Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් මවිත කරන ඉතාලි දෙව් මැදුරු

කතෝලික සභාවේ මූලස්ථානය ලෙස ඉතාලියේ රෝම නගරය හැඳින්විය හැකියි. ආගමික කාරණා වලින් ඔබ්බට ගිය මහා කලා සම්ප්‍රදායක් මෙහි පවතිනවා. ආසන දෙව් මැදුරු හා බැසිලිකා ගොඩනැගීම ඒ සම්ප්‍රදායේ තවත් එක් අනර්ඝ පැතිකඩක්. මේ ඉතාලියේ පවතින එවැනි මහා නිර්මාණ කිහිපයක් පිලිබඳ තොරතුරුයි.

01. සාන්ත මාර්ක් බැසිලිකාව – වැනීසිය

images.walks.org

මෙය නිර්මාණය කර තිබෙන්නේ වර්ෂ 1071 දියි. එය නිර්මාණය කලේ ඉතාලියේ හා නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ නිර්මාණකරුවන් බව පැවසෙනවා. මෙය වර්ග අඩි 85,000ක පමණ වපසරියක් පුරාවට පැතිර පවතිනවා. මෙම බැසිලිකාවේ කුළුණු 500ක් පමණ දැකගත හැකියි.

මෙම බැසිලිකාවේ තිබූ, 9 වන සියවසේ පමණ නිර්මාණය කරන ලද අඩි 323ක් පමණ උස ඝන්ටාර කුළුණ 1902 ජූලි 2 වෙනිදා කඩා වැටුණා. එය ප්‍රතිනිර්මාණය කරන ලද්දේ වර්ෂ 1903දියි. එමෙන්ම මෙම බැසිලිකාව වැනීසියේ තිබෙන වැඩිම ජනතාවක් නරඹන ස්ථාන අතරින් එකක් ද වෙනවා. මෙහි සැලසුම ග්‍රීක කුරුසයක් ආකාරයට නිර්මාණය වී පවතිනවා.

02. ෆ්ලොරන්ස් ආසන දෙව්මැදුර – ෆ්ලොරන්ස්

theculturetrip.com

මෙම ආසන දේව මන්දිරය අවුරුදු 140ක් පුරාවට ඉදි වී තිබෙනවා. මෙම දේවස්ථානය විශේෂ වන්නේ ගල් වලින් කරන ලද ලොව විශාලතම ගෝලාර්ධය (masonry dome) මෙහි පිහිටා ඇති නිසයි. ගඩොල් මිලියන 4ක් එය වෙනුවෙන් යොදාගෙන තිබෙන අතර එහි බර ටොන් 40,000කට ආසන්නයි. තට්ටු 10ක් උසින්, පාපන්දු පිටි අර්ධයක තරම් වූ අත්තිවාරමක මෙම කොටස පිහිටා තිබෙනවා. මෙය අද පවා ගොඩනැගීමට ඉතා අසීරු නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. මෙහි තිබෙන ලොව ප්‍රසිද්ධ ලෝකඩ දොරටුවක් වන “The Gates of Paradise” යනුවෙන් හැඳින්වෙන නිර්මාණය කර තිබෙන්නේ 1401 වසරේදීයි.

මෙම දේව මන්දිරයේ වහලය නිර්මාණය කරන ලද Fillipo Brunelleschi නම් පුද්ගලයාගේ පළමු ගෘහ නිර්මාණය එය වූ අතර, ඔහු වෘත්තියෙන් රන්කරුවෙකු වුණා. මෙම ආසන දෙව් මැදුර සැලකෙන්නේ ලොව තුන්වන විශාලතම ආසන දෙව් මැදුර ලෙසයි. මෙය මීටර 153ක දිගින්, මීටර 90ක පළලින් හා මීටර 90ක උසකින් යුක්ත වෙනවා.

03. සාන්ත පීතර බැසිලිකාව – වතිකානය

traveldigg.com

මෙම බැසිලිකාව සැලකෙන්නේ ලොව එතෙක් මෙතෙක් සුපිරිතම ගෘහ නිර්මාණ ශෛලියකින් හා කලා නිර්මාණ රැසකින් යුතුව ඉදි වූ ගොඩනැගිල්ලක් ලෙසයි. මෙය ඉදී වී තිබෙන්නේ වර්ෂ 1506 දියී. මෙම දේව මන්දිරය පාප් වහන්සේගේ පෞද්ගලික දේවස්ථානය ලෙස සැලකෙනවා. මෙහි විවිධ සාන්තුවරු 140ක ගේ පමණ පිළිම තැන්පත් කර තිබෙනවා. ඒවා වසර 41ක් පුරාවට විවිධ වූ නිර්මාණ ශිල්පීන්ගේ අතින් නිර්මාණය වුණා. ග්‍රීක කුරුසයක් ආකාරයට නිර්මාණය වුණු මෙම දෙව් මැදුර වර්ග අඩි 240,000ක පමණ විශාලත්වකින් යුතු වෙනවා. එසේම මෙහි එක වරකට පුද්ගලයන් 60,0000කට පමණ සිටිය හැකියි. තවද මෙය සැලකෙන්නේ ලොව අතීත කලා නිර්මාණ වල විශාලතම එකතුව ලෙසයි. එමෙන්ම එය පාප් වහන්සේව වක්‍රව ලොව ධනවත්ම කලා නිර්මාණ එකතු කරන්නා කරනවා. මෙම බැසිලිකාවේ පේදුරු තුමාගේ දේහය තැම්පත් කර ඇතයි පැවසෙනවා. නමුත් පුරාවිද්‍යාඥයන් එය සනාථ කරනු ලබන්නේ නෑ. අවසාන විනිශ්චය, ලෝකය මැවීම, පියෙටාව වැනි ලෝ ප්‍රසිද්ධම කලා නිර්මාණ වල කෞතුකාගාරය නම් වන්නේ මෙයයි.

04. අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් බැසිලිකාව

famouswonders.com

මෙයට මුල් ගල තැබුණේ 1228 ජූලි මස 17 වෙනිදායි. බැසිලිකාවේ පහත කොටස නිම කරන ලද්දේ 1230 වර්ෂයේ දී යි. මෙම බැසිලිකාවට ෆ්‍රැන්සිස් තුමාගේ දේහය ඉන්පසු ගෙනවිත් තැන්පත් කෙරුණා. මෙම බැසිලිකාවේ ඉහළ කොටසේ නිර්මාණ කටයුතු ආරම්භ කෙරුණේ 1239 වසරේදීයි. 1253 දී එහි ඉදි කිරීම් නිමා වුණා. මෙහි ප්‍රංශ ගොතික් හා රෝම ගෘහ නිර්මාණ ශිල්පයන් භාවිතා වී තිබෙනවා. 1997 සැප්තැම්බර් 26 වෙනිදා මෙම බැසිලිකාව භුමි කම්පාවකට ලක්වුණා. එමගින් මෙම බැසිලිකාවට විශාල ලෙස හානි වූ අතර එය නැවත පිළිසකර කිරීම වෙනුවෙන් වසර දෙකක් වසා තැබුණා.

මේ ඉතාලියේ ඇති එවැනි දේවස්ථාන කිහිපයක් පමණයි. එවැනි දේවස්ථාන රාශියක් ඔබට ඉතාලියෙදී දැක ගන්න පුළුවන් වෙනවා.

කවරය – wikimedia.org

Related Articles