
01. ගොට්හාර්ඩ් බේස් උමං මාර්ගය – ස්විට්සර්ලන්තය

www.lexpose.ch
ලොව වඩාත් ගැඹුරින්ම හා දිගකින්ම යුතු උමන් මාර්ගය ලෙස මෙය හැඳින්විය හැකියි. පොළව මට්ටමේ සිට මීටර් 2,300 ගැඹුරින් (අඩි 7,545, සැතපුම් 1.5) මෙම උමං මාර්ගය පිහිටා තිබෙනවා. මෙම උමං මාර්ගය ස්විට්සර්ලන්තයේ එර්ස්ට්ෆෙල්ඩ් (Erstfeld) හා බෝඩියෝ (Bodio) යන නගර දෙක අතර කිලෝමීටර් 57ක් දුරට දිවෙනවා. මෙම උමං මාර්ගය තුල දුම්රියකට පැයට කිලෝමීටර 250ක උපරිම වේගයකින් විනාඩි 20ක් තුල ගමන් කල හැකි බව ස්විට්සර්ලන්ත දුම්රිය සේවය පවසනවා. එමෙන්ම මෙය නිර්මාණය වෙනුවෙන් කිලෝමීටර් 3,200 ක දිගින් යුතු තඹ කම්බි යොදාගෙන තිබුණා. මෙම නිර්මාණය විවෘත කෙරුණේ 2016 වර්ෂයේ වන අතර මෙය නිර්මාණය වෙනුවෙන් දශක දෙකකට ආසන්න කාලයක් ගත වී තිබුණා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කර තිබූ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක්. මෙම නිර්මාණය කරන අතරතුර ගල් ටොන් මිලියන 28ක් කැණීම් කර ඉවත් කල අතර පසුව ඒවා උමග සඳහා කොන්ක්‍රීට් නිශ්පාදනයට යොදාගෙන තිබුණා.
02. සෙයිකාන් උමං මාර්ගය

cdn.cnn.com
ලොව මුහුද යටින් දිවෙන දිගම උමං මාර්ගය වන්නේ මෙයයි. මෙය ජපානයේ ප්‍රධාන දුපත වන හොන්ෂු (Honshu) සිට උතුරු දිග දූපතක් වන හොකයිඩෝ (Hokkaido) දක්වා දිවෙනවා. හොන්ෂු හී අඔමරි (Aomari) නගරයේ සිට හොකයිඩෝ හී හකෝඩෙට් දක්වා දුම්රිය ගමනක නිරත වන අයෙකුට මෙම උමං මාර්ගය හරහා ගමන් කල හැකියි. මෙම උමං මාර්ගය කිලෝමීටර 54ක දිගකින් යුතු වෙනවා. එමෙන්ම එය මුහුදේ මතු පිටින් මීටර 240ක් පමණ ගැඹුරින් පිහිටා තිබෙනවා. අවුරුදු 17ක් පුරා නිර්මාණය වුනු මෙම නිර්මාණය වෙනුවෙන් යෙන් 538,000,000,000ක් වියදම් වී තිබෙනවා. දිනපතා මේ හරහා දුම්රිය ධාවනය වන අතර මේ වන විට උමං මාර්ගය “බුලට් දුම්රිය” ධාවනයට හැකිවන අයුරෙන් සංවර්ධනය වෙමින් පවතිනවා.
03. යුරෝ උමං මාර්ගය

www.sigmalive.com
මෙම මාර්ගය සළකනු ලබන්නේ එක්සත් රාජධානිය විසින් බාර ගනු ලැබූ විශාලතම ඉංජිනේරු ව්‍යාපෘතින්ගෙන් එකක් ලෙසයි. මෙම ව්‍යාපෘතිය නිම කිරීමට වසර 5ක් ගත වී තිබෙනවා. එමෙන්ම එයට සහාභාගී වූ සේවකයන් මුළු ප්‍රමාණය 13,000ක් වෙනවා. 1994 මැයි මස 6 වෙනිදා දෙවැනි එලිසබෙත් රැජිනගේ අතින් මෙය විවෘත වුණා. මෙම උමඟ එක්සත් ජනපදයේ සිට ප්‍රංශය දක්වා කිලෝමීටර 50.5ක දුරට දිවෙනවා. ඉන් කිලෝමීටර 37.9ක දුරක් දිවෙන්නේ මුහුද යටින් වනවා. මෙය නිර්මාණය වෙනුවෙන් උමං කැණීම් යන්ත්‍ර 11ක් යොදාගෙන තිබුණා.
04. යුල්හයෙඔන් උමං මාර්ගය

bp.blogspot.com
මෙම උමං මාර්ගය දිගින් කිලෝමීටර් 50.3ක් වෙනවා. දකුණු කොරියාවේ මෙම උමං මාර්ගය පිහිටා තිබෙනවා. මෙම උමං මාරගය ඉදීවන්නේ සෙඖල් (Seoul) අධිවේගී දුම්රිය මාර්ගයේ කොටසක් ලෙසයි. එම මාර්ගය දුරින් කිලෝමීටර 61.1ක් වන අතර එය සෙඖල් හී සුසෙඕ සිට ජිඔන්ගි ප්‍රාන්තයේ ප්‍යොංන්ග්ටැක් වෙත දිවෙනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කරන ලද ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 2.76ක්. මෙම උමං මාර්ගය සම්පූර්ණ දුම්රිය ව්‍යාපෘතියෙන් 83%ක ප්‍රදේශයක් ආවරණය කරනවා. මෙය දිවෙන පෙදෙසට ඉහළින් නගර හෝ ජනාකීර්ණ ප්‍රදේශ මුණ ගැසෙන්නේ නෑ. මෙම මුළු ව්‍යාපෘතියේ කැණීම් කටයුතු වෙනුවෙන් වසර තුන හමාරක පමණ කාලයක් ගත වී තිබුණා. මෙම මාර්ගයේ ගමන් කිරීමට පැයට කිලෝමීටර 300ක වේගයෙන් ගමන් කරන දුම්රිය දෙකක් යෙදවෙනවා. මෙය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් 2016 දෙසැම්බර් මාසයේදී විවෘත වුණා.
- ඔබේ අවධානයට – සමහර මූලාශ්‍ර වල යුල්හයෙඔන් උමං මාර්ගය ලොව තෙවන දිගම උමං මාර්ගය ලෙසත් තවත් සමහරක් මුලාශ්‍ර වල යුරෝ උමං මාර්ගය ලොව තෙවන දිගම උමං මාර්ගය ලෙසත් දැක්වෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම මෙම උමං මාර්ග දෙක අතර ඇත්තේ මීටර් 200 තරම් වන වෙනසක් නිසා මූලාශ්‍ර අනුව එය නිවැරදිවම සටහන් කිරීමේ හැකියාවක් නෑ.
Cover – hdwallsource.com