Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවල්

සීතල යුද සමයේ දී සෝවියට් රුසියාව ලෝකය තුළ කොමියුනිස්ට්වාදී රටවල් නිර්මාණය කිරීමට උත්සාහ දරනවා. අැම‍ෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් එය ව්‍යර්ථ කිරීමට කටයුතු කරනවා. කෙසේ නමුත් 1991 දී සෝවියට් දේශයේ බිද වැටීමෙන් පසු ලෝකයේ කොමියුනිස්ට්වාදය බිද වැටුණු අතර අදටත් කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කරනු ලබන රටවල් කිහිපයක් දකින්න පුළුවන්. ඒ විශේෂ රටවල් කිහිපය පිළිබඳව යි අද “ලිස්ට්” හි ඉඩ වෙන්වන්නේ.

මහජන චීන සමූහාණ්ඩුව

YouTube

1949 දී සිදු වූ විප්ලවයෙන් පසුව චීනයේ බලය ලබාගන්නේ මාඕ සේතුන් ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂය යි. චීනයේ මෙම පක්ෂය පමණක් බලයේ රැඳී සිටින අතර වර්තමාන චීන ජනාධිපතිවරයා අයත් වන්නේ ද චීන කොමියුනිස්ට් පක්ෂයට යි. ඔහු එම පක්ෂයේ මහ ලේකම් ධූරය උසුලනවා.

ප්‍රධාන පක්ෂයට අමතරව තවත් පක්ෂ 8ක් චීනයේ පවතින අතර මෙම අමතර පක්ෂ 8 පාලනය කිරීමේ බලය පවතින්නේත් චීන කොමියුනිස්ට් පක්ෂයට යි. මීට අමතරව පිහිට වූ පක්ෂ කිහිපයක් තහනම් කිරීමට ද චීන රජය විසින් කටයුතු කරනවා.

කියුබානු ජනරජය

FlagLane.com

1959 දී බැටිස්ටා පාලනය ඉවත්කිරීමට සමත් වූ ෆිදෙල් ප්‍රමුඛ “ජූලි 26 ව්‍යාපාරය” හා අනෙකුත් ප්‍රගතිශීලි සංවිධාන විසින් 1961 දී ෆිදෙල් කැස්ත්‍රෝව බලයට පත් කරනවා. පසුව මෙම සියලුම බලවේග එක්කාසු කරගනිමින් සෝවියට් සංගමයේ ද ආධාර උපකාර ඇතිව 1965 දී කියුබානු කොමියුනිස්ට් පක්ෂය පිහිටවනවා.

කියුබානු විප්ලවයෙන් පසුව එක්සත් ජනපදය විසින් ෆිදෙල් පාලනයට විරුද්ධව නොයෙකුත් සම්බාධක පැනවීම සිදු කරනවා. නමුත් ඔබාමා පාලන සමයේ දී ඔහු විසින් කියුබාවේ සංචාරය කරන අතර දෙරට අතර නව දේශපාලනික හා ආර්ථික සම්බන්ධතාවයන් නිර්මාණය වීම ඉන්පසුව සිදුවෙනවා. නමුත් වර්තමාන ට්‍රම්ප් පාලනය කියුබාවට එතරම් හිතකර වන්නේ නෑ.

රට තුළ පවතින එකම දේශපාලන පක්ෂය වන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය පමණ යි. වර්තමානයේ එහි ලේකම්වරයා වන්නේ හෝසෙයි රුමන් මාචාඩෝ වෙන්චූරා යි. වර්තමාන ජනාධිපතිවරයා වන මිගෙල් ඩියෑස් කැනල් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක් වෙනවා.

ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

Flags of countries

වියට්නාමයේ හා සෝවියට් සංගමයේ ආධාර ඇතිව 1975 දී රාජ්‍ය ආණ්ඩුවට එරෙහිව සිදු වූ විප්ලවයෙන් පසුව එරට පාලන බලය ලබා ගන්නේ ලාඕ මහජන විප්ලවවාදී පක්ෂය යි . එම පක්ෂය විසින් එදා සිට මේ වන තුරු ලාඕසය පාලනය කරමින් සිටිනවා.

