Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එවරස්ට් කන්ද අට වරක් තරණය කළ දිරිය කාන්තාව – ලක්පා ශර්පා

කඳු තරණය යනු සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයින් විනෝදාංශය කර ගත් ක්‍රියාවකි. බොහෝ විට කාන්තාවන්ගේ විනෝදාංශ යැයි සැලකෙන්නේ යහළුවන් සමඟ සාප්පු සවාරියේ යෑම, අලුත් කෑම ජාති සැකසීම, මල් වැවීම, පොත් කියවීම වැනි ක්‍රියාවන්ය. ඇතැම් විට පිරිමින්ට සීමා වූ යැයි සැලකෙන විනෝදාංශවල යෙදෙන කාන්තාවන් දෙස වපර අැසින් බලන අයද සමාජයේ සිටිති.

කෙසේ වෙතත් වර්තමානයේ කඳු නැගීම වැනි අභියෝගාත්මක ක්‍රියාවන් තම ජිවිතයේ විනෝදාංශ ලෙස තෝරා ගත් කාන්තාවෝ ද ඕනෑ තරම් සිටිති. ලක්පා ශර්පා යනු එවැනි කාන්තාවකි. එවරස්ට් තරණය කළ මුල්ම සහ එකම ශ්‍රී ලාංකිකයාද  කාන්තාවක් වන පසුබිමක අැගේ කතාව අප කාටත් හොඳ අාදර්ශයක් වනු අැත.

මැදි වියේ අාදරණීය මවක්

කඳු තරණය තම විනෝදාංශය කර ගත් ලක්පා ශර්පා මේ වන විට වයස අවුරුදු හතලිහ පසු කළ කාන්තාවකි. දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක් වන අය සාමාන්‍යයෙන් තරුණ අයට පමණක් සීමා වූ යැයි සැලකෙන සිය කඳු නැගීමේ විනෝදාංශයට තම වයසවත්, තමා මවක් වීමවත් බාධාවක් කරගෙන නැත.

ඇතැම් ලිපිවල සඳහන් වන ආකාරයට  ඇය 2017 වසරේ මැයි මාසය වන විට අට වතාවක් එවරස්ට් කන්ද තරණය කර ඇත.

ළමා කාලය

xgames.espn.com

නේපාල ජාතික කාන්තාවක් වන ලක්පා ශර්පා උපත ලබා අැත්තේ සහෝදර සහෝදරියන් 11 ක් සිටින විශාල පවුලක යි. නේපාල භාෂාවට අනුව ඇයගේ නමේ තේරුම “බදාදා” යන්නයි. මොවුන්ගේ නිවස පිහිටා තිබී ඇත්තේ හිමාලය කන්දේ කොටසක නිසා  කුඩා කල සිට කඳු නැගීම ඔවුනට හුරු පුරුදු කාර්යක් විය. ලක්පා ශර්පා පවසා ඇති ආකාරයට කුඩා කල සිටම ඇයගේ මව ඇයට පවසා ඇත්තේ ඇය ගැහැණු දරුවෙකුට වඩා පිරිමි දරුවෙකුග් වැඩ කරනා බවයි.

එවරස්ට් කන්ද මුලින්ම තරණය කළ නේපාල කාන්තාව වන Pasang Lhamu ගේ අඩි පාරේ යාමට කුඩා කල සිටම ශර්පාට බලවත් ආශාවක් පැවතුණි. මේ නිසාම ඇය නේපාල රජයෙන් එවරස්ට් තරණය සඳහා අවසර ඉල්ලා තිබේ. ඇය ප්‍රකාශ කර ඇති ආකරයට රාජ්‍ය නිලධාරීන් මෙය අසා බියට පත් වී ඇත. නමුත් ශර්පා ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ එය තම එකම ආශාව හා සිහිනය බවයි.

කුඩා කල පාසල් අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම හේතුවෙන් ශර්පාට කියවීමට හෝ ලිවීමට ඉගෙන ගැනීමට නොහැකි විය. ඇයගේ මුල්ම රැකියාව වූයේ කඳු නගින්නන් හට ආහාර පිසීම සඳහා අත් උදව් ලබා දීමයි. නෑදෑයින් බොහොමයක් කඳු නැගීම ආශ්‍රිත කටයුතුවල නිරත වී සිටීම නිසා කඳු නගින පුද්ගලයින්ගේ බඩු මුට්ටු ගෙන යෑම ආදී ක්‍රියාවන්වලද ශර්පා නිරත වූවා ය.

