Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමසන් ගැන කෙටියෙන්

ලොව විශාලතම වැසි වනාන්තරය

ඇමසන් වනාන්තරය – thingpic.com

ඇමසන් වනය සලකනු ලබන්නේ ලොව පවතින විශාලතම වැසි වනාන්තරය ලෙසයි. විශාලත්වයෙන් දෙවන හා තෙවන තැන ගන්නා වැසි වනාන්තර දෙකටත් වඩා එය විශාලයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 6.9ක් ලෙස සැලකෙනවා. එමෙන්ම ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගඟ වන ඇමසන් මෙය හරහා ගලා යන  අතර,  අතු ගංඟා 1,100කින් සමන්විත එහි ගංගා 17ක් සැතපුම් 1000කට වඩා දිගකින් යුතු ඒවා වෙනවා. ජල මට්ටම ඉහළදිනවලදී ඇමසන් ගඟ දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදා හරිනවා. ඇමසන් වනය රටවල් නවයකට අයත්  වන අතර වනාන්තරයෙන් 60%ක් අයිති වෙන්නේ බ්‍රසීලියටයි.

පැළෑටි හා ශාඛ

pinimg.com

වර්තමානයේ වාර්තාගත ශාඛ වර්ග වලින් 2/3කට නිවහන වන්නේ ඇමසන් වනාන්තරයයි.ඇමසන් නදියේ බටහිර නිම්නය සැලකෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය ලෙසයි.. ඇමසන් භුමියේ එක හෙක්ටයාරයක් තුල විවිධ වර්ගයන්ට අයත් ශාඛ වර්ග 40 – 100ත් අතර ප්‍රමාණයක් සොයාගත හැකි වෙනවා. ඇමසන් වනයෙන් වාර්තාගත ශාඛ වර්ග ප්‍රමාණය 80,000ක්. ඉන් ශාක වර්ග 40,000ක්ම සැලකෙන්නේ ගෝලීය දේශගුණිය පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායිව පවත්වා ගෙන යාම වෙනුවෙන් උපකාරී වන ශාක වර්ග ලෙසයි. එමෙන්ම කාර්මිකකරණය සමඟම වායුගෝලයට එකතු වෙන අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගෙන වායුගෝලයට නැවත වරක් පිරිසිදු ඔක්සිජන් ලබා දීමේ මහඟු සේවාවට ද ඇමසන් වනාන්තරය විසින් විශාල වශයෙන් තම දායකත්වය ලබා දෙනවා.

සතුන්

ඇමසන් වනයේ සිටින විෂ අධික ගෙම්බෙක් worldatlas.com

ඇමසන් වනය සතුන් වර්ග 2000කට නිවහන සපයනවා. ඇමසන් වනාන්තරය තුල ක්ෂීරපායී සතුන් විශේෂයන් 427ක් පමණ ජිවත් වෙනවා. ඒ අතර ජගුවාර් මෙන්ම ඇමසන් ගඟේ ජිවත් වන ඩොල්පින් ද සිටිනවා. කුරුළු වර්ග 1800ක්  හා සර්ප විශේෂ 378ක් පමණ ඇමසන් වනාන්තර තුලින් සොයාගෙන තිබෙනවා. උභය ජිවීන් විශේෂ 400ක් පමණ ද මෙහි ජීවත්වෙනවා. ලොව ප්‍රසිද්ධම සර්පයා ලෙස සැලකෙන ඇනකොන්ඩා වාසය කරන්නේද ඇමසන් වනාන්තරයේයි. සාමාන්‍යයෙන් ඇනකොන්ඩා සර්පයෙකු අඩි 30ක දිගකට හා රාත්තල් 550ක පමණ බරකට වර්ධනය වෙනවා. ගැහැණු සර්පයා පිරිමි සර්පයාට වඩා සාමාන්‍යයෙන් දිගින් මදක් වැඩියි. ඔවුන් එක වරකදී පැටවුන් 20 – 40ත් අතර ප්‍රමාණයකට එකවර ජීවය ලබා දෙන අතර සාමාන්‍යයෙන් අඩි දෙකක පමණ දිගකින් යුතු වෙනවා. ඇමසන් වනාන්තරය තුල මත්ස්‍යයින් වර්ග 5,600ක් පමණත්, සමනල් විශේෂ 1,400ක් පමණ ජිවත් වනවා.

අහිමි වෙන ඇමසන්

ඇමසන් වනාන්තරයේ විනාශය – .conservation.org

1978 වර්ෂයේ සිට මේ දක්වා වර්ග කිලෝමීටර 750,000 කට වඩා භූමි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරයෙන් විනාශ වී තිබෙනවා. ඒ, බ්‍රසීලය,පේරු, කොලොම්බියාව, බොලීවියා, වෙනිසියුලාව වැනි රටවල් ආශ්‍රිතවයි. වනාන්තරයේ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙනුයි. නමුත් 20වන සියවස අග භාගය වනවිට එම තත්ත්වය ඉහළ ගොස්තිබෙනවා. මහා පරිමාණයේ කර්මාන්ත හා මවගා බිම් නිර්මාණය නිසා වනාන්තරය විනාශ වීම වේගවත්ව තිබෙනවා. 2000 වර්ෂයේ පමණ සිට වන විනාශයෙන් 3/4 කට පමණ හේතු වී තිබුණේ ගව පාලනයයිනමුත් 2004 වසරේ පමණ සිට මෙම නාශය වැලක්වීමට පියවර ගැනීමත් සමඟම මෙම ප්‍රතිශය පහළ අගයක් ගෙන තිබෙනවා. මෙයට හේතූ වී ඇත්තේ පවතින් නීති රෙගුලාසි බලාත්මක කිරීම, චන්ද්‍රිකා මගින් වන්නාතරය නිරීක්ෂණය කිරීම, පරිසරවේදීන්ගේ පවතින කැපවීම, පුද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකම මේ වෙනුවෙන් මුළ පිරීම, නව ආරක්‍ෂිත කලාප හඳුන්වාදීම වැනි දේ යි.

කවරය – clubpimble.com

Related Articles