බුන්හන්ග් වොරේෂිත් නම් හමුදා නිලධාරියා 2016 වසරේ සිට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා ද වෙනවා.

1998 දී ලාඕස රජය විසින් පෞද්ගලික වත්කම් පිළිබඳව නීතින් ලිහිල් කළ අතර 2013 දී ලෝක වෙළඳාම සමග එකතු වෙනවා.

මේ වන විට ලාඕසය ලෝකයේ දුප්පත්ම රටවල් අතරට එක් වී තිබෙනවා. 2006 දී නව පාලනය විසින් ඔබාමා පාලනය සමග යම්තාක් දුරට සම්බන්ධතා පැවැත්වීම ආරම්භ කරනවා.

උතුරු කොරියාව

Wikipedia

ප්‍රජාතාන්ත්‍රික කොරියානු ජනරජය හෙවත් උතුරු කොරියාවේ පාලනය ගෙන යන්නේ කොරියානු කම්කරු පක්ෂය යි. අනෙකුත් දේශපාලන පක්ෂ සඳහා උතුරු කොරියාවේ ඉඩක් ලබා දී නෑ.

1948 වනතුරු උතුරු කොරියාවේ කොමියුනිස්ට් පක්ෂයක් නොතිබූ අතර දකුණු කොරියාව වෙන් වීමත් සමග සෝවියට් රුසියාවේ උපකාර මත කොරියානු කම්කරු පක්ෂය බලයට පත්වෙනවා. ඒ ඔස්සේ  උතුරු කොරියාවේ නායකයා ලෙස කිම් ඉල්-සන්ග් පත්වෙනවා.

2011 සිට වර්තමානය දක්වා උතුරු කොරියානු නායකයා ලෙස කටයුතු කරන්නේ කිම් ජොන්-උන් ය. ඊට පෙර උතුරු කොරියාව පාලනය කරන ලද්දේ ඔහුගේ පියා වූ කිම් ජොන්-ඉල් විසින්. ඉතින් කොමියුනිස්ට් පක්ෂයක් හරහා නොව පරම්පරාගතව පාලන බලය හිමිවෙන රටක් ලෙස ද උතුරු කොරියාව හඳුන්වා දීම වඩාත් නිවැරදි යි.

වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුව

Wikipedia

1954 වසරේ ප්‍රථම ඉන්දු චීන යුද්ධයෙන් (වියට්නාම් – ප්‍රංශ යුද්ධය) පසුව වියට්නාමය උතුරු හා දකුණු ලෙස කොටස් දෙකකට වෙන් වෙනවා. උතුරු කොටස තුළ රුසියාවේ මෙහෙයවීමෙන් හෝ චි-මින්ගේ නායකත්වයෙන් කොමියුනිස්ට් පාලනයක් ස්ථාපනය වන අතර, දකුණු කොටසේ ඇමරිකානු හිතවාදී පාලනයක් නිර්මාණය වෙනවා.

ඇමරිකානු ආධාර ඇතිව දකුණු වියට්නාමය ද, රුසියානු මඟපෙන්වීම යටතේ උතුරු වියට්නාමය ද, නැවතත් දෙවන ඉන්දු චීන යුද්ධයට පැටලෙනවා. මෙහි දී දකුණු කොටසේ සහයට පැමිණි ඇමරිකානු භට පිරිස් දරුණු පරාජයකට මුහුණ දෙනවා.

1975 දී යුද්ධය අවසන් වන අතර ජයගන්නේ උතුරු වියට්නාමය යි. ඒ අනුව වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට බලය හිමිවෙනවා. වියට්නාමය නැවතත් ඇමරිකාව සමග සම්බන්ධතා පටන් ගන්නේ 1995 දී යි. 2016 සිට වියට්නාමයේ ජනධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ට්‍රායි ක්වැන්ග්. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා ද වෙනවා.

Related Articles