Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව බලවත්ම සහ බිහිසුණුම අපරාධකරු – අල් චාපෝ

ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයේ පාතාල නායකයන් සිටියත් මේ කියන්න යන්නේ ඒ සියල්ලන්ටම වඩා ඉහළින් සිටින ලෝකයේ දරුණුතම සහ බලවත්ම පාතාල නායකයා ගැනයි. FBI  විසින් ප්‍රකාශයට පත්කළ දුටු තැන අල්ලාගත යුතු ලොව අත්‍යවශ්‍යම අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ පළමුවෙන්ම සිටින ඔහු තමයි සුප්‍රකට මෙක්සිකානු මත්ද්‍රව්‍ය ව්‍යාපාරික සහ පාතාල නායක අල් චාපෝ (El Chapo). ඇතැම් මාධ්‍ය හඳුන්වන්නේ ඔහු පාතාලයේ ගෝඩ් ෆාදර් වරුන්ගේත් ගෝඩ් ෆාදර්  ලෙසටයි.

www.thedailybeast.com

ජොආක්වින් ගුස්මාන් ලොවේරා  හෙවත් අල් චාපෝ මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරතව සිටින අතර ලොව බලවන්තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයා ලෙසටද සැලකෙනවා. අල් චාපෝ යන්න ඔහුගේ අන්වර්ථ නාමය වන අතර එහි මෙක්සිකානු තේරුම ‘කොටා’ යන්නයි. එම නමටම ගැලපෙන නොඋස් සිරුරකින් හෙබි අල් චාපෝ මේ වන විට පසු වන්නේ 63 වැනි වියේ බව පැවසෙනවා. එහෙත් ඇතැම් ආරක්ෂක අංශ සැක කරන්නේ ඔහුගේ වයස ඊට වඩා මදක් අඩු බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම,මුදල් විශුද්ධීකරණය සහ විවිධ සංවිධානාත්මක අපරාධ වල යෙදීම  අල් චාපෝ ගේ වෘත්තියයි. එවන් අපරාධ සඳහාම විශේෂඥයන් වන  සුප්‍රකට සිනලොවා කල්ලිය ක්‍රියාත්මක වන්නේ ඔහුගේ නායකත්වයෙනුයි. ඇතැමුන් විසින් එය සිනලොවා සමාගම හෝ සම්මේලනය යනුවෙන් හඳුන්වන අතර LOS ANGELIES TIME පුවත්පත ඔවුන් හඳුන්වන්නේ මෙක්සිකෝවේ බිහිවූ බලවත්ම පාතාල කල්ලිය ලෙසටයි. එම කල්ලිය ක්‍රියාත්මක වන්නේ රන් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන සිනලොවා, ඩුරන්ගෝ සහ  චිහුආහුආ යන නගර තුන කේන්ද්‍ර කරගෙනයි. කංසා සහ මරිජුවානා නිෂ්පාදනයට සුප්‍රකට එම ප්‍රදේශය සැලකෙන්නේ සම්පූර්ණයෙන්ම පාහේ පාතාලයේ අණසක යටතේ පවතින මරණයේ බිමක් ලෙසටයි.

gangsterreport.com

පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙකු ලෙස අල් චාපෝ ගේ බලය කොතෙක්ද යන්න ප්‍රකට වන්නේ සුප්‍රකට FORBES සඟරාව විසින් 2009 -2010 අතර වාරයේ නම් කළ ලොව බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ඔහුගේ නමත් ඇතුලත් වීමයි. අල් චාපෝ මෙක්සිකෝවේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන අතර එහි මුල්තැන හිමිව සිටින්නේ ලොව අංක එකේ බිලියනපතියකු වන කාලෝස් සලීම් හටයි.

මනුෂ්‍ය ඝාතනය සෙල්ලමක් කරගෙන සිටින අල් චාපෝ ගැන FORBES සඟරාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘ලෝක ඉතිහාසයේ විසූ දැවැන්තම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා ලෙසිනුයි. එසේම ඇමරිකානු ආරක්ෂක අංශ වලට අනුව වර්තමානයේ ලොව වෙසෙන වඩාත්ම බලවත්ම, බිහිසුණුම,කුරිරුම සහ භයානකම මිනිසා ඔහුයි. සුප්‍රකට පැබ්ලෝ එස්කොබා වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද එල් චාපෝ ඉදිරියේ සාමාන්‍ය පාතාලයන් බවට පත්වන බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.

