Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකා ඉතිහාසයේ මහා රාවණා යුගය

රාමායණයේ “දසිස් රාවණ” ලෙසින් ද, සිංහල සාහිත්‍යයේ “රාවණ රවුළු” ලෙසින්  ද, යක්ෂ ගෝත්‍රිකයන්ගේ වරිග පූර්ණිකාවේ “රාවණ රණබා” ලෙසින් ද හැඳින්වෙන මහා රාවණාගේ අවධිය හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකේ. රා” යනු ඉරයි. “වණ” යනු සමූහය යන්නයි. රාවණ යන්න පෙළපත් නාමයක් වන අතර සූර්ය කිරණ ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කළ සූර්ය පෙළපත ලෙසින් මෙය නිර්වචනය හැකි වේ. භාරතයේ හින්දුන් රාවණා යන නාමයට පවා මහත් බියක් දක්වති. සෑම වසරකම “දුසේරා” ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය පුළුස්සා දැමීමෙන් එය මොනවට පැහැදිලි වේ.

රාවණාගේ පෙළපත

රාවණාගේ පිය පාර්ශවය දෙස බලන විට, විශ්‍රවස් නම් පියා බලගතු මුනිවරයෙක් වේ. පියාගේ පියා වන පුලස්ති ද බලවත් මුනිවරයෙක්. මව් පාර්ශවය දෙස බලන විට, මවගේ පියා වන සුමාලි රකුස් රජු කාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහිව ඇත.

රාවණාගේ මුත්තා- පුලස්ති  

ramayanatours.com

පුලස්ති නම් සෘෂිවරයා වාසය කළේ පුලස්තිපුර ය. එනම් පොළොන්නරුවේ ය. ඔහු භාවනාවේ යෙදීම සඳහා යාමට පුරුදුව සිටියේ අනුරාධපුර වෙස්සගිරියේ තණචෝඩකගේ (තෘණබින්දු සෘෂි) අසපුවට යි. එහි විසූ තණචෝඩකගේ තරුණ දූවරුන්ගේ සිනාහඬ සහ කෑ ගැසීම් ඔහුට බාධාවක්ම විය. ඉන් කෝපයට පත්ව සිටි ඔහු තමා සමාධියෙන් නැඟී සිට ඇස් ඇරිය විට පළමුවෙන් දකින තරුණිය ගැබ් ගනීවා යැයි ප්‍රාර්ථනා කළේය. ඒ අනුව ඔහු පළමුවෙන් දුටු තණචෝඩකගේ දියණිය හවිර්ගු ගැබ් ගත් අතර ඇගේ දරුවා වන්නේ පසු කලෙක බලගතු මුනිවරයෙකු වූ විශ්‍රවස් ය.

රාවණාගේ සීයා- විශ්‍රවස් මුනි

අනුරාධපුර විශ්‍රවස්ගිරි නොහොත් වෙස්සගිරිය නම් වී ඇත්තේ විශ්‍රවස්ගේ නමින් ය. තෘණබින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්‍රවස් මුනි වෙස්සගිරියේ විසූ නිසා එය “වෙස්සගිරිය” විය.

පුරා විද්‍යාව සඳහන් කරන ආකාරයට විශ්‍රවස් මිත්‍යාවකි. විශ්‍රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරා විද්‍යාව විසින් සොයාගනු ලැබීමෙන් වැළකී ඇත්තේ ඒ නිසයි. කෙසේ වුව ද නිදහස් පුරාවිද්‍යා ගවේෂක පතිරආරච්චි නම් අය විසින් පහත සෙල්ලිපි වල විශ්‍රවස්ගේ නම සඳහන් වන ආකාරය සොයාගෙන තිබේ.

“පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙන” ලෙසින් සහ “පරුමක විසව පුත් විභීෂණගේ ලෙන” ලෙසින් හොරව්පතාන අසළ වලස්තෙවුණ වැව ලිපියේ ද, “පරුමක විශ්‍රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙන” ලෙසින් මහනුවර අසළ වේගිරිය දේවාලයේ ලිපියේ ද, “පරුමක විශ්‍රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙන” ලෙසින් හොරොව්පතානේ එරපොතාන ලිපියේ ද එසේ විශ්‍රවස් පිළිබඳ සඳහන් වන බවයි ඔහු පවසන්නේ.

රාවණාගේ සීයා- සුමාලි

රකුස් රජුගේ මව්පස සීයා සුමාලි ය. සූර ගුප්ත යනුවෙන් හැඳින්වූයේ ද ඔහුම වන අතර ඔහු බෝම්බ දමමින් අධිරාජ්‍ය ගොඩනඟන්නෙකු විය. නමුත් විශාල දේව සේනාවක් සමඟ ගොඩබිම කළ යුද්ධයේ දී සුමාලි රකුස් රජු කතිර කුමරුට පරාජය විය.

