වික්ටර් හියුගෝ යනු නවකතා කරුවෙකු, කාව්‍ය රචකයෙකු, නාට්‍ය රචකයෙකු, නිබන්ධකයෙකු වගේම රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කටයුතු කළ ප්‍රංශ ජාතිකයෙක්. මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු ද වූ මොහු 19 වන සියවසයේදී ප්‍රංශයේ සිටි ඉතාමත් බල සම්පන්න රචකයෙකු වනවා.
ළමා අවධිය හා අධ්‍යාපනය
වික්ටර් මාරි හියුගෝ, Joseph Léopold Sigisbert Hugo හා Sophie Trébuchet යන යුවලගේ බාලම දරුවා වන්නේ ය. පියා හමුදා නිළධාරියෙකු වූ අතරම නැපෝලියන් යටතේ ජෙනරාල් වරයෙකු ලෙස සේවය කොට තිබෙනවා. මොහුගේ සහෝදර සහෝදරියන් වන්නේ Abel Joseph Hugo හා Eugène Hugo යි.
වර්ෂ 1802 පෙබරවාරි මස 26 වන දින බෙසන්සොන් (Besançon) හි උපත ලද මොහු ජීවිතයේ වැඩි කාලයක් ගත කරනු ලැබුවේ ප්‍රංශයේ ය. කෙසේ නමුත් III වන නැපෝලියන්ගේ පාලන වකවානුවේ දී වික්ටර්හට රටින් පිට වීමට බලපෑම් කරනු ලැබුවා. ඒ අනුව කෙටි කාලීනව වර්ෂ 1851 අතරතුර බ්‍රසල්ස් හි ද, 1852 සිට 1855 දක්වා ජර්සි හි ද, 1855 සිට 1870 නැවත ප්‍රංශයට පැමිණෙන තුරු Guernsey හිද වාසය කරනු ලැබුවා.
වික්ටර්ගේ අධ්‍යාපනය සම්බන්ධ වගකීම භාර ගනු ලැබුවේ ඇගේ මව විසිනි. 1815 සිට 1818 දක්වා Pension Cordier හා the Lycée Louis-le-Grand තුළින් අධ්‍යාපනය හදාරනු ලැබූ අතරම ප්‍රංශයේ පැරිස් හි නීති පීඨයෙන් උපාධිය ලබා ලබා ගනු ලැබුවා.
සාහිත්‍යට පිවිසීම හා සාහිත්‍ය කෘති
වික්ටර් හියුගෝ ප්‍රංශ සාහිත්‍යයේ රෝමෑන්ටික්වාදයේ ප්‍රාරම්භක ලෙස හැඳින්වෙන François-René de Chateaubriand අනුගමනය කරනු ලැබුවා. වර්ෂ 1822 දී පමණ එනම් වයස අවුරුදු 20 දී පමණ පළමු කාව්‍ය සංග්‍රහය වන Odes et Poésies Diverses’ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙමගින් කවියෙකු ලෙස ඔහුගේ කීර්තිය ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණා. එමෙන්ම XVIII වන ලුවී රජුගෙන් රාජකීය විශ්‍රාම වැටුපක් උපයා ගැනීමටද හැකියාව ලැබුණා.
අවුරුදු හතරකට පමණ පසුව එනම් වර්ෂ 1826 දී පමණ ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන Odes et Ballades ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබුණා. එමඟින්ද ඔහුගේ කීර්තිය තවදුරටත් ශක්තිමත් වීමක් සිදු වුණා.
මේ අතර වාරයේ වර්ෂ 1823 දී පමණ වික්ටර් විසින් ඔහුගේ පළමු නවකතාව වන Han d’Islande ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අනතුරුව දෙවන නවකතාව ‘Bug-Jargal’ 1826 දී පළ කරනු ලැබුවා.
ලිවීමට දැඩි ලෙස ඇලුම් කළ සාහිත්‍යධරයෙකු වූ වික්ටර් හියුගෝ විසින් ලෝකයට කෘතීන් රාශියක්ම එළි දක්වනු ලැබුවා. මෙතුමා ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ කවියෙකු හා නවකතා කරුවෙකු ලෙසයි. ඒ අනුව 1829 සිට 1840 දක්වා වකවානුව තුළ කාව්‍ය සංග්‍රහ පහක් පමණ ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එනම්, Les Orientales , Les Feuilles d’automne , Les Chants du crépuscule , Les Voix intérieures , හා Les Rayons et les ombres ලෙසයි.