මෙක්සිකෝව කේන්ද්‍ර කර ගනිමින් ලොව වටා විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටින අල් චාපෝගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය වෙළඳපල ඇමරිකා එක්සත් ජනපදයයි. 2014 වසරේදී අල් චාපෝ අත්අඩංගුවට ගන්නා විට ඔහු විසින් ඇමරිකාවට පමණක් බෙදා හැර තිබූ කොකේන් ප්‍රමාණය පමණක් කිලෝ  450,000 බව සඳහන් වනවා.

www.ibtimes.co.uk/

වෘකයකුගේ ලේ පිපාසයත්, නරියකුගේ කපටි බුද්ධියත්, කොටියකුගේ නිර්භීත කමත් ඇතැයි පැවසෙන අල් චාපෝ අතින් සිදු වූ මිනි මැරුම් ගණන කෙතරම් දැයි ඔහුවත් නොදන්නා බව පැවසෙනවා. සල්ලාලයකු වන ඔහුට  බිරින්දෑවරු හතර දෙනෙක් ඇති අතර අනියම් බිරින්දෑවරුන් සිය ගණනක් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ පුතුන්ද මේ වන විට සිය පියාගේ ව්‍යාපාරයේ හවුල් කරුවන් වී සිටින අතර අල් චාපෝ සිරගත කෙරුණු විට සිනලොවා කල්ලිය පාලනය කරනු ලබන්නේ අල් චාපෝ ගේ පුතුන් වන අල්ෆ්රදෝ සහ ඉවාන් විසිනුයි.

අල් චාපෝ  සිරගෙදරින් පලා යාමට ශුරයකු බවද ප්‍රකට කරුණක්. ඔහු පළමුවරට පොලිසිය විසින් අල්ලාගනු ලැබුවේ 1993 වසරේදීයි. මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් එහිදී ඔහුට වසර 20ක සිර දඬුවම් හිමිවූ අතර, බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දී ඔහු එයින් පලා ගියේ 2001 වසරේදීයි. ඒ වනතුරු අල් චාපෝ සිරගෙදර සිට සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවා තිබෙනවා.

timedotcom.files.wordpress.com

ඉන්පසු මෙක්සිකානු පොලිසිය, ඉන්ටර්පෝල් සහ ඇමෙරිකාව එක්ව අල් චාපෝ අත්අඩංගුවට ගැනීමට විවිධ මෙහෙයුම් දියත් කළත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ. ඇමෙරිකාව විසින් ඔහු ගැන තොරතුරක් ලබා දෙන්නෙකුට ඇමරිකානු  ඩොලර් මිලියන පහක් දෙනු ලබන බව ප්‍රකාශ කළ අතර මෙක්සිකානු රජය පැවසුවේ තමන් විසින් ඒ සඳහා පෙසෝ මිලියන 60 ලබා දෙන බවයි. 2014 වසරේදී අල් චාපෝ නැවත අත්අඩංගුවට ගැනුණේ මහල් නිවාස සංකීර්ණයක සිව්වැනි මහලේ සැඟව සිටියදීයි. ඉන් වසරකට පසු ඔහු නැවත සිරගෙයින් පලා ගියේ කිලෝමීටර් 1.5 කට වැඩි දුරක් වූ උමගක ආධාරයෙනුයි.

www.npr.org

2016 වසරේදී අල් චාපෝ නැවතත් මෙක්සිකානු හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ  මෙහෙයුමකදී අත්අඩංගුවට පත්වූ අතර 2017 වසරේදී ඔහු ඇමෙරිකාව බලා රැගෙන ගියේ දැඩි ආරක්ෂාවක් යටතේයි. මේ වන විට අල් චාපෝ ඇමෙරිකාවේ රඳවා සිටින අතර ඔහුගේ කල්ලිය සිය නායකයා බේරා ගැනීම සඳහා විවිධ අයුරින් උත්සාහ කරමින් සිටින බවද පැවසෙනවා.

මෙක්සිකෝවේ අන්ත දුගී පවුලක උපන් අල් චාපෝ කුඩා කල දිවි සරිකර ගැනීමට දොඩම් විකුණා තිබෙනවා. ළමා වියේ සිටම රණ්ඩු සරුවල් වලට නැඹුරු ඔහු සිය මුල්ම මරිජුවානා වගාව අරඹා ඇත්තේ වයස අවුරුදු 15 දියි. ඉක්මණින්ම මත්ද්‍රව්‍ය වෙළඳාමේ රස වැටුණු අල් චාපෝ වයස අවුරුදු 20 වන විට සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල සාමාජිකයෙක් බවට පත් වුනේ  සිනලොවාවේ ප්‍රකට මැරයකු බවටද පත් වෙමින්.

larepublica.pe

අල් චාපෝ මේ වන විට ලොව පුරා ප්‍රකට චරිතයක් බවට පත්ව සිටින අතර ඒ හේතුවෙන් ඔහුගේ චරිතය පාදක කරගනිමින් ‘අල් චාපෝ’ නමින් රූපවාහිනී මාලා නාටකයක්ද 2017 වසරේදී  නිර්මාණය කෙරුනා. අල් චාපෝට බිරියන් කිහිප දෙනකු සිටින නමුත් ඔහුගේ බිරිඳ ලෙස මාධ්‍ය හඳුන්වන්නේ එමා කොරෝනෙල් නම් සුරූපිනියයි. මෙක්සිකානු රූ රැජිනක් වන ඇය සිය පියාගේ ආශිර්වාදයද සමග ලෝකයේ වඩාත් අත්‍යවශ්‍යම සහ බිහිසුණුම පුද්ගලයා සමග විවාහ වූයේ 2007 වසරේදීයි.

මූලාශ්‍ර

Rolling Stone.com

Forbes.com

chilango.com

Los Angeles Times.com

Related Articles