Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවටම රහස් වුණ දේවල් 4ක්

අපි අද ඔබට කෙටියෙන් පෙළ ගස්වන්න යන්නේ ලෝකයේ තියන ප්‍රසිද්ධ රහස් ටිකක්. රහස් කිව්වට ලෝකයාගෙන් විවිධ හේතූන් මත සඟවාගෙන ඉන්න දේවල් අතර ඉහළින්ම තියන දේවල් ටිකක්.

01. කොකා කෝලා  බීම වට්ටෝරුව

කොකා කෝලා සමාගම දැනට වසර 125ක් පමණ පුරාවට ලොව පුරා අස්සක් මුල්ලක් නෑර තම සන්නාමය ප්‍රචාරය කර අවසාන යි. එමෙන්ම ලොව දැනට දෙවැනියට වැඩිම දෙනෙක් පානයට ගන්නා පානය වන්නේ ද කොකා කෝලා යි. එය දෙවැනි වන්නේ ජලයට පමණයි. මෙම පානය නිර්මාණය වන්නේ එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ ඇට්ලන්ටා නගරයේ යි. ඒ ජෝන් පෙම්බර්ටන් නම් ඖෂධවේදීයකු අතින්. එකල ඖෂධයක් ලෙස භාවිතා වූව ද පසුකාලීනව පානයක් බවට පරිවර්තනය වීමේ දී කෝකා කොලා සමාගම තමන් සතු වට්ටෝරුව රහසක් ලෙස තබා ගන්නවා. එමෙන්ම එම වට්ටෝරුව සම්බන්ධව විවිධ වාද විවාද ඇති වී ඇති නමුත් තවමත් ලොව ආරක්ෂා වී ඇති ප්‍රධාන පෙලේ රහසක් බවට කොකා කෝලා වට්ටෝරුව සැලකෙනවා. කොකා කෝලා සමාගම මේ රහස් වට්ටෝරුව ඇට්ලන්ටාවේ Sun Trust Bank නම් බැංකුවේ ආරක්ෂිතව තබා තිබෙනවා. එමෙන්ම එම ආරක්ෂා කිරීම වෙනුවෙන් විශාල මුදලක් ද වියදම් කරනු ලබනවා.

කොකා කෝලා වට්ටෝරුව තැම්පත් කර ඇති ස්ථානය – (blogspot.com)

02. ඒරියා 51

ඇමරිකා රජයට අනුව නම් මෙය හමුදා කඳවුරක් වුණත්, සත්‍ය වශයෙන්ම එම කලාපය තුල සිදුවන දෑ ලොවට තවමත් අභිරහසක්ව. වසර ගණනාවක් පුරා ලෝක සිතියම් වලින් පවා සඟවා තැබුණු මේ ස්ථානය, පිටසක්වල ජීවන් හා ගණුදෙනු කරන බවක් ද කියවෙනවා. මෙය පිහිටා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගස්හි මොහාවි ආශ්‍රිතව යි. ඇමරිකානු අභ්‍යාවකාශ ආඥාදායකයේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස නම් කර තිබෙන අතර මේ කලාපය වෙත සිවිල් හෝ සාමාන්‍ය ගුවන් හමුදා වලට පිවිසීම ද  තහනම් කර තිබෙනවා. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඇමරිකානු ගුවන් හමුදාව මෙහි පාලන කටයුතු කරන අතර ඔවුන්ගේ අවසරයකින් තොරව එහි කාටවත් ඇතුල්වීම ද කළ නොහැකියි. මෙහි ඉතා රහසිගතව ජෛව රසායනික අවි නිපදවන බවත්, පෘථිවි වැසියන් සහ පිටසක්වල ජීවීන් අතර හමුවීම් සිදුවන ස්ථානයක් බවත්, කාලය හරහා ගමන් කිරීම සම්බන්ධව පර්යේෂණ සිදුවන බවත් ඇතැමුන් අනුමාන කරනවා. ඇමරිකාව මුළු ලෝකයේම පාලනය තමන්ට නතු කරගැනීමට දැනටත් උත්සාහ කරමින් සිටින නිසා මෙහි ඒ වෙනුවෙන් කටයුතු සිදුකෙරෙන බව අනෙක් මතයයි. මේ පිළිබඳව ඔබට තවත් දෑ මෙතැනින් කියවන්න පුළුවන්.

todayifoundout.com

03. පිරමීඩ හැදුවේ කොහොම ද ?

