Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ප්‍රසිද්ධ තවත් කපූර් කෙනෙක්

අපි විවිධ අවස්ථාවල ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් ගැන​ තොරතුරු ගෙන ආවා නේ. ඉතින් මේ ලිපියත් අන්න ඒ වගේ ලෝක ප්‍රසිද්ධ කලාකරුවෙකු ගැන​යි. ඔහු නමින් අනිෂ් කපූර්. ඔව් ඔබ හිතුවා හරි. ඔහු අපේ අසල්වැසි ඉන්දියානු ජාතිකයෙක්. මේ අනිෂ් කපූර් ගැන​ කතාවයි.

බ්‍රිතාන්‍ය – ඉන්දියානුවෙක්

කපූර් උපත ලබන්නේ 1954 මාර්තු 12 වෙනිදා ඉන්දියාවේ බොම්බායේදී යි (මුම්බායි). ඔහුගේ මව ඉන්දියාවට එන්නේ ඇයගේ පවුල සමග​ බැග්ඩෑඩ් නුවර සිටයි. ඔහුගේ මව යුදෙව් සම්භවයක් සහිත පුජකවරයකුට දාව ඉපදී තිබුණා. ඔහුගේ පියා හින්දු ජාතිකයෙක් වුණා. ඔහු ඉන්දීය නාවික හමුදාවේ සේවය කරනු ලැබුවා. ඒ නිසා කපූර්ගේ ජිවිතයේ බොහෝ කාලයක් ගත වී තිබුණේ මුහුද හා නාවික කටයුතු ආශ්‍රිතවයි. කපූර් ඒ සමයේ සාගරය හා සම්බන්ධ බොහෝ තොරතුරු මේ නිසා එකතු කර තිබුණා. ඔහුගේ දෙමාපියන් විසින් ඔහු හා ඔහුගේ සොහොයුරා වූ ලාන් ව උත්තරා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඩේහේරාඩන් හී පාසලක නේවාසිකාගාරගත කරනවා. මේ නිසා ඔවුන් යුරෝපා ඉතිහාසය හා ඉන්දීය ඉතිහාසය පිළිබඳව හොදින් අධ්‍යනය කරනවා.  නමුත් ඔහු ඒම කාලයට වෛර කරන බව පසුව පවසනවා. එයට හේතූ වී තිබුනේ ඔහු නිවසට අයිති නැති පිටස්තර කෙනෙකු ලෙස ඔහුට හැඟුණු නිසයි. ඔහු ඒ නිසා කෙතරම් පිඩාවට පත් වුවේද යත් පසුකාලීනව මනෝ විශ්ලේෂණ ප්‍රතිකාර වෙනුවෙන් වසර 15ක් පමණ ගත කර තිබෙනවා.

The ArcelorMittal Orbit – එක්සත් ජනපදයේ උසම මූර්තිය වන අතර අනිෂ් කපූර් විසින් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සමගාමීව​ මෙය නිර්මාණය කළේය.

ඔහු කුඩා කල සිට තම මවගේ සිතුවම් නිමා කිරීමට ප්‍රියතාවක් දක්වා තිබෙනවා. නමුත් ඔහුට කලාකරුවෙකු වීමේ අදහසක් එවක තිබුණේ නෑ.

වයස අවුරුදු 17ක් පමණ වනවිට එනම් වර්ෂ 1971 – 1973 අතර කාලයේ ඔහු තම සොහොයුරකු හා සමඟ ඊශ්‍රායලයට යන අතර කිබුට්සයක​ ජිවත් වෙනවා. එහිදී ඔහු විසින් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවා. නමුත් ඔහුට ගණිතයේ තිබූ අපහසුතාව නිසා ඒම සිහිනය මාස 6කින් අත හරිනවා. ඉන්පසුව ඊශ්‍රායලයේදී ඔහු කලාකරුවකු වීමට අදහස ඇති කර ගනු ලබනවා. ඉන්පසුව 1973 කපූර් බ්‍රිතාන්‍යයට යන අතර එහිදී හොන්සේ කලා විද්‍යාලයට​ හා චෙල්සි හී සිතුවම් හා නිර්මාණ පාසලට ඇතුලත් වෙනවා. එහිදී ඔහුට පෝල් නියාගු නම් කලාකරුවා හමුවෙනවා. ඉන්පසුව  ඔහුගේ ධෛර්යමත් කිරීම් හමුවේ ඔහු මූර්ති වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනු ලබනවා.

ඉන්පසුව තමන්ගේ පශ්චාත් උපාධිය අතරතුර ඔහු එය වසරකින් පමණ අතහැර දමනවා. ඉන්පසුව නැවතත් කපූර් ඉන්දියාවට පැමිණෙනවා. එසේ පැමිණ  තමන්ගේ කාලාගාරයක් ඉන්දියාවේ ආරම්භ කරනවා.

නිර්මාණ දිවිය ඇරඹීම

ඉන්දියාවට පැමිණ වසර තුනකින් පමණ ඔහු තමාගේ අධ්‍යයන​ මත පදනම්ව තම ප්‍රථම ප්‍රධාන කලා නිර්මාණය එළි දක්වනු ලබනවා. 1000 Names නමින් එය හඳුවන්න පුළුවන්. ඉන්දියානු සංස්කෘතියෙන් හා වර්ණ වලින් පොහොසත් නිර්මාණ ලෙස ඒවා සැලකෙනවා. ඉතාමත්ම ජ්‍යාමිතික නිර්මාණ ශෛලයක් මෙම නිර්මාන වල අන්තර්ගත ව තිබුණා. 1980 ගණන් වල කරන ලද මෙම නිර්මාණ වල එකකට එකක් සම්බන්ධව  තබා ගැනීමට ඔහු කටයුතු කර තිබුණා. ඒ නිසා මෙම නිර්මාණ පෙළ 1000 names යන නමින් හදුන්වනු ලැබුවා.

