Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුදු සංචාරය ජීවිතය කර ගත් මාර්කෝ පෝලෝ

මාර්කෝ පෝලෝ ඉපිද ඇත්තේ 1254 වර්ෂයේ ධනවත් වෙළඳ පවුලක් තුල යි. මොහුගේ මව පොලෝ කුඩා කලදීම මිය ගොස් ඇති අතර පියා වෙළඳාම් කටයුතු සඳහා දිගු ගමනක නිරත වී සිටි නිසා පෝලෝව හදා වඩා ගන්නා ලද්දේ ඥාතීන් විසිනි. මාර්කෝ පෝලෝ පසු කාලයේදී වැනිසියානු ගවේෂකයෙක් බවට පත් විය. මොහු 1271 සිට 1295 දක්වා කාලය තුල දී යුරෝපයේ සිට ආසියාතික ප්‍රදේශ කරා පැමිණ එම ප්‍රදේශ වල සංචාරයන්ගේ නිරත වූවෙක් ලෙස දැක්විය හැක. මෙලෙස ආසියාතික ප්‍රදේශ වල සංචාරය කර ඇති යුරෝපිකයින් අතරින් ප්‍රධාන තැනක් ගන්නා මාර්කෝ පෝලෝ පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමට මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වේ.

මාර්කෝ පෝලෝ තම පියා මුණ ගැසීම

aglobalreach.com

පෝලෝ ඉපදීමට පෙර ඔහුගේ පියා වන Niccolo හා මාමා වන Maffeo දීර්ඝ වෙළඳ සංචාරයකට පිටත් වී ඇත. මොවුන් මුලින් වසර හයක පමණ කාලයක් කොන්ස්තන්තිනෝපලයේ ගත කර ඇත. ඉන්පසු ඔවුන් ගමන් කර ඇත්තේ soldaia වෙහි වරාය නගරයටයි. 1261 දී නැගෙනහිර රෝම අධිරාජ්‍ය විසින් කොන්ස්තන්තිනෝපලය නැවත අල්ලා ගැනීමත් සමඟ පෝලෝගේ පියා හා මාමාට නිවස බලා පැමිණීමට නොහැකි විය. මේ නිසා මොවුන් සිල්ක්, මැණික්, කුළුබඩු වැනි දෑ විකිණීමේ අරමුණෙන් නැගෙනහිර දෙසට ගමන් කරන ලදී. ඉන් පසු Bukhara රටේ වසර තුනක් ගත කිරීමෙන් පසු මොන්ගෝලියානු තානාපති වරයෙකු ඔවුන්ට කුබ්ලායි ඛාන් (Kublai Khan) නමැත්තා මුණ ගැසීමට උපදෙස් දෙන ලදී. මොහු හමු වීමේ ප්‍රතිපලයක් ලෙස 1269 වසරේදී නැවත තමාගේ රටට පැමිණීමට හැකි විය. මාකෝ පොලෝට පළමුව තම පියා මුණ ගැසුනේ එවිට යි.

ආසියාතික සංචාරය

1271 වසරේදී මාර්කෝගේ පියා, මාමා හා මාර්කෝ Mongol Court බලා පිටත් විය. ඉන් පසු ඔවුන් ගමන් කලේ Acre වෙතයි. මෙය පිහිටා ඇත්තේ ඊශ්‍රායලය තුළයි. මීළඟට ඔවුන් ගමනාන්තය ලෙස තෝරා ගත්තේ ටර්කි වල පිහිටි Gulf of Iskenderun නමැති මුහුදු බොක්කයි. 1272 වසර මුල භාගයේ ඔවුන් නැගෙනහිර ටර්කි, උතුරු ඉරානය පර්සියන් බොක්ක ආදිය පසු කර ගමන් කරන ලදී. මෙහිදී පෝලෝගේ මතය වුයේ මුහුදින් ඉන්දියාවට ගමන් කිරීමට වඩා ගොඩබිමින් ගමන් කිරීම සුරක්ෂිත බවයි.

පසුව ඔවුන් ගොඩබිම සංචාරය ආරම්භ කර නැගෙනහිර ඉරානය පසුකර හොඳින් ආගන්තුක සත්කාර දන්නා Badakhshan නමැති ප්‍රදේශයට පැමිණෙන ලදී. මෙය පිහිටා තිබෙන්නේ ඇෆ්ගනිස්ථානය තුළයි. වසරක් පමණ මෙහි කාලය ගත කල පෝලෝ ඇෆ්ගනිස්ථානය තුළ ගමන් කල ප්‍රදේශ නිශ්චිතවම දක්වා නොමැත. ඉන්පසු ඔවුන් චිනයට ගමන් කර ඇතත් ඔවුන් ගමන් ගත් මාර්ග පැහැදිලිව නිශ්චිත නොමැත.