මුල්ම එවරස්ට් තරණය

outsideonline.com

ශර්පාට මුලින්ම එවරස්ට් තරණය සඳහා අවස්ථාව උදා වනුයේ 2000 වසරේදී ය. ඇය මුලින්ම එවරස්ට් තරණය කරන ලද්දේ කිසිදු ක්‍රමානුකූල පුහුණුවකින් තොරවයි. නමුත් ඊට පෙර අවස්ථා කීපයකදීම ඇය එවරස්ට් කන්දට මග පෙන්වන්නියක ලෙස ගොස් තිබේ. වරක් ඇය එවරස්ට් තරණය කිරීමේදී ඇයගේ පළමු දියණිය ඉපදී ගතවී තිබුණේ මාස අටක් පමණි. තවත් වරක් ඇය එවරස්ට් තරණය කිරීමේදී ඇයට දෙවන දරුවා පිළිසිඳගෙන මාස දෙකක් පමණි.  වර්තමානය වන විට ශර්පා ලෝකයේ සිටින ශක්තිමත්ම කඳු නගින කාන්තාවක් ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත. එවරස්ට්වල ඇති බොහෝ කඳු මුදුන් තරණය කර නිම කිරීමේ හැකියාව මැයට උදා විය.

පුද්ගලික ජීවිතය

ශර්පා තම මුල් විවාහයෙන් දික්කසාද වූ කාන්තාවකි. ඇයගේ සැමියා වුයේ George Dijmarescu ය. ඇයට තම ස්වාමිපුරුෂයා හමුවී ඇත්තේ ඇය පළමු වරට 2000 වසරේදී එවරස්ට් කන්ද තරණය කිරීමෙන් පසුවයි. පසුව ඔවුන් දෙදෙනාම එක්ව එවරස්ට් තරණය කර ඇත. වරක් ඔවුන් කණ්ඩායමක් සමඟ කඳු තරණය කිරීමේදී ශර්පාගේ ස්වාමි පුරුෂයා විසින් ඇයගේ හිසට පහර දෙමින් හිංසා කරන ආකාරය අනෙක් කඳු නගින්නන් දැක ඇති බවට වාර්තා කර තිබේ. කෙසේ හෝ ශර්පාට තම සැමියාගෙන් තිබු නිරන්තර හිංසනය හා මරණ තර්ජනයන් නිසාවෙන් ඇය ඔහුගෙන් දික්කසාද වූ බව වාර්තා වේ.

altitude.news

මොවුන්ගේ දික්කසාද නඩුවේදී ශර්පා පවසා ඇත්තේ තම සැමියා නිරන්තරයෙන් ඇයට බැන වදින්නේ “මා මුලින් නුඹව මරා පසුව දරුවන් මරා තමාද සිය දිවි හානි කරගන්නවා” යැයි තර්ජනය කරමින් බවයි. කෙසේ හෝ නඩු විභාගයෙන් පසුව ශර්පාගේ සැමියාට මාස 6ක අත් හිටවූ සිර දඬුවමක් හා වසරක පරිවාස කාලයක් නියම කරන ලද බව වාර්තා වේ.

අනාගතයේ නැවත තරණය කිරීමට ඇති බලාපොරොත්තුව

abc.net.au

පෞද්ගලික ජීවිතයේ අැති ගැටලු කිසි විටෙකත් තම විනෝදාංශයට බාධාවක් කර නොගත් බව ලක්පා කියා සිටියි. 2016 වසරේ ජුනි මාසය වන විට ශර්පා 7 වන වතාවට එවරස්ට් කන්ද තරණය කර ඇති බව බී.බී.සී පුවත් සේවය පළ කළ ලිපියක සඳහන් වේ. නමුත් ඇය පුවත් සේවයට පවසා ඇත්තේ තවමත් ඇය එවරස්ට් තරණය නිමා කර නොමැති බවයි. ඇයට 10 වතාවක් එවරස්ට් තරණය කිරීම අවශ්‍ය බව ශර්පා වැඩි දුරටත් පවසා ඇත.

කාන්තාවකට සැබෑ උවමනාවක් අැත්නම් කළ නොහැකි දෙයක් නොමැති බවට ලක්පා ශර්පා හොඳ උදාහරණයකි.

කවරයේ පින්තුරය – rejectedprincesses.com

Related Articles