
01. සන් වලසා (Sun Bear)

taronga.org.au
Helarctos malayanus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු මෙම වලසා වලස් පවුලේ සිටින කුඩාම වලසා වනවා. අග්නිදිග ආසියාවේ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව වාසය කරන මොවුන් හට දිගු දිවක් හිමිව තිබෙන්නේ ආහාර ලෙස කෘමීන්, කූඹින්, හා මී පැණි ලබාගන්නා නිසායි. කිලෝග්‍රෑම් 65ක් පමණ බරකින් යුක්ත වන මේ වලසා කෘමීන්ට අමතරව කුඩා ක්ෂීරපායින් හා කුරුල්ලන් ද ආහාර ලෙස ලබා ගන්නවා. “Honey bear” යනුවෙන් සුරතල් නාමයක් ද මොහුට හිමිව තිබෙනවා.
02. ආසියාතික කළු වලසා (Asiatic Black Bear)

6abc.com
Ursus tibetanus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම වලසා ජීවත් වන්නේ නැගෙනහිර ආසියාවේ ඇෆ්ගනිස්ථානය, භූතානය, චීනය ආදී රට වලයි. ඇමරිකානු කළු වලසා හට සමාන කමක් දක්වනවා. ආහාර වශයෙන් කුරුල්ලන්, මාළුන්, කෘමින්, තණකොළ, පලතුරු, සහ පැණි ආදිය ලබා ගන්නවා. පිරිමි වලසෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 100-200 ක් පමණ බරකින් යුක්ත වනවා. මොවුගේ පපුවේ V හැඩය ගත් සලකුණක් තිබෙනවා. වර්තමානයේ දී දඩයම් කිරීම හේතුවෙන් මෙම සත්ත්ව විශේෂය වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා.
03. ඇමරිකානු කළු වලසා (American Black Bear)

ourplnt.com
මෙම වලසාගේ විද්‍යාත්මක නාමය වන්නේ Ursus americanus යන්නයි. කළු, නිලට හුරු කළු පැහැය, දුඹුරු හා සුදු යන වර්ණ වලින් මෙම වලසුන් දැක ගත හැකි වනවා. මොවුන්ගේ නිජබිම උතුරු ඇමරිකාව වන අතරම අවුරුදු 15- 20 ත් අතර ආයු කාලයක් හිමි වනවා. නමුත් මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයන්, විශේෂයෙන්ම දඩයම් කිරීම හේතුවෙන් මෙම වලසුන්ගෙන් බොහෝමයක්ම හට මහලු වයසට එළඹීමට නොහැකි වනවා. සාමාන්‍යයෙන් පිරිමි වලසෙකු කිලෝග්‍රෑම් 280ක් දක්වා බරකින් යුක්ත වනවා.
04. ස්පෙක්ටකල්ඩ් වලසා (Spectacled Bear)

zooportraits.com
Tremarctos ornatus යන්න විද්‍යාත්මක නාමය වනවා. මොවුනට මෙම නම හිමි වී තිබෙන්නේ ඇස්වටා කොටසක් හෝ සම්පූර්ණයෙන්ම උපැස් යුවලක් මෙන් දිස් වන නිසායි. මෙම වලස් විශේෂය තර්ජනයට ලක් වූ විශේෂයක් වන අතරම මරා දැමීම ද නීති විරෝධී වනවා. ශාක, පළතුරු, උණ, හාවන්, මීයන් හා කෘමීන් ආහාර ලෙස ලබා ගන්නා මොවුන් දකුණු ඇමරිකාවේ බටහිර පෙදෙසේ කඳුකර වනාන්තර වල ජීවත් වනු ලබනවා. පිරිමි වලසෙකු කිලෝග්‍රෑම් 100-200 අතර බරකින් යුක්ත වනවා.
05. දුඹුරු වලසා (Brown Bear)