චීන සංචාරය

thefamouspeople.com

වසර 4 ක ආසියාතික සංචාරයකින් පසු පෝලෝ චීනය බලා පැමිණේ. ඔහුගේ සංචාරයන් පිලිබඳ බොහෝ කරුණු ඔහු විසින් රචනා කර ඇති පොතේ දක්නට ලැබේ. චීන සිරිත් විරිත හා සංස්කෘතිය හොඳින් අධ්‍යයනය කළ පෝලෝ තමාගේ පොතේ ඒ පිලිබඳ සටහන් තැබීමට අමතක කළේ නැත. මෙම සටහන් කියවන අයෙකුට පෝලෝගේ නිරීක්ෂණ හැකියාව හොඳින් දැකගත හැක.

වැඩි කාලයක් යන්නට පෙර චීනයේ කුබ්ලායි ඛාන්ගේ හිත දිනා ගැනීමට පෝලෝට හැකි විය. මේ හේතුවෙන් චීනයේ වෙළඳාම් කිරීමේ අවස්ථාව ඔවුනට උදාවිය. කුබ්ලායි ඛාන් තමාගේ රාජ්‍ය ප්‍රදේශයේ තත්වය, හා සංවර්ධනයන් දැන ගැනීමට පෝලෝගේ වාර්තා කියවීම සිදු කරන ලදී. ඛාන් හා පොලෝ අතර මිතුරුකම අවුරුදු 16 කට වඩා කාලයක් පැවති බව සඳහන් වේ. චීනයෙන් හා ආසියාතික සංචාරයෙන් විශාල මුදලක් උපයාගත් පෝලෝ එම මුදල් වලින්  ප්‍රයෝජන ලබා ගැනීමට තම මවු රට වන වැනිසියට යා යුතු බව තීරණය කරන ලදී.

නැවත වැනීසියට පැමිණීම

superprof.co.uk

තමන් උපයාගත් මුදල් නිසි ලෙස වියදම් කිරීමට නැවත වැනිසියට යාමට පෝලෝ තීරණය කළත් කුබ්ලායි ඛාන් යම් කාල සීමාවක් යනතුරු ඔවුන්ව චීනයෙන් යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුනට යුරෝපය බලා පිටත් වීමට හැකියාව ලැබුණේ 1292 වසරේදීය. ඒ ඛාන් විසින් ඔවුන්ව යම් කාර්යයක් සඳහා පර්සියාවට හා රෝමයට පිටත් කර හැරීම නිසාවෙනි. පර්සියාවේදී පෝලෝ ඇතුළු කණ්ඩායමට කුබ්ලායි ඛාන්ගේ ප්‍රාදේශීය පාලකයෙකුගේ හා මොන්ගෝල් කුමාරිකාවක් අතර විවාහය සංවිධානය කිරීමේ වගකීම පවරන ලදි. මෙහිදී මනමාලයා මිය යාම නිසා වෙනත් මනමාලයෙකු සොයා ගන්නා තෙක් වසරක පමණ කාලයක් එහි රැඳී සිටීමට ඔවුනට සිදු විය. මොවුනට වැනීසියට යාමට හැකි වුයේ 1295 වසරේදීය.

තම මවු රටට යාමෙන් පසු පෝලෝ නැවත ආසියාවට පැමිණියේ නැත. පසුව ඔහු වැනීසිය රාජ්‍ය සේවයට බැඳුනු අතර Genoa නගර රජයට එරෙහිව වැනීසිය කළ සටනට තම දායකත්වය ලබා දෙන ලදි. 1298 වසරේදී ඔහු වැනිසියානු නාවික නැවක අණ දෙන නිලධාරියා වශයෙන් සේවය කර ඇත. 1298 සැප්තැම්බර් මාසයේදී Genoa රජය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන සිර ගත කළ බවට සඳහන් වේ. නමුත් වසරක කාලයක් තුළ ඔවුන්ව නිදහස් කිරීමට සිදු විය.

පුද්ගලික ජීවිතය

archive.trome.pe

පෝලෝ 1300 වසරේදී Donata නැමති කාන්තාවක් සමඟ විවාහ විය. ඇයගේ පියාද ධනවත් වෙළෙන්දෙකු විය. පෝලෝට හා ඔහුගේ බිරිඳට දරුවන් තුන්දෙනෙකු සිට ඇත. ඔවුන් නම් වශයෙන් Fantina, Bellela, Moreta ලෙස දැක්විය හැක. 1323 දී පෝලෝ බොහෝ අසනීප තත්වයට පත් විය. එහි ප්‍රතිපලයක් ලෙස 1324 දී වැනිසියේ ඔහුගේ මරණය සිදු විය. මිය යන විට පෝලෝට වයස අවුරුදු 70 කි.

ඉටලෝ කැල්විනෝ (Italo Calvino) නැමති පුද්ගලයා විසින් රචිත “ අදෘශ්‍යමාන නගර(invisible cities)” නමැති පොත පදනම් වී ඇත්තේ පෝලෝ චීනයේ සංචාරය කල නගර හා ඔහු එහිදී ලබා ගත් අත්දැකීම් මතයි. මිට අමතරව වැනිසියානු ගුවන් තොටුපල පෝලෝට උපහාරයක් ලෙස “ වැනිසියානු මාර්කෝ පෝලෝ ගුවන්තොටුපළ” ලෙස නම් කර ඇත.

කවරයේ පින්තුරය – biography.com

Related Articles