Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Surf කරන්න ලංකාවේ හොදම තැන් 5ක්

ආරුගම්බේ

www.hideawayarugambay.com

ලංකාවේ වගේම ලෝකයේ සර්ෆින් වලට ප්‍රසිද්ධම මුහුදු තීරයක් විදියට ආරුගම් බොක්ක මුහුදු තීරය සැළකෙනවා. ආරුගම් බොක්ක ලොව හොදම සර්ෆින් ස්ථාන 10ටත් ඇතුලත්. ආරුගම් බොක්ක පිහිටා ඇත්තේ කොළඹ සිට කිලෝමීටර් 320ක දුරිනුයි. ආරුගම් බොක්කේ සර්ෆින් වලට සුදුසුම කාලය ලෙස සැළකෙන්නේ මැයි සිට නොවැම්බර් දක්වා කාලය යි. ආරුගම් බොක්ක සංචාරක පාරාදීසයක් ලෙස ද ප්‍රචලිතයි. එයට හේතූන් කිහිපයක් දකින්න පුළුවන්. ආරුගම් බොක්ක ලොව පිරිසිදුම වෙරළ තීරයන් ගෙන් එකක් වීම ඉන් ප්‍රධාන වෙනවා. ඒ හැරුණු විට සුන්දර භුමි දර්ශන, පක්ෂි විවිධත්වය, හා වන සම්පත ද මෙයට හේතු වෙනවා. තවද වර්ෂ 2000කට වඩා පැරණි මුහුදු මහා විහාරයද සංචාරක ආකර්ෂණය ඇදගන්නා සුවිශේෂී ස්ථානයක්.

වැලිගම

s-ec.bstatic.com

වැලිගම පිහිටා තිබෙන්නේ කොළඹ සිට කිලෝමීටර් 144ක් දුරින් දකුණු පළාතට වෙන්නයි. රිටිපන්න ධීවර කර්මාන්තය නිසාද වැලිගම තවත් ජනප්‍රියයි. සර්ෆින් පුහුණුව වෙනුවෙන් ප්‍රසිද්ධ සහ ආරක්‍ෂිත ස්ථානයක් ලෙස වැලිගම මුහුදු තීරය සලකනු ලබනවා. ඒ නිසාම බොහෝ සර්ෆින් පුහුණු පාසල් වැලිගම ආශ්‍රිතව දකින්න පුළුවන්. වැලිගම වෙරළ මුහුදු බොක්කක් වීම නිසා කයිට් සර්ෆින් වෙනුවෙන් එය ලෝ ප්‍රසිද්ධ ස්ථානයක් වෙනවා. මෙය වැලිගමට තරමක් අලුත් ක්‍රීඩාවක්. නමුත් ඉතා කෙටි කාලයකින් කයිට් සර්ෆින් වෙනුවෙන් ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් බවට වැලිගම පත්වුණා. එමෙන්ම වැලිගම යනු තරමක් දිගින් යුතු වෙරළ තීරයක් . හිරු එළිය විඳීම වෙනුවෙන් ද ඒ හේතුව මත මෙම වෙරළ තීරය සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් වෙනවා.

කල්පිටිය

welcometokalpitiya.com

කයිට් සර්ෆින් ක්‍රීඩාවට ලොව ප්‍රසිද්ධම ස්ථානයන් අතරට කල්පිටියත් ඇතුලත් වෙනවා. කල්පිටිය පිහිටා තිබෙන්නේ කොළඹ සිට කිලෝමීටර 95ක දුරිනුයි. තුඩුවකින් එක පසකිනුත් තව පසකින් කල්පිටිය කලපුවෙනුත් ආවරණය වී ඇති මේ  ස්ථානය සැළකෙන්නේ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන්ගේ පාරාදීසයක් ලෙසයි. ඔබට ඔබගේ උපකරණ වලින් හෝ මෙම ස්ථානයෙන් කුලියට ලබා ගන්නා ක්‍රීඩා උපකරණ වලින් මෙම ස්ථානයේ ක්‍රීඩාවේ නිරත වීමේ හැකියාව තිබෙනවා. තවද ඔබ කයිට් සර්ෆින් ක්‍රීඩාවට නවකයෙක් නම් ඔබ වෙනුවෙන් ගුරුහරුකම් ලබා ගැනීමේ හැකියාවද මෙහි පවතිනවා.

ගුරුබැබිල ගම්මානය

surfinglifemidigama.com

මෙම ස්ථානයත් අයත් වන්නේ දකුණු පළාතටයි. මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ වැලිගම හා මැදිගම යන ප්‍රදේශයන් දෙකට අතරමැදිවයි. මෙම ස්ථානයේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රැළි නගින ස්ථාන දෙකක් පවතිනවා. ඉන් එකක් Plantation point වන අතර අනෙක් ස්ථානය Coconut point ලෙස හැඳින්වෙනවා. මෙම ස්ථානයේ මීටර් 400ක පමණ දුරක් ක්‍රීඩකයන්ට දිය මත ලිස්සා ගෙන යාමට ද හැකියාවක් පවතිනවා. මෙය සර්ෆින් ක්‍රීඩාව ආරම්භ කරන අයට සුදුසු තැනක් ලෙසත් සැලකෙනවා. මෙහි තරමක් ගල් සහිත ස්ථානයක් නිසා තරමක් ප්‍රවේශමෙන් ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.  

අහංගම හා මැදිගම

අහංගම  (zerogravitytrips.pl)

මෙම නගර දෙකත් ලොව පුරා සර්ෆින් ක්‍රීඩාව වෙනුවෙන් ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයන දෙකක්. අහංගම දී නම් සර්ෆින් සඳහා ඔබ කබලාන මුහුදු තීරයට යා යුතු වෙනවා. මැදිගම නගරයේ නම්  139 කිලෝමීටර කනුව අසලින් ඔබට ක්‍රීඩා කරන ස්ථානයට  ලඟා විය හැකියි. මෙම මුහුදු තීර දෙක ආශ්‍රිතව ඔබට ඉතාම අඩු මුදලට සේවා ලබා ගන්න පුළුවන්. එසේම මෙම මුහුදු තීරයන් දෙක සර්ෆින් ක්‍රීඩකයින්ගෙන් එතරම් ජනාකීර්ණ වෙන්නේ නෑ. මෙම ස්ථාන දෙක ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එම ස්ථාන දෙකේ පවතින රළ බිදුම් නිසාවෙනුයි.

කවරය – Roar.lk

Related Articles