Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

60 දශකයේ ඇමරිකාව කැලඹූ දේශපාලන ඝාතන

01. ජෝන් එෆ්. කෙනඩි

historylocker.com

ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා ඝාතනය වන්නේ 1963 නොවැම්බර් මස 22 වෙනිදායි. ඒ ඔහු ඔහුගේ රථ පිරිවර සමග එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩවුන් ටවුන් ඩලාස් හී ඩියලි ප්ලාස් නම් ස්ථානයෙන් ගමන් කරමින් සිටින අතරතුරයි. ඔහු මෙම ප්‍රහාරයට ලක්වන්නේ 1964 දෙවන වරට නැවත ජනාධිපතිවරයා වීමේ සටනේ නිරත වී සිටින අතරතුරදී යි.

ඔහුගේ සැලසුම වී තිබුනේ උත්සවාකාර දිවා ආහාරයක් අතරතුර රැස්වීමක් ඇමතීමයි. නමුත් දහවල් 12.30ට පමණ ඩියලි ප්ලාසා පසු කරමින් සිටින අතර තුර ජනාධිපතිවරයා වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර එයට එම රථයේ සිටි රාජ්‍ය නිලධාරීයෙකු ද ගොදුරු වුනා. රථය නොනවත්වා කෙලින්ම පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලට ගමන් කළත් හිසට හා බෙල්ලට වූ තුවාල නිසා ජනාධිපතිවරයා මියගිය බව දහවල් 1ට පමණ නිවේදනය කෙරුණා. මෙම වෙඩි තැබීම කර තිබුණේ ලී ආවේ ඔස්වල්ඩ් නම් පුද්ගලයකු වූ අතර ඔහුව එරට පොලීසිය සිද්ධිය සිදුව පැයක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. නමුත් නොවැම්බර් 24 වෙනිදා පොලීසියේ සිට බන්ධනාගාරයට ඔහුව ගෙන යන විට එල්ල වූ වෙඩි පාහරකින් ඔහුත් පාර්ක්ලන්ඩ් අනුස්මරණ රෝහලේ දී මිය ගියා.

02. මාර්ටින් ලූතර් කිං

wordpress.com

මානව අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගූ ලොව ජනප්‍රියම නායකයකු ලෙස මාර්ටින් ලූතර් කිං සැලකෙනවා. ඔහු මරණයට පත් කළ ප්‍රහාරයට ලක් වුනේ කලින් වතාවක වැරදුනු ඝාතන තැතකින් බේරීමෙන් පසුවයි. කිං ඝාතනය වන්නේ 1964 අප්‍රේල් මස 4 වෙනිදායි. ඒ FBI හී #277 වන අතිශයින්ම අවශ්‍ය පුද්ගලයාගේ අතිනුයි. කිං ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයේ සදළුතලය මත සිටිය දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මරණය පත් වෙනවා. ඔහුට එල්ල වී තිබුණෙ 0.30-60 කැලිබර් රයිෆල් උණ්ඩයක්. ඔහුව ශාන්ත ජෝසප් රෝහලට ඇතුලත් කළ පසු වෛද්‍යවරුන් ඔහුට එහිදී හදිසි සැත්කමක් කර තිබුණා. නමුත් සවස 07.05ට ඔහු මියගිය බව ප්‍රකාශ කෙරුණා. ඒ වන විට කිංට වයස අවුරුදු 39ක් වුණා. ඔහුගේ මරණයෙන් පසුව ඇමරිකාවේ වූ නොසන්සුන්තාව නිසා 43 දෙනෙක් මියගිය අතර 3,500ක් පමණ තුවාල ලබා තිබුණා.මෙම ඝාතනය සිදුකර තිබුණේ ජේම්ස් එර්ල් රේ නම් අයෙකුයි. ඔහුව 1968 ජුනි 8 වෙනිදා ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට පත් වූ අතර පසුව ඉන්පසුව ඔහුට අවසානයේ වසර 100ක සිර දඬුවමක් හිමි වුනා.

03. මැල්කම් x

nydailynews.com

මේ අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති පූජකවරයෙකුයි. ඔහු එක්සත් ජනපදයේ මුස්ලිම් ආගමික පූජකයෙකු ලෙස හා මානව ක්‍රියාකාරයෙකු ලෙස කටයුතු කර තිබුණා. ඔහු කලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල කැප කිරිමක් කළ අයෙකු ද වෙනවා. ඔහුගේ පියා ඝාතනය වී ඇත්තේ ඔහුට අවුරුදු 06 දියී. වර්ෂ 1964 දී ඔහු සාමාජිකයෙකු වූ මුස්ලිම් පක්ශයෙන් ඉවත්ව යන්නේ එය හා වූ කලකිරීම් රැසක් හේතූ වෙනුයි.

1965 පෙබරවාරි මස 21 වෙනිදා ඔහුව Nations of islam නමැති සංවිධානයේ සමාජිකයන් තිදෙනකු විසින් ඝාතනය කරනු ලබනවා. ඒ අප්‍රිකා – ඇමරිකානු සංවිධානය ඇමතීමට මැන්හැටන් හී සූදානම් වෙමින් සිටින අතරතුරයි. ඊට පෙර 1965 පෙබරවාරි 19 වෙනිදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම සංවිධානය විසින් ඔහුව ඝාතනයට මාන බලන බව ඔහු සදහන් කර තිබුණා.

ඔහුට වෙඩි ප්‍රහාර 21ක් එල්ල වී තිබූ අතර ඔහු ප්‍රහාරය එල්ල වූ දින සවස 3.30ට පමණ මියගිය බවට නිවේදනය කෙරුණා.

04. රොබට් එෆ්. කෙනඩි

wordpress.com

මොහු උපත ලබා ඇත්තේ 1925 නොවැම්බර් 20 වෙනිදායි. 1960 වර්ෂයේ ජොන් එෆ්. කෙනඩිගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉතාමත් වැදගත් කාර්යයන් රැසක් මොහුගේ අතින් සිදු වෙනවා. එම නිසාම ඔහුගේ ජයග්‍රාහනයෙන් පසුව ඔහු කෙනඩිගේ කැබිනට් මණ්ඩලයේ නීතිඥ ජෙනරාල් ධූරයට පත් වෙනවා. ඒ සමගම ඔහු නීති ක්ෂේත්‍රයේ වෙනස්කම් රාශියක් කරන අතර කෙනඩි ජනාධිපතිවරයාගේ ළඟම අනුශාසකවරයෙකු ද වෙනවා.1968 මාර්තු 19 රොබට් කෙනඩි තමාගේ ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වීම ප්‍රකාශ කරන අතර එයට ඇමරිකානු ජනතාවගේ විශාල සහයෝගයක් ලැබෙනවා. මේ අතරවාරයේ දී 1968 ජූනි 5 වෙනිදා ඔහු සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා. ඒ ලොස් ඇන්ජලීස් හී පිහිටි හෝටලයක් තුලදී වන අතර මිය යන විට ඔහු 43වෙනි වියේ පසු වුණා.

කවරය – picdn.net

Related Articles