Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දරුණුතම සුළි කුණාටු

වර්ෂ 1780 දී වූ දරුණු සැඩ කුණාටුව

wikimedia.org

මෙම කුණාටුවේ ගමන් මාර්ගය ගැන හෝ එහි ප්‍රභලත්වය ගෙන සත්‍ය වශයෙන්ම තොරතුරු වාර්තා වන්නේ නෑ. නමුත් ඉතිහාසඥයන් හා කාලගුණ අනාවැකිකරුවන් අනුමාණ කරන්නේ මෙය 1780 ඔක්තෝම්බර් 9 වෙනිදා කේප් වර්ඩේ දූපත් ආශ්‍රිතව ආරම්භ වී ඇති බවයි. මෙම කුණාටුව නිසා බාර්බඩෝස් රාජ්‍යයට ආසන්න වශයෙන් ජීවිත 4500ක්  පමණ අහිමි වී තිබෙනවා. සාන්ත ලුසියා හී එම අගය 6000කට ආසන්න වුණා. මාර්ටිනික් ප්‍රදේශයේ 9000 පමණ දෙනා මෙයින් මියගොස් තිබුණා. ඇමරිකානු නිදහස් සටන අතරතුර මෙම කුණාටුව පැමිණ තිබු අතර මේ නිසා ප්‍රංශ නාවික බලකායට අයත් නැව් 40 පමණ මාර්ටිනික් හිදී පෙරලී තිබුණා. එම අනතුරෙන් හානි වූ ජීවිත ප්‍රමාණය 4000කට ආසන්නයි. මෙම අනතුර නිසා මියගිය මුළු ප්‍රමාණය 27,500කට වැඩියි. මෙය සැළකෙන්නේ දරුණුතම අත්ලාන්තික් කුණාටුවක් ලෙසයි.

මිච්

www.photolib.noaa.gov

1998 ඔක්තෝම්බර් 22 වෙනිදා මිච් ආරම්භ වී තිබුණේ අවපීඩන තත්වයක් ලෙසයි. නමුත් එය ඔක්තෝම්බර් 26 වෙනිදා වනවිට  5 වන ඛාණ්ඩයේ සැඩ කුණාටුවක් තෙක් වර්ධනය වුණා. මෙම කුණාටුව නිසා විශාලතම බලපෑම එල්ල වී තිබුණේ මධ්‍යම ඇමරිකාවේ හොන්ඩුරාස්  හා නිකර්ගුවා යන රාජ්‍යන් දෙකටයි. එමෙන්ම මෙය තවත් මධ්‍යම ඇමරිකානු ප්‍රදේශයන් වූ බෙලෙස්, කොස්ටරිකා, එල් සැල්වදෝර්, ගෝතමාලා හා පැනමා යන රාජ්‍යයන්ටද බලපෑම් කර තිබුණා. මෙම කුණාටුව නිසා මියගිය ප්‍රමාණය 11,000කට අධික යැයි සැළකෙනවා. (නමුත් සමහරක් තැන් වල එය 18,000කට අධික යැයි ද පැවසෙනවා) . එමෙන්ම මෙය නිසා මිලියන ගණනක ජනතාවට උන්හිටි තැන් අහිමි වු අතර මේ මගින් සිදුවූ අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 5කටත්  වඩා වැඩිබව ඇස්තමේන්තු කර තිබුණා.

වර්ෂ 1900 දී වූ සැඩ කුණාටුව

ww3.hdnux.com

1900 සැප්තැම්බර් 8 වෙනිදා දරුණු කුණාටුවක් ටෙක්සාස් ප්‍රාන්තයේ උසම ස්ථානය වූ ගැල්වෙස්ටන් දූපත (එකල අඩි 8.7 ක් පමණ) හරහා හමා ගියා. ඒ පැයට සැතපුම් 130 -140ක පමණ වේගයකින්. මෙම කුණාටුව නිසා 1900දී ගැල්වෙස්ටන් හී 37,000ක් වූ ජනගහණයෙන් 6000 – 8000ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබුණා.මෙයින් හානි සිදු වූ ගොඩනැගිලි ප්‍රමාණය 3600ක්. මෙය නිසා වර්ෂ 1900 දී සිදුවූ හානිය ඇමරිකානු ඩොලර් මිලියන 20 කට ආසන්නයි. එය අද මුදලින් ගණනය කරනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 700ටත් වඩා වැඩි අගයක්. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් ලෙස ද සැලකුණු මෙයින් පසු කුණාටු වල බලපෑම අවම කිරීමට දූපත වටා තාප්පයක් (Seawall) ද ඉදිකෙරුණා.

කත්‍රිනා සැඩ කුණාටුව

static.attn.com

මෙම සුළි කුණාටුව සැලකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දුන් දරුණුතම සුළි කුණාටුවක් ලෙසයි. මෙම කුණාටුව ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය සංවිධානය (National Oceanic and Atmospheric Administration (NOAA)) පවසන පරිදී ආරම්භ වී තිබුණේ බහාමාස් රාජ්‍යට කිලෝමීටර් 322 දකුණු දෙසට වන්නටයි. ඒ අවපීඩන තත්වයක් ලෙස 2005 අගෝස්තු 23 වෙනිදායි. මෙම කුණාටුවෙන් 1,833 දෙනෙක් මියයන්නට ඇතැයි සැළකෙනවා. එමෙන්ම ගල්ෆ් වෙරළ තීරයේ හා ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලෙන්ස් නගරයේ මිලියන ගණනකට මෙමගින් උන්හිටි තැන් අහිමි වී තිබුණා. සුළි කුණාවුවත් සමඟ නිර්මාණය වූ ගංවතුර නිසා නිව් ඔර්ලෙන්ස් හා තදාසන්න නගර වලින් 80% ජලයෙන් යට වී තිබුණා. ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය සංවිධානයට අනුව මෙය මගින් සිදුකල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 108ක්. අත්ලාන්තික සුළි කුණාටුවල ප්‍රභලත්වය මත මෙයට හිමි වන්නේ 6වන ස්ථානයයි.

1935 ෆ්ලොරීඩාවේ මැයි දින වූ සැඩ කුණාටුව

wikimedia.org

මෙය 5 වන ඛාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ග කෙරුණා. මෙහි වේගය පැයට කිලෝමීටර් 320ක් පමණ වී තිබු අතර මෙම කුණාටුව නිසා 400ක් පමණ දෙනා මිය ගොස් තිබුණා. මේ නිසා ඇමරිකාවට සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 6ක් වුණා. මෙය “කම්කරු දින කුණාටුව” ලෙස හදුන්වනු ලබන්නේ 1953 වනතෙක්ම කුණාටුවලට නම් නොයොදා තිබූ නිසයි.  

කවරය – dailysignal.com

 

Related Articles