
1. ඉතාලියේ විසූවියස් ගිනි කන්ද

thinglink.com
නේප්ල්ස් සිට කිලෝමීටර් 9ක් නැගෙනහිරට වන්නට මෙය පිහිටා ඇත. මෙය ලෝකයේ වඩාත්ම ජනගනත්වයක් වාසය කරන ගිනිකඳු ප්‍රදේශයයි. මෙය ලෝකයේ ඇති භයානකම ගිණි කන්දක් ලෙස දක්වා ඇත. මෙය අවසාන වරට පිපිරීමට ලක්වී ඇත්තේ 1944 වසරේදීය. නමුත් මෙහි භයානකම පිපිරීම සිදුවී ඇත්තේ 79 ADහි දිය. මෙම විදාරණයේදී Herculaneum හා Pompeii නගර පොළොව යට නිදන්විය.
2. ජපානයේ සකුරාජිමා

cdns.yournewswire.com
මෙය අතීතයේ දුපතක් ලෙස පැවතුණි. නමුත් 1914දි සිදුවූ පිපිරීමෙන් ගැලූ ලවා ගංගාවක් නිසා මෙය ජපානය හා සම්බන්ධ විය. වසරකට මෙහි කුඩා පිපිරීම් දහස් ගණනක් සිදුවේ. මේ නිසා ගිණි කන්ද අවට ප්‍රදේශ වල ගිණි කන්දෙන් පිටවන අළු නිතරම දක්නට ලැබේ.
3. කොංගෝවේ Nyiragongo ගිනි කන්ද

volcano.si.edu
මෙය පිහිටා ඇත්තේ කොංගෝවේ විරුන්ගා ජාතික උද්‍යානය තුළයි. මෙම ගිණි කන්දේ මුඛය කිලෝමීටර් දෙකක් පමණ පළලින් යුතු වේ. අප්‍රිකාවේ අතීතයේ සිදුවූ ගිනිකඳු පිපිරීම් සඳහා 40%ක පමණ වගකීමක් Nyiragongo හා ඒ ආසන්නයේ පිහිටා ඇති Nyamuragira යන ගිනිකඳු වෙත පැවරේ.
4. ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද

news.nationalgeographic.com
මෙරාපි යන වචනයේ සාමාන්‍ය අර්ථය වන්නේ ගින්දර විහිදුවන කන්ද යන්නයි. ඒ නිසාම එය ගිණි කන්දකට සැබවින්ම ගැළපේ. වසරේ දින 365න් දින 300ක් පමණ මෙම ගිණි කන්දෙන් දුමාරය පිටවේ. ජාවාහි දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති ගිනිකදු පන්තිය අතරින් ලාබාලම ගිනිකන්ද ලෙස මෙය දැක්විය හැක.
5. ඉතාලියේ Stromboli ගිනි කන්ද

myriverside.sd43.bc.ca
මෙම ගිණි කන්ද වසර 2000ක පමණ කාලයක සිට අකණ්ඩව පිපිරීම් වලට ලක්වෙමින් පවතින්නකි. මෙම ගිණි කන්දෙන් පිටවන ද්‍රව්‍ය විශාල දුර ප්‍රමාණයකට දර්ශනය වේ. මේ හේතුවෙන්ම මෙය මධ්‍යධරණියෙහි ප්‍රදීපාගාරය ලෙසද හඳුන්වයි.
6. ඉතියෝපියාවේ Erta Ale

wikimedia.org
මෙය 1967 සිට අකණ්ඩව පිපිරීම් වලට ලක්වෙමින් පවතින්නකි. ලෝකයේ ඇති දිගම ලවා ගංගාව හිමි ගිනිකන්ද ලෙස මෙය දැක්විය හැක. Erta Ale යන වචනයේ සාමාන්‍ය තේරුම වන්නේ දුම් දමන කන්ද යන්නයි. ඉතියෝපියාවේ සංචාරක ආකර්ෂණයට මෙම ගිණි කන්ද ප්‍රධාන හේතුවක් වී ඇත.
7. ඇන්ටාක්ටිකාවේ එරෙබස් ගිනි කන්ද

anothermag.com
ලෝකයේ දකුණු කොටසේ ඇති වඩාත්ම ක්‍රියාකාරී ගිණි කන්ද මෙයයි. ජේම්ස් ක්ලාර්ක් රොස් නමැති ගවේශකයා විසින් 1841දි මෙය සොයා ගන්නා ලදී. මෙහි 1972 සිට නොනවත්වා වරින් වර පුපුරා යාම් සිදුවී ඇත.
8. මෙක්සිකෝවේ Colima

history.com
වර්තමානය වන විට මෙය උතුරු ඇමරිකාවේ වඩාත් සක්‍රීය ගිණි කන්දක් ලෙස දක්වා ඇත. මෙය 1576 සිට 40 වාරයකට වඩා පිපිරීමට ලක්වී ඇත. මෙය ඇතැම් විට පිට කරන ලවා ගුලි සැතපුම් 2ක් පමණ ඉහළට විසිවේ.
කවරයේ පින්තුරය – Science.howstuffworks.com