Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විෂ වැඩිම සර්පයන් කිහිපදෙනෙක්

ලොව විෂ වැඩිම දේවල් අතර සර්පයන්ට ලැබෙන්නේ ඉහළම තැනක්. සාමාන්‍යයෙන් මොවුන්ගේ විෂෙහි උග්‍ර බව මැනෙන්නේ LD/50 (LD50 යනු එය අත්හදාබැලෙන නියැඳියෙන් 50%ක් හෝ ඊට වඩා මරණයට පත් කරන විෂ ප්‍රමාණයක් වේ) නම් පරිමාණයකින්. මේ විෂ අනුව ලොව ඉහළින්ම රැඳෙන සර්පයන් කිහිප දෙනෙක් (පිළිවෙලකට නොවේ).

01. බෙල්චර්ගේ මුහුදු නයා

ලොව විෂ අධිකම බව සැලකෙන සර්පයාගෙන් ඔබට ප්‍රහාරයක් එල්ල විය හැක්කේ සාගරයේ දී යි. මුහුදු නයෙකු වන මොවුන් “ලා පටි සහිත මුහුදු නයා” වශයෙන් ද හැඳින්වෙනවා. මෙම සතුන් ඉන්දියානු සාගරය අවට, නිව් ගිනියාව, තායිලන්ත බොක්ක වැනි ප්‍රදේශ වලින් සොයාගත හැකියි. බොහෝවිට මේ සතුන්ගේ දෂ්ටනයෙන් මියගොස් තිබුණේ ධීවරයන්. ඒ මේ සතුන් මත්ස්‍ය දැල්වල පැටලීම නිසයි. මෙම සර්පයා තරමක් “ලජ්ජාශීලි” සර්පයෙක් ලෙස සලකන්න පුළුවන්. මොවුන් ලේසියෙන් කෙනෙකුට පහරදෙන්නේ නෑ වගේම, සපා කෑ අවස්ථාවල දී විෂ පිටකර තිබෙන්නේ 25%ක තරම් අවස්ථාවන්වල පමණ යි. දළ කුඩා නිසාත් ලොකු හානියක් වීමට සම්භාවිතාව අඩු යි. මේ සර්පයා බ්‍රිතාන්‍ය ගවේශකයකු වුණ සර් එඩ්වඩ් බෙල්චර් විසින් සොයාගෙන තිබුණා. තව ද විෂ සහිත නමුත් අනතුරුදායක අතින් අඩු සර්පයෙකු ලෙස ද බෙල්චර්ගේ මුහුදු නයා සැලකෙනවා.

wikimedia.org

02. ඉන්ලන්ඩ් ටයිපෑන්

“ෆියර්ස් ස්නේක්” (සැහැසි සර්පයා) ලෙස ද හඳුන්වන මේ සර්පයා වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති අර්ධ ශුෂ්ක කලාපයන්වල ජීවත් වෙනවා. මෙම සර්පයන් පිළිබඳව මුලින්ම සොයාගැනෙන්නේ 1800 ගණන් වල අග භාගයේ දී යි. නමුත් මේ සර්පයා ගැන සවිස්තරාත්මක තොරතුරු වාර්තා වෙන්නේ වර්ෂ 1972 දී යි. මොවුන් සාමාන්‍යයෙන් මීටර 1.8ක පමණ දිගකින් යුතු යි. ඇතැම්විට මීටර 2.5ක් පමණ දිගකින් ද යුතු වෙන්න පුළුවන්. මොවුන් අදුරු දුඹුරු පැහැයක් ගන්නවා. මෙම සර්පයාගේ ප්‍රහාරයකට ලක්ව මිනිත්තු 30 – 45ත් අතර ප්‍රතිකාර නොලැබුනොත් මියයාමට ලක්වෙනවා. නමුත් මේ සර්පයා බහුලව වාසය කරන්නේ ජනශූන්‍ය පෙදෙස්වල නිසා පහරදීම් වාර්තා වන්නේ ඉතාම අඩුවෙන්. මෙම සර්පයාගේ එක් පහරදීමකින් මීයන් 250,000ක් මරණයට පත්කළ හැකියි.

