Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ජනප්‍රියම සිනමා උළෙලවල් කිහිපයක්

සිනමා කර්මාන්තයට අදාළව ලොව පුරා විවිධ ඉසව් සංවිධානය වෙනවා. ඒ අතරින් අන්තර්ජාතික සිනමා උළෙලවල් වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

01. කාන්ස් සිනමා උළෙල

blogspot.com

මෙම සිනමා උළෙල නිර්මාණය වන්නේ ප්‍රංශයේ හිටපු අධ්‍යාපන හා සෞන්දර්ය කලා අමාත්‍යවරයෙකු වූ ජේන් සේ ගේ අදහසකට අනුවයි. ඒ, වැනිසියේ සිනමා උළෙලට තරඟයක් දිය යුතු සිනමා උළෙලක් ප්‍රංශය තුල නිර්මාණය විය යුතු යන ඔහුගේ අදහස නිසයි. පළමු කාන්ස් සිනමා උළෙල 1939 සැප්තැම්බර් පළමු වෙනිදා ඇරඹුණත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම නිසා එය සැප්තැම්බර් දෙවෙනිදා නතර කෙරුණා. ඉන්පසුව ප්‍රථම වරට සම්පූර්ණ සිනමා උළෙලක් පැවැත්වුණේ 1946 සැප්තැම්බර් 20 වෙනිදායි.1948-1950 දක්වා අරමුදල් නොමැති වීම නිසා මෙම සිනමා උළෙල පැවැත්වුණේ නෑ. මෙය පැවැත්වෙන්නේ ප්‍රංශයේ කාන්ස් නුවරයි. මෙම සිනමා උළෙලේ වටිනාම සම්මානය වන්නේ හොදම සිනමාපටය වෙනුවෙන් පිරිනැමෙන “Palme d’Or” නම් සම්මානයයි.  

02. Sundance සිනමා උළෙල

filmmakermagazine.com

මෙම සිනමා උළෙල  Sundance සිනමා උළෙල ලෙස හැඳින්වීමට කලින් එය හඳුන්වා තිබුණේ  යුටා/එක්සත් ජනපදයේ සිනමා උළෙල ලෙසයි. මෙම සිනමා උළෙල 1978 දී ආරම්භ වුණා. ඒ “ස්ටර්ලින් වැන් වෙන්ගර්” නම්, යුටා ජනපදයේ හිටපු සිනමා කොමසාරිස්වරයාගේ අදහසකට අනුවයි. මෙම සිනමා උළෙල 1981 ආරම්භ කරන ලද Sundance ආයතනය විසින් සංවිධානය කිරීම ආරම්භ කරන ලද්දේ 1985 වර්ෂයේ සිටයි. එයට හේතූ වුනේ මෙම සිනමා උළෙල වාර්ෂිකව පැවැත්විය යුතුවීම හා එයට අවශ්‍ය අරමුදල් රැස්කර ගත යුතුවීමයි. 1985 වසරේ Sundance සිනමා උළෙල ලෙස මෙම සිනමා සම්මාන උළෙල නම් කළ පසුව ප්‍රථම වරට හොදම සිනමා නිර්මාණය ලෙස කොඑන් සහෝදරයන්ගේ පළමු සිනමා නිර්මාණය වූ “Blood Simple” තේරී තිබුණා.  

03. බර්ලින් සිනමා උළෙල

eutourism.org

මෙම සිනමා උළෙල වාර්ෂිකව ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙනවා. 1951 බටහිර බර්ලින් නුවරින් මෙය ආරම්භ වූ අතර, 1978 සිට එය වාර්ෂිකව පෙබරවාරි මාසයේ පැවැත්වෙනවා. මෙම සිනමා උළෙලේ ටිකට්පත් 300,000ක් පමණ වාර්ෂිකව අලෙවි වෙනවා. විවිධ කාණ්ඩ වල සිනමාපට 400ක් පමණ මෙම සිනමා උළෙලේ දී ප්‍රදර්ශනය කෙරෙනවා. මෙම සිනමා උළෙලේ විවිධ ඉසව් වෙනුවෙන් ලෝ පුරා වෘත්තියමය සිනමා නිර්මාණකරුවන් රටවල් 130කින් 20,000ක් පමණ සභාගී වෙනවා. එමෙන්ම රටවල් 110කින් පමණ ජනමාධ්‍යවේදීන් 4200ක් පමණ මෙම සිනමා උළෙල ආවරණය කරනවා. මෙම සිනමා උළෙලට සමගාමීව “Berlinale Talent Campus” හී සතියක් පමණ පුරා සිනමා ක්ෂේත්‍රයට අදාලව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

04. වැනිස් සිනමා උළෙල

www.arnapress.kz

1932 ආරම්භ වන මෙම සිනමා උළෙල සැලකෙන්නේ ලොව දැනට තිබෙන ඉපැරණිම සිනමා උළෙලක් ලෙසයි. “palazzo del cinema” නම් ස්ථානයේ මෙම සිනමා උළෙල සංවිධානය වෙනවා. මෙම සිනමා උළෙලේ ලබාදෙන ගෞරවාන්විතම සම්මානය ලෙස ” Golden Lion ” සම්මානය හඳුන්වා දිය හැකියි. මෙම සිනමා උළෙල පැවැත්වෙන්නේ ලිඩෝ නම් ප්‍රදේශයේ යි. එය වැනිසියේ පිහිටා ඇති සැතපුම් 7ක් පමණ දිග වැලි පරයක්. මෙම දිවයිනේ 20,000ක් පමණ දෙනා වාසය කරනවා. කාන්ස් සිනමා උළෙල හා බර්ලින් සිනමා උළෙල හැරුණු විට ලොව දැවැන්තම සිනමා උළෙල වන්නේ මෙයයි.

05. ටොරෙන්ටෝ සිනමා උළෙල

ssl.com

මෙම සිනමා උළෙල ආරම්භ කෙරුණේ වර්ෂ 1976 දීයි. එහි මුල් නම වුනේ “The Festival of Festivals” යන්නයි. මෙම සිනමා උළෙලේ 1976 වර්ෂයේ ටිකට් පතක මිල ඇමරිකානු ඩොලර් 2ක් පමණ වී තිබෙනවා. වර්ෂ 1994 “The Festival of Festivals” යන නම වෙනුවට එහි නම “ටොරෙන්ටෝ අන්තරජාතික සිනමා උළෙල” ලෙස වෙනස් වුණා. මෙහි මුල්ම සිනමා උළෙල වෙනුවෙන් සභාගී වී තිබුණේ 35,000 ක පමණ දෙනෙක් පමණයි. නමුත් 2012 වසරේදී එයට ලක්ෂ 5ක පමණ පිරිසක් සභාගී වී තිබුණා.

ඔබටත් අවස්ථාවක් ලැබුනොත් මේ වගේ සිනමා උළෙලවල් නම් මගහැර ගන්න එපා.

කවරය – htteng.jiff.or.kr

Related Articles