1000 Names නිර්මාණ මාලාවේ කොටසක්  – (wordpress.com)

නිර්මාණ දිවියේ අපූරු තැන්

අනිෂ් කපූර් තමන්ගේ නිර්මාණ දිවිය තුල බොහෝ නිර්මාණ කර තිබෙනවා. ඒ නිසා අපි ඔහුගේ ප්‍රධාන පෙළ නිර්මාණ කිහිපයක් කෙටියෙන් ඔබ වෙත ගෙන එන්න හිතුවා.

හිස් පිටිය (1989 )

වැලිගල් කොටස් හයකින් යුතුව නිර්මාණය වුණු මෙම කලා කෘතිය 1989 වර්ෂයේ නිර්මාණය කර තිබුණා. මින් එක කොටසක් ඝන සෙන්ටිමීටර 125ක පමණ පරිමාවකින් යුතුයි. ඔහු මෙය මුලින්ම බ්‍රිතාන්‍යයේ පැවති වැනීසියේ කලා උළෙලක 1990 දී ප්‍රදර්ශනය කරනු ලැබුවා. එවකත් ඔහු ඉන්දියානු ජාතිකයෙක්. බ්‍රිතාන්‍ය වැලි ගල් හා ඉන්දියානු වර්ණක භාවිතයෙන් නිර්මාණය වුණු මෙම නිර්මාණය හා නැගෙනහිර හා බටහිර රටවල් අතර පවතින සංස්කෘතික හා ඉතිහාසමය ඝට්ටනය ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා.  මෙම කෘතිය වෙනුවෙන් Premio Duemila නම් සම්මානය ඔහු විසින් දිනාගනු ලැබුවා.

pinterest.com

මම ගැබ්බර වූ විට (1992)

මෙම නිර්මාණය කලාගාරයේ සුදු බිත්තියක කර තිබෙන ඉතා සරල නිර්මාණයක් ලෙස හඳුනාගත හැකි වෙනවා. එක වරක ශරීරයේ කොටසක් ලෙසත් තවත් වරක ගෘහ නිර්මාණයේ කොටසක් ලෙසත් මෙය දැකිය හැකියි. ඔහු මෙය හරහා ප්‍රකාශ කරන්න උත්සහා ගෙන තිබුණේ ජීවිතය අප උපදින්නේ හා ඇයි ? කෙසේද ? හා කෙසේ උපත හා ජීවිතය නිර්මාණය වන්නේද යන්නයි. එමෙන්ම ඔහු විසින් මෙම තේමාවෙන්ම ම තවත් නිර්මාණයන් කිහිපයක්ම එළි දක්වා තිබුණා.

අහස් කැඩපත (2001)

අනිෂ් කපූර්ගේ අනර්ඝතම නිර්මාණයක් ලෙස මෙය සලකන්න පුළුවන්. මෙය එංගලන්තේ නොටිංහැම් හී වෙලින්ග්ටන් සර්කස් රංග ශාලාවේ ඉදිරිපස නිර්මාණය කර තිබෙනවා. ටොන් දහයක් බරැති මෙය මීටර 6ක පළලකින් යුතු මෙම තල දර්පණය අහසට මුහුණලා සවිකර තිබෙනවා.මෙහි මුලික අදහස නිර්මාණයක් බවට පත්වීමට වසර 6ක් පමණ කාලයක් ගත වුණා. යුරෝ ලක්ෂ නවයක් මෙයට වියදම් වී තිබූ අතර මෙය නිර්මාණය කර තිබුණේ පින්ලන්තයෙයි. එමෙන්ම මේ වන විට එම නිර්මාණයේ තවත් අනු නිර්මාණ රැසක් එංගලන්තය පුරාවට නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම එය තිබෙන ස්ථානයේ එය පරිසරෙයේ කොටසක්ම බවටත් ඉබේම පත් වෙනවා. මෙය මගින් ලෝකය උඩ යට මාරු කරන බවත්, එමෙන්ම මිනිසුන්ට වෙනස් විදියට සිතීමටත් මෙම නිර්මාණය යොදා ගත හැකි බවත් කපූර් පවසනවා.

justingrant.space

අහස් දොරටුව ( 2001 )

මෙය ඔහු නිර්මාණය කරන්නේ චිකාගෝ නුවර මිලේනියම් පාර්ක් හි යි. ප්‍රමාණයෙන් ඉතා විශාල, පරාවර්තනය වන මතුපිටක් සහිත විශාල ප්‍රමාණයේ මූර්තියක් ලෙස මෙය සැලකිය හැකියි. මෙය “The Bean” යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබනවා. එමෙන්ම මෙය දිගින් අඩි 66ක් වන අතර උසින් අඩි 36ක්. එකිනෙකට සුමුදුව වැල්ඩින් කරන ලද මල නොකන වානේ පැනල් 168ක් මෙයට යොදාගෙන තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 6ක් ඇස්තමේන්තුවකින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය එය නිමවෙන විට ඇමරිකානු ඩොලර් මිලියන 23ක් පමණ වී තිබුණා. එමෙන්ම මෙම නිර්මාණයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා.

according2g.com

කපූර් ඉන්දියාවේ පද්ම භූෂණ සම්මානයටද හිමිකම් කියනවා. ලෝකයේ දැනට සිටින මිල​ අධිකම කලාකරුවන්ගෙන් කෙනකු ලෙසත් අනීෂ් කපූර්ව සලකන්න පුළුවන්.

Cover Image: The Standard

මූලාශ්‍රයයෝ

www.theartstory.org

www.artsy.net

www.museoreinasofia.es

Related Articles