රාවණාගේ ඥාති සොහොයුරා – කුබීර

exploretours.lk

ලංකාපුරය සහ දඬුමොණරය නිෂ්පාදනය කර ඇත්තේ දේවයාණිගේ පුත් සිංහමුඛ සඳහා ය. නමුත් කතිර කුමරු තමා හා යුද්ධයකට එන බව දැනගත් සිංහමුඛ පළා ගිය අතර ඉන් ලංකාපුරය අරාජික විය. සින්හමුඛගේ පළායාම නිසා විශ්‍රවස්ගේ බිරියක් වූ ඉල්විලාගේ පුත් ලංකාපුරයේ රජ විය. ඔහුය කුබීර. රජ වීමෙන් පසු දඬුමොණරය ද ඔහු සතු විය. මෙය රාවණාගේ නොසතුටට හේතු වූ අතර කුවේර නොහොත් කුබීර රජකමින් නෙරපා හැර ලංකාපුරය යටත් කරගැනීම ඔහුගේ අරමුණ විය. සැබවින්ම මව්පිය පාර්ශවයන්ගෙන් සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන් වරක් ජාතක වූ, දස ඥානයකින් යුත් රාවණ මේ තනතුරට සුදුසු විය. මෙහි දී ඔහුට උදව් කළේ ඔහුගේ මාමා කෙනෙකු වූ ධූමරාක්ෂ සෙන්පතියා ය.

මහා රාවණ සහ රාමායණය

exploretours.lk

රාමායණය මහා වීර කාව්‍යයක්. මහා කාව්‍යයක් වීම සඳහා අත්‍යාවශ්‍ය උද්‍යාන වර්ණනා, නගර වර්ණනා, ගැහැණියක් නිසා ඇතිවන ගැටුමක්, වීර චරිත, දුෂ්ටයෙක්, දේව පුජා, ප්‍රීති උත්සව වලින් එය පිරී පවතී. රාම කුමරුගේ වීරත්වය විදහා දැක්වීමට දුෂ්ඨ රාවණා රජු, රාම-රාවණා යුද්ධය, මෙයට ඇතුළත් කර තිබේ.

නමුත් මව්පිය පරම්පරාවක් සහ දරු පරම්පරාවක් නැති රාමා සහ සීතා යන මන:කල්පිත චරිත වලට රාවණාගේ සම්බන්ධයක් නැත. රාමායණයට සියවස් තුනකට නොඅඩු කාලයක දී සකස් කළ දශරථ ජාතකයේ දැක්වෙන ආකාරයට රාමා, සීතා, සහ ලක්ෂ්මණ සොහොයුරු සොහොයුරියන් ය. දොළොස් අවුරුද්දක් වනයේ ජිවත් වූ ඔවුන්ට රාවණා කෙනෙකු සම්බන්ධ වන්නේ හෝ රාම රාවණා යුද්ධයක් හෝ නැත.

රාමායණය අනුව රාම විෂ්ණුගේ සය වන අවතාරය වන අතර ඔහු මනුෂ්‍යයෙකු වන්නේ නැත. එමෙන්ම සීතා යනු ඕපපාතිකව නගුල් මිටෙන් උප්පත්තිය ලද අයෙකි. ඒ නිසාම රාමායණය ප්‍රබන්ධයකි.

රාමායණයට පසුව ලියැවුණු ජාතකට්ට කතාවේ දශරාජ ජාතකයේ ද රාමා, සීතා සහ ලක්ෂ්මන් පිළිබඳව සඳහන් වන අතර එහි දැක්වෙන ආකාරයට ද ඔවුන් සහෝදර සහෝදරියන් තිදෙනෙකි. එහි ද රාවණාගේ සම්බන්ධයක් නැත.

මහා රාවණා හඳුනා ගන්නේ තුන් ලොවම ජයගත් අයෙකු ලෙසිනි. රාමායනයේ රචකයා වූ වාල්මිකී දැන සිටි බලවත්ම පුද්ගලයා රාවණා වන නිසා රාමාගේ චරිතය ඔසවා තැබීමට රාවණාගේ නාමය භාවිතා කරන්නට ඇති බවයි විචාරකයන්ගේ මතය.

කවරයේ කතාව- findmessages.com 

මූලාශ්‍ර

ravanalankapura.wordpress.com

sbdsisaikat.wordpress.com

sladeviper777.wordpress.com

www.ancient.eu

Related Articles