
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන කිහිපයක්ම තිබෙනවා. මේ ලිපියෙහි දැක්වෙන්නේ එයින් ප්‍රධානම ජාතික වනෝද්‍යාන හයක් පිළිබඳවයි.
01. යාල ජාතික වනෝද්‍යානය

yalasafariholidays.com
ලංකාවේ දෙවනුවට විශාල ජාතික වනෝද්‍යානය වන්නේ යාල වනෝද්‍යානයයි. කලාප 5කින් යුතු යාල වනාන්තරයේ පළමු කලාපය ජාතික වනෝද්‍යානයක් බවට 1938 පෙබරවාරි මස 25වන දින ප්‍රකාශයට පත් කෙරුණි. අනෙක් කලාප හතරද පසුව යාල වනෝද්‍යානයට අයත් බව ප්‍රකාශ කර ඇත. ලංකාවේ ගිනිකොණ වියළි කලාපයේ පිහිටා ඇති මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 979කි. විවිධ පරිසර පද්ධතියන්ගෙන් යුතු වනෝද්‍යානය තුළ බුතවල, ගෝන ලැහැබ, හා කුඩා සිලව ලෙස කලපු තුනක් දක්නට ලැබේ. සත්ත්ව වර්ග බොහොමයක් ජීවත් වන මෙම වනෝද්‍යානය අලි, කොටි හා වලසුන් නැරඹීමට ප්‍රසිද්ධියක් උසුළයි.
02. විල්පත්තුව ජාතික වනෝද්‍යානය

flylankatravels.com
1938 වසරේ දී ජාතික වනෝද්‍යානයක් බවට පත් වූ විල්පත්තුව ලංකාවේ ඇති සුන්දරම වනෝද්‍යාන වලින් එකකි. විල්පත්තුවේ ඇති විශේෂත්වය වන්නේ වියළි කලාපිය වනාන්තර, වෙරබඩ කඩොලාන, ගල්පර, පඳුරු තෙත් බිම්, තණපිටි, වැලිපර වැනි පරිසර පද්ධති ගණනාවක් මෙහි දැකිය හැකි වීමයි. අක්කර 131, 693 පමණ ප්‍රදේශයක පැතිරී ඇති මෙය මුවන්, අලි, ඌරන්, දිවියන්, වලසුන් වැනි සතුන්ගේ පරාදීසයකි. උතුරු මැද, උතුරු හා නැගෙනහිර පළාත් අතර පිහිටා ඇති මෙය ත්‍රරස්තවාදී ගැටුම් පැවතුන කාලයේ ආරක්ෂක හේතුන් මත වරින් වර වසා තැබිණි.
03. කුමන ජාතික වනෝද්‍යානය

chauffeuremillankatours.com
සංක්‍රමණික පක්ෂීන්ගේ පාරාදීසයක් වන කුමන පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට යාබදවයි. මෙහි පක්ෂීන් විශේෂ 255ක් පමණ ජීවත් වේ. අප්‍රේල් සිට ජුලි දක්වා කුරුල්ලන් බොහොමයක් මෙයට සංක්‍රමණය වන්නේ ඔවුන්ට හිතකර පාරිසරික සාධක පවතින නිසාවෙනි. හෙක්ටයාර 35664ක් පුරා පැතිර ඇති කුමන පිහිටුවා ඇත්තේ 1970 වර්ෂයේදීය. මෙහිදී දැකිය හැකි දුර්ලභ පක්ෂීන් ලෙස හීන් බහුරු මානාවා, මහ ගොළුකිරළා, අලි-මානාවා ආදීය දැක්විය හැක.
04. වස්ගමුව ජාතික වනෝද්‍යානය

mahaweli.lk
ශ්‍රී ලංකාවේ ඇති පැරණි වනාන්තරයක් වන මෙය පළාත් තුනක් හා දිස්ත්‍රික්ක දෙකක් පුරා පැතිර පවතී. 1938දි රක්ෂිතයක් ලෙස නම් කළ වස්ගමුව 1984 වන විට හෙක්ටයාර 37,036.9ක් පුරා පැතිර පැවතුණි. මෙහි හබන් කුකුළා වත රතු මල් කොහා, කොළ වඳුරා, අලියා, වලසා දිවියා කබල්ලෑවා වැනි සතුන් රාශියක් ජිවත් වේ. වස්ගමුව තුළ ශාක විශේෂ 70ක් පමණ දැකිය හැකි වේ. මේ අතර ශ්‍රී ලංකාවට ආවේනික ඇටඹ හා ගල් සියඹලාද වේ.
05. කවුඩුල්ල ජාතික වනෝද්‍යානය

lsrtravel.com
කවුඩුලු ජාතික වනෝද්‍යානය බිහිවී ඇත්තේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඇති කවුඩුලු වැව පදනම් කරගනිමිනි. අක්කර අඩි 104 000 ධාරිතාවක් කවුඩුලු වැවට පවතින නිසා එහි ජල පෝෂක වනාන්තරය විශාල ප්‍රදේශයක් වටා පැතිරී තිබේ. මෙම වනාන්තරය බොහෝ සතුන්ට නිවහනකි. එම නිසා 2002 වසරේ දී මෙම ප්‍රදේශය ජාතික වනෝද්‍යානයක් බවට පත් කර ඇත. මෙහි දක්නට ඇත්තේ වියළි කලාපීය සදාහරිත වනාන්තර වල වැවෙන ශාකයි. මෙහි නැරඹිය හැකි ප්‍රධාන සත්ත්ව කොට්ඨාශය වන්නේ අලින්ය.
06. මින්නේරිය ජාතික වනෝද්‍යානය

ruchitours.com
1997 අගෝස්තු මස 12 වන දින ජාතක වනෝද්‍යානයක් බවට පත් වූ මෙය හෙක්ටයාර 9355ක් පුරා පැතිර පවතී. මෙය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වලින් සමන්විත වේ. බුරුත කළුවර මිල්ල වැනි වටිනා ශාක මෙහි දක්නට ලැබේ. මෙය ප්‍රධාන වශයෙන් වන අලි වාස භූමියක් වන අතර මුවන්, ගෝනන් වැනි සතුන් හා වියළි කලාපයේ දක්නට ලැබෙන හීං කොට්‌ටෝරුවා, රන්නළල් කොට්‌ටෝරුවා වැනි ආවේනික පක්ෂීන් ද දැකගත හැක.
කවරයේ පින්තුරය yalasafariholidays.com