reptilepark.com.au

03. නැගෙනහිර දුඹුරු නයා

ඉතා විෂ සහිත මෙම සර්පයාගේ විෂ මිලිග්‍රෑම් දෙකකින් ඔබව මරණයට පත්කිරීමට හැකියි. නමුත් මොවුන්ගේ සපාකෑම් වලින් විෂ සහිත වන්නේ සාමාන්‍යයෙන් 50%ක පමණයි. ටස්මෙනියාව හැර නැගෙනහිරදිග ඔස්ට්‍රේලියාවේ මේ සර්පයා ජීවත් වෙනවා. එමෙන්ම මේ විශේෂයේ සර්පයන් නැගෙනහිර පැපුවා නිව් ගීනියාව අවට ද සුළු වශයෙන් වාර්තා වී තිබෙනවා. අර්ධනාගරික, ගොවිපල, හා තෘණ බිම් ආශ්‍රිතව මේ සර්පයන් වැඩි වශයෙන් දකින්න පුළුවන්. මොවුන් දිවා කාලය තුළ වැඩි වශයෙන් දකින්නට ලැබෙන අතර උණුසුම් හා සූර්යාලෝකය සහිත දිනවල ඔවුන් ඉතාමත් ක්‍රියාශීලි බවක් දක්වනවා. ශිත කාලවල ඔවුන් මාස 4-5ත් අතර ප්‍රමාණයක් ඔවුන්ගේ ගුල්වල ගත කරනවා. සාමාන්‍යයෙන් මොවුන් තැඹිලි හෝ දුඹුරු පැහැයට හුරු යි. අවුරුදු 7-10ත් අතර කාලයක් ජීවත්වන මොවුන්ගේ දිග මීටර 1.1 -1.8ක්.

pinimg.com

04. නිල් කරවලා

තායිලන්තය, හා ඇතැම් දකුණු ආසියාතික රටවල් වල පැතිර සිටින මේ සර්පයාව මලයානු කරවලා ලෙස ද හැඳින්වෙනවා. මෙම සර්පයන්ගේ විෂ ප්‍රධානවම බලපාන්නේ මිනිස් ස්නායු පද්ධතියට යි. මෙම සතුන්ගේ සපාකෑම් වලින් 50%ක් පමණ මරණීය ඒවා. දෂ්ටනයකින් පසුව පැය 12-24ත් අතර කාලයක් තුළ ප්‍රතිකාර සිදු නොකළහොත් මරණය ළඟාවීමට හැකියි. මොවුන් දෂ්ට කරන ලද ස්ථාන අවට සුළු වේදනාවක් හෝ, කිසිදු වේදනාවක් ඇති නොවිය හැකිවීම ද විශේෂ ලක්ෂණයක්. දිවා කාලයේ දෂ්ටනයක් සිදුවීමේ සම්භාවිතාව අවම වන්නේ, මොවුන් ක්‍රියාශීලි රාත්‍රියට වන නිසා යි.

නිල කරවලා ප්‍රධාන වශයෙන්ම ආහාරයට ගන්නේ අනෙකුත් සර්ප වර්ග යි. මොවුන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් මීටර 1.6ක් පමණ වෙනවා.

toptens.wiki

05. වෙරළාශ්‍රිත ටයිපෑන්

ඉහත සඳහන් ඉන්ලන්ඩ් ටයිපෑන් හා මේ කෝස්ටල් ටයිපෑන් යන සර්පයන් දෙවර්ගයම එකම විශේෂයේ උප විශේෂයන් දෙකක්. මෙම වර්ගයේ තවත් උප විශේෂයක් වන Central Ranges Taipan නමින් හඳුන්වන සර්පයා මෑතක දී සොයාගෙන තිබුණා.

වෙරළාශ්‍රිත ටයිපෑන් හා ඉහත සඳහන් කරන ලද ඉන්ලන්ඩ් ටයිපෑන් සර්පයින් දෙකොටසම සමානතා බොහෝ ප්‍රමාණයක් දක්වනවා. නමුත් මේ වර්ගය ඉන්ලන්ඩ් ටයිපෑන්ට වඩා තරමක් විශාල යි. මොවුන් සාමාන්‍යයෙන් මීටර 1.5 – 2ත් අතර දිගකින් යුතු වෙනවා. උතුරු හා නැගෙනහිර දිග ඔස්ට්‍රේලියාව අවට මෙන්ම නිව් ගිනියා දූපත් ආශ්‍රිතව ද ජීවත්වන බව සැලයි. මොවුන්ගෙන් එක් වරක දෂ්ඨනයෙන් නිකුත් වන විෂ මඟින් ගිනිපිග් සතුන් 12,000ක් පමණ මරණයට පත්කළ හැකියි.

reptilepark.com.au

Related Articles