4. බිහාර් දුම්රිය ඛේදවාචකය
1981 ජූනි මස 6 වෙනිදා මැදිරි 9කින් සමන්විත, මගීන් 1000ක පමණ ගමන් කරමින් සිටි දුම්රිය, ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හරහා ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වුණා. දැඩි වර්ශාපතනයක් හා දුම්රිය මගේ ලිස්සන සුළු ස්වභාවයක් ඒ අවස්ථාවේ ඇතිවී තිබෙනවා. දුම්රිය බග්මතී ගංගාවේ පාලම මතට පිවිසෙනවාත් සමඟම හරකුන් පිරිසක් දුම්රිය මාර්ගය හරහා මාරු වනු දුටු රියදුරා එම හරකුන් අනතුරට පත්වීම වැලැක්වීමට ඉතා තදින් තිරිංග ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සමඟම දුම්රිය ලිස්සා ගොස් ඇති අතර පසුපස මැදිරි 7ක් ගඟට වැටී, ක්ෂණයෙන් ජලයේ සැඟවී ගොස් තිබෙනවා. දින දෙකක සෝදිසි කිරීම් වලින් පසු සිරුරු 286ක් පමණ සොයාගැනීමට හැකි වූ අතර තවත් 300කගේ පමණ සිරුරු අතුරුදහන් වී තිබුණා.
3. කියුරා (Ciurea) දුම්රිය ඛේදවාචකය
දිනය 1917 ජනවාරි 11 වෙනිදායි. E-1 දරණ දුම්රිය රොමේනියාවේ ගලාටි වලින් පිටත් වුනේ ලැසි වෙත ලඟා වීමටයි. අධික ශීතලමේ කාලයේ දුම්රිය ආලෝකවත් කර තිබුණේ ගෑස් ලාම්පු යොදා ගනිමිනුයි. දරුණු හිම පතනයෙන් ඇති වූ මාර්ග අවහිරතා නිසා දුම්රිය බලාඩ් හිදී නවත්තනු ලැබූ නමුත් හමුදා සෙබළුන්ගේ හා දුම්රිය නිලධාරීන්ගේ නොසැලුණු ධෛර්ය නිසා ඊළඟ දිනය වනවිට දුම්රිය නැවත ගමනට සුදානම් වී තිබුණා. ජනවාරි 12 වෙනිදා මෙම දුම්රිය ආරක්ෂාකාරීව ලැසි වෙත ලඟා වුණා. කියුරා වෙත වූ ගමන එතැන් සිට ආරම්භ වුණා . කියුරා දුම්රිය ස්ථානය ආසන්නයේදී ඉතා තියුණු බෑවුමක් දුම්රිය බැසිය යුතුයි.එම බෑවුමේදී දුම්රියේ වේගය අඩුකිරීමට දුම්රිය සේවකයන් දැඩි වෙහෙසක් ගනු ලැබුවා. නමුත් ඔවුන්ගේ උත්සාහයන් සියල්ල අසාර්ථක කරමින් දුම්රිය පීලි පැනීමට ලක්වූ අතර මින් මියගිය මගීන් ප්‍රමාණය 600-1000 ත් අතර ප්‍රමාණයක් වේ යැයි අනුමානය කරනවා.
2. ශාන්ත මිචෙල්-ඩි-මොරියන් දුම්රිය පිලී පැනීම
1917 දෙසැම්බර් 12 වෙනිදා නිවාඩු ලැබූ හමුදා සෙබළුන් 1000ක් පමණ උතුරු- නැගෙනහිර ඉතාලියේ සිට නැවත නිවෙස් බලා පිටත් වෙමින් සිටියා. දුම්රිය එන්ජිම 460 වර්ගයේ දුම්රිය එන්ජිමක් වූ අතර එහි මැදිරි 19ක් පැවතුණා. මින් සමහරක් මැදිරි තිරිංග සහිත වූ අතර සමහරක් තිරිංග රහිත වුණා. ටියුරින් හා ලියොන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරන සියලු දුම්රිය මොන්ට් සෙරන් උමඟ තුලින් ඇල්ප්ස් කඳුවැටිය හරහා ගමන් කල යුතුයි. එම මාර්ගය ප්‍රංශයේ මොඩෙන් දුම්රිය ස්ථානයට සම්බන්ධ වන්නේ ඉන් පසුවයි. දුම්රිය ස්ථානය පසුකිරීමෙන් අනතුරුව දුම්රිය මාර්ගය 1 : 33 ක ඇලයක් ඇති අධික බෑවුමක් බවට පත්වෙනවා. මේ අනතුර සිදුවන්නේ එම අධික බෑවුමේ දීයි.
එම බෑවුමේ දී වේගය අඩු කරගැනීමට රියදුරා විසින් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කළත්,දුම්රිය වේගයේ කිසිදු වෙනසකින් තොරව ඉදිරියටම ගමන් කරනවා. සැතපුම් 4 පමණ මෙසේ ගමන් ගන්නා දුම්රියේ පළමු මැදිරිය පීලි පැනීමත් සමඟම අනිත් සියලුම මැදිරිත් පීළි පැනීමට ලක් වී එසැනින් ගිනි ගැනීමට ලක් වෙනවා. ගින්නේ බලපෑම කෙතරම්ද යත් 1000ට ආසන්න ප්‍රමාණයක් මියගිය මෙම අනතුරෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබුණේ සිරුරු 425 ක් පමණයි.
1. මගීන් 1700කට වැඩි පිරිසකට මරු කැදවූ පැරෑලිය දුම්රිය අනතුර
ලොව විශාලම දුම්රිය අනතුර 2004 දෙසැම්බර් 24 වෙනිදා ලංකාවේදී සිදුවුණා. ඒ සමුද්‍රදේවී දුම්රිය සුනාමියට මුහුණ දුන් අවස්ථාවේදීයි. ගමනාරම්භය වූ කොටුවෙන්ගමන් ඇරඹූ දුම්රියේ ගමනාන්තය වී තිබුණේ ගාල්ල දුම්රිය ස්ථානයයි. තෙල්වත්ත ප්‍රදේශයෙදී සුනාමි රළට හසුව අනතුරට පත්වෙන විට දුම්රිය තුළ ගමන් කළ ප්‍රමාණය නිශ්චිතව ගණන් බලා තිබුණේ නෑ. සිදුවීමෙන් අනතුරුව සිරුරු තැම්පත් කළ රෝහලේ කාර්යභාරව සිටි වෛද්‍ය ජේ.එම්. ජයතිලක මහතා පවසා තිබුණේ පොලිසිය එහි සිටි මගීන් ප්‍රමාණය 1700 පමණ වෙතැයි අනුමාණය කර තිබූ බවයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එදින ගාල්ලට ටිකට් පත් 1500 පමණ අලෙවි වී ඇති බවත් ඒ හැර වෙනත් දුම්රිය ස්ථාන වලින් දුම්රියට පැමිණි මගීන් ප්‍රමාණය 200 පමණ වන්නටත් ඇතැයි යන අනුමානයෙන් මෙසේ ගණන් බල තිබෙනවා. ඔවුන් විශ්වාසයට අනුව මෙම අනතුරෙන් දිවි බේරාගෙන ඇත්තේ මගීන් 10-20ත් අතර ප්‍රමාණයක් පමණයි.
කවරය – media11.break.com