Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ෆෙරෝස් සකීර්: රෙදි වෙළෙඳාමෙන් ආහාර සැපයුමට

පළපුරුදු රෙදිපිළි වෙළෙන්දෙක් වන ෆෙරෝස් සකීර් (46) වසර ගණනාවක් සාර්ථකව තම ව්‍යාපාරය කරගෙන ගියේ ය. කෙසේ වෙතත්, වසංගතය ඇති වූ විට ඒ සියල්ල නරක අතට හැරුණු අතර, විකුණා ගන්නට නොහැකි වූ භාණ්ඩ අතිරික්තයක් අවසානයේ  ඔහුට ඉතිරි විය. තම පවුලේ අවශ්‍යතා සපුරන්නට වුවමනා ආදායමක් ඉපැයීම  අදිටන් කර ගත් ෆෙරෝස් විකල්ප ආදායම් මාර්ග සෙවීමට පටන් ගත්තේ ය.

ඡායාරූප: Roar Media / නස්ලි අහමඩ්

ඔහුගේ ප්‍රියත ම තේරීම නොවුණත්, ෆෙරෝස් ත්‍රිරෝද රියෙන් කුලී ගමන් යාමට පටන් ගත්තේ පවුලේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා ය. එය සාමාන්‍ය  ත්‍රිරෝද රියක් නොවූ අතර එය භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකසන ලද්දකි. එකල ඔහුට මගීන් ප්‍රවාහනය කිරීමට වඩා බඩු භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉල්ලුමක් තිබූ අතර වාහනය ඒ සඳහා සුදුසු නොවන බව ඔහුට ඉක්මනින් වැටහුණු අතර ඔහුට ඒ සඳහා වඩා හොඳ විසඳුමක් සපයා ගැනීමට අවශ්‍ය විය. 

ෆෙරෝස් ලොරි සහ බස් වැනි ප්‍රවාහන වාහන සඳහා ‘බොඩි’ සෑදීමේ විශේෂඥ මිතුරකුගේ සහාය ඇතිව ත්‍රිරෝද රිය ආහාර අලෙවි කරන ජංගම රියක් බවට පරිවර්තනය කළේ ය. ආහාර අලෙවි කරන ජංගම රිය සැලසුම් කිරීමේ අදහස ෆෙරෝස්ගේ වූ අතර එය ඔහුගේ මිතුරා පවා වසඟයට පත් කරන්නට සමත් විය.

ඡායාරූප: Roar Media / නස්ලි අහමඩ්

අවසානයේ ෆෙරෝස්ට තම රෙදිපිළි ව්‍යාපාරය සඳහා පවා භාවිත කළ හැකි පරිපූර්ණ ත්‍රිරෝද රියක් නිමැවිණි. එහි ජනෙල් සඳහා බස් රථවලට යොදන ජනේල යොදා ගැනිණි.

ත්‍රිරෝද රිය ආහාර අලෙවි කරන ජංගම රියක් බවට පරිවර්තනය කිරීම සඳහා කාලය සහ මුදල් ආයෝජනය කිරීමෙන් පසු ෆෙරෝස් ඔහුගේ ජංගම ආහාර රිය සමඟ පාරට බැස්සේය. ආර්ථික අර්බුදය හමුවේ ෆෙරෝස්ට එය ඇත්තෙන් ම අභියෝගාත්මක විය. ආහාර පාන අවශ්‍ය ව සිටින දිගු ඉන්ධන පෝලිම්වල සිරවී සිටි පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් ඔහු සිය ව්‍යාපාරය ආරම්භ කළේ මේ අවස්ථාවේදී ය. ෆෙරෝස්ගේ ජංගම ආහාර රිය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර, ඔහුගේ ආහාර සහ තේවලට ප්‍රිය කරන නිත්‍ය පාරිභෝගිකන්ගේ විශ්වාසය දිනා ගන්නට ඔහුට හැකි විය.

ඡායාරූප: Roar Media / නස්ලි අහමඩ්

 කැපිටල් සිනමා ශාලාව ඉදිරිපිට පරණ යොන් වීදියේ දැනට ස්ථානගත වී සිටින ෆෙරෝස් තම ව්‍යාපාරය පුළුල් කිරීමට සහ ඔහුගේ මෙනුවට තවත් ආහාර ද්‍රව්‍ය එකතු කිරීමට සිහින දකියි. ආහාර කරත්තයට හෝ රෙදිපිළි ව්‍යාපාරයට හෝ වේවා, ඔහුගේ බිරිය ඔහුගේ ලොකු ම ශක්තිය වී ඇත. සීමිත ආයෝජනයකින් ඔහු අභියෝගවලට මුහුණ දුන්න ද, ෆෙරෝස් තම ව්‍යාපාරය සෙමින් හා ස්ථාවරව වර්ධනය කර ගන්නට අධිෂ්ඨාන කරගෙන සිටියි. 

ඡායාරූප: Roar Media / නස්ලි අහමඩ්

Related Articles