Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් වෙනස් කළ විප්ලව

01. ඇමරිකානු විප්ලවය

තේ පෙට්ටි මුහුදට විසිකරන අවස්ථාව (Pinterest.com)

ඇමරිකානු නිදහස් සටන යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඇමරිකානු වැසියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම උදෙසා ගෙන ගිය සටනයි. බ්‍රිතාන්‍යට පමණක් ඇමරිකාවේ ජනපද 13ක් තිබුණා. එමෙන්ම නිදහස් සටන මෙහෙය වීමට මූලික වුණු ප්‍රධානම හේතුවක් ලෙස ඇමරිකන් ජනපද වල ආර්ථික කටයුතු බ්‍රිතාන්‍යන්ට වාසි වන අයුරින් සිදු වීම දැක්විය හැකියි. එමෙන්ම විප්ලවයේ මූලික අවස්ථාවන් ලෙස මුද්දර පනත අහෝසි කිරීම හා බොස්ටන් වැසියන් තේ නැවකට ඇතුළු වී තේ පෙට්ටි 342 ක් මුහුදට විසි කිරීම දැක්විය හැකියි. 1775 දී ඇමරිකන් ජනපදිකයන් සහ බ්‍රිතාන්‍යයන් අතර සටන් ඇරඹි අතර 1776 දී ජනපදිකයන් ස්වාධීනත්වය ප්‍රකාශ කළා. 1783 දී පැරිස් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාධීත්වය පිළි ගැනුණා.

02. ප්‍රංශ විප්ලවය

emaze.com

ප්‍රංශ විප්ලවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ 1789 වර්ෂයේදී ප්‍රංශ රාජාණ්ඩුවට එරෙහිව නැගී සිටිම්න් රාජාණ්ඩුව බිඳ දමා අලුත් පාලනයක් ස්ථාපිත කර ගැනීමයි. ප්‍රංශයේ රජකම් කළ XVI වන ලුවී රජුගේ දූෂිත පාලනයට එරෙහිව එමඟින් පීඩාවට පත්ව සිටි ජනතාව “නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය” යන සංකල්ප මුල් කර ගනිමිනුයි සටන් වැදුණේ. ජනතාවගේ මුල්ම ප්‍රහාරය එල්ල වුයේ බැස්ටිල් නම් බන්ධනාගාරයට​. රජු ගත කළ අධි සුඛෝපභෝගී ජිවිතයද, වැඩවසම් සමාජ ක්‍රමය ආදී සමාජ හේතු මෙන්ම අධික බදු බර ආදී ආර්ථික හේතුද විප්ලවයට බලපෑවා. එමෙන්ම විප්ලවයෙන් සිදු වූ ප්‍රතිඵල අතර ප්‍රංශ රාජාණ්ඩුක්‍රමය බිඳ වැටීම, ප්‍රංශ ගොවි කම්කරු ජනතාවට සහන ලැබීම, මූලික මිනිස් අයිතිවාසිකම් නීති ගත කිරීම ආදිය දැක්විය හැකියි.

03. රුසියන් විප්ලවය

thoughtco.com

රුසියාවේ සාර් නමින් හැඳින් වූ අධිරාජයින් ගෙන ගියේ ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයකි. ජනතාව අපහසුතාවයට ලක් කරමින් බදු අය කිරීම, ආර්ථික හා සමාජ ක්‍රමයද වැඩවසම් ක්‍රමය හා බද්ධ වී තිබීම ආදියද විප්ලවයට හේතු වුණා. පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීම නිසා ගොවිතැන් කිරීමට පුහුණු ගොවියන් නොමැති වීම, පාන් මිල ඉහළ යාම ආදී හේතුන් මත ‘හමුදාවට සාමය, ගොවියන්ට ඉඩම්, ජනතාවට පාන්’ යන තේමාව යටතේ විපල්වය ක්‍රියාත්මක වුණා. 1917 මාර්තු හා ඔක්තෝම්බර් විප්ලව දෙකක් සිදු වූ අතරම ලෙනින්ගේ නායකත්වය යටතේ බෝල්ෂෙවික් සෝවියට් මණ්ඩල නම් සංවිධාන රට පුරා පිහිටුවා තිබුණා. ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල අතර කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් රජය පෙරළා ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික් වරුන් රජයක් පිහිටුවා ගැනීම මුලිකයි. එමෙන්ම සමාජවාදී දර්ශනය යටතේ පොදු අයිතියට මූලිකත්වය ලබා දීමද විශේෂත්වයකි.

04. ඉංග්‍රීසි විප්ලවය

tes.com

මෙය ඉංග්‍රීසි සිවිල් යුද්ධය මෙන්ම Great Rebellion යනුවෙන්ද හඳුන්වනු ලබනවා. මේ සඳහා පාර්ලිමේන්තුවාදීන් මෙන්ම රාජකීය වාදීන් යනුවෙන් පාර්ශවයන් දෙකොටසක් විය. යුද්ධය අවස්ථා 3ක් යටතේ සිදු වුණා. පළමුවන චාල්ස් රජතුමා ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස අහිමි කිරීමට සැලසුම් කළා. එමෙන්ම පාර්ලිමේන්තුවට ඇහුම්කම් නොදීම, අමතර බදු අය කිරීම, 1637 දී ඔහුගේ ස්කොට්ලන්ත රාජධානියට නව ආකාරයේ යාඥා පොතක් හඳුන්වා දීමට උත්සාහ කිරීමත් නිසා ප්‍රධාන කැරැල්ලක් පුපුරා යනු ලැබුවා. පළමුවන චාල්ස් රජු ඝාතනය කිරීම, ඔලිවර් ක්‍රොම්වෙල් නව ආණ්ඩුවක් පිහිටුවීම ආදිය විප්ලවයේ ප්‍රතිඵල කිහිපයක් වේ.

05. ෂින්හායි විප්ලවය

Pinterest.com

1911 වර්ෂය චීනයේ සම්ප්‍රදායික කැලැන්ඩරයට අනුව ෂින්හායි නම් වනවා. එමෙන්ම  19 වන සියවසයේදී චීනය පාලනය කරනු ලැබුවේ චින් (Quin) නැමති රාජවංශයයි. විප්ලවය වර්ෂ 1911 ඔක්තෝම්බර් 10 ආරම්භ වූ අතර 1912 පෙබරවාරි මස අවසන් වුණා. මේ සඳහා හේතු කිහිපයක්ම බලපෑ අතර මුලිකවම එකළ සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රශ්න මූලික වීමක් සිදු වුණා. ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රාජවංශය අනවශ්‍ය වුණා. මේ තත්ත්වය යටතේ දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනයට ජනතාව අකමැති වුණා. ඒ අනුව මෙම විපල්වය මඟින් වසර 2000 පැවති රාජවංශ පාලනය නිමා කොට සුන් යට් සෙන් ජනපති ලෙස පත් වීම සිදු වුණා.

කවරයේ පින්තූරය: blog.oup.com

Related Articles