en.wikipedia.org
විද්‍යාත්මක නාමය වන්නේ Ursus arctos වේ. දුඹුරු වලසා යන නාමය හිමිව තිබෙන්නේ සිරුරේ තිබෙන දුඹුරු පැහැති ලොම් හේතුවෙනි. ඉතාමත් ශක්තිවන්තයන් පිරිසක් වන මෙම වලස් විශේෂයේ තවත් වලසුන් උප විශේෂයන් කිහිපයක්ම වනවා. නිජබිම් වනුයේ ආසියාව, යුරෝපය, හා උතුරු ඇමරිකාව යි. කෙලින් සිට ගත් දුඹුරු වලසෙකුගේ උස මීටර් තුනකට පමණ ආසන්න වනවා.
06. මන්ද වලසා (Sloth Bear)

nationalzoo.si.edu
Melursus ursinus යන්න විද්‍යාත්මක නාමය වනවා.ශ්‍රී ලාංකික මන්ද වලසා හා ඉන්දියානු මන්ද වලසා යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වනවා.මොවුන්ගේ පපුවේ U හෝ Y හැඩයට හුරු සලකුණක් දක්නට හැකි අතරම කළු පැහැයේ සිට දුඹුරු පැහැයට හුරු තරමක් දිග ලොම් වලින් සෑදුණු සිරුරක් හිමිව තිබෙනවා.සාමාන්‍යයෙන් පිරිමි වලසෙකුගේ බර කිලෝග්‍රෑම් 54- 140ත් අතර ප්‍රමාණයක් ගනු ලබන අතරම ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ විවෘත තෘණ බිම් වල හෝ වගුරුබිම් වල දක්නට ලැබෙනවා.
07. හිම වලසා (Polar Bear)

boredpanda.com
Ursus maritimus යන්න විද්‍යාත්මක නාමය වන අතර සීත දේශගුණය දරා ගැනීමට, හිම මත ඇවිදීමට, මෙන්ම පිහිනීමට සුදුසු වන ආකාරයේ දේහයක් මොවුන්ට හිමිව තිබෙනවා. උත්තර ධ්‍රැවය ආශ්‍රිතව ජීවත් වන අතරම ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භක්ෂකයා වෙනවා. වැඩුණු පිරිමි වලසෙක් කිලෝග්‍රෑම් 350- 700 අතර බරකින් සමන්විතයි. සීල් මත්ස්‍යයින් කැමතිම ආහාරය වන අතරම මසුන්, කුරුළු පැටවුන්, කුරුළු බිත්තර, පිනි මුවන්, කකුළුවන් ප්‍රධාන වශයෙන් ද බෙරි වර්ග, මුල් වර්ග, හා මුහුදු පැළෑටි ආදිය ද සුළු වශයෙන් ආහාරයට ගනු ලබනවා. නමුත් වර්තමානය වන විට වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්ව තිබෙනවා.
08. යෝධ පැන්ඩා (Giant panda)

worldwildlife.org
Ailuropoda melanoleuca යන්න විද්‍යාත්මක නාමය වනවා. පැන්ඩා යනු සත්ත්ව විද්‍යාත්මකව ලොව වඩාත්ම වරදවා වටහා ගත් සතුන්ගෙන් එකෙක්. මොවුන් වලසෙකු බවට ජාන පරික්ෂාව හා නිරීක්ෂණ මගින් තහවුරු කෙරෙන තුරුම විශ්වාස කෙරුණේ රැකුන් (raccoon) පවුලේ සාමාජිකයෙකු ලෙසයි. බොහෝ විට තනිව වාසය කරන මොවුන් නිරිත දිග චීනයේ වැඩි වශයෙන් වාසය කරනු ලබනවා. උණ බට දළු, හා කුඩා සතුන් ආහාරයට ගනු ලබන ලබනවා. පිරිමි වලසෙකුගේ බර කිලෝග්‍රෑම් 113ක් පමණ වන අතරම ගැහැණු සතෙකුගේ බර කිලෝග්‍රෑම් 70- 100 අතර ප්‍රමාණයක් ගනු ලබනවා.
කවරයේ පින්තූරය: independent.co.uk