Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර කැළඹූ ස්වාභාවික ව්‍යසන

පසුගිය වසර පුරාවට ලොව නන් දෙසින් විවිධ ස්වාභාවික ව්‍යසනයන් වාර්තා වුණා. මේ Telegraph වෙබ් අඩවිය එසේ වාර්තා කර තිබූ ස්වාභාවික ව්‍යසනයන් කිහිපයක්.

01. මරියා සුළි කුණාටුව

www.abc.net

මරියා සුළි කුණාටුව​ ඩොමිනිකන් ජනරජයට පිවිසුනේ 2017 සැප්තැම්බර් මස 22 වෙනිදායි. මෙනිසා 17 දෙනෙකුට ජීවිත අහිමි වුණා. එක්සත් ජනපද ජාතික සුළිකුණාටු මාධ්‍යස්ථානයට අනුව මෙය පැයට සැතපුම් 115ක වේගයෙන් හමා ගොස් තිබුණා. මෙය සැලකුනේ තුන්වන වර්ගයේ සුළි කුණාටුවක් ලෙසයි. මෙම සුලිකුණාටුවෙන් වැඩියෙන්ම හානි සිදුව තිබුණේ පුන්ටා කැනා නම් ප්‍රදේශයටයි. බොහොමයක් නිවාස, ගොඩනැගිලි, හා ගස් විශාල වශයෙන් මෙම කුණාටුව නිසා විනාශ වී තිබුණා. එමෙන්ම මෙය නිසා 900,000ක පමණ ජනතාවක් විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටියා.

02. මෙක්සිකෝවේ භූමි කම්පාව

media.npr.org

මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 120ක් පමණ දුරින් වූ මෙම භුමිකම්පාවේ අගය ලෙස 7.1ක් වාර්තා වුණා. මෙම භූමිකම්පාව නිසා 217 දෙනෙක් පමණ මියයන්නට ඇතැයි සැලකෙනවා. එයින් 86 දෙනෙක් මෙක්සිකෝ නගරවාසින් වුණා. මෙම භුමිකම්පාව වාර්තා වුනේ 1985න පසු මෙක්සිකෝවට බලපෑ දරුනුතම භුමිකම්පාව ලෙසයි. මෙක්සිකෝ නගරයේ පමණක් ගොඩනැගිලි 40ක් පමණ මෙය නිසා බිමට සමතලා වුණා. මෙම ප්‍රභල භූමිකම්පාවට පසුව පසු කම්පන 11ක් වාර්තා වුණා. මෙය නිසා ආර්ථිකයට සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 1-10ත් අතර ප්‍රමාණයක් යැයි සැලකෙනවා.

03. ඉන්දියාවට, නේපාලයට, හා බංගලාදේශයට බලපෑ ගංවතුර

newsapi.com

පසුගිය වර්ෂයම දකුණු ආසියාවට එතරම් සුභදායි කාලයක් වුනේ නැහැ. ඉන්දියාවට, නේපාලයට, හා බංගලාදේශයට 2017 අගෝස්තු මස අග වන විට බලපෑ අධික වර්ෂාව නිසා මෙම ගංවතුර තත්ත්වය ඇති වුණා. මෙය නිසා 1,200කට ආසන්න පිරිසක් මරණයට පත් වුණා. ඒ වගේම මේ නිසා අවතැන් වූ ප්‍රමාණය මිලියන 40කට ආසන්නයි. මෙම ගංවතුර නිසා පාසල් 18,000ක් පමණ විනාශ වී තිබූ අතර ඒ නිසා පාසල් ළමුන් මිලියන 1.8කට පමණ පාසල් අහිමි වුණා. රතු කුරුස සංවිධානයට අනුව බංගලාදේශයේ මිලියන 7.4ක පමණ ජනතාවක් මේ නිසා අවතැන් වුණා. විනාශ වූ නිවාස ගණන 697,000ක්. ඉන්දියාවේ සමහරක් ප්‍රදේශ වලට මේ නිසා අඟල් 5ක පමණ වර්ෂාවක් බලපා තිබුණා.

04. කොලොම්බියාවේ නාය යෑම

cnn.com

මෙම නාය යෑම නිසා 254 දෙනෙක් මියගොස් 100 ගණනක් දෙනා අතුරුදහන් වුණා. මෙම අනතුර සිදු වුණේ කොලොම්බියාවේ මොකොආ (Mocoa) හිදියි. ඒ 2017 අප්‍රේල් 01 වෙනිදායි. එරට ජාතික ආපදා මධ්‍යස්ථානය මුලින් මියගිය ගණන 210ක් ලෙස වාර්තා කළා. ඒ අතර ළමුන් 62ක් වූ අතර පසුව මිය ගිය ගණන 253 දක්වා ඉහළ ගොස් තිබුණා. එමෙන්ම මෙය නිසා 203 දෙනෙක් තුවාල ලැබූ අතර බොහෝ දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසු වුණා. එමෙන්ම එම ප්‍රදේශයේ විදුලිබලය යතා තත්ත්වයට පත් කරන්නට සති දෙකක පමණ කාලයක් වැය වුණා.

05. ඉර්මා සුළි කුණාටුව

www.luzernerzeitung

මෙය සැලකෙන්නේ ඉතිහාසයේ ප්‍රභලතම අත්ලාන්තික් සුළි කුණාටු වලින් එකක් ලෙසයි. මෙය පස්වන ගණයේ සුළි කුණාටුවක් වුණා. මෙය ඇමරිකාවට ඇතුලු වුණේ සැප්තැම්බර් 6 වනදා යි. එය පැයට සැතපුම් 185ක පමණ වේගයෙන් පැය 37ක් පුරා හමා ගියා. එය සැලකෙන්නේ එතෙක් මෙතෙක් වැඩිම වෙලාවක් පැවති සුළි කුනාටුව ලෙසයි. එම සුළි කුණාටුව මගින් වොට් ට්‍රිලියන 7ක පමණ බලයක් නිපදවා තිබුණා. එය දෙවැනි ලෝක යුද්ධයේ භාවිතා වූ සියලුම බෝම්බ වලට වඩා දෙගුණයක බලයකින් යුතු වුණා. මෙම සුළි කුනාටුව නිසා වෙරළාසන්න ප්‍රදේශ වල අඩි 20ක පමණ උස රළක් නිර්මාණය කර තිබුණා.

කවරය – www.photoshopcreative.co.uk

Related Articles