධයේ ගිනිදැල් මැද ඇති වූ බ්‍රෙට්න් වුඩ්ස්

1944 වසර යනු දෙවන ලෝක යුද්ධය දරුණුවටම ක්‍රියාත්මක වූ වසරක් ලෙස හැඳින්විය හැකියි. සෝවියට් දේශයේ රතු හමුදාව නැගෙනහිර පෙරමුණ ඔස්සේ දරුණු ප්‍රහාර එල්ල කරමින් ජර්මනිය දෙසට වේගයෙන් ඇදී එන්නේ මෙම කාල සිමාවේ දී යි. ඒ වගේම නාසි හමුදාව ද එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තම බලය රැක ගැනීමේ දැඩි පරිශ්‍රමයක යෙදෙනවා.

article

හන්ගේරියාවේ අගනුවර නට්සීන්ගෙන් මුදාගැනීම

මීට වසර 75කට පෙර සෝවියට් හමුදා විසින් හන්ගේරියාවේ අගනුවර නට්සීන්ගෙන් මුදාගත්තා. ඒ, මාස කිහිපයක් තිස්සේ පැවති සටන්වලින් පසුව යි.

article

කේවල ඡන්ද ක්‍රමය යටතේ ලංකාවේ පැවති බහු මන්ත්‍රී ආසන

1947-1977 කාල සීමාව තුළ ලංකාවේ පැවැත්වුණු මහ මැතිවරණවල දී භාවිතයට ගැනුණේ කේවල ඡන්ද ක්‍රමය යි. එම ඡන්ද ක්‍රමය මඟින් එක් ඡන්ද කොට්ඨාසයකට එක මන්ත්‍රීවරයෙකු තේරී පත් වුණත්, ජනගහනය වැඩි ඇතැම් ඡන්ද කොට්ඨාස සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තේරී පත් වුණා. එලෙස මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තේරී පත් වුණු මැතිවරණ කොට්ඨාස බහුමන්ත්‍රී ආසන ලෙසින් හැඳින්වුණා.

article

End of Articles

No More Articles to Load