ප්‍රබන්ධ කතාවක් ලෙස පළමු වරට වර්ෂ 1829 දී Le Dernier jour d’un condamné යන්නත්, පළමු දීර්ඝ කතාව ලෙස 1831 දී පමණ Notre- Dame de Paris යන්නත් එළි දක්වනු ලැබුවා.
දේශපාලනයට යොමු වීම
1841 දී වික්ටර් හියුගෝ ප්‍රංශ ඇකඩමියට (Académie Française) පත් කරනු ලැබුවා. අනතුරුව මොහු ප්‍රංශ දේශපාලනයට සම්බන්ධ වීම සිදු වූ අතරම, ලුවී ෆිලිප් රජුගේ අනුග්‍රහයෙන් මොහු Pair de France’ නම් තත්ත්වයට උසස් කිරීමක් ලැබුවා.
1848 විප්ලවයෙන් පසුව ප්‍රංශයේ දෙවන ජනරජය පිහිටුවනු ලැබුවා. අනතුරුව වික්ටර් හියුගෝ පාර්ලිමේන්තුවේ කොන්සර්වේටිව් අයෙකු ලෙස පත් වුණා. කෙසේ නමුත් වසර කිහිපයකට පසුව 1851 දී III වන නැපෝලියන් බලය ලබා ගත් අතර හියුගෝව ජාතිද්‍රෝහියෙකු ලෙස නම් කිරීම හේතුවෙන් රටින් පිටවහල් කරනු ලැබුවා. මෙලෙස රටින් පිට සිටි කාලයේ III වන නැපෝලියන් විරෝධී පත්‍රිකා ලෙස ‘Napoléon le Petit’ හා ‘Histoire d’un crime’ මොහු විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කෙසේ නමුත් 1870 දී පමණ මොහු නැවත ප්‍රංශයට පැමිණියා.
සුවිශේෂී ග්‍රන්ථ
1831 දී පමණ හියුගෝ ගොතික් නවකතාවක් වූ ‘Notre-Dame de Paris’ (නොත්‍රඩාමයේ කුදු තැනැත්තා) ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම කෘතිය අතිශයින්ම සාර්ථක වූ කෘතියකි. මෙහි කතාව හට පදනම් වූයේ පැරිස් හි මධ්‍යතන යුගයේ අවසාන භාගයයි.
මොහුගේ තවත් ප්‍රසිද්ධ කෘතියක් වන්නේ 1862 දී ප්‍රකාශයට පත් කළ ‘Les Misérables’ නමැති කෘතියයි. මෙය වසර කිහිපයක ඉතාමත් අසීරු කර්තව්‍යක ප්‍රතිපලයකි.මේ සඳහා පදනම් වී තිබෙන්නේ පාන් ගෙඩියක් හොරකම් කිරීම හේතුවෙන් වසර 19ක් සිරදඬුවම් ලැබූ සමාජය විසින් චූදිතයෙකු ලෙස හංවඩු ගසනු ලැබූ Jean Valjean නමැත්තාගේ කතාවයි. ක්ෂණයකින් සාර්ථක වූ මෙය ඉතාමත් ඉක්මණින් භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමක්ද සිදු කළා.
විවාහය හා දිවියේ අවසන් සමය
වික්ටර් ගේ මවගේ මරණයෙන් අනතුරුව 1822 දී පමණ Adèle Foucher සමඟ විවාහ දිවියට ඇතුළත් වූ අතරම, ඔවුන් හට දරුවන් ද ලැබුණා. මොහුගේ බිරිඳ 1868 දී මරණයට පත් වූ අතරම වික්ටර් හියුගෝ ජීවිතයේ අවසන් සමයේ විවිධ කාන්තාවන් හා සම්බන්ධතා ඇතිකරගත් බව සඳහන්. හියුගෝ 1885 මැයි මස 22 වන දින වයස අවුරුදු 83 දී පමණ මරණයට පත් වුණා.
කවරයේ පින්තූරය: zendalibros.com