
වතුරමල් යනු උද්‍යාන අලංකරණයේදී දකින්න ලැබෙන අංගයක්. ලෝකයේ ඇතැම් වතුරමල් ඒවායේ ආකර්ශණීයත්වය හෝ විශාලත්වය හෝ ආදී කරුණු මත ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. මේ එවන් වතුරමල් කිහිපයක්
Bellagio වතුර මල, ලාස් වේගාස්, එක්සත් ජනපදය

screengrab from youtube
එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි Bellagio නමැති හෝටලය ඉදිරිපිට මෙම වතුර මල පිහිටා තිබෙනවා. -මෙය විවිධ නාද රටාවන්ට හා ආලෝක රටාවන්ට අනුව අනුකූල වන ආකාරයෙන් චලන ඉදිරිපත් කරන බවද සඳහන් වනවා. සංගීතය නිකුත් කරන ගීත අතර Time To Say Goodbye”, “Your Song”, “Viva Las Vegas”, “Luck Be a Lady” හා “My Heart Will Go On” යන ගීත වන බවද දැක්වෙනවා.
Trevi වතුර මල, රෝමය, ඉතාලිය

wwd.com
Trevi නමැති වතුර මල පිහිටා තිබෙන්නේ රෝමයේ Trevi දිස්ත්‍රික්කයේ යි. මෙහි උස ලෙස වාර්තා වන්නේ මීටර් 26.3 (86 ft)ක්. එමෙන්ම පළල මීටර් 49.15 (161.3 ft) පමණ වනවා. මේ හා සම්බන්ධ අපූරු ජනප්‍රවාදයක් දැක්වෙනවා. එනම් මෙම මෙම පොකුණට කාසියක් විසි කරන්නේ නම් නැවත රෝමයට පැමිණීමට භාග්‍ය උදා වන බවයි. මේ හේතුවෙන් සංචාරකයන් දිනකට යුරෝ 3000 ක් පමණ මෙයට විසිකිරීම සිදු කරන බවද සඳහන් වනවා. කෙසේ උනත් මෙසේ විසි කරන ලද මුදල් එකතු කොට රෝමයේ දිළිඳු ජනතාවගේ සුබසාධනයට යොදවන බවද විශේෂත්වයක්.
Magic Fountain of Montjuic, බාර්සලෝනා

screengrab from youtube
මෙම වතුර මල නිර්මාණය කර තිබෙන්නේ 1929 බාර්සලෝනා ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා යි. නමුත් ඒ වන විට මෙහි ආලෝක සංදර්ශන පමණක් සිදුව තිබෙනවා. මේ සඳහා සංගීතය එක් කොට තිබෙන්නේ 1980 වර්ෂයේදී පමණ බව සඳහන්. 1992 වසරේ Montjuic පැවති ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා මෙය ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කර තිබෙනවා. එමෙන්ම මෙහි තිබෙන සුන්දරත්වය නැරඹීමට සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බවත් සඳහන් වනවා.
Fountain of Wealth, සිංගප්පූරුව

flickr.com
සිංගප්පූරුවේ පිහිටා තිබෙන මෙම වතුර මල Suntec City නමැති සුපිරි සාප්පු සංකීරණයේ පිහිටා තිබෙන බව සඳහන් වනවා. මෙය ලෝකයේ විශාලම වතුර මල ලෙසට ගිනස් වාර්තා අතරටද එක් වී තිබෙනවා. දහවල් කාලයේ මෙය සුළු වෙලාවකට ක්‍රියාත්මක නොවන බවත් ඒ කාලය ඇතුලත සාප්පු සංකීරණය තුළ තිබෙන කුඩා වතුර මල් දැක ගත හැකි බවත් දැක්වෙනවා.
Friendship of the Peoples Fountain, මොස්කව්, රුසියාව

screengrab from youtube
මහජන මිත්‍රත්වයේ වතුර මල ලෙස නම් කර තිබෙන මෙම වතුර මල රුසියානු ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ප්‍රධානම අංගයක් ලෙස දැක්විය හැකියි. මෙහි තිබෙන විශේෂත්වයක් වන්නේ රන් ආලේපිත පිළිම 16ක් අන්තර්ගත වීමයි. මෙම පිළිම 16 මඟින් සෝවියට් සංගමයේ එකල තිබූ සමූහාණ්ඩු නියෝජනය කරන බවද සඳහන් වනවා.
Fontana di Tivoli, ට්‍රිවෝලි, ඉතාලිය

panoramio.com
මෙය පිහිටා තිබෙන්නේ ට්‍රිවෝලි වල Villa d’Este හි යි. එමෙන්ම උල්පත් අවට තිබෙන හැඩයෙන් යුක්ත දිය ඇල්ලෙන් ලස්සන තටාකයක් නිර්මාණය කරන බවද දැක්වෙනවා. එමෙන්ම මෙම සම්පුර්ණ මන්දිරය ඇතුළු උද්‍යානය UNESCO විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබීමද වැදගත් වනවා.
King Fahd’s Fountain, Jeddah

Ferdinand Reus (Wikimedia Commons)
සෞදි අරාබියේ Jeddah හි පිහිටා තිබෙන මෙම වතුර මල Jeddah Fountain යනුවෙන්ද හඳුන්වනු ලබනවා. එමෙන්ම මෙය ලෝකයේ උසම වතුර මලද වනවා. Jeddah හි වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙයින් වතුර මීටර් 312 ක් පමණ ඉහළ අහසට විඳින බවද සඳහන් වනවා. නගරයේ සෑම තැනකම සිටම මෙම සුන්දරත්වය දැක බලා ගැනීමට වරම් හිමි වන අතරම, රාත්‍රී කාලයේ Fahd රජුගේ වතුර මල ආලෝකවත් කිරීම උදෙසා spotlights 500ක් පමණ භාවිතා කර තිබෙන බවත් දැක්වෙනවා.
Archibald වතුර මල, සිඩ්නි, ඕස්ට්‍රේලියාව

Sydney-city.blogspot.com
F. Archibald Memorial Fountain යනුවෙන්ද හඳුන්වනු ලබන මෙය ඉදි කර තිබෙන්නේ 1932 වසරේදීයි. එමෙන්ම මෙමඟින් පළමු ලෝක යුද්ධ සමයේ ඕස්ට්‍රේලියාව හා ප්‍රංශය අතර මිත්‍රත්වය විදහා දක්වන බවද සඳහන් වනවා. Archibald වතුර මල නිර්මාණය වන්නේ ග්‍රීක, රෝම කලා ආභාෂය ඇතිවයි.
Samson වතුර මල, ශාන්ත පීටර්ස්බර්ග්, රුසියාව

flickr.com
Samson වතුරමල පිහිටා තිබෙන්නේ Peterhof නමැති මාලිගාව තුළයි. මෙම සම්පුර්ණ උද්‍යානය ඉදි කර තිබෙන්නේ 1710 වසරේ බව සඳහන් වනවා. ඒ මහා පීටර රජතුමාගේ අදහසක් අනුවයි. එමෙන්ම මෙම උද්‍යානයේ වතුර මල් කිහිපයක්ම පිහිටා තිබෙන බවත් Samson වතුර මල ඉන් වැදගත් වන බවත් දැක්වෙනවා. 1730 වසරේදී පමණ මෙම වතුර මල ඉදිකර තිබෙනවා. රුසියාව ස්වීඩනයට එරෙහිව කරන ලද සටනේ ජයග්‍රහණය මෙමඟින් නිරුපණය වන බව දැක්වෙනවා.
Swarovski වතුර මල, Innsbruck, ඔස්ට්‍රියාව

mapio.net
මෙම වතුර මලේ පිහිටීම ලෙස දැක්වෙන්නේ Swarovski සමාගමේ ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටයි. එමෙන්ම පළිඟු තේමාව යටතේ මෙහි පිහිටා තිබෙන කෞතුකරගාරය නැරඹීමටත් සංචාරකයන්ට හැකියි.
කවරයේ පින්තූරය: Bellagio.com