
01. Big Bang Theory

මේ මාලාවේ ලංකාව ගැන දෙවරක් කතාවෙනවා. දෙවන කතා මාලාවේ විසිතුන්වෙනි කථාංගයේ රාජේශ්ගේ අම්මා අහනවා ඔහුගේ යාළුවන් බෙංගාල බොක්කට පැනල ලංකාවට පිහිනුවොත් ඔහුත් ඒ පස්සේ යනවද කියල. ඒත් මේ තියෙන්නේ හත්වෙනි මාලාවේ පස්වැනි කථාංගයේ ෂෙල්ඩන්ට ලොස් ඇන්ජලිස් නුවර ලාංකික පවුලක් හමුවීම ගැනයි.
02. Modern Family
spoilertv.com
මේ කතා මාලාවේ පස්වෙනි මාලාවේ දහසය වන කථාංගයේ කැම් එක්ක තරඟයට නටන කැප්ලන් ලංකාවේ චිත්‍රසේනයන්ගෙන් නැටුම් හදාරපු බව පවසනවා.
03. 30 Rock
ajhalliwell.blogspot.com
ජැක් ඩොනහී හොඳට සල්ලි වියදම් කරන්න දන්නවා. ඔහු හැමදාම උදේට පෞද්ගලික ගුවන්යානයකින් ලංකාවේ සිට ලොස් ඇන්ජලිස් නුවර තමන්ගේ කාර්යාලයට කඩුපුල් මල් ගෙන්වා ගන්නවා. මේ හතරවෙනි මාලාවේ සිව්වන කථාංගයේ.
04. Covert Affairs
tunefind.com
මේ කථාවේ පළවෙනි කථාංගයම තියෙන්නේ ලංකාවේ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ රූගත කිරීම් පවා සිදුකෙරුණා. කථා නායිකාව වන ඇනී වෝකර් උණවටුනේ සහ කොළඹ සිටින දර්ශන මෙහි ඇතුලත් වෙනවා. ඒ වුණාට ඒ හුඟක් දර්ශන වලට පරිඝනක තාක්ෂණයෙන් අනං මනං එකතු කරලත් තියෙනවා. පිටකොටුව හරහා වාහන ලුහුබැඳීමක් සිදුවෙන දර්ශනයක් සහ කොළඹ හෙලිකොප්ටරයකින් ගත් දර්ශනද මෙහි යොදාගෙන තිබෙනවා.
05. Late Night with Jimmy Fallon

ජිමි ෆැලන් කියන්නේ ඇමරිකාවේ සම්මුඛ සාකච්ජා වැඩසටහන් අතර ඉහලින්ම ඉන්න චරිතයක්. ඔහුගේ Late Night වැඩසටහනේ එක් විකට අංගයක ශ්‍රී ලංකාවේ අගමැතිවරු ගැන සඳහන් වුණු ආකාරයයි මේ.
මේ වගේම සාකච්ජා වැඩසටහනක් වන Jimmy Kimmel Live! හි පදිකයන්ගෙන් ප්‍රශ්න අසන විකට අංගයකට ප්‍රසිද්ධ ගායක ගයාන් පෙරේරා අහම්බෙන් සහභාගී වුණු අවස්ථාවයි මේ.
06. The Young Pope
Independent Cinema Movement, LK
HBO නාලිකාවේ තිරගත වුණු මේ කථාව මනංකල්පිත ඇමරිකානු පාප් වහන්සේ කෙනෙකු වටා ගෙතුණු කතාවක්. මෙහි සිස්ටර් සූරීගේ චරිතය ලාංකික චරිතයක් වන අතර ඒ චරිතයට කථාංග හතක් පුරා පණ දෙන්නේ ලාංකික නිලියක් වන නදී කම්මැල්ලවීරයි. ඇය “මේ මගේ සඳයි”, “දැකල පුරුදු කෙනෙක්” වැනි චිත්‍රපට වලට දායක වී තිබෙනවා
07. American Psycho

මේ සුප්‍රසිද්ධ චිත්‍රපටියේ ලංකාව ගැන සඳහන් වුණත්, ඒ විස්තරය සම්පුර්ණයෙන්ම වැරදියි.
08. Wayne’s World 2
justwatch.com
ඩෙල් ප්‍රෙස්ටන් ලංකාව ගැන කියන මේ කතාව තව ඇත්ත වෙන්න තිබුණා බෙංගාල කොටියෙක් වෙනුවට අලියෙක් දාල කිව්වනම්.
09. Mobile Suit Gundam 00
wikimedia.org
ජපානයේ ඇනිමේ කාටුන් කලාවේ දශක ගණනාවක් තිස්සේ ප්‍රචාරය වන මාලාවක් තමයි “ගන්ඩම්” කියන්නේ. දුර අනාගතයේ මිනිස් ස්වරුපයක් ගන්නා ආයුධ විශේෂයක් වටා මේ කථාව ගෙතෙනවා. Mobile Suit Gundam 00 මාලාව දිවෙන්නේ 2307 වසරේ. එහි කථාංග තුනක්ම ලංකාව ගැන ලියවී තිබෙනවා. එහිදී ලංකාවේ යුද්ධය වසර 300කින් පසුවත් අවසන් වී නැහැ. ඒ නිසා මේ ගන්ඩම් කණ්ඩායමක් යවා තත්වය නිරාකරණය කිරීමට ගන්න උත්සහයක් එහි පෙන්වනවා.
10. Tom Clancy’s Ghost Recon Predator

Ghost Recon වීඩියෝ ක්‍රීඩා මාලාවේ Playstation Portable කොන්සෝලය සඳහා පැමිණි ක්‍රීඩාවක්. මෙහිදී ප්‍රධාන ඇමරිකානු හමුදාව ලංකාවට ගොඩබැසීමට පෙර, ලංකාවේ ත්‍රස්තවාදීන් දඩයම් කරන විශේෂ බලකායක් හැටියට ඔබ ක්‍රීඩා කරනවා.
11. South Park
southpark.cc.com
සවුත් පාර්ක් කාටුනයේ දෙවන මාලාවේ හයවෙන කථාංගය නමින් “The Mexican Staring Frog of Southern Sri Lanka” එහි දකුණු ලංකාවේ මෙක්සිකානු ගෙම්බා යන මනංකල්පිත සත්වයෙක් නිසා ඇතිවන කරදරයක් ගැන කියවෙනවා.
12. Duran Duran
duranduranlovers.wordpress.com
“ඩුරෑන් ඩුරෑන්” කියන්නේ 80, 90 දශකවල සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක්. ඔවුන්ගේ වීඩියෝ කිහිපයක් ඉතා ඉහලින් පිළිගැණුන අතර ඒවා ශ්‍රී ලංකාවේ රූ ගත කරන ලද ඒවා වීම විශේෂත්වයක්. ඒ ගැන ඉංග්‍රීසි බසින් රචිත ලිපියක් මෙතැනින් ඔබට කියවන්න පුළුවන්.
13. House M.D.
spoilertv.com
අවරුදු ගණනාවක් පුරා ලොව වටා ජනාදරයට පත්වුණු වෛද්‍ය ග්‍රෙගරි හවුස් ලංකාවේ නිදහස් දිනය සඳහන් කරන අවස්ථාවක් තියෙනවා. තවද මෙහි රඟපාන නිළිය වන චාර්ලින් යී සඳහන් කර තිබෙනවා ඇයට හමුවන ශ්‍රී ලාංකිකයන් ඇය පිරිමියෙක් ලෙස වරදවා වටහා ගන්න බව.
කවරයේ රුපය: srilanka-el.blogspot.com