කෙතරම් තාක්ෂණය අතින් දියුණු වූවත් තවමත් ලෝකයට විශාල අභිරහසක්ව පවතින දෙයක් විදියට පිරමීඩ නිර්මාණය කරන ලද තාක්ෂණය සැලකෙනවා. මේ තාක්ෂණය පිළිබඳ විද්වතුන් අතර විවිධ වාද විවාද පවතිනවා. මීට වසර වසර 4600කට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 26 වන සියවසේ දී පමණ මිසර වැසියන් විසින් මේ නිර්මාණ කර තිබුණා. මිසර රාජධානියේ රජවරුන් ෆේරෝ යනුවෙන් හැඳින්වූ අතර, ප්‍රසිද්ධ ගීසා පිරමිඩ තැනුණු කාලයේ ෆෙරෝවන් ලෙස කටයුතු කළේ කුෆු, ඔහුගේ පුතු කාෆ්රේ, සහ මුණුපුරු මෙන්කුරේ යන රජුන්. මොවුන් තමන්ගේ මරණයෙන් පසුව තම සිරුරු තැන්පත් කිරීම සඳහා සොහොන් ගෙවල් ලෙස මෙම පිරමීඩ ඉදිකිරීම සඳහා අණ දී තිබුණා. කෙසේ නමුත් අතීතය පමණක් පිළිතුරු දන්නා අභිරහසක් ලෙස අදටත් මේ අභිරහස ඉතිරව පවතිනවා. පිරමීඩ ගැන තවත් මෙතැනින් කියවන්න.

ytimg.com

04. වතිකානයේ රහස් ලියවිලි

ඇත්ත වශයෙන්ම මේ ලේඛනාගාරයේ පවතින රහස් ලේඛන පාප්වරුන්ගේ පෞද්ගලික ලිපිලේඛන යි. මෙම ලේඛනාගාරයේ කි.මී. 85ක් පමණ මුළු දිගකින් යුත් රාක්ක තැම්පත් කර තිබෙනවා. මෙම ස්ථානයේ ඇති බොහොමයක් ලේඛන විශ්වීය කතෝලික සභාවට අයත් ලේඛන යි. මෙම ලේඛනාගාරය තුල සියවස් දොළහකට අයත්, එනම් අටවන සියවසේ සිට 20 වන සියවස තෙක්, අයත් ලේඛන තැම්පත් කර තිබෙනවා. අද වනවිට මෙම ලේඛනාගාරයෙන් කොටසක් විද්වතුන්ගේ පර්ශිලනය සදහා විවෘත කර තිබෙනවා. මුලින්ම එය එසේ විවෘත වුණේ 1881 වසරේ දී යි. මෙය පාලනය වන්නේ පාප් වහන්සේ යටතේ යි. මෙම ලේඛනාගාරයේ ලිපි අතර ජේසු තුමන් පිළිබඳව ලියන ලද ලිපි (මේවා සමහරක් අතිශ්‍ය රහස්‍ය ලේඛන වේ), අත්භූත බලවේගයන් (පිටසක්වල ජීවින්) පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපි, 2 වෙනි ජුලියස් පාප්තුමාට මයිකලාන්ජලෝ විසින් එවන ලද ලිපිය, ගැලීලියෝට එරෙහිව 1633 කරන ලද නඩු විභාගය වැනි ලේඛන ගණනාවක් ඇතුලත් වෙනවා. අදටත් ලෝකයට රහස් වන ලිපි ගණනාවකට නිවහන මෙය යි. මේ පිළිබඳ තවත් මෙතැනින් කියවන්න.

wordpress.